IMG-LOGO

2025 මාර්තු මස 20 වන බ්‍රහස්පතින්දා


ආර්ථික පිම්මකට කාන්තා ශ්‍රම සහභාගිත්වය නංවන්න ඕනෑ

මෙරට ශ්‍රම බළකායට කාන්තාවන්ගේ සහභාගීත්වය ප්‍රතිශතයක් ලෙස සියයට 30 ක්
විදේශ රැකියා සඳහා රට හැර යන කාන්තාවන්ගේ ප්‍රතිශතයද ඉහළ මට්ටමක
අඩු කුසලතාවක් අවශ්‍ය වතුකර සහ ඇඟලු‍ම් කර්මාන්ත ක්ෂේත්‍රවල කාන්තා ශ්‍රම බළකා සහභාගීත්වය ඉතාමත් ඉහළ මට්ටමක
ව්‍යවසාය ආරම්භ කරන කාන්තාවන්ගේ ප්‍රතිශතය අවම මට්ටමක
කාන්තා ව්‍යවසාය නගා සිටුවීමට මුදල් අමාත්‍යංශයේ නායකත්වයෙන් ආසියානු සංවර්ධන බැංකුවේ සහය
ආර්ථික ඉදිරියට රැගෙන යාමට ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ඉතාමත් වැදගත්


විමුක්ති එස් රුද්‍රිගු


ආසියානු සංවර්ධන බැංකුවේ කාන්තා ව්‍යවසායකයන් සඳහා වන මූල්‍ය මුලපිරීමේ අරමුදල් දායකත්වය යටතේ ක්‍රියාත්මක වන “වී ෆයිනෑන්ස් කෝඩ්”‍ වැඩසටහන ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීම ඊයේ (18) කොළඹ කිංග්ස්බරි හෝටලයේදී පැවැති උත්වයකදී සිදු කෙරිණි.

මෙම වැඩසටහනට සම්බන්ධ වූ ප්‍රථම දකුණු ආසියාතික රට ශ්‍රී ලංකාව විය. කාන්තාවන් ආර්ථිකමය වශයෙන් බලගැන්වීම සහ මූල්‍ය පද්ධතියට කාන්තාවන්ට ලැබෙන ප්‍රවේශය පුළුල් කිරීම එම වැඩසටහනේ අරමුණ වූවේය.

කොළඹ කිංග්ස්බරි හෝටලයේදී පැවැති උත්සවයට ප්‍රධාන අමුත්තන් ලෙස මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන සහ ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට නේවාසික අධ්‍යක්ෂක ටකෆුමි කඩානෝ යන මහත්වරු සහභාගී වූහ.

එහිදී ආරම්භක දේශනය මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සිදුකළ අතර එහිදී ඔහු ප්‍රකාශ කර සිටියේ ශ්‍රම බළකායට කාන්තාවන්ගේ සහභාගීත්වය ඉතාමත් අඩු බවත් මෙරට ශ්‍රම බළකායට කාන්තාවන්ගේ සහභාගීත්වය ප්‍රතිශතයක් ලෙස සියයට 30 ක් බවත්ය.

කාන්තා ශ්‍රම බළකා සහභාගීත්වය සියයට 30ක අවම මට්ටමක පැවතුණත් අඩු කුසලතාවක් අවශ්‍ය වතුකර සහ ඇඟලු‍ම් කර්මාන්ත ක්ෂේත්‍රවල කාන්තා ශ්‍රම බළකා සහභාගීත්වය ඉතාමත් ඉහළ මට්ටමක පවතින බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය. එසේම විදේශ රැකියා සඳහා රට හැර යන කාන්තාවන්ගේ ප්‍රතිශතයද ඉහළ මට්ටමක පවතින බව ඔහු පැවැසුවේය.

ඇතැම් කර්මාන්තවල කාන්තා ශ්‍රම බළකා සහභාගීත්වය සියයට 30 ක ප්‍රතිශතයට වඩා ඉතාමත් අවම බවත් විශේෂයෙන් ව්‍යවසාය ආරම්භ කරන කාන්තාවන්ගේ ප්‍රතිශතය අවම මට්ටමක පවතින බවත් මහ බැංකු අධිපතිවරයා පැවැසුවේය. ඒ හේතුවෙන් කාන්තා ව්‍යවසාය නගා සිටුවීම සඳහා මුදල් අමාත්‍යාංශයේ නායකත්වයෙන් ආසියානු සංවර්ධන බැංකුව ලබාදෙන මෙම සහායට ස්තුතිවන්ත වන බවද ඔහු ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ ආර්ථික පරිවර්තනය දෙස බලන විට ශ්‍රම බළකා සහභාගීත්වය ඉහළ නංවා ගැනීමට මෙරටට ජන විකාශනයෙන් කිසිදු වාසියක් අත් නොවන බව පෙනී යන්නේ යැයි මහ බැංකු අධිපතිවරයා පැවැසුවේය. ආර්ථික වර්ධනය සහ ඵලදායීතාව ඉහළ නංවා ගැනීමට ශ්‍රම බළකා සහභාගීත්වය වැඩිකර ගැනීමට ශ්‍රී ලංකාවට කළ හැක්කේ කාන්තාවන් මෙරට ශ්‍රම බළකායට සහභාගීවීම ඉහළ නංවා ගැනීම බව ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.

