කරන්දෙණිය එම්.සුසිල් පියන්ත
අම්බලන්ගොඩ මාදම්පා ගගේ ලස්සන සහ සුන්දරත්වය විදෙස් සංචාරකයන්ට දැක බලා ගැනීමට අවස්ථාව සලසා දුනහොත් රටට ගලන ඩොලර් මෙතෙකැයි කියා නිම කළ නොහැකිය.
ගාලු දිසාවේ සංචාරක ව්‍යාපාරය සාර්ථකව කෙරෙන ගංගා අතරින් බලපිටියේ මාදු ගඟට හිමි වන තැන ඉහළය. මාදම්පා ගඟ සංචාරක ව්‍යාපාරය ව්‍යාප්ත කිරීමට ඇති හැකියාව අතින් දෙවැනි වනුයේ මාදු ගඟට පමණක් බවද නොලියාම බැරිය. මේවන විටත් වැඩි ප්‍රසිද්ධියක් නැතත් මාදම්පා ගගේ සංචාරක ව්‍යාපාර ක්‍රියාත්මක වෙමින් පවතී.
මාදම්පා ගඟේ සුන්දරත්වය විදින සංචාරකයන් පිරිසක්.
සරත් ශ්‍රී ලාල් |
දිලීප සිල්වා |
සුජීවා දමයන්ති |
මාදම්පා ගඟේ සංචාරක ව්‍යාපාරය සාර්ථකව කළ හැකි බව අවබෝධ කර ගත් රජයේ ආයතන අතරින් ප්‍රධාන තැනක් ගත්තේ දකුණු ළකේම සංචාරක ව්‍යාපාරය සංවර්ධනය කිරීමේ අරමුණින් ආරම්භ කෙරුණු රුහුණු සංචාරක කාර්යාංශයයි. මාදම්පා ගඟේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කළ යුතු යයි රුහුණු සංචාරක කාර්යාංශයට හැගී ගියේ අද ඊෙයක නම් නොවේ.
මාදම්පා ගඟ පාදක කොට ගෙන අම්බලන්ගොඩ අත්තබඩ තොටුපොළේ දෙමහල් සංචාරකරක තොරතුරු මධ්‍යස්ථානයක් ද ඉදිකළේය. එය විවෘත කළේ එදා දකුණේ ප්‍රධාන අමාත්‍යවරයාව සිටි ජී.ඩබ්ලිව්. ෂාන් විජයලාල් ද සිල්වා සහ එවක සිටි රුහුණු සංචාරක කාර්යාංශයේ සභාපති නිහාල් වීරසිංහ මහතා ඇතුළු බලධාරීන් විසිනි. ඒ 2018 නොවැම්බර් මස 19 වැනිදාය.
එයින් නොනැවතුණු රුහුණු සංචාරක කාර්යාංශය මාදම්පා ගඟේ සංචාරකයන් රැගෙන යාමට අම්බලන්ගොඩ මාදම්පා ගඟ අත්තබඩ තොටුපොළට එන මෝටර් බෝට්ටු නැවැත්වීමට ගඟේ පාවෙන ජැටි තුනක්ද ඉදිකළේය.
කතාව නම් එය නොවේ. එදා මාදම්පා ගඟේ සංචාරක ප්‍රවර්ධනය සදහා යයි කියමින් එම ගඟ පාදක කරගෙන ඉදිකරන ලද රුපියල් කෝටි ගණනක චංචල සහා නිශ්චල දේපොළ මේ වනවිට මාදම්පා ගඟේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට සත පහකවත් ප්‍රයෝජනයක් නැතිව විනාශවෙමින් තිබීමය. එය ජාතික අපරාධයකි.
මාදම්පා ගඟේ සංචාරයට එන සංචාරකයන්ට තොරතුරු හා පහසුකම් සැපයීම වෙනුවෙන් රුපියල් කෝටි ගණනක් රජයේ මුදල් කාබාසිනියා කළ දෙමහල් ගොඩනැගිල්ල අද විනාශවෙමින් තිබේ. එය වසාදමා සෑහෙන කාලයක් ගතවී ඇත. එමෙන්ම එම ගොඩනැගිල්ල ගිල ගැනීමට දත කට නියවා සිටින රාක්ෂයෙක් මෙන් ඒ අවට ඇති කැලෑව බලා සිටී. මෙවැනි ගොඩනැගිල්ලක් තමන් ඉදිකළේ ද යන්න රුහුණු සංචාරක කාර්යාංශයට අද වගේවගක් නැත්තාසේය.
