එයිට්කන්ස්පෙන්ස් ශ්‍රී ලංකාවේ ඉහළින්ම අගයන සමාගම් සහ ආයතන 10 අතරට එක්වී තිබේ. සහතික ලත් ප්‍රසිද්ධ ගණකාධිකාරීවරුන්ගේ ඇමරිකානු ආයතනය (AICPA) කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ වරලත් ආයතනය (CIMA) සහ ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICCSL) එක්ව මෙම තෝරා ගැනීම කරන ලදී. මෙම සමාගම් 10ට ශ්‍රී ලංකාවේ ඉහම තලයේ ආයතන 10ක් ඇතුළත් වී තිබේ.
මෙම සමාගම් තෝරාගැනීමෙන් පසුව පැවැති ත්‍යාග ප්‍රදානෝත්සවයට ශ්‍රී ලංකාවේ ඉහළම සමාගම් සහ ආයතන ප්‍රධානීහු මෙන්ම රටවල් කිහිපයකම තානාපතිවරුන් සහ නිලධාරීහුද පැමිණ සිටියහ. ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා විය. ශ්‍රී ලංකාවේ ජපාන දූත මණ්ඩලයේ නියෝජ්‍ය ප්‍රධානී කත්සුකි කොටාරෝ මහතා ප්‍රධාන දේශනය පවත්වමින් උත්සවය වර්ණවත් කළේය.
කළමනාකරණ ගණකාධිකාරිවරුන්ගේ වරලත් ආයතනය (CIMA) සහ කළමනාකරණ ගණකාධිකාරිවරුන්ගේ ගෝලීය වරලත් ආයතනය (CGMA) එක්ව මූල්‍ය ස්ථාවරය පිළිබඳ ඇගැයීම්වලින් සමන්විත වාර්තාවක් ඇසුරින් ශ්‍රී ලංකාවේ ඉහළින්ම අගයන සමාගම් සහ ආයතන තෝරාගැනීම කරන ලදී.
ඉහළම පෙළේ ආයතනය සඳහා වෘත්තිය මට්ටමින් බදු සම්බන්ධ උපදෙස් සහ විගණන සේවා සපයන (KPMG) නියෝජිතයෝ පිරිසක් තෝරා ගැනීම් සහ ලකුණු දීමේ ක්‍රමවේදය අනුමත කළහ. පසුව ඉහළම සමාගම් සහ ආයතන 20ක් දෙවැනි වටයට තෝරාගන්නා ලදී. දෙවැනි වටයේදී එක් එක් ආයතන සහ සමාගම් විසින් ජූරිය හමුවේ තම ආයතනය සම්බන්ධයෙන් අංගසම්පූර්ණ විස්තරයක් ඉදිරිපත් කළ යුතුව තිබිණ.
ඉහළින්ම අගයන සමාගම් තෝරා ගැනීමේ තරගයේ උත්කර්ෂවත් අදියර එය විය. සෑම විස්තර කිරීමකටම පාහේ ආයතන කළමනාකාරිත්වයේ ඉහළම නියෝජිතයෝ ඉදිරිපත් වූහ. විනිශ්චය මණ්ඩලයෙන් ලැබුණු ප්‍රතිචාර අනුව හොඳම විස්තර කිරීම ඉදිරිපත් කරන ලද්දේ එයිට්කන්ස්පෙන්ස් විසිනි.
එයිට්කන්ස්පෙන්ස් නියෝජ්‍ය සභාපති කළමනාකාර අධ්යක්ෂ ආචාර්ය පරාක්‍රම දිසානායක සහ එයිට්කන්ස්පෙන්ස් විධායක අධ්‍යක්ෂිකා ස්ටෂානි ජයවර්ධන මෙනවිය වෙත ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් සම්මානය පිරිනමන ලද අවස්ථාව.
595
ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ වාහන එකලස් කිරීමේ සහ ගෙන්වා බෙදා හැරීමේ ආයතනයක් වන, අයිඩියල් මෝටර්ස් සමාගමේ නිල වෙබ් අඩවියBestWeb.lk තරඟයෙන් සම්මාන ත්‍රිත්වයක් ද
Orient Financeආයතනය සිය 43 වැනි සංවත්සරය 2024 ජුලි 26 වැනිදා අභිමානයෙන් සැමරීය. 1981 වසරේ දී ආරම්භ කළ Orient Finance ආයතනය මුල්‍ය ශක්‍යතාව නොකඩවා පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවේ ඉදි
NDB බැංකුව සිය නවතම යොවුන් ඉතුරුම වන NDB PIXELහඳුන්වාදී ඇත. වයස අවුරුදු 13 සිට 18 දක්වා යොවුන් වයසේ පසුවන දූ දරුවන් සඳහාම නිර්මාණය වූ මෙම නවතම NDB PIXEL ඩිජිටල් ඉතුරුම්
LPEC Campus, Iconic Awards 2024 2024 සම්මාන උළෙලේදී විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. එම සම්මානය සතු අධ්‍යයන විශිෂ්ටත්වය, නව්‍ය ඉගැන්වීම් ක්‍රම සහ පරිප
LOLCදිවි සවිය ශ්‍රී ලංකාව පුරා පාසැල් 4,100 කට සවියක් වෙමින් සිය අධ්‍යාපන සත්කාර වැඩසටහනේ තුන්වැනි අදියර සාර්ථක ලෙස අවසන් කරන ලදී. මෙම ජයග්රහණයෙන් වැඩසටහන
ලිට්රෝ ගෑස් ලංකා සමාගම, කොළඹ කිංග්ස්බරි හිදී පසුගියදා පැවති ශ්‍රී ලංකා සෙරමික් හා වීදුරු කවුන්සිලයේ (SLCGC) 18 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ තාක්ෂණික සැසි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
එයිට්කන් ස්පෙන්ස් ශ්‍රී ලංකාවේ ඉහළින්ම අගයන සමාගම් 10 අතරට