උසස් පෙළට අලූතින් තාක්ෂණික විෂය ධාරාවක් එක් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය සැරසේ.
උසස් අධ්‍යාපන අමාත්‍යංශය,තරුණ කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යංශය හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මේ සදහා මුලිකත්වය ගෙන සිටී. දිවයින පුරා පිහිටි පාසැල් 200 කට මේ විෂය ධාරාව හදුන්වාදීමට නියමිතය. අඩුම තරමින් ඡුන්ද කොට්ඨාසයක පිහිටුවන පාසල් වලින් එකකටවත් නව විෂය ධාරාව හදුන්වාදීම අධ්‍යාපන අමාත්‍යංශයේ අපේක්ෂාවයි.
මේ සදහා වන කැබිනට් පති‍්‍රකාව පසුගියදා අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන හා තරුණ කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම යන මහත්වරු කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළහ. ඊට අනුමැතිය හිමි විය.
ලොව ප්‍රමුඛතම නව බලශක්ති වාහන (NEVs) නිෂ්පාදකයා වන BYD සහ එහි ශ්‍රී ලංකාවේ බලයලත් බෙදා හරින ආයතනය වන John Keells CG Auto එක්ව ඔවුන්ගේ නවතම ප්‍රදර්ශනාගාරය දක්ෂිණ අධිවේගී
යුරෝපා හා ආසියානු කොටස් වෙළෙදපොළ දර්ශක ඉකුත් පැය හතළිස් අට තුළ සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කළේය. කොළඹ කොටස් වෙළෙදපොළ ද ඉකුත් දින කිහිපය තුළ සිදු වූ බ
මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.
පසුගිය වසරේ සියයට 5 ක ආර්ථික වර්ධනයක් වාර්තා කළ ශ්‍රී ලංකාව එම ප්‍රවණතාව අඛණ්ඩව ඉදිරියට ගෙන යනු ඇති බවත් මෙරට ආර්ථිකය මෙම වසරේදී සියයට 3.9 ක සහ ලබන වසරේ සි
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට නැවත පණක් ලබාදීම සඳහා පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් ලබාදී තිබූ සහන කාලය එළැඹෙන දෙසැම්බර් මස 31 වැනිදා දක
සංචාරක කර්මාන්තයට සම්බන්ධ විවිධ ආයතන ඒකාබද්ධ කර ගනිමින් ජාතික සංචාරක කොමිෂන් සභාවක් පිහිටුවීමට ඉදිරියේදී කටයුතු කරන බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුව
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
උසස් පෙළට තාක්ෂණයත් එයි
ප්‍රභාත් Friday, 21 June 2013 06:12 AM
හොද ආරම්භයක්.ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය හවුල්කරුවෙක්. (නි)
නීල් රණා Tuesday, 18 June 2013 03:36 PM
ඉස්සර තිබුණු යාන්ත්‍රික ඇඳීම විෂයත් නැවත පහල පන්තිවලට එක්කළ හැකියි. ඉතිහාස විෂයට අනවශ්‍ය ලෙස එක්කර ඇති සියලු රජවරුන්ගේ හා ඔවුන්ගේ කටයුතු සිදුවූ වර්ෂ වැනි අතිරේක කොටස් ඉවත්කර දරුවන් බොහෝ සේ පීඩාවට පත් නොකොට අවශ්‍ය දේ උගැන්වීමෙන් පමණක් රටට වැඩදායි ප්‍රායෝගික මිනිසුන් බිහිකළ හැකි වේවි.(නි)
අමිල සිල්වා Wednesday, 19 June 2013 02:07 PM
මිනිසෙක් පරිණත වීමට අධාපනය මුලික වෙනවා. රැකියාවේ ඉල්ලුමට මේ හැමදේම බලපානවා. අපි තීරණ ගන්න ඕනෑ අනාගතය ගැන හිතලා. ප්‍රධාන දේ දැනුම. ලෝකේ ගැන අවබෝධය. ඒ වගේම දැනුම රටින් රටට හුවමාරු කරගන්න වෙනවා. අපේ අධ්‍යාපනය යල්පැනගිය එකක්. (නි)
සිල්වා Wednesday, 19 June 2013 02:15 PM
විද්‍යාව, ගණිතය, ඉංග්‍රීසි කලාව, පරිගණක තාක්ෂණය සහ ක්‍රීඩා යන මුලික දේවලින් ලොව ජයගත හැකියි. බලදාරින්ගේ අවදානය පිනිසයි !!!! (නි)
නිශාන්ත Wednesday, 19 June 2013 02:42 PM
තියන විෂයන් වලින් රට ජාතිය ගැන උගන්වන විෂයන් ඉවත් නොකර, ඉංග්‍රීසි ඇතුළුව තාක්ෂණික විෂයන් ඉගැන්වීම ඉතා හොඳයි (නි)
චාමික Thursday, 20 June 2013 10:06 AM
මම කනිෂ්ට විද්‍යාඥයෙක්. ඒත් මම නම් හිතන්නේ ළමයිනට ඉතිහාසය, සාහිත්‍ය, භාෂාව හා සන්නිවේදනය යන ක්ෂේත්‍ර වල දැනුමත් තාක්ෂණයත් සමග ලැබිය යුතුයි කියල. (සන්නිවේදනය යනුවෙන් මම අදහස් කලේ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂනය නොවේ). කෙනෙක් තාර්කික නිර්මාණශීලී වෙන තරමටම ඔහු හෝ ඇය සමාජ හිතවාදී වෙන්නත් ඕනේ. එසේ නොමැති නම් එම තාක්ෂනය සමාජ විරෝධී ක්‍රියාවලට යොදාගන්න ඔවුන් පෙලබෙන්න පුළුවන්. ඇඩොල්ෆ් හිට්ලර් හොද තාක්ෂණ වේදියෙක් වුනාට සමාජයට ආදරය කලේ නැහැ. එවැනි අය බිහිවීම වැලක්වීමට නම් සාහිත්‍ය සෞන්දර්යය වැනි සෞම්‍ය සිතිවිලි ගොරහැඩි තාක්ෂණික දැනුමත් එක්ක හරි හරියට මුසු කල යුතුයි යන අදහස ඉදිරිපත් කරන්න මම කැමතියි. පවතින තාක්ෂනය නඩත්තු කිරීමට පමණක් මිනිසුන් තැනීම නොකළ යුතුයි. නිර්මාණශීලී මිනිසුන් බිහි කිරීමට අවශ්‍ය සියලු දේ දරුවන්ගේ ඇස ගැටෙන මානයේ තැබිය යුතුයි.(නදී)
සිල්වා Tuesday, 18 June 2013 11:06 PM
මුලික දේ ඉංග්‍රීසි භාෂාව පලමු ශ්‍රේණියේ සිටම විෂයට එක්කිරීම. ඉතිහාසය ඕනෑවට වැඩියි උගන්වනවා. ලෝකෙත් එක්ක යන විෂයන් පාසලට එක්කරන්න ඕනෑ. යල්පැනගිය අධ්‍යාපනයෙන් මිදිය යුතුයි. (නි)
ලහිරු Thursday, 20 June 2013 04:04 PM
මම 2015 උ/පෙ ශිෂ්‍යයෙක් මටත් මේ තාක්ෂනය කරන්න අවස්ථාවක් ලැබුනා මේ විෂය මාලාව අපු එකනම් ගොඩක් හොදි. මම කලින් භාෂා කරන්න හිටියේ නමුත් මෙකේ ගොඩක් අවස්ථා තියෙනවා. අනෙක් ඒවාට වඩා මම හිතන්නේ මේක හොඳ වැඩක් ස්තුතියි. (ස)