වී කිලෝවකට රැ.150ක්වත් නැත්නම් පාඩුයි
මේ කන්නයේ වුණේ
ලොකු ආර්ථික පාඩුවක්
ගොවියාත් සහල් පාරිභෝගිකයාත් දෙපිරිසම අමාරැවේ
මනම්පිටිය නිමල් ජයරත්න
පොලොන්නරුව මහවැලි බි කලාපයේ දිඹුලාගල මහවැලි කොට්ඨාසයේ පළමුවරට මැද කන්නයේ වගා කළේය. එම කුඹුරුවල වී අස්වනු නෙළීමත් සමග රජයේ සහතික මිලට වී මිලදීගැනීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක නොවීම නිසා පොලොන්නරුවේ මහා පරිමාණ ව්‍යාපාරිකයන් වී මිල පහත දමා ඇති බව දිඹුලාගල ගොවීහු චෝදනා කරති. මෙවර දිඹුලාගල මහවැලි කොට්ඨාසයට අයත් ඉද්දෙපිච්ච වැව බෙදුම්මල ගොවිසංවිධානය මගින් කුඹුරු අක්කර 700 කට ආසන්න සංඛ්‍යාවක් පළමුවරට මැද කන්නයේ වගා කළ අතර එම වී අස්වනු නෙළීමත් සමග පොලොන්නරුව ඇතුළු අවට ප්‍රදේශවල වී මෝල් හිමිකරුවන් වියළන ලද වී නාඩු වී කිලොවක් රුපියල් 110 කටත් අමු නාඩු වී කිලෝවක් රුපියල් 108 කටත් මිලදී ගැනීමට පෙළඹී ඇති බව ගොවීහු කියති.
එලෙස තුට්ටු දෙකට ලබාගන්නා වී තොග සහල් බවට පත්කර පොලොන්නරුවේ මහා පරිමාණ වීමෝල් හිමිකරුවන් ඒවා සහල් බවට පත්කර කිලෝවක් රුපියල් 240 ත් 260 ත් අතර මිලකට පාරිභෝගිකයන්ට ලබාදීම බරපතළ අසාධාරණයක් බවත් මෙම තත්වය සැලකිල්ලට ගනිමින් රජය ඉතා කඩිනමින් තමන්ගේ වී සාධාරණ සහතික මිලකට ලබා ගැනීමේ වැඩපිළිවෙළ ආරම්භ කළයුතු බව දිඹුලාගල ගොවීහු පෙන්නා දෙති. මෙවර මැද කන්නේ වගා කරන ලද තම වී වගාවෙන් කොටසක් පසුගිය කාලය පුරා ඇදහැලුණු අධික වර්ෂාවට හසුවීමත් සමඟම නෙළීමට නොහැකි මට්ටමේ පවතින බවත්, ඇතැම් වී අස්වනු සහ ගොයම් වර්ෂාවට හසුවීමෙන් විනාශ වී ඇති බවද ගොවීහු ප්‍රකාශ කරති. මහවැලි බි කලාපයේ ඉතිහාසයේ පළමුවරට දිඹුලාගල මහවැලි කොට්ඨාසයේ මැද කන්නයේ වගා කරන ලද නාඩු වී කිලෝ ලක්ෂ එකොළහක් රජයට ලබාදීමට සූදානම් වුවද රජය එම වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළක් මෙතෙක් ක්‍රියාත්මක කර නොමැති බවත්, මෙම තත්වය මත පිටරටින් සහල් ගෙන්වා පාරිභෝගයන්ට වැඩි මිලට සහල් අලෙවි කිරීමට පොලොන්නරුවේ මහා පරිමාණ සහල් මෝල් ව්‍යාපාරිකයන්ට ඉඩ සලසා දීම බරපතළ අසාධාරණයක් බවද දිඹුලාගල කොට්ඨාසයේ ඉද්දෙපිච්ච වැව බෙදුම් ඇළ ගොවි සංවිධානයේ සභාපති උෂාන් වික්‍රමසූරිය මහතා පැවසීය.
