IMG-LOGO

2025 පෙබරවාරි මස 20 වන බ්‍රහස්පතින්දා


කඩා වැටෙන උළු කර්මාන්තය

එදා 600 කට ආසන්න වූ 
උළු කල්මාන්ත ශාලා අද වන විට 200 ත් 225 ත් 
අතර ගණනකට අඩුවෙලා
කර්මාන්තයට අවශ්‍ය 
ඛනිජ ලබාගැනීමත් ගැටලු‍වක්. 
මැටි කැණීමේ 
බලපත්‍ර සීමා කරලා
මැටි කියුබ් එකක මිල අධික නිසා මැටි ගබඩා 
කරගැනීමත් ප්‍රශ්නයක්
කර්මාන්තය පවත්වාගෙන යෑමේ 
ගැටලු‍වකට මුහුණ දෙන්න සිදුවෙලා
ආනයනික සෙවිලි කර්මාන්තයට තර්ජනයක්
නවීන තාක්ෂණය අවශ්‍යවුවත් ආයෝජනය 
කරන්න සල්ලි නෑ
පුහුණු ශ්‍රමිකයන් 
නොමැතිකම 
කර්මාන්තයට විශාල පාඩුවක්
 
සඳලංකාව හේමලතා ඩී හේවගේ
සියවස් ගණනාවකට හිමිකම් කියන මැටි ආශ්‍රිත සෙවිලි උළු 1865 වර්ෂයේදී ඉන්දියාවේ කල්කටා ප්‍රදේශයේදී නිෂ්පාදනය කිරීමෙන් පසු මෙරටට ආනයනය කර ඇති බවට ඉතිහාස තොරතුරුවලින් අනාවරණය වී ඇත.
මහනුවර, පොලොන්නරුව, අනුරාධපුර ආදී යුගවල සිට පැවත එන ශරීර සෞඛ්‍යයට හිතකර මෙම මැටි ආශ්‍රිත සෙවිලි උළු වෙනුවට විදේශීය රටවලින් විවිධ ආදේශික සෙවිලි වර්ග ආනයනය කිරීම සහ පැවති ආණ්ඩු ඒ ඒ කාලවලදී ගනු ලැබූ තීන්දු තීරණ නිසා මෙරට උළු කර්මාන්තය කඩා වැටීමේ තර්ජනයට මුහුණ දීමට සිදුවිය.
පාරම්පරික කර්මාන්තයක් ලෙස දිවයින පුරා ව්‍යාප්තව තිබූ 600 කට ආසන්න මෙම උළු කල්මාන්ත ශාලා පසුකාලීනව ක්‍රම ක්‍රමයෙන් වැසී යාමත් සමඟ එය අද වන විට 200ත් 225ත් අතර ගණනකට අඩුවී ඇති බව දත්ත තොරතුරුවලින් අනාවරණය වී ඇත.
උළු කර්මාන්තශාලා බොහොමයක් පිහිටා ඇත්තේ මා ඔය දෑලේ සහ කැලණි ගංගා දෑලේ වන අතර පුත්තලම් දිස්ත්‍රික්කයේ වෙන්නපුව මැතිවරණ බල ප්‍රදේශයේ හා ගම්පහ දිස්ත්‍රික්කයේ කටාන මැතිවරණ බල ප්‍රදේශයේ මෙම මහා පරිමාණ උළු කර්මාන්තශාලා බොහොමයක් ස්ථාපිතකර ඇත.
වෙන්නප්පුව මැතිවරණ බල ප්‍රදේශය ආවරණය වන අයුරින් වයික්කාල, දංකොටුව, තෝප්පුතොට, බෝලවත්ත, මැටිකොටුව, යෝගියාන, ඇතුළු ප්‍රදේශවල ස්ථාපිත කර ඇති මෙම උළු කර්මාන්තශාලා බොහොමයක් අතුරින් අද වන විට ඉතිරිව ඇත්තේ කිහිපයක් පමණක් බව සමස්ත ලංකා මැටි සෙවිලි උළු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති බැක්ටිස් ප්‍රනාන්දු මහතා පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ බැක්ටිස් ප්‍රනාන්දු මහතා මෙසේද කීය.
 
