IMG-LOGO

2025 පෙබරවාරි මස 19 වන බදාදා


ආයෝජන නැංවීමට නව පනතක්

 

  • එක් ස්ථානයකින් සියලු‍ සේවා සංකල්පය ඵලදායීව ක්‍රියාත්මක කිරීමට නව නීති
  • ඉපැයීම් සහ ලාභාංශ නැවත මෙරටට ගෙන්වා ගැනීම නිරීක්ෂණය කිරීම සඳහා සුදුසු ආරක්ෂණ ක්‍රමවේදයක්
  • ජාතික තත්ව කළමනාකරණ පද්ධතියේ අපේක්ෂිත ප්‍රතිඵල සපුරාලීමට, 2025 වසරට රු. මි. 750 ක්
  • කෙරවලපිටිය රේගු පරීක්ෂණ අංගනයේ සහ බ්ලු‍මැන්ඩල් භාණ්ඩ සේවා සැපයුම් උද්‍යානයේ මූලික සූදානම් කිරීමේ කටයුතුවලට සහාය වීමට රු. මි. 500 ක්
  • වේයන්ගොඩ අභ්‍යන්තර බහාලු‍ම් අංගනයක් (ICD) ස්ථාපිත කිරීමේ මූලික සූදානමට සහාය වීමට රු. මි. 500 ක්
  • ඉදිරි වසර පහේදී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය ඩො. බි. 15 ක්
  • පරිගණක හා තොරතුරු තාක්ෂණ කර්මාන්තයේ වාර්ෂික අපනයන ආදායම ඩො.බි. 5 දක්වා වැඩි කිරීමට පහසුකම්
  • ඩිජිටල් ආර්ථික සංවර්ධනය වේගවත් කිරීමට රු. මි. 3,000ක්
  • සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සහ නව ව්‍යවසායකයන් සඳහා රාජ්‍ය සංවර්ධන බැංකුවක්
  • රාජ්‍ය සේවා සැපයීමේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමෙන් රාජ්‍ය මුදල් නාස්තිය වළක්වා ගැනීමට අවධානය
  • තෝරාගත් රාජ්‍ය ව්‍යවසාය පරිපාලිත ලෙස පවත්වා ගනු ලබන රාජ්‍ය හිමිකාරිත්වය හා පාලනය ඇති පරිපාලක සමාගමක්

අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ


රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වය (ppp) සම්බන්ධව නව පනතක් ඉදිරිපත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2025 අයවැය ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවේදී ඊයේ(17) පැවසීය.

අපනයනකරුවන්ට තත්ව පරීක්ෂණ සහ සහතිකකරණය ලබා ගැනීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහ මූල්‍ය සහය රජය විසින්ම ලබාදෙන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ආයෝජන සඳහා පහසුකම් සැලසීමේ සහ ආරක්‍ෂාව සැපයීමේ අරමුණින් ආයෝජන ආරක්ෂණ පනතක් සම්මත කරන බව කී ජනාධිපතිවරයා දේපළ ලියාපදිංචි කිරීම, බදු ගෙවීමේ පහසුව, වෙළෙඳ පහසුකම් සැපයීම, කොන්ත්‍රාත්තු බලාත්මක කිරීම,ණය ලබා ගැනීම වැනි ප්‍රධාන ක්ෂේත්‍රවලට අදාළව රටේ ව්‍යාපාර කිරීමේ පහසුව වැඩිදියුණු කිරීමට කටයුතු කරන බවත් රාජ්‍ය සේවා ඩිජිටල්කරණය සඳහා වන පියවර මෙම අරමුණ සාක්ෂාත් කර ගැනීමේදී වැදගත් කාර්යභාරයක් ඉටු කරන බවත් සඳහන් කළේය.

සෑම පියවරක් සඳහාම නිශ්චිත කාල රාමු සැකසීම සහිතව අවශ්‍ය වන සියලු‍ අනුමැතීන් ඒකාබද්ධව ලබා ගත හැකි වන පරිද්දෙන් එක් ස්ථානයකින් සියලු‍ සේවා යන සංකල්පය ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා නීති සම්පාදනය කරන බව ද ජනාධිපති අනුර දිසානායක මහතා අයවැය කතාව ඉදිරිපත් කරමින් කීය.

ඉපැයීම් සහ ලාභාංශ නැවත මෙරටට ගෙන්වා ගැනීම නිරීක්ෂණය කිරීම සඳහා සුදුසු ආරක්ෂණ ක්‍රමවේදයක් ස්ථාපිත කිරීමෙන් දේශීය සමාගම්වලට විදේශයන්හි ආයෝජනය කිරීමට ඇති බාධක සමාලෝචනය කර ඒවා ක්‍රම ක්‍රමයෙන් අඩු කිරීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා කීය.