එමෙන්ම මාදම්පා ගඟේ සංචාරකයන් රැගෙන යන මෝටර් බෝට්ටු නතර කිරීමට රුහුණු සංචාරක කාර්යාංශය මගින් මාදම්පා ගඟ අත්තබඩ තොටුපොළේ ස්ථාපිත කෙරූ ජැටි තුනම මේ වනවිට ඇත්තේ විනාශ වෙමිනි. මෙවැනි අසාර්ථක ව්‍යාපෘතිවලින් මේ ආයතන විනාශ කර ඇත්තේ ජාතික ධනයවේ. එදා මෙරටට ඩොලර් සංචිත විනාශවූයේ මෙවැනි අසාර්ථක ව්‍යාපෘතිවලිනි.
මාදම්පා ගඟේ සංචාරක වය්‍යාපාරයට අද අත්වී ඇති අවාසනාවන්ත තත්වය පිළිබඳව එම ගඟේ සංචාරක ව්‍යාපාරයේ නියුතු දිලීප සිල්වා මහතා කීවේ මෙවැන්නකි.
රුහුණු සංචාරක කර්යාංශය තියෙන්නේ රුහුණේම සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කරන්නයි. අවාසනවක මහත එම කාර්යාංශයෙන් කරන්නේම රුහුණේ සංචාර ව්‍යාපාරය නැත්තටම නැති කිරීමයි. මේ කාර්යාංශය තනිකරම සුදු අලියෙක්.රජයේ මුදල් කාබාසිනියා කරන ආයතනයක්. බලන්න මාදම්පා ගඟ පාදක කරගෙන ඉදිකරලා තිබෙන සංචාරක තොරතුරු දෙමහල් මධයස්ථාන ගොඩනැගිල්ල අද විනාශවෙලා යනවා. කිසිම වැඩක් නැතිව. මේ ගොඩනැගිල්ල කුලියට ගන්න බැහැ. ඒ ගොඩනැගිල්ල සංචාරක ව්‍යාපාරය සඳහා ගන්න බැහැ මේ විශාල කුලිය නිසා. ඒ ආයතනය කැමැති ඇති එය කුලියට දෙනවට වඩා වහලා තියෙන එකට. ඒකයි මේ ගොඩනැගිල්ලට මේ තත්වය අත්වෙලා තියෙන්නේ.
මාදම්පා ගඟ සංචාර වයාපාරයට කියාපු තැන. මේ ගඟේ සංචාරක වයාපාරය දියුණු කළ හොත් මේ රට ගොඩ දාන්න වෙනමුකුත් ඕන නැහැ. ඒ තරමටම මේ ගඟ යෝග්‍යයි. අපිට පේනවනේ සංචාරකයන් මාදම්පා ගඟට කොච්චර ආදරේද කියලා. ඔවුන් හරි කැමැතියි මාදම්පා ගඟේ සංචාරය කරන්න. මාදම්පා ගඟ කියන්නේ බොහෝම නිහඬ ගඟක්. ස්වාභාවික සෞන්දර්යයෙන් අනූනයි. කුරුලු දූපත, කුරුඳු නිෂ්පාදනාගාරය, ඒ වගේම ගඟේ ඉන්නා කිඹුලා වැනි සතුන් බලන්න සංචාරකයන් කැමැතියි.
රුහුණු සංචාරක කාර්යාංශය ඇතුළු රජයේ වගකිව යුත්තන් මාදම්පා ගඟ ගැන ප්‍රසිද්ධියට පත් කරන්නේ නැහැ. මාදම්පා ගඟ ගැන කිසිදෙයක් ඔවුන් ලෝකෙට දෙන්නේ නැහැ. සංචාරකයන් මේ ගඟට අද්දවා ගැනීමට කිසිම විදිහේ ප්‍රචාරයක් දෙන්නේ නැහැ. අපිම පුළු පුළුවන් විදිහට සංචාරකයන් දැනුම්වත් කරලා මාදම්පා ගඟේ සංචාරය සඳහා සංචාරකයන් අද්දවා ගන්නවා. මේ කර්තවය අපිට විතරක් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි.