පසුගිය වසරේ (2024) සැප්තැම්බර් මාසයේ සිට මෙම වසරේ පෙබරවාරි මුල වෙනකන් පැවතුණේ වර්ෂාව අධික දේශගුණික තත්වයක්. ඒ කාල සීමාව තුළ අපි එක්රැස් කරගෙන සිටි සියලු‍ ඛනිජ (මැටි) ඉවර වුණා. උළු නිෂ්පාදනයට අවශ්‍ය මැටි අපි ගබඩා කරලා තියාගන්නේ වියළි කාලගුණික තත්වයක් පවතින අවස්ථාවේ. ඒවා වර්ෂාව පවතින කාල සීමාවේදී නිෂ්පාදනය සඳහා යොදා ගන්නවා.
දැන් මේ වියළි කාලගුණික තත්වයක් ආරම්භ වුණාට අපිට අවශ්‍ය ඛනිජ ලබා ගැනීමේ අපහසුතාවක් පවතිනවා. මොකද රජය මේ වෙද්දි මැටි කැණීමේ බලපත්‍ර සීමා කරලා නිසා. ඒ තත්වය තුළ අපි කර්මාන්තයට අවශ්‍ය ඛනිජ ලබාගැනීමේ ගැටලු‍වකට මුහුණ දීලා තියෙන්නේ. මැටි කියුබ් එකක මිල අධික නිසා විශාල වශයෙන් මැටි ගබඩා කරගන්න කර්මාන්ත කරුවන් ළඟ මුදල් නැහැ. බොහෝ විට මාස දෙක තුනකට අවශ්‍ය මැටි තමයි එකතු කරගන්නේ. ඒක නිසා අද වෙද්දි උළු නිෂ්පාදනයට අවශ්‍ය මැටිවල විශාල හිඟයක් පවතිනවා. 
කර්මාන්ත කරුවන් විදියට අපි රජයෙන් ඉල්ලන්නේ විධිමත් ක්‍රමවේදයක් යටතේ මේ වියළි කාලගුණික තත්වය පවතින අවස්ථාවේ කඩිනමින් කැණීම් බලපත්‍ර ලබා දෙන්න කියලා භූවිද්‍යා හා පතල් කාර්යාංශයෙන් ඉල්ලා සිටිනවා. මොකද අද වෙද්දි උළු කර්මාන්තකරුවන් ළඟ නිෂ්පාදනයට අවශ්‍ය ඛනිජ නැහැ. ඒ නිසා කර්මාන්තය පවත්වාගෙන යෑමේ ගැටලු‍වකට මුහුණ දෙන්න සිදුවෙලා තියෙනවා. අපේ උළු කර්මාන්තශාලාවල සේවය කරන සේවකයන්ට රැකියාව අහිමිවෙනවා නිෂ්පාදනය නතර වුණාම.
අපි පසුගිය දෙසැම්බර් මාසයේ 30 වැනිදා කර්මාන්ත අමාත්‍යවරයාව මුණගැහිලා අපේ කර්මාන්තය ගැන තියෙන ගැටලු‍ ඉදිරිපත් කළා. එතුමා කිව්වා මාස හයක් ඇතුළත අපේ ගැටලු‍ නිරාකරණය කරලා දෙනවා කියලා. ඒ විශ්වාසය ඇතිව අපි සිටිනවා. විශේෂයෙන් අපි ඒ අවස්ථාවේ අමාත්‍යවරයාගන් ඉල්ලීමක් කළා රජයේ අලු‍තෙන් ඉදිකරන නිවාසවලට සහ ගොඩනැගිලිවලට සියයට සීයක් දේශීය නිෂ්පාදනයක් වන, ශරීර සෞඛ්‍යයට හිතකර, මැටි ආශ්‍රිත සෙවිලි උළු යොදා ගන්න කියලා.
සමස්ත ලංකා මැටි සෙවිලි උළු නිෂ්පාදකයන්ගේ සංගමයේ ලේකම් ජෝන්ස් ඇක්වයිනාස් ප්‍රනාන්දු : 
 