අපනයනකරුවන්ට තත්ව පරීක්ෂණ සහ සහතිකකරණය ලබා ගැනීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහ මූල්‍ය සහාය රජය විසින් ලබා දෙන බව සඳහන් කළ ජනාධිපතිවරයා ජාතික තත්ව කළමනාකරණ පද්ධතියේ අපේක්ෂිත ප්‍රතිඵල සපුරාලීමට, 2025 වසර සඳහා රුපියල් මිලියන 750 ක් වෙන් කිරීමට යෝජනා කරන බවද කීය.

නැගෙනහිර සහ බටහිර බහාලු‍ම් පර්යන්ත ව්‍යාපෘති අවසන් වූ පසු කොළඹ වරායේ සැලකිය යුතු ධාරිතාවක් වර්ධනය වනු ඇතැයි කී ජනාධිපතිවරයා ඊට අමතරව, යෝජිත කොළඹ බටහිර පර්යන්තය සහ කොළඹ උතුරු වරාය ශ්‍රී ලංකාවේ වරායවල ක්‍රියාකාරීත්වය වේගවත් කරනු ඇතැයි අපේක්ෂා කරන බවද පැවසීය. මාසයක් ඇතුලත, එම ව්‍යාපෘති සඳහා අභිලාෂ ප්‍රකාශ කිරීම්  (EOI)  කැඳවීමට අප කටයුතු කරන බවද සඳහන් කළේය.
බහාලු‍ම් පරිමාව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බැවින් කොළඹ වරාය දැනට දැඩි තද බදයකට මුහුණ දීම නිසා, යටිතල පහසුකම් සහ පද්ධති සහ ක්‍රියා පටිපාටිවල තීරණාත්මක සංවර්ධනයක් අවශ්‍ය වී තිබෙන බව කී ජනාධිපතිවරයා එබැවින්, කෙරවලපිටිය රේගු පරීක්ෂණ අංගනයේ සහ බ්ලු‍මැන්ඩල් භාණ්ඩ සේවා සැපයුම් උද්‍යානයේ මූලික සූදානම් කිරීමේ කටයුතු සඳහා සහාය වීම පිණිස 2025 අයවැයෙන් රුපියල් මිලියන 500 ක් වෙන් කිරීමට යෝජනා කරන්නේ යැයි පැවසීය. කොළඹ වරායේ සහ ඒ අවට බහාලු‍ම් රථවාහන තදබදය ලිහිල් කිරීම සහ අගය එකතු කිරීමෙන් විදේශ ඉපැයීම් වැඩි කිරීම සඳහා දිගු කාලීන පියවරක් ලෙස, දුම්රිය පාදක ඒකාබද්ධ බහුමාධ්‍ය භාණ්ඩ හා සැපයුම් මධ්‍යස්ථානයක් (IMCLC)  ලෙස වේයන්ගොඩ අභ්‍යන්තර බහාලු‍ම් අංගනයක් (ICD) ස්ථාපිත කිරීමට යෝජනා කරන බවත් ඒ සඳහා ආයතනික යාන්ත්‍රණයක් හඳුනා ගැනීම, ඉඩම් අත්පත් කර ගැනීම සහ අනෙකුත් මූලික සූදානම් කිරීමේ කටයුතු සඳහා සහාය වීමට රුපියල් මිලියන 500 ක් වෙන් කිරීමට යෝජනා කරන බවත් කීය.

ඉදිරි වසර පහ තුළ ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය ඇමරිකන් ඩොලර් බිලියන 15 ඉක්මවන මට්ටමකට හෝ ජාතික ආර්ථිකයෙන් සියයට 12 කට වඩා වැඩි මට්ටමකට වර්ධනය කිරීම අරමුණ බව පැවසූ ජනාධිපතිවරයා මෙම අභිලාෂය සාක්ෂාත් කර ගැනීමේදී රජය පරිගණක හා තොරතුරු තාක්ෂණ කර්මාන්තයේ වාර්ෂික අපනයන ආදායම ඇමරිකා ඩොලර් බිලියන 5 දක්වා වැඩි කිරීමට පහසුකම් සැලසීම ඉලක්ක කරන බව සඳහන් කළේය.
ඩිජිටල් ආර්ථික සංවර්ධනය වේගවත් කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 3,000ක් වෙන් කිරීමට යෝජනා කරන බවද ජනාධිපතිවරයා කීය.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සහ ව්‍යවසායකත්වය සංවර්ධනය කිරීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව සඳහන් කළ ජනාධිපතිවරයා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සහ නව ව්‍යවසායකයන් සඳහා රජය සංවර්ධන බැංකුවක් පිහිටු වීමට කටයුතු කරමින් සිටින බව කීය.