අම්බලන්ගොඩ වෙළෙඳ සංගමයේ සභාපති හිටපු අම්බලන්ගොඩ නගර සභාවේ උප සභාපති ගංගේ සරත් ශ්‍රීලාල් මහතා මාදම්පා ගඟේ සංචාරක ව්‍යාපාරය දියුණු කළ හැකි අයුරු කීවේ මෙසේය:
මාදම්පා ගඟේ සංචාරක ව්‍යාපාරය විධිමත්ව පුළුල්ව කරගෙන ගියොත් මුළු අම්බලන්ගොඩම ගොඩ. එසේවුවහොත් අම්බලන්ගොඩ නගරයේ ජනතාවගෙන් නගර සභාවට වරිපනම් බදු ගන්න ඕනත් නැහැ. නගර සභාවේ සේවකයන්ට වැටුප් ගෙවන්න කෙදිරි ගග ඉන්න ඕනත් නැහැ. මාදම්පා ගංඟේ එක් අන්තයක් විහිදිලා තියෙන්නේ අම්බලන්ගොඩ හල්වතුර වගුරු බිමටයි. මේ වගුරු බිමේ අක්කර 230 ක් තියෙනවා කිසිම ප්‍රයෝජනයක් නොගෙන. මේ වගුරු බිම අයිති වනජීවී දෙපාර්තමේන්තුවටයි. ඒ දෙපාර්තමේන්තුවත් එක්ක සාකච්ඡා කරලා අම්බලන්ගොඩ නගර සභාව සෘජුවම මැදිහත් වෙලා මේ වගුරු බිමේ කිඹුල් පාම් එකක් දාන්න පුළුවන්.
මේ කිඹුල් පාම් එක බලන්න සංචාරකයන් අම්බලන්ගොඩ සිට මෝටර් බෝට්ටුවලින් එක්කගෙන එන්න පුළුවන්. සංචාරකයන් හරිම කැමැතියි. සංචාරකයන් විතරක් නෙමෙයි මෙරට පාසල් සිසුන් ඇතුළුව බහුතර ප්‍රජාව කැමැතියි කිඹුලන් බලන්න. කිඹුලන් බලන්න එන සංචාරකයන්ට මිලදී ගැනීමට අම්බලන්ගොඩට ආවේනික වෙස් මුහුණු පාවෙන කඩ මාදම්පා ගඟේ දාන්න පුළුවන්. ඒ වගේම අම්බලන්ගොඩට ආවේනික කර්මාන්තවල නිෂ්පාදනත් මේ පාවෙන වෙළෙඳ කුටිවල විකුණන්න පුළුවන්. ඒ හැම එකකින්ම නගර සභාවට ආදායමක් ගන්න පුළුවන්.
මාදම්පා ගඟ අම්බලන්ගොඩ සංවර්ධනය කිරීමට පාදක කර නොගැනීම අවාසනාවන්ත තත්වයක්. දැන් දැන් මාදම්පා ගඟ සංචාරය කිරීමට සංචාරකයන් වෙනදට වඩා වැඩියෙන් එනවා. මේ අයගෙන් වැඩි ආදායමක් උපයන්න පුළුවන්. මේ වැඩේට අම්බලන්ගොඩ නගර සභාවට කෙළින්ම දායක වෙන්න පුළුවන්.
මාදම්පා ගඟේ සංචාරකයන් රැගෙන යන එකම කාන්තා මෝටර් බෝට්ටු පදවන්නිය වන සුජීවා දමයන්ති මහත්මිය ඒ සම්බන්ධයෙම් මෙසේ කීවාය:-
ඇත්තටම මාදම්පා ගඟ කියන්නේ සංචාරක ව්‍යාපාරය ඉතා හොදින් කරගෙන යන්න පුළුවන් තැනක්. ඒත් අදාළ බලධාරීන් මේ ගඟ ගැන ලෝකය දැනුම්වත් කරන්නේ නැහැ. අපි මේ සම්බන්ධයෙන් හඬක් නගනවා.අපි නගන ඒ හඬට වඩා රටේ සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න ඉන්න ආයතන මේ ගැන ලෝකයා දැනුම්වත් කරනවා නම් තමයි ඉතා වටින්නේ. බොහෝ සංචාරකයන් මම ධාවනය කරන මෝටර් බෝට්ටුවක නැගිලා මාදම්පා ගඟ තරණය කරන්න කැමැතියි. එහෙත් මේ ගැනවත් අපේ අදාළ ආයතන ලෝකයාට හඩගා කියන්නේ නැහැ. ඒ මොකක්ද කියලා කියන්න දන්නේ නැහැ.
මෝටර් බෝට්ටුවෙන් ගඟ තරණය කරලා සංචාරකයන් ලබන වින්දනය අතිමහත්. දැන් දැන් මාදම්පා ගං ඉවුරු පාදක කරගනිමින් සංචාරක හෝටල් ඉදිවෙලා. ඉදිවෙමින් පවතිනවා. අපේ ප්‍රදේශවල බොහෝ තරුණ තරුණියන් මේ හෝටල්වල රැකියාවල නිරතවෙලා බඩකට පුරව ගන්නවා.