අසූව දශකයේ දිවයින පුරාම උළු කර්මාන්තශාලා 600 ක් විතර ක්‍රියාත්මක වුණා. ඒක අද වෙද්දී 200 කට ආසන්න ගණනකට අඩුවෙලා. ඒ කාලයේ උළු හැර වෙනත් ආදේශක සෙවිලි විශේෂ තිබුණෙ නැහැ. විවෘත ආර්ථිකය හඳුන්වාදීමත් සමඟ තරඟකාරී සෙවිලි වර්ග අපේ රටට ආවා. ඒ සෙවිලි වර්ග වලට ලැබෙන ලාබය වැඩියි. 
ඒ ලාබය ඔවුන් පාරිභෝගිකයන් ග්‍රහණය කරගන්න වෙළෙඳ ප්‍රචාර කටයුතු සඳහා යොදා ගත්තා. ඒ හරහා සැලකිය යුතු පාරිභෝගිකයන් පිරිසක් ඒ ආදේශක සෙවිලි භාවිතයට යොමු වුණා. 
එවන් තත්වයක් තුළ වෙළෙඳපොළ සීමා වීම නිසා උළු අලෙවිය අඩුවීම නිසාත් කර්මාන්ත කරුවන් පාඩු ලැබීම නිසාත් අර 600 ක්ව තිබුණු උළු කර්මාන්තශාලා ගණන 200 කට අඩුවෙලා තියෙනවා. ඕක තමයි යථාර්ථය. 
ඒක නිසා රජයට අපි කියන්නේ නැවත කර්මාන්තශාලා ආරම්භ කරනවා වෙනුවට මේ තියෙන උළු කර්මාන්ත ශාලා ටිකවත් ආරක්ෂා කරගන්න ව්‍යාපාරිකයන්ට අවශ්‍ය සහයෝගය ලබා දෙන්න කියලා.
ඒ වගේම එදා උළු කර්මාන්තයේ යෙදුණේ තරුණ ජවය. එහෙත් අද වෙද්දි රටේ පවතින ආර්ථික තත්වය මත අපේ තරුණයෝ රැකියා සඳහා විදේශ රටවලට ගිහිල්ලා තියෙනවා. 
දැන් අපේ කර්මාන්තයේ යෙදෙන්නේ වයෝවෘද්ධ පිරිසක්. හොඳ ශ්‍රම බලකායක් නැතුව කර්මාන්තයක් කරගෙන යන්න බැහැ. එහෙම නම් අපි නවීන තාක්ෂණයට යා යුතු වෙනවා. ඒ සඳහා විශාල ආයෝජනයක් කළයුතුයි. එවැනි ආයෝජනයක් කරන්න වෙළෙඳපොළ ගැන විශ්වාසයක් තිබිය යුතු වෙනවා. මේ වෙද්දි සෑම උළු කර්මාන්ත කරුවෙක්ම රුපියල් මිලියන 300 ත් 350 ත් අතර මුදලක් ආයෝජනය කරලා තියෙන්නේ.ඒ තත්වය තුළ නැවත මුදල් යොදන්න කර්මාන්ත කරුවන්ට හැකියාවක් නැහැ. පුහුණු ශ්‍රමිකයන් හිඟකමත් අපේ ව්‍යාපාරය පවත්වාගෙන යෑමට විශාල ගැටලු‍වක් වෙලා තියෙනවා. රජය මැදිහත් වෙලා මේ කර්මාන්තය ආරක්ෂා කරගන්න යම් වැඩපිළිවෙළක් යොදනවා නම් අනාගත පරපුරට දකින්න හරි උළු කැටයක් ඉතුරු වේවි.
 
 
 
ඛනිජ හිඟකම, වෙළෙඳපොළ කඩා වැටීම සහ සේවක සහාය නොමැතිකම නිසාද මේ වන විට උළු කර්මාන්ත හිමියන් දැඩි ගැටලු‍වකට මුහුණ පා ඇත. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් උළු කම්හල් හිමියෙකු වන රුක්මන් ප්‍රනාන්දු මහතාද මෙසේ පැවසීය.
 
