යොහාන් භාසුර
බලපෑමට ලක්වූ කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සහන සැලසීමේ වැඩපිළිවෙළ යටතේ තව දුරටත් සහන ගැනීමට අපේක්‍ෂා කරන්නේ නම් ණය ගනුදෙනුකරුවන්ට මේ මස 31 වැනිදාට පෙර අභියාචනා ඉදිරිපත් කළ හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
එම සහන සම්බන්ධයෙන් කිසියම් ප්‍රතික්ෂේප කිරීමක් හෝ මතභේදයක් ඇති වුවහොත් අදාළ බැංකු සම්බන්ධ කරගතයුතු බවත් ඒ සඳහා අභියාචනා කරන්නේ නම් ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය පාරිභෝගික සම්බන්ධතා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ සම්බන්ධකරගන්නා ලෙස ඉල්ලා සිටින බවත් එම බැංකුව පවසයි. 1935 ක්‍ෂණික දුරකථනයෙන් හෝ 0112477000 යන දුරකථනයෙන් හෝ එසේ නැත්නම් 0112477744 ෆැක්ස් අංකයෙන් අධ්‍යක්‍ෂවරයා සම්බන්ධකරගත හැකි බවත් එසේ නැත්නම් [email protected] යන ඊමේල් ලිපිනයෙන් හෝ අධ්‍යක්‍ෂ, මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහ බැංකුව, අංක 30, ජනාධිපති මාවත, කොළඹ 01 යන ලිපිනයෙන් හෝ සම්බන්ධ වියහැකි බවත් මහ බැංකුව සඳහන් කරයි. https://www.cbsl.gov.lk/fcrd යන වෙබ් අඩවියට පිවිසීමෙන් ද එම බැංකුව සමඟ සම්බන්ධවිය හැකි බව ද ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
ණය ගනුදෙනුකරුවන්ගේ ණය ආපසු ගෙවීමේ හැකියාව සහ පිළිගත හැකි ව්‍යපාර යළි පණගැන්වීමේ සැලැස්මක් ඉදිරිපත් කිරීම පදනම්ව බලපෑමට ලක්වූ කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සහන සැලසීමට කටයුතු කරන බව ද ශ්‍රී ලංකා මහ බැංකුව වැඩි දුරටත් සඳහන් කළේය.
මෙරට ජංගම ගිණුම පසුගිය ජනවාරි මාසයට සාපේක්ෂව පෙබරවාරි මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 359 ක ඉහළ අතිරික්තයක් වාර්තා කර ඇති බවත් එය ප්‍රතිශතයක් ලෙස සියයට 1
ශ්රී ලංකාවේ ධීවර අංශයේ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ටින්මාළු අපනයන කිරීම ප්‍රථම වතාවට පසුගියදා ආරම්භ කළේය. මදුරන්කුලිය ”ඕෂන් ෆුඩ්ස්” කර්මාන්ත
රජයට අයත් බලපත්‍රලාභී විශේෂිත බැංකුවක් වන රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවට පළමු වතාවට ස්ථාවර පෙරදැක්මක් සහිතව BB(lka) ජාතික දිගුකාලීන වර්ගීකරණයක් ලබා දෙන බව
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හෝටල් සමාගමක් වන පෙගසස් හොටේල්ස් ඔෆ් සිලෝන් පීඑල්සී සමාගම සිය පූර්ණ හිමිකාරීත්වය පැවැති Equity Hotels Limited (EHL) හි එම හිමිකාරීත්
කොළඹ පාරිභෝගික මිල දර්ශකයකට අනුව පසුගිය මස (මාර්තු) මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය සියයට සෘණ 2.6 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
ශ්රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ලෙස හදුන්වන ‘සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය’ පසුගිය පෙබරවාරි මාසයේ දර්ශකාංක 55.6 ක් දක්වා ඉහළ ගිය බව ශ්‍රී ලංකා මහ බ
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
කුඩා -මධ්‍ය ව්‍යවසායකයන්ට තවදුරටත් සහන ගැනීමට 31 ට පෙර අභියාචනා කරන්න