IMG-LOGO

2025 අප්‍රේල් මස 02 වන බදාදා


උනන්දුවක් නොදක්වන අවසානයේ තරමක වර්ධනයක්

ඊයේ (මාර්තු 27) ගනුදෙනු අවසන් වන විට ගනුදෙනු එපමණ තියුණු උන්නදුවක් නොදක්වන ලද අතර සුළු උච්ඡාවචන අවසානයේ දී තරමක වර්ධනයක් සහිතව අවසන් විය. කෙසේ වෙතත් එම ප්‍රගතියෙන් අපේක්ෂිත ලාබ උපයා ගන්නට සුළු ආයෝජකයන්ට ඉඩක් දුන්නේ නැත. සැලකිය යුතු පිරිසක් කොටස් විකිණීමට සූදානම් බව කැපී පෙනිණි. 

සියලු කොටස් මිල දර්ශකය ඒකක 15,847.80 තෙක් පහළ ගිය අතර එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 60.43 ක අඩුවීමකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 4,741.90 ක් වශයෙන් අවසන් වූ අතර එය දර්ශක 15.91 ක පසුබැසීමක් සේ දැක්විය හැකිය. මෙදින විදේශ මිල දී ගැනීම් රුපියල් මිලියන 143 කි. විකිණීම් රු.මිලියන 6 කට සීමා විය. සමාගම් හතරක කොටස් මිල සති පනස් දෙකක් ඇතුලත අඩුම මිලට පත්ව තිබුණ අතර තවත් සමාගම් තුනක කොටස් මිල සති පනස් දෙකක් ඇතුලත ඉහළම තැනට පත්වීම ද වාර්තා විය.

සම්පත් රු. මිලියන 112 ක්, ජෝන් කීල්ස් රු. මිලියන 93 ක්, හැටන් නැෂනල් බැංකුව රු. මිලියන 69ක්, හැටන් නැෂනල් බැංකුව නිෂ්ඡන්ද රු. මිලියන 63 ක්, කොමර්ෂල් බැංකුව රු. මිලියන 38 ක්, සොෆ්ට්ලොජික් රු. මිලියන 34 ක්, පෑන් ඒෂියා රු. මිලියන 22 ක්, එන්. ඩී. බී. රු. මිලියන 22 ක්, සහ ඩිප් ප්‍රඩක්ට් රු. මිලියන 19 ක්, වශයෙන් මෙදින පිරිවැටුමට වැඩිම දායකත්වයක් දක්වන ලද සෙසු සමාගම් අතර තිබුණි. පසුගිය දින කිහිපය හා සමානව බැංකු හා මුල්‍ය අංශයේ කොටස් සඳහා ඉල්ලුමක් තිබුණ බව නිරීක්ෂණය කළ හැකිය. 

වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 9,000 ක් වූ අතර එය උන්නදුව අඩු බව දක්වයි. මිලියන හතළිස් හතක කොටස් හුවමාරු වීම මෙයට ඇතුලත්ය. ලැයිස්තුගත සමාගම් 137 ක කොටස් මිල ඉහළ ගියේය. මිල ගණන් පහත වැටුණ සමාගම් ප්‍රමාණය 93 ක් විය. දිනයේ වෙළෙඳපොළ පිරිවැටුම රු. බිලියන 2.14 ක් දක්වා සිමාවී තිබුණි. 

නිරීක්ෂක



අදහස් (0)

උනන්දුවක් නොදක්වන අවසානයේ තරමක වර්ධනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

පෙබරවාරියේදී ජංගම ගිණුමේ ඩො.මි. 359 ක අතිරික්තයක්
2025 අප්‍රේල් මස 01 54 0

මෙරට ජංගම ගිණුම පසුගිය ජනවාරි මාසයට සාපේක්ෂව පෙබරවාරි මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 359 ක ඉහළ අතිරික්තයක් වාර්තා කර ඇති බවත් එය ප්‍රතිශතයක් ලෙස සියයට 1


දේශීයව නිපදවූ ටින්මාළු ප්‍රථමවරට අපනයනය අරඹයි
2025 අප්‍රේල් මස 01 72 0

ශ්‍රී ලංකාවේ ධීවර අංශයේ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ටින්මාළු අපනයන කිරීම ප්‍රථම වතාවට පසුගියදා ආරම්භ කළේය. මදුරන්කුලිය ”‍ඕෂන් ෆුඩ්ස්”‍ කර්මාන්ත


ෆිච් රේටින්ග්ස් වෙතින් රාජ්‍ය උකස් හා ආයෝජන බැංකු‍වට BB(lka) මට්ටම
2025 අප්‍රේල් මස 01 22 0

රජයට අයත් බලපත්‍රලාභී විශේෂිත බැංකුවක් වන රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවට පළමු වතාවට ස්ථාවර පෙරදැක්මක් සහිතව BB(lka) ජාතික දිගුකාලීන වර්ගීකරණයක් ලබා දෙන බව


දැඩිගම සමූහය රු. මි. 243කට Equity Hotels මිලදී ගනී
2025 අප්‍රේල් මස 01 54 0

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හෝටල් සමාගමක් වන පෙගසස් හොටේල්ස් ඔෆ් සිලෝන් පීඑල්සී සමාගම සිය පූර්ණ හිමිකාරීත්වය පැවැති Equity Hotels Limited (EHL) හි එම හිමිකාරීත්


අවධමනය ක්‍රමයෙන් ලිහිල්වෙයි
2025 අප්‍රේල් මස 01 8 0

කොළඹ පාරිභෝගික මිල දර්ශකයකට අනුව පසුගිය මස (මාර්තු) මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය සියයට සෘණ 2.6 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


මහා පරිමාණ ඉදිකිරීම්වල වර්ධනයක අපේක්‍ෂාවක්
2025 අප්‍රේල් මස 01 7 0

ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ලෙස හදුන්වන ‘සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය’ පසුගිය පෙබරවාරි මාසයේ දර්ශකාංක 55.6 ක් දක්වා ඉහළ ගිය බව ශ්‍රී ලංකා මහ බ


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 150 0
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 736 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 764 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site