අපේ මේ උළු කර්මාන්තශාලා පවත්වාගෙන යෑමේදී මුහුණ දෙන ප්‍රධාන ගැටලු‍වක් තමයි සේවකයන්ගේ හිගකම. අද වන විට පුහුණු ශ්‍රමිකයෝ හිගය විශාල ලෙස නිෂ්පාදනයට බලපා තියෙනවා. මම මේ කරගෙන යන්නේ පරම්පරාවෙන් මට හම්බ වුණා උළු කර්මාන්තශාලාවක්. ඉස්සර අපේ ළඟ සේවකයෝ එකසිය පනහක් විතර වැඩ කළා. අද අපේ ළඟ ඉන්නේ සේවකයන් පහළොවකටත් අඩු ගානක්. ඒ පිරිසෙනුත් දෛනිකව වැඩට එන්නේ කිහිප දෙනෙක් විතරයි. සමහර අවස්ථාවලදී අපිත් ඔවුන් සමග හරි හරියට වැඩ කරනවා. 
එහෙම තමයි මේ උළු කර්මාන්තය පවත්වාගෙන යන්නේ. සීමිත සේවකයන් පිරිසක් සිටීම නිසා අද ඔවුනුත් අපිට ගණන් උස්සනවා. අපි සේවකයන්ට අවශ්‍ය පහසුකම් සියල්ලම සපුරලයි ඔවුන්ගෙන් මේ සේවය ලබා ගන්නේ. ඉන්න තැන දෙනවා, වතුර ටික, විදුලිය, වැටුප් මේ සියල්ලම ලබාදීලා රඳවා ගන්න උත්සාහ කළත් බොහෝ පිරිසක් දීර්ඝ කාලීනව එක තැනක වැඩ කරන්නේ නැහැ. 
පුහුණු ශ්‍රමිකයන් නොමැතිකම අපේ කර්මාන්තයට විශාල පාඩුවක්. ඒ සියලු‍ බාධක මැද තමයි අපි මේ කර්මාන්තය කරගෙන යන්නේ. දුෂ්කරතා රැසක් මැද පවත්වාගෙන යන මේ උළු කර්මාන්තය ආරක්ෂා කරගන්න රජයේ සහයෝගය අපි බලාපොරොත්තු වෙනවා.



අදහස් (0)

කඩා වැටෙන උළු කර්මාන්තය

ඔබේ අදහස් එවන්න

 

 

ව්‍යාපාරික විත්ති

මේ වසරේ රජයේ වියදම් සීමාවෙලා
2025 පෙබරවාරි මස 19 71 0

භාණ්ඩාගාරයට මුදල් ගලා ඒම සීමාවීම සහ ප්‍රාථමික වියදම් සීමාව දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 13 ක් වියයුතු බවට 2024 අංක 44 දරන මූල්‍ය කළමනාකරණ පනත මගින් පනවා ඇති


IMF නොව රටට සුබදායක අයවැයක්
2025 පෙබරවාරි මස 19 60 0

2025 වසර වෙනුවෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ අයවැය IMF අයවැයක් ලෙස ඇතැමුන් හැඳින්වුවත්, එය රටට සුබදායක අයවැයක් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහ


ශ්‍රී ලංකන් ණය පියවීමට රුපියල් බිලියන 20ක්
2025 පෙබරවාරි මස 19 45 1

ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සේවය (SLA) සඳහා මහජන අරමුදල් හරහා රුපියල් බිලියන 20 ක ඇපකරයක් ලබා ගන්නා බව රජය පවසයි. මෙය ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනු


රසායනික නිෂ්පාදනවලට වෙන් වූ කාර්මික කලාපයක්
2025 පෙබරවාරි මස 19 28 0

ශ්‍රී ලංකාවේ විශාල වශයෙන් ඇති ඛනිජ සම්පත්වල අගය එකතු කිරීම වැඩිදියුණු කිරීමට සහ දේශීය නිෂ්පාදන සඳහා අත්‍යවශ්‍ය කාර්මික යෙදවුම් සැපයීමේ අරමුණින්, අම්


ත්‍රිකුණාමල තෙල් ටැංකි සංවර්ධනයට ඒකාබද්ධ ව්‍යාපාරයක්
2025 පෙබරවාරි මස 19 9 0

ත්‍රිකුණාමල තෙල් ටැංකි පිහිටි ස්ථානය සලකන විට, ජාත්‍යන්තර ඉන්ධන වෙළෙඳපොළට ප්‍රවේශ වීම සඳහා අවස්ථාවක් පවතින බවත් ජාත්‍යන්තරව පිළිගත් ආයතන සමග ඒකාබද්


ලංකාවේ තෙවැනි සමාලෝචනය 28 වැනිදා IMF විධායක කමිටුවට
2025 පෙබරවාරි මස 19 9 0

මෙරටට ලබා දී ඇති ආධාර වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙහිලා ලබාගෙන ඇති ප්‍රගතිය තක්සේරු කිරීමට සිදුකළ තෙවැනි සමාලෝචනය එළැඹෙන 28 වැනිදා විධායක කමිටුවට යොමු ක


මේවාටත් කැමතිවනු ඇති

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ   ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ 2025 පෙබරවාරි මස 19 28 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 364 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 157 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

Our Group Site