ඒ සඳහා ව්‍යවසායකත්වයට සහ ආර්ථික සංවර්ධනයට කාන්තාවන් වැඩි වශයෙන් සහභාගී කරවා ගත යුතු බවද ඔහු පැවැසුවේය. කාන්තාවන්ට මෙරට මූල්‍ය පද්ධතියට ප්‍රවේශය පුළුල් කරන ප්‍රථම මුලපිරීම මෙය බවත් මෙය ජාතික වැදගත්කමක් ඇති අවස්ථාවක් බවත් මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේය. පුද්ගලයන් සහ ව්‍යාපාර බලගැන්වෙන වඩාත් තත්වයෙන් උසස් අන්තර් සබඳතා සහිත මූල්‍ය පද්ධතියක් නිර්මාණය කිරීම මහ බැංකුවේ දැක්ම බෙදාහදා ගැනීමට හැකිවීම පිළිබඳව ආඩම්බර වන බවද ඔහු පැවැසුවේය.

එමගින් මෙරට ආර්ථික වර්ධනයට මෙන්ම සංවර්ධනයට කාන්තාවන් සක්‍රීයව සම්බන්ධ කරගත හැකිබව මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේය. එසේ නොමැතිව ශ්‍රී ලංකාවට ශ්‍රම බළකා ඉලක්කය සපුරාගත නොහැකි බවද ඔහු පැවැසුවේය. ශ්‍රී ලංකාව මුහුණදෙන වත්මන් ආර්ථික අභියෝග හමුවේ මෙරට ආර්ථික ඉදිරියට රැගෙන යාම සඳහා ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ඉතාමත් වැදගත් කාර්ය භාර්යයක් ඉටුකරන බව තමාගේ විශ්වාසය යැයි මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේය.

කාන්තාවන් බලගැන්වීම ආර්ථිකමය වශයෙන් පමණක් නොව උසස් සමාජයක් ගොඩ නැගීමටද දායක වන බව අධිපතිවරයා පැවැසුවේය. මූල්‍ය වෙත ප්‍රවේශය ලැබුණු විට ආර්ථික අනාගතය පාලනය කිරීමට, පවුලේ ඕනෑඑපාකම් සඳහා ආයෝජනය කිරීමට මෙන්ම ව්‍යාපාර සහ ප්‍රජාව තුළ ආයෝජනය කිරීමට කාන්තාවන්ට හැකියාව ලැබෙනු ඇතැයි ආචාර්ය වීරසිංහ මහතා පැවැසුවේය.

ආර්ථිකමය වශයෙන් කාන්තාවන් බලගැන්වීමෙන් වාසි රැසක් රටකට අත්වන බව අතීතය සාක්ෂි දරණ බවත් මෙරට කුඩා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ගෙන් වැදගත් කොටසක් නියෝජනය කරන කාන්තා ව්‍යවසායන්ට අවශ්‍ය සහාය හිමිවිය යුතු බවද මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේය.



අදහස් (0)

ආර්ථික පිම්මකට කාන්තා ශ්‍රම සහභාගිත්වය නංවන්න ඕනෑ

ඔබේ අදහස් එවන්න

 

ව්‍යාපාරික විත්ති

ආර්ථික පිම්මකට කාන්තා ශ්‍රම සහභාගිත්වය නංවන්න ඕනෑ
2025 මාර්තු මස 19 24 0

ආසියානු සංවර්ධන බැංකුවේ කාන්තා ව්‍යවසායකයන් සඳහා වන මූල්‍ය මුලපිරීමේ අරමුදල් දායකත්වය යටතේ ක්‍රියාත්මක වන “වී ෆයිනෑන්ස් කෝඩ්”‍ වැඩසටහන ශ්‍රී ලංකාව


පෙබරවාරියේ නිෂ්පාදන-සේවා අංශවල වර්ධනයක්
2025 මාර්තු මස 19 27 0

මෙරට නිෂ්පාදන කටයුතුවල තවදුරටත් වර්ධනයක් ප්‍රදර්ශනය කරමින් ‘ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය’ පසුගිය පෙබරවාරි මස 56.8 ක අගයක් වාර්තා කළ බවත් සේව


රේගු ආඥාපනත යටතේ ගැසට් නිවේදන පාර්ලිමේන්තුවට
2025 මාර්තු මස 19 15 0

ආදායම් සංරක්ෂණ පනත සහ (235 වන අධිකාරය වූ) රේගු ආඥාපනත යටතේ ප්‍රකාශයට පත් කරන ලද ගැසට් නිවේදන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


හේලීස් සමාගමෙන් රුපියල් බිලියන 7ක ණයකර නිකුතුවක්
2025 මාර්තු මස 19 25 0

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත ප්‍රමුඛතම සමාගම් සමූහයක් වන හේලීස් පීඑල්සී සමාගම කොළඹ කොටස් හුවමාරුව තුළ සිදු කරන ණයකර නිකුතුවක් හරහා රුපියල් බිලිය


රජයට අයත් වාණිජමය නොවන ආයතන සමාලෝචන වාර්තාවක්
2025 මාර්තු මස 19 12 0

රජයට අයත් වාණිජමය නොවන ආයතන පිළිබඳ සමාලෝචන වාර්තාව ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය ව


පරාටේ නීතියෙන් අර්බුදයට ගිය ව්‍යාපාරවලට තවත් සහන
2025 මාර්තු මස 19 14 0

පරාටේ නීතිය හරහා අර්බුදයට පත් වූ දේශීය ව්‍යාපාර සඳහා තවත් සහන ක්‍රියාවලියක් ඉදිරි සති දෙක ඇතුළත ඉදිරිපත් කරන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නිය


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 430 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 981 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 340 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site