මනීෂා වීරසිංහ
කොළඹ කොටුවේ මල්වත්ත පාර එදා මෙන්ම අදත් සපත්තු හා බෑග් වෙළෙඳාමට නම් දැරූ වීදියකි. මේ දිනවල මල්වත්ත පාරේ සපත්තු සහ බෑග් වෙළෙඳාමේ තත්වය සම්බන්ධයෙන් සොයා බැලීමට ගිය ගමනේ දී මිස් මොනවද බැලුවේ. මේවා ඔරිජිනල් ලෙදර් බඩු, කීයටද කුට්ටමක් බලන්නේ, ආයේ වෙන ගන්න තැනක් නෑ, මෙතන විතරයි. සාප්පුවක් පසුකරන වාරයක් ගානේ මේ වචන පෙළ අපට අසන්නට ලැබිණ. ඒ ගිය ගමනේ දී පාවහන් සහ බෑග් අලෙවිකරුවකුවන මහින්ද ගුණසේකර මහතා දැක්වූයේ මෙවන් අදහසකි.
Q: මේ දිනවල බිස්නස් කොහොමද?
මම මේ වීදියේ බිස්නස් කරන්න පටන්ගෙන දැන් වසර 10කට ත් වඩා වැඩී. මේ පාර උත්සව සමය, නව පාසල් වාරය ආරම්භය කියලා සැලකිය යුතු මට්ටමක බිස්නස් එකක් තිබුණේ නැහැ. බඩුවල මිල ගණන් ඉහළ ගියාට පස්සේ දැන් වසර කිහිපයක ඉදන් ලොකු බිස්නස් එකක් තිබුණේ නැහැ. සමහර කාල තිබුණා සතියේ දවස්, සති අග දවස් කියලා වෙනසක් නැතිව බිස්නස් තිබුණු. එහෙම කාලයක් අපි හුඟ කාලෙකින් දැක්කේ නෑ. ගිය වසරට සාපේක්ෂව මෙච්චර ප්‍රමාණයකින් අඩුයි කියන්න බෑ මේ පාර බිස්නස් සාමාන්‍ය මට්ටමක තමයි තියෙන්නේ.
Q: බිස්නස් අඩුවීමට බලපෑ හේතු මොනවාද?
දැන් මිනිස්සුන්ට සපත්තු කියා දවසේ කෑම වේල සරි කරගන්නවත් බැරි කාලයක්. පාරිභෝගිකයන්ගේ ආර්ථිකය කඩා වැටීම බිස්නස් අඩුවෙන්න හේතුවක් කියලා හිතනවා. මේ වෙද්දී වෙළෙඳපොළේ විවිධ මාදිලියේ බෑග්, පාවහන් ආශ්‍රිත නිෂ්පාදන ඇති වෙනකම් තිබුණාට ඒවායේ මිලේ අඩුවීමක් වෙලා නැහැ. එනිසා පාරිභෝගිකයන් ලාබෙට තියෙන තැන්වලින් ඔවුන්ට අවශ්‍ය භාණ්ඩ මිලදී ගන්න යොමුවෙලා ඉන්න නිසා අපේ බිස්නස් මේ වෙද්දී කඩා වැටිලා තියෙන්නේ. වෙනදා ගම්වල ඉඳන් මිනිස්සු මල්වත්තට ඇවිත් භාණ්ඩ අරන් ගියා. දැන් එහෙම නෑ. දැන් මිනිස්සු තමන්ගේ අතේ ඇති මුදලට අඩු මිලකට භාණ්ඩ මිලදීගන්න පුරුදුවෙලා ඉන්නේ. අතේ මිටේ ලොකු මුදලක් නැති නිසා භාණ්ඩයේ කල්පැවැත්මට වඩා මිල අඩුවීම ගැන තමයි බලන්නේ.
ඡායාරූපය : ඉසුරු පෙරේරා
කොළඹ කොටුවේ මල්වත්ත පාර එදා මෙන්ම අදත් සපත්තු හා බෑග් වෙළෙඳාමට නම් දැරූ වීදියකි. මේ දිනවල මල්වත්ත පාරේ සපත්තු සහ බෑග් වෙළෙඳාමේ තත්වය සම්බන්ධයෙන් සොයා
මෑතකදී මම මණ්ඩල සාමාජිකයකු ලෙස ජාලගත සමුළුවකට සහභාගී වුණෙමි. එහිදී අදහස් දැක්වූ එක් ප්‍රධාන කථිකයෙක් කෘෂිකර්මාන්තය පසුගාමී අංශයක් ලෙසත්, ගොවීන්ගෙන්
ශ්රී ලංකා සම්මන්ත‍්‍රණ තානාපති වැඩසටහන (SLCAP) ආරම්භ කරමින් ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ සදහා ප‍්‍රධාන මධ්‍යස්ථානයක් බවට මෙරට පත් කිරීමේහිලා සුවිශේෂී සන
ශ්රී ලංකන් ගුවන් සේවය විසින් කෘතිම බුද්ධි තාක්ෂණයෙන් (AI) බලාත්මක සිය පාරිභෝගික සේවා chatbot පහසුකම වන (AI) හඳුන්වා දී තිබේ. කෘතිම බුද්ධි තාක්ෂණය (AI) සහ ස්වභාව
ශ්රී ලංකා වෘත්තිය බැංකුකරුවන්ගේ සංගමයේ (APB) 35 වැනි වාර්ෂික සමුළුවේ රන් සහකරු ලෙස මහජන බැංකුව කටයුතු කරයි. මෙම සමුළුව පෙබරවාරි 19 සහ 20 දෙදින කොළඹ, සිනමන් ලය
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගමක් වන යූනියන් ඇෂුවරන්ස් සිය MDRT සුදුසුකම්ලාභී රක්ෂණ සම්බන්ධතා නිලධාරීන්ගේ විශිෂ්ට ජයග්‍රහණ බත්තරමුල්ල වෝටර්
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි. espoke නිර්මාණ සැලසුම සහ Wi – Fi සම
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
එදා වගේ බිස්නස් දැන් නැහැ