වී වගාව සඳහා යෙදවුම් මෙන්ම තෙල් පොහොර සහ අනෙකුත් වියදම් සලකා බලන කල අක්කර දෙකහමාරක කුඹුරක් වගා කිරීම සඳහා රුපියල් ලක්ෂ හතරත්, හතර හමාරක වියදමක් පමණ යන බවත්, එම වියදම් පියවා ගැනීමට නම් මෙවර රජය මගින් වී කිලෝවක් සඳහා රුපියල් 150 ක සහතික මිලක්වත් නියම කළ යුතු බවද වික්‍රමසූරිය මහතා කීවේය. බලයට පත්වන ආණ්ඩු යල මහ දෙකන්නයේදීම ගොවියාගේ වී මිලදී ගැනීම සඳහා නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නො කිරීම නිසා ගොවියාගේ වී අස්වනු පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මහා පරිමාණ සහල් සහ වී මෝල් ව්‍යාපාරිකයන්ට තුට්ටු දෙකට ලබාදීමට ගොවියාට සිදුව ඇති බවත්, එලෙස ලබා ගන්නා වී තොග මහා පරිමාණ සහල් මෝල් හිමිකරුවන් සහල් බවට පත්කර සහල් කිලෝවක් රුපියල් දෙසිය පනහකට වැඩි මිලකට අලෙවි කිරීම හරහා ගොවියාටත් සහල් පාරිභෝගිකයාටත් දැඩි අලාභයක් සහ අසාධාරණයක් සිදුවි ඇති බවද වික්‍රමසූරිය මහතා පෙන්වා දුන්නේය. දිඹුලාගල සොරුවිල මෙවර මැද කන්නයේ වී වගා කළ ගොවි මහතකු වන 58 වියැති යූ.එම්.සිරිපාල මහතා, මෙවර මැද කන්නයේ නෙළූ වී අස්වැන්න මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට තුට්ටු දෙකට ලබාදීමට සිදුවීමෙන් ආර්ථික වශයෙන් සිදුව ඇති හානිය මෙලෙස කීවේය..
'' අක්කර දෙක හමාරක කුඹුරක් වී වගාව කිරීම සඳහා යන වැඩ කුලී, පොහොර,තෙල්, වියදම්, සීසාන්න වගේම බිත්තර විවලටත් ගත් කල රුපියල් ලක්ෂ හතරක්, හතර හමාරක් යනවා. සාමාන්‍යයෙන් අක්කර දෙකහමාරකින් වී කිලෝ 5000 ක් ලබා ගත්තොත්, වී කිලෝවක් රුපියල් සීයකට දුන්නොත් රුපියල් ලක්ෂ පහක පමණ මුදලක් තමයි අපට ලැබෙන්නේ. ඒ නිසා තමයි අපි වි කිලෝවකට ආණ්ඩුවෙන් රුපියල් 150 ක සහතික මිලක් ඉල්ලන්නේ.ගොවි සංවිධාන, ගොවියා එක්ක සාකච්ඡා නොකර රජයට හිතුණු සහතික මිලක් නියම කරනවා. ඉතින් ණයතුරුස් ගෙවා ගන්න ඒ මිලට වී ටික දුන්නට පස්සේ අතින් පාඩු සිද්ධ වෙනවා. හැම සැරේම අපිට සිදුවුණේ ඔය ටික.මොන ආණ්ඩුවක් බලයට පත්වුණත් වී ගොවීන් ආර්ථික වශයෙන් ප්‍රපාතයට වැටෙනවා. ඒ වගේම වී වගාවට නිසි මිලක් නොමැති කම නිසා හැමදාමත් අපිට වී වගාවෙන් මහා පාඩුවක් වෙන්නේ. අපි ඉල්ලීමක් කරනවා වත්මන් රජයේ කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා අවුරුදු ගාණක් වී ගොවින්ගේ ප්‍රශ්න සමග සටන් කළා. උද්ඝෝෂණය කළා. එතුමත් නිහඬව සිටියා. ඉතින් ගොවියාගේ දහඩිය, කඳුළ, හඳුනන නාමල් කරුණාරත්න මහතාගෙන් අපි ඉල්ලීමක් කරනවා ගොවියාගේ වී කිලෝවකට රුපියල් 150ක සහතික මිලක්වත් ලබා දෙන්න කියලා,
මහවැලි බී කලාපයේ වැලිකන්ද නෙළුම්වැව ගම්මානයේ එච්. එම්. ධර්මපාල මහතා මෙවර වී අස්වනු පිළිබඳව මෙලෙස අදහස් දැක්වූයේය.
''මහවැලි බි කලාපයේ ගොවීන් විසිපන්දහකට වැඩි ගණනක් අක්කර හැටපන්දහසක් පමණ යල මහා දෙකන්නයේ වී වගා කරනවා. මේ හැම ගොවියකුගේම කුඹුරු, අඩු, වැඩි, වශයෙන් පසුගිය වර්ෂාවට අහුවෙලා විනාශ වුණා. පීදෙමින් තිබෙන ගොයමත් අහුවෙලා ලොකු විනාශයක් වුණා. ගංවතුරට අවස්ථා තුන හතරකදීම අපේ කුඹුරු යටවුණා. පූදින වයසේ ගොයම් යටවුණාට පස්සේ අස්වැන්නක් ලැබෙනකම් අපිට ලබාගත හැකි ප්‍රමාණයක් කියන්න බෑ. ඒ නිසා අපිට වගේම මහවැලි බී කලාපයේ ගොවියාට මෙවර සාර්ථක වි අස් වැන්නක් ලබාගන්න බැරිවෙයි. ඒ නිසා ලොකු ආර්ථික පාඩුවක් අපිට සිදුවෙයි. රිදීපොකුණ ඩි 09 ගොවි සංවිධානයෙන් කුණු ඇළක් කපපු නිසා මාදුරුඔය ආපු මහා ජලකඳක් අපේ, පීදෙමින් තිබූ කුඹුරු අක්කර හැට හැත්තෑවක් විනාශ වුණා. ගොවියෝ හතළිහකට පනහකට විතර ඒකෙන් වී අස්වැන්නක් ගන්නම විදිහක් නෑ.මෙම සියලු තත්වය සැලකිල්ලට ගෙන වී කිලෝවකට රුපියල් 150 ක සහතික මිලක්වත් නියම කරන ලෙස ජනාධිපතිතුමාගෙ වගේම කෘෂිකර්ම බලධාරින්ගෙන් අපි මහවැලි බි කලාපයේ ගොවියෝ හැටියට ඉල්ලීමක් කරනවා යැයි ද ධර්මපාල මහතා කීවේය.
මේ පිළිබඳව රජය නියෝජනය කරන පොළොන්නරුව දිස්තික් පාර්ලිමේන්තු මන්ත්‍රීන් සුනිල් රත්නසිරි මහතාගෙන් කළ විමසීමකදි ඒ මහතා සඳහන් කළේ ගොවියා වී කිලෝවක් නිෂ්පාදන කිරීමට යන වියදම් සැලකිල්ලට ගනිමින් සාධාරණ සහතික මිලක් මෙවර නියම කිරීමට වත්මන් ආණ්ඩුව පියවර ගෙන ඇති බවයි.
රජයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ සම්බන්ධව පොෙලාන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් අප දුරකථනයෙන් කළ විමසීමකදී එහි නිලධාරීයකු සඳහන් කළේ මෙවර රජය වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ සමූපකාර හරහා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවත්, ඒ අනුව ගබඩා ශුද්ධ පවිත්‍ර කරමින් මෙම මහ කන්නයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවත්ය.
හැත්තෑ හත් වැනි ජාතික නිදහස් දිනයදා බදුල්ල ශික්ෂණ රෝහලේ දී උපත ලද බිළිඳුන් ට සමරු තිළිණ ත්‍යාග පිරිනැමීමේ උත්සවයක් ඊයේ (4) බදුල්ල ශික්ෂණ රෝහලේ දී පැවත්
පොලොන්නරුව මහවැලි බි කලාපයේ දිඹුලාගල මහවැලි කොට්ඨාසයේ පළමුවරට මැද කන්නයේ වගා කළේය. එම කුඹුරුවල වී අස්වනු නෙළීමත් සමග රජයේ සහතික මිලට වී මිලදීගැනීමේ ව
ඊයේ (පෙබරවාරි 05) කොළඹ කොටස් වෙළෙඳ පොළේ ගනුදෙනු අවසානයේ දී මෑත භාගය තුළ එක් දිනයක් තුළ සිදු වූ දරුණුම පසුබෑමක් වාර්තා කළේය. පසුගිය දිනවල ලාබ ඉපැයීම අරමු
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ මූල්‍ය පීඩනය ලිහිල් කරමින් ණය ඇපකර සැපයීම සඳහා ජාතික ණය ඇපකර ආයතනයක් ණය කෙටුම්පත් කරන්නන්ගෙන් ඇපකර ගැනීමට බැංකුව
“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධතියෙහි ධාරිතාව වැඩි කිරීමට ජපානය විසින් යෙන් මිලියන 300 ක (රුපියල් මිලියන 565 ක්) ප්
ව්‍යාපාරික විශ්වාසය මනින දර්ශකය, අඛණ්ඩව සිව්වැනි මාසය සඳහා ඉහළ යෑමක් පෙන්නුම් කර ඇතැයි ප්‍රකට ව්‍යාපාරික සඟරාවක් වන LMD සඟරාවේ පෙබරවාරි කලාපයේ සඳහන් ව
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
කබලෙන් ළිපට වැටෙන දිඹුලාගල වී ගොවියෝ