රුපියල් කෝටි 1100ක වියදමින් අම්පාර දිස්ත්‍රික්කයේ හැඩ ඔය හරහා ජලාශයක් ඉදි කිරීමට වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකාරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා ඉදිරිපත් කළ යෝජනාවක් කැබිනට් මණ්ඩලය අනුමත කර තිබේ.
හැඩ ඔය, විල ඔය හා කරඳ ඔය නිම්නයේ ඇති වැව් අමුණු යටතේ ප්‍රදේශයේ පිහිටි හෙක්ටයාර 6500ක පමණ ඉඩම් වල වගා කටයුතු සිදු කැරෙයි. හැඩ ඔය දෙපස පිහිටි කුඹු රජයෙන් යටවීම හේතුවෙන් මහ කන්නයේ වී වගා කටයුතු පමා වන අතර ජලය ප්‍රමාණවත් නොවීම නිසා යළ කන්නයේ වගා කටයුතු අඩාල වේ.
අම ගැටළු නිරාකරණයට සහ අමතර හෙක්ටයාර 5300කට අවශ්‍ය වාරි ජලය සැපයීමට හැකි වන පිරිදි මෙම ජලාශය ඉදි කිරීමට නියමිතය.
මහජන බැංකුව, අප්‍රේල් මස 1 වැනිදා සිට 15 වැනිදා දක්වා වූ අලුත් අවුරුදු කාල සීමාව තුළ රුපියල් බිලියන 205කට අධික වටිනාකමකින් යුත් මිලියන 14.5කට අධික ගනුදෙනු සංඛ
2025 මාර්තු මාසයේදී මෙරට ජාතික තේ අලෙවියේ සාමාන්‍ය අගය කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 1,183.76ක් එනම් ඩොලර් 4.02ක් ලෙස සටහන්ව තිබේ.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ “අන්‍යෝන්‍ය බදු ක්‍රමය” යටතේ ශ්‍රී ලංකා අපනයන සඳහා පැනවූ සියයට 44 ක ඉහළ තීරු බද්ද පිළිබඳව සෘජුව සාකච්ඡා කිරීමට
මෙම මස පළමු දින 15 තුළදී ශ්‍රී ලංකාවට සංචාරකයන් 93,915 ක් මෙරටට පැමිණ තිබෙන බවත් ඒ සමග මෙතෙක් මෙරටට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 816,191 දක්වා වර්ධනය වී ඇති බවත්
රෙදි පිළි මිලදී ගැනීමට කොයි කවුරුත් යන්නේ මහරගමට හෝ පිටකොටුවටය. ඒ රෙදිපිළිවල මිල ගණන් අනෙක් තැන්වලට සාපේක්ෂව අඩු බැවිනි.
ශ්රී ලංකා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට නව උත්තේජනයක් ලබා දෙමින් මෙරට දේශීය සමාගමක් එකලස් කළ පරිගණක තොගයක් සිම්බාබ්වේ දේශය වෙත නැව්ගත කිරීම ඉකුත් දිනවල
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කෝටි 1100ක වියදමින් හැඩ ඔය හරහා ජලාශයක්
ගයේෂා පෙරේරා Thursday, 05 May 2016 05:09 AM
අනේ මට නම් ඔය භූගෝල විද්‍යා පාඩම් හරිහැටි තේරෙන්නේ නැහැ. පුංචි කාලේ පාසල් යන අවදියේ පටන් මම භූගෝල විද්‍යාවට අඩු ලකුණු ගත්තු නිසා වැඩිය ඒවා ගැන දන්නේ නැහැ. මම හිතනවා ජලාශ ලංකාවේ කොහේ ඉදිවුනත් කමක් නැහැ කියලා හදන්න අය ඉන්නවා නම් (බ)
උපාලි Thursday, 05 May 2016 03:01 AM
විජිත් මහතා කියන දේවල් සිතට ගත යුතුය. දේශපාලකයෝ භූගෝලිය වෙනසකම් වෙන යම් නිර්මාණයක් ගැන යෝජනා කරනවා නම් එය ඉංජිනේරුවන්ගේ සහ භූ විද්‍යාඥයන්ගේ තාක්ෂණ ඇගයීමකට යටත්විය යුතුමය. එය මොරටු විශ්ව විද්‍යාලයේම කියා සීමා කිරීමට අවශ්‍ය නැති බව මගේ වැටහීමයි. බුද්ධිමතුන් කවර තැනක සිටියත් ඔවුන් හඳුනාගෙන අදහස් එකතු කරගෙන තීරණයකට එළඹීම තමයි සුදුසු. (නි)
දීපාල් නිරෝෂ් Thursday, 05 May 2016 09:23 AM
ලංකාවේ දැන් සහල් අතිරික්තයක් තිබෙන බවටයි වාර්තා පලවෙන්නේ. ඒ හින්දම උතුරු මද කුඹුරු විකල්ප බෝග වගාවනට යොදා ගන්න යෝජනා කළා. මේ වගේ මහා පරිමාන ව්‍යාපෘති සැලසුම් කරන්න කලින් පූර්ණ ශක්‍යතා අධ්‍යයනයක් කරලා ශක්‍යතාවය තහවුරු කර ගැනීමයි මුලින්ම කල යුත්තේ. (ර)
බන්දුල Saturday, 07 May 2016 02:12 PM
ජලාශ හිතුමතේ ඉදිකිරීම පරිසර වෙනස්වීමට බලපානවා. මේවා හදන්න දුප්පත් රටවලට ණය ආධාර දෙන රටවල් මේවා සළකන්නේ නැහැ. (නි)
විජිත් Wednesday, 04 May 2016 06:12 PM
මොනවා කළත් කමක් නැහැ. භූවිද්‍යාව ගැන දන්නා විශාරදයන් ලවා පාරිසරික ඇගයීමක් කොට ඔවුන්ගේ අනුමැතිය ලැබුනොත් ව්‍යාපෘතිය පටන්ගන්න. සියලුම සැළසුම් සහ ක්‍රියාත්මක කිරීම් 100% ම මොරටුව විශ්ව විද්‍යාලයේ සිවිල් ඉංජිනේරු අංශයට බාර දෙන්න. දැන්වත් අපේ දැනුම ලබාගන්න රජයට ඇස් ඇරිය යුතුයි. (නි)