මාදම්පා ගඟට කිසිම හානියක් වන විදිහට අපි ගඟේ මෝටර් බෝට්ටු ධාවනය කරන්නේ නැහැ. අපි බෝට්ටුවලට ඉන්ධනයක් ලෙස භාවිත කරන්නේ ගඟට අහිතකර නොවන පෙට්‍රල් විතරයි. ගඟ රැකුණොත් තමයි අපි රැකෙන්නේ.
මාදම්පා ගඟේ සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න ඇපකැපවෙලා ඉන්න අපිට ඒ ව්‍යාපාරය දියුණු කරන්න රාජය හෝ පෞද්ගලික කිසිම වාණිජ බැංකුවකින් ණයක්වත් දෙන්නේ නැහැ. එහෙම දෙනවනම් මාදම්පා ගඟේ සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න තව තවත් ව්‍යපෘති ආරම්භ කරන්න පුළුවන්. එහෙම එම ව්‍යාපෘති ආරම්භ කළොත් මේ ගඟේ සංචාරක ව්‍යාපාරය තව තවත් දියුණු කරන්න අපිට පුළුවන්. මාදම්පා ගඟේ සංචාරයට එන සුද්දන් තමන්ගේ රටවල්වලට ගිහිල්ලා මාදම්පා ගඟේ සංචාරය පිළිබඳව ඔවුන්ගේ අනෙක් වැසියන් දැනුම්වත් කිරීම දැන් දැන් වැඩිවෙලා තියෙනවා. ඒ නිසා සංචාරකයන් වෙනදට වඩා ටිකක් වැඩියෙන් එනවා. සංචාරකයන් වැඩියෙන් එනවා කියන්නේ රටට ඩොලර් එනවා කියන එකයි. රටට ඩොලර් එන කොට අපි වගේම දියුණු වන්නේ අපේ රටයි. අපේ ලොක්කන්ට, රජයේ නිලධාරීන්ට ඒක තේරුම් නොයාම කණගාටුවට කරුණක්.
සංචාරකයන් සඳහා අත්තබඩ තොටුපොළේ ඉදිකළ පහසුකම් විනාශවී යමින්..
මෙරට ජංගම ගිණුම පසුගිය ජනවාරි මාසයට සාපේක්ෂව පෙබරවාරි මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 359 ක ඉහළ අතිරික්තයක් වාර්තා කර ඇති බවත් එය ප්‍රතිශතයක් ලෙස සියයට 1
ශ්රී ලංකාවේ ධීවර අංශයේ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ටින්මාළු අපනයන කිරීම ප්‍රථම වතාවට පසුගියදා ආරම්භ කළේය. මදුරන්කුලිය ”ඕෂන් ෆුඩ්ස්” කර්මාන්ත
රජයට අයත් බලපත්‍රලාභී විශේෂිත බැංකුවක් වන රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවට පළමු වතාවට ස්ථාවර පෙරදැක්මක් සහිතව BB(lka) ජාතික දිගුකාලීන වර්ගීකරණයක් ලබා දෙන බව
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හෝටල් සමාගමක් වන පෙගසස් හොටේල්ස් ඔෆ් සිලෝන් පීඑල්සී සමාගම සිය පූර්ණ හිමිකාරීත්වය පැවැති Equity Hotels Limited (EHL) හි එම හිමිකාරීත්
කොළඹ පාරිභෝගික මිල දර්ශකයකට අනුව පසුගිය මස (මාර්තු) මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය සියයට සෘණ 2.6 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
ශ්රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ලෙස හදුන්වන ‘සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය’ පසුගිය පෙබරවාරි මාසයේ දර්ශකාංක 55.6 ක් දක්වා ඉහළ ගිය බව ශ්‍රී ලංකා මහ බ
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
කෝටි ගණනක් මුදල් ගිලදැමූ මාදම්පා ගඟේ සංචාරක ව්‍යාපෘතිය
vernon Friday, 28 March 2025 12:10 PM
ඉතින් ඇයි බෝට්‍ටු ඔය ජැටිවල නවත්වන්නේ නැත්තේ? ගොඩනැගිල්ල කැලෑවට ගියා කිව්වට කෝ එක පොටෝ එකක්වත් හරියට නෑනේ. ගොඩනැගිල්ල අඩු ගාණට කුලියට ගන්න බැරි එකට නම් කියන වෙන්නේ අර නරියෙක් මිදි තිත්තයි කියපු එක තමා.