එහි පළමු පියවර ලෙස, නව පරිපාලන ව්‍යුහයක් හරහා සංවර්ධන බැංකුවක ක්‍රියාකාරීත්වය දැනට පවතින රාජ්‍ය බැංකු යාන්ත්‍රණය හරහා ස්ථාපිත කරන්නේ යැයි ද ජාතික ණය ඇපකර ආයතනය (NCGI) හරහා ලබා ගත හැකි ණය ඇපකර පහසුකම්වලින් රජය මෙම කාර්යයට සහාය වන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

අයවැය කතාව ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා මෙසේද කීය. වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකේය රාජ්‍ය යාන්ත්‍රණය, පහසුවෙන් පාලනය කළ නොහැකි ව්‍යුහයක් දක්වා ක්‍රමයෙන් විශාල වී තිබෙනවා. සුදුසු අධ්‍යයනයකින් හෝ පදනමකින් තොරව රජයේ ආයතන ගණනාවක් ස්ථාපිත කර තිබෙනවා. රාජ්‍ය සම්පත් නාස්තියක් මෙන්ම, එමගින් රාජ්‍ය සේවා ඵලදායී ලෙස සැපයීමට ද විශාල ලෙස බාධා ඇති වී තිබෙනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස එකම කාර්යය දෙවාරයක් කිරීම, නාස්තිය සහ රාජ්‍ය සේවා ඵලදායි ලෙස සැපයීමට බාධා වීම සිදුව තිබෙනවා. මෙම තත්වය මඟ හරවා ගැනීම සඳහා රාජ්‍ය ආයතන රැසක කාර්ය සහ ඒවායෙහි ඵලදායීතාව සමාලෝචනය කිරීමට කමිටුවක් අග්‍රාමාත්‍ය ලේකම්ගේ මූලිකත්වයෙන් යුක්තව දැනටමත් පිහිටුවා තිබෙනවා. එහිදී කුමන ආයතන අඛණ්ඩව පවත්වා ගෙන යා යුතු ද, වෙනත් ආයතන සමඟ ඒකාබද්ධ කළ යුතු ද, වසා දැමිය යුතු ද, අරමුණ වෙනස් කළ යුතු ආයතන තිබේද, ආයතනයේ අරමුණට අනුකූල වන ලෙස ප්‍රතිසංවිධානය කළ යුතු ආයතන මොනවාද ආදිය ඒ අනුව යළි තීරණය කරන්නට පුළුවන්. 

රජය සතු ව්‍යවසාය හේතුවෙන් පැන නගින අනාගත මූල්‍ය අවදානම අවම කිරීම හා කාර්යක්ෂම කිරීම සඳහා මූලික අවශ්‍යතාවක් වන්නේ රජය සතු ව්‍යවසායවල ආයතනික පාලනය වැඩි දියුණු කිරීමයි. මේ සඳහා, පාලනය, මූල්‍ය විනය සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමේ අරමුණින්, තෝරාගත් රාජ්‍ය ව්‍යවසාය පරිපාලිත (subsidiaries) ලෙස පවත්වා ගනු ලබන රාජ්‍ය හිමිකාරිත්වය හා පාලනය ඇති පරිපාලක සමාගමක්  (Holding Company) පිහිටුවනු ලැබේ යනුවෙන්ද ජනාධිපතිවරයා කීය. 



අදහස් (0)

ආයෝජන නැංවීමට නව පනතක්

ඔබේ අදහස් එවන්න

 

 

ව්‍යාපාරික විත්ති

ආයෝජන නැංවීමට නව පනතක්
2025 පෙබරවාරි මස 18 29 0

රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වය (ppp) සම්බන්ධව නව පනතක් ඉදිරිපත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2025 අයවැය ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවේදී ඊයේ(17)


අයවැය හිඟය රු.බි. 2,200 ක්
2025 පෙබරවාරි මස 18 47 0

ජාතික ජන බලවේග රජයේ මංගල අයවැය ඊයේ (17) මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර මෙවර සමස්ත අයවැය හිඟය රුප


සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට රුපියල් මිලියන 500ක්
2025 පෙබරවාරි මස 18 13 0

මෙම වසරේ ලක්ෂ 25 ඉක්ම වූ සංචාරක පැමිණීමක් අපේක්ෂා කරන බව අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේය.


කෘෂිකර්මය නැංවීමට පියවර රැසක්
2025 පෙබරවාරි මස 18 13 0

වී ගොවිතැන ආරක්ෂා කිරීමට මෙවර අයවැයෙන් තීන්දු රැසක් ගෙන ඇති බවත් 2024 - 2025 මහ කන්නයේ සිට ප්‍රමාණවත් වී තොග පවත්වාගෙන යෑමට අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා ප්


සීසන් එකේ බිස්නස් සරුයි
2025 පෙබරවාරි මස 18 15 0

කොටුව දුම්රිය ස්ථානයත් කොළඹ වරායට මැදිව අතීතයේ සුන්දර මල්වත්තක් වුණු අද මහ වීදිය දක්වා විහිදෙන මල්වත්ත පාර අද වන විට සපත්තු හා බෑග් වෙළෙඳාමට නම් දැරූ


2025 අයවැයේ දිශානතිය
2025 පෙබරවාරි මස 18 9 0

2025 වසර සඳහා අයවැය යෝජනා ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා ඊයේ (පෙබ. 17) පෙරවරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. අයවැය රටක පැවැත්ම ඉදිරි පැ


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 342 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 152 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 1012 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site