ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2024 වසරේ සියයට පහක වර්ධනයක් සනිටුහන් කරගෙන තිබේ. එය ගැන දක්වන ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පසුගිය වසර ගණන තුළ සිදු වූ පරිහානියෙන් හරි අඩක් ආවරණය කරගෙන ඇති බව දක්වයි. කෙසේ වෙතත් තවදුරටත් දිනාගත යුතු ඉලක්ක ගණනාවක් පවතින බව අරමුදලේ විශේෂඥයෝ දක්වති. මේ අතර රථ වාහන ආනයනයට අවසර නිකුත් කිරීමෙන් පසු ගතවූ දින කිහිපය අවසානයේ දී ඇමරිකානු ඩොලර් මිලියන 207 ක ණයවර ලිපි නිකුත් කර ඇති බව දැක්වේ. මුල්‍ය අරමුදලේ අදහස පරිදි රටට අවශ්‍ය බදු ආදායම සාක්ෂාත් කරගැනීම සඳහා වාහන ආනයනයට ඉඩ දිය යුතු බව අවධාරණය කර තිබුණි. කෙසේ වෙතත් වාහන ආනයනයේ දී අයකරන අධික බදු ප්‍රතිශත හේතුකොටගෙන සැලසුම් කරන ලද පරිදි වාහන ගෙන්වන උනන්දුවක් නිර්මාණය නොවූ අතර එය බදු ආදායම සීමා කරන්නට ද බලපා ඇත. විනිමය නිදහස් කිරීම ඉදිරියේ රුපියලේ අගය ඉතාම සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබේ. ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රු. 296.45 ක සීමාවේ විය.
පසුගිය සිකුරාදා (මාර්තු 21) ගනුදෙනු අවසන් වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 15,897.33 තෙක් ඉහළ ගිය අතර එය දර්ශක 216.40 ක වර්ධනයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 4,766.57 ක් වශයෙන් අවසන් වූ අතර එය දර්ශක 66.43 ක දියුණුවීමක් සේ දැක්විය හැකිය.
රීල් රු. මිලියන 108 ක් වශයෙන් සිකුරාදා දිනයේ පිරිවැටුමකට වාර්තාගත දායකත්වයක් දැක්වීය. සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් රු. මිලියන 163 ක්, සම්පත් රු. මිලියන 97 ක්, ජෝන් කීල්ස් රු. මිලියන 71 ක්, හේමාස් හෝල්ඩිං රු. මිලියන 62 ක්, එල්.ඕ.එල්.සී. රු. මිලියන 62 ක්, හැටන් නැෂනල් බැංකුව රු. මිලියන 49 ක්, කොමර්ෂල් බැංකුව රු. මිලියන 47 ක්, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන් රු. මිලියන 43 ක්, පෑන් ඒෂියා රු. මිලියන 34 ක්, සහ හේලීස් රු. මිලියන 30 ක් වශයෙන් මෙදින පිරිවැටුමට වැඩිම දායකත්වයක් දක්වන ලද සෙසු සමාගම් අතර තිබුණි.
නිරීක්ෂක
ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ඉවත දමන ‘ප්ලාස්ටික්’ ගැටලුවට පිළියමක් ලෙස ප්ලාස්ටික් බෝතල් ඇතුළු ඉවත දමන බෝතල් වර්ග දමා මුදල් ඉපයියහැකි ඩිජිටල් යන්ත්‍රය
ඇමෙරිකා එක්සත් ජනපදය විසින් යෝජිත තීරු බදු පැනවීම සහ එයින් ඇති විය හැකි වක්‍රාකාර බලපෑම් හේතුවෙන් විදේශීය අංශයේ සහ පුළුල් ආර්ථිකයේ ඉදිරි දැක්මට අහිත
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සිව් වැනි සමාලෝචනයට අදාළ සාකච්ඡාවක් අද සාර්ථකව පැවති බව ජනාධිපති කාර්යාලය පවසයි.
කොළඹ කොටස් හුවමාරුවේ දර්ශක අගයක් ඊයේ දිනයේදී දරුණු කඩා වැටීමක් පෙන්නුම් කළේය. එහිදී ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රීලංකා 20 දර්ශකය පෙර දිනයට සාපේක්ෂව ස
මේ වසරේ පළමු කාර්තුවේදී රුපියල් කෝටි 6100 ක වාර්තාගත සුරා බදු ආදායමක් උපයාගෙන ඇතැයි සුරා බදු කොමසාරිස් ජනරාල් යූ. එල්. උදය කුමාර පෙරේරා මහතා පැවසීය. සුරා බ
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
ආර්ථිකයේ දිනාගත යුතු ඉලක්ක සනිටුහන් වේ