ඔස්මන් චන්ද්‍රවංශ - හිටපු විනිමය පාලක
රජය 2025 අප්‍රේල් පළමුවැනිදා සිට බලපැවැත්වෙන පරිදි අපනයන සේවා ආදායම මත සියයට 15 ක බද්දක් පනවා ඇත. මෙම බද්ද පැනවීම සම්බන්ධව ආර්ථිකයේ විවිධ අංශ විවිධ මත පළකරනු දක්නට ලැබෙයි.
රටේ ජීවනාලියවූ විදේශ විනිමයෙන් වැඩිම ප්‍රාමාණයට දායකත්වය දරන්නේ අපනයන ආදායමයි. මෙරට නිදහස ලැබූදා සිටම අපගේ වෙළෙඳ ගිණුමේ ශේෂය හිඟ ශේෂයක් විය. රටේ ආනයන වියදම ඉතා ඉහළ අගයක් ගත් බැවින් එය පියවීමට මෑතක සිට දායකත්වය ගත් ප්‍රධාන විදේශ විනිමය සැපයුම් මාර්ගයක් වුයේ අපනයන සේවා ආදායම් වේ. ඊට අමතරව සංචාරක ආදායම්, විදේශ ප්‍රේෂණ මෙම හිඟය පියවීමට දායක විය. මේ මගින්ද බාහිර අංශයේ හිඟය පියවීමට නොහැකිවූවිට සිදුවන්නේ වීදේශ ණය මත රැඳී සිටිමටය. වීදේශ ණය පරිභෝජනය සඳහා ගැනීමේ ප්‍රතිවිපාක පසුගිය වසර කිහිපයේ අපි හොඳින් අත් විදිමු. 2020 ආර්ථික අර්බුදය ඇරඹුණේ විදේශ විනිමය අංශයේ නොහොත් බාහිර අංශයේ බව මතක තබාගත යුතු වැදගත්ම කරුණයි.
මෙම බද්ද පැනවෙන්නේ නීත්‍යනුකූලව බැංකු මගින් මෙරටට ගෙන්වනු ලබන අපනයන සේවා ආදායම මතය. උන්ඩියාල්, හවාලා වැනි නීත්‍යනුකූල නොවූ මාර්ග හරහා විදේශ ආදායම ගෙන්වනු ලබන්නේ නම් එම ආදායම බද්දෙන් නිදහස් වේ. මන්ද මෙලෙස ගෙන්වන ආදායම් දේශීය ආදයම් දෙපාර්තමේන්තුව තක්සේරු කළ නොහැකි බැවිනි. උන්ඩියාල් වැනි ක්‍රම ඉක්මනින්, ප්‍රේෂණ ගාස්තුවලින් තොරව, නිවසටම මුදල් ගෙනවිත් දෙන බව ද කිව යුතුය. විදේශ අංශය පිළිබදව තීරණ ගැනීමේදී මෙම කරුණද සැලකිලිමත් වීම අනිවාර්ය වේ.
එසේනම් මෙම බද්ද පැනවීම නිසා සිදුවිය හැකි සම්භාවිතාව වන්නේ අපනයන සේවා ආදායම නීත්‍යනුකූල නොවූ මාර්ග හරහා ප්‍රේෂණය වීමයි. උන්ඩියාල් වැනි ක්‍රම හරහා ලැබෙන විදේශ විනිමය රටේ නිල වීදේශ සංචිත කෙරෙහි අයහපත් ලෙස බලපායි. මෙහිදි රටේ නිල විදේශ සංචිත වර්ධනය දුර්වල කරන අතරම ලැබෙන විදේශ විනිමය යෙදවෙන්නේ නීත්‍යනුකූලව පියවිය නොහැකි නිතී විරෝධි ගනුදෙනු පියවීම සඳහාය. මෙම ගනුදෙනු පාතාල කටයුතු සහ මත් ද්‍රව්‍ය ව්‍යාපාර සමඟ දැඩි සබදකම් පවත්වනු ඇත. එසේ නම් මේ බද්ද මගින් සිදුවන්නේ පාතාලය ශක්තිමත් කිරීමකි. අනිත් අතින් බලනවිට මෙහිදී සිදුවිය හැකි වන්නේ නීත්‍යනුකූල සහ සාධාරණ ක්‍රම මගින් ඉපයු මුදලින් කළු ආර්ථිකයක් පෝෂණය කිරීමය. මුල්‍ය විශුද්ධිකරණය වීමය.
රටට ලැබෙන නිල විදේශ විනිමය වැඩිවීම පහත සදහන් ලෙස ආර්ථිකය තුළ බලපැවැත්වෙනවා ඇත. වීදේශ විනිමය ලැබිම් ඍජුව බලපාන්නේ විනිමය අනුපාතයන්ටය. වැඩි විනිමය ප්‍රාමාණයක් ලැබීමේදී රුපියලේ අගය වැඩිවීම අනිවාර්යයෙන්ම සිදුවේ. රුපියල ශක්තිමත් වීම සමගම විදේශ භාණ්ඩ හා සේවා සඳහාත්, විදේශ ණය පියවීම සඳහාත් ගෙවිය යුතු රුපියල් ප්‍රමාණය අඩුවේ.
රුපියල ශක්තිමත්වීම සමඟම රටේ උද්ධමනය පහළ මට්ටමකට ළඟාවේ. එහිදි පළමුව අප පිටරටින් ගෙන්වන භාණ්ඩ හා සේවා අඩු මුදලකට සැපයිය හැකීවේ. අද අප රටේ උද්ධමනයෙන් සියයට 40ක් පමණ තීරණය වන්නේ මෙම අපනයන උද්ධමනය මතයි.
දෙවනුව අප රටේ නිෂ්පාදනය කරන බොහෝ භාණ්ඩවල යෙදවුම් වන්නේ විදේශ යෙදවුම්ය. එම විදේශ යෙදවුම් මිල පහළයාම රටේ සමස්ත නිමවුම්වල මිල මට්ටම පහළ දමනු ඇත. උදාහරණයක් ලෙස වී වගාව ගතහොත් පොහොර මිල පහළ යෑම සහල් මිල පහළ යෑමට බෙහෙවින් ඉවහල් වනු ඇත. රට තුළට විදේශ විනිමය ගලා ඒමෙන් සිදුවන්නේ අපට ගැනීමට සිදුවන විදේශ ණය ප්‍රමාණය පහළයාමයි. විදේශ ණය පහළයාම අනාගතයේ ණය සේවාකරණය සඳහා ගෙවිය යුතු බර අඩු කිරිමකී. අද අපට විදේශ ණය ලබාගැනීම ඉතාමත් අසිරුය. පෞද්ගලික හා ද්විපාර්ශවීය ණය කෙසේවත් ලබාගත නොහැකිය. බහු පාර්ශවීය ණය වුවද දෙනු ලබන්නේ ඉහළ පොලී අනුපාත මතය. සැලකිල්ලට ගතයුතු වැදගත් කරුණ වන්නේ 2028 සිට ශ්‍රී ලංකාවට නැවතත් විදේශ ණය සහ පොලී ගෙවීමට නියමිතව ඇති බවයි. එබැවින් ඒ සඳහා ශක්තිමත් නිල විදේශ සංචිතයක් ගොඩනගා ගත යුතුමය.
රටේ විදේශ සංචිත ගොඩනැගේ නම් මෙරට ආයෝජනය කිරිමට විදේශ ආයෝජකයන් ඉදිරිපත්වනු ඇත. ශක්තිමත් විදේශ සංචිත නැති රටක ආයෝජන කිරිමට ආයෝජකයන් දක්වන්නේ ඉතා උදාසීන ප්‍රතිපත්තියකි. විදේශ ආයෝජන ඉහළ යන්නේ නම් රටේ වර්ධන වේගය ඉහළ ගොස් රැකියා හිඟය අඩුවී ජීවන තත්වය උසස්වනවා නියතය.
රටකට ශක්තිමත් විදෙශ සංචිත පවතින්නේ නම් එය ඒ රටේ අභිමානීය ලක්ෂණයකි.
යම් බද්දක් පැනවීමෙන් මෙවැනි සාර්ව ආර්ථික ප්‍රතිඵල අහිමි කරන්නේ නම් එය වරක් නොව සියවරක් සිතිය යුතුවේ. ශ්‍රී ලංකාවට විදේශ විනිමය යනු බෞද්ධයාට දළදා වහන්සේ මෙන් වැදගත් ය. දළදා වහන්සේ සොලවන්නේ සිය දහස් වාරයක් සිතා මතාය. රජය විදේශ විනිමය පිළිබඳවද එසේ සැලකිලිමත් වීම අවශ්‍යය.
මෙම විදේශ විනිමය බැංකු ක්‍රමයක් හරහා ප්‍රේෂණය නොවුවොත් එය ගණනය කළ හැකිද? අපනයන භාණ්ඩ සඳහා එහි ආදායම මිල ගණන් කැදවිම්, රේගු දත්ත වැනි ලේඛන හරහා ලබා ගත හැකිවේ. එහෙත් එවැනි දත්ත මෙම සේවා අංශයේ විරලය. ඒවා අපනයනය වන්නේ රේගුව හරහා හෝ නැව් හෝ ගුවන් මගින් නොවේ. එම සේවා ආදායමද වටිනාකම් එකිනෙකට වෙනස් වේ. සේවා සපයන්නන්ට තම ආදායම මෙරටට නොගෙන්වාම විදේශ රටක ගිණුමක මුදල් තැන්පත් කළ හැකිය.
එය නීත්‍යනුකූල වුවද නොවුවද ඒ සඳහා නිරික්ෂණය කිරිමට අප සතු ක්‍රමවේද දුර්වලය. ඒ සඳහා යන වියදම ඉහළය. කළයුත්තේ එවා මෙරට ගෙන්වාගැනීමට සුමට ක්‍රමවේදයක් (Smooth System) හඳන්වාදීමයි. සේවා අපනයනකරුවන්ට තම මුදල් විදේශ සංචාරවලදී පසසුවෙන් පාවිච්චි කළ හැකිවනු ඇත.
බොහෝවිට මෙම නිෂ්පාදන විදේශ සංචාරවලදී තම විකුණුම්කරුවන්ට හුවමාරු කිරිමද ඉතා පහසුවේ එවිට ශ්‍රි ලංකාවේ සයිබර් අවකාශයට ඒවා යටත් නොවේ.
රජය ප්‍රකාශ කරනුයේ සේවා අපනයනයකරුවන් යෙදවුම් ලෙස යොදා ගන්නේ මෙරට භණ්ඩ හා සේවා බැවින් ඔවුන් බදු ගෙවිය යුතු බවයි. බොහෝ තරුණ අපනයනකරුවන් වූ මොවුන් සියලුම දේ මෙරටින් ලබාගන්නේ තිරු බදු, වැට් බදු, ආරක්ෂණ බදු සියල්ල ගෙවමිනි. ඔවුන් සඳහා වෙන්වු යෝජිත ව්‍යාපෘති හෝ සහනාධාර නැත. බොහෝ දෙනෙක් පෞද්ගලික පාසල් අධ්‍යාපනය ලද අය වෙති. තවද ඔවුහු නිදහස් සෞඛ්‍ය සේවා භුක්ති විදින්නෝද නොවෙති. ඇත්තෙන්ම මෙම තරුණ පරපුරේ මූලික ජීවන අවශ්‍යතා බොහෝය. ඒවා සපුරා ගැනීමට අපහසුවුවොත් ඔවුන් රට හැරයනවා ඇත.
මෙම බද්දෙන් අපහසුතාවට පත්වන තවත් පාර්ශවයක් වන්නේ මේ රටේ කලාකරුවන්ය. ඔවුන්ගේ ගීතයක්, පදමාලාවක් විද්‍යුත් නාළිකා හරහා විකාශනය වන විට ලැබෙන ආදායමද මීට ඇතුළත්වේ.
මෙම බද්ද පැනවිමට සිදුවුවේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ උපදෙස් මතයයි කියනු ලැබේ. එහෙත් අප රටේ පවතින මෙම අයහපත් සාර්ව සහ සුක්ෂම ආර්ථික විද්‍යාත්මක කරුණු ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත වැඩි අවධාරණයකින් ඉදිරිපත් කිරිමට රජය සමත්වුවහොත් මුල්‍ය අරමුදල වුවද ලිහිල්ව මෙම කරුණු සලකා බැලීමට ඉඩ ඇති බව මුල්‍ය අරමුදලේ නිරික්ෂණ කණ්ඩායම් දහයකට වැඩි ප්‍රමාණයක සංවිධාන කටයුතු කළ ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරියකු ලෙස ලැබු අත්දැකීම් මත මා හට කිව හැකිය. මුල්‍ය අරමුදල යනු බිල්ලෙක් නොවේ. අනිත් අතට මුල්‍ය අරමුදලේ සියලු කොන්දේසිවලට ස්වාධීන රජයකට එකඟවීමද අපහසුය.
රජයක් බද්දක් පැනවිමේදී මූලිකවම සලකා බැලිය යුත්තේ සානුබල මුල ධර්මය උල්ලංඝනය නොකිරිමයි. මේ බද්දෙන් රජයට ආදායමක් එකතු කළ ගත හැකිවනු ඇත. එයින් අඩු ආදායම්ලාභින්ට සහනාධාර සැපයීමද කළ හැකිය. එංගලන්තයේ ෂර්වුඞ් වනයේ රොබින්හුඩ් කළෙත් ලංකාවේ සර්දියෙල් කළෙත් ඒ දේමය. එහෙත් රජයක් එසේ ක්‍රියාකළ යුතුද? එසේනම් රජයක් විසින් කළයුත්තේ නිෂ්පාදන ක්‍රියාවලිය අඩපණ නොකර ඒවා දිරිමත් කර අඩු ආදායම්ලාභින්ද එම ක්‍රියාවලියේ කොටසක් බවට පත්කර ගැනීමට කටයුතු කිරිම නොවේද?
ශ්රී ලාංකික නිෂ්පාදනවලට ඉදිරි වසර පහක කාලය සඳහා ඉන්දියාව තීරුබදු රහිත ප්‍රවේශය ලබාදිය යුතු බවට ශ්‍රී ලංකා ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය ඊයේ (03) යෝජනාවක
ඇමෙරිකාවට ශ්‍රී ලංකාවෙන් ලැබෙන භාණ්ඩවලට පනවනු ලැබූ සියයට 44 ක තීරු බද්ද එය ක්‍රියාත්මකවීමට පෙර අඩුකර ගැනීම සඳහා තිබෙන අවස්ථා පිළිබඳ ඩොනල්ඩ් ට්‍රම්ප් ප
ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා ඇමෙරිකාවට, ශ්‍රී ලංකාවෙන් ලැබෙන භාණ්ඩවලට සියයට 44 ක තීරු බද්දක් පැනවීමෙන් පසුව මෙරට කොටස් වෙළෙඳපොළ ඊයේ (03) පහත වැටුණේය.
ආසියා පැසිෆික් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සන්ධානයේ (ඇපික්ටා) 2025 විධායක කමිටු රැස්වීම අද (04) සහ හෙට (05) කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්වේ.
මෙරට ප්‍රමුඛතම සමාගම් සමූහයක් වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමූහය සිය පරිපාලිත සමාගමක් වූ ටී ස්මෝල්හෝල්ඩර්ස් ෆැක්ටරීස් පීඑල්සී සමාගමේ කොටස් 11,28
ශ්රී ලංකාවෙන් ඇමරිකා එක්සත් ජනපදයට කරන අපනයන සඳහා සියයට 44 ක තීරු බද්දක් පැනවීමට එරට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා ගත් තීරණය සම්බන්ධයෙන් ලංකා වාණිජ
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
අපනයන සේවා බද්ද කාලෝචිතද?