IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


කොමර්ෂල් බැංකුවේ 2024 වසරේදී විශිෂ්ට කාර්යසාධනයක්

සභාපති ෂාර්හන් මුෂීන්

කළමනාකාර අධ්‍යක්ෂ 
සනත් මනතුංග

කොමර්ෂල් බැංකු සමූහය කොළඹ කොටස් වෙළෙඳපොළ (CSE)  වෙත සිය වාර්ෂික මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීමේ දී 2024 වසර සඳහා ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කර ඇත. හානි පූර්ණ ගාස්තු සහ අනෙකුත් පාඩු සඳහා විචක්ෂණශීලීව ප්‍රතිපාදන වෙන් කිරීම, ඵලදායී ශේෂ පත්‍ර කළමනාකරණය සහ ණය දීමේ කටයුතු වල ශක්තිමත් වර්ධනය, නිසාවෙන් බැංකුව සතු වූ ශ්‍රී ලංකා ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර (SLISB)ප්‍රතිව්‍යුහගතකරණයෙන් සිදු වූ පාඩුව දරා ගැනීමට හැකි වී ඇත.

(SLISB)  ප්‍රතිව්‍යුහගතකරණය හේතුවෙන් සමූහයට සිදු වූ රුපියල් බිලියන 45.11 ක මුළු ශුද්ධ අලාබය වසරේ අවසන් කාර්තුවේදී හදුනාගත් අතර එමගින් 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ මාස 12 සඳහා දළ ආදායම රුපියල් බිලියන 274.98 ක් දක්වා සියයට 19.50 කින් අඩු විය. කෙසේ වෙතත්, මූලික වශයෙන් (SLISB)  සම්බන්ධ ප්‍රතිපාදන ආපසු හැරවීම හේතුවෙන් හානි පූර්ණ ගාස්තු සඳාහා කළ රුපියල් බිලියන 62.30 ක ප්‍රතිපාදන ආපසු හැරවීමක් සිදු වූ අතර එමගින් ද සමස්ත බලපෑම සැලකිය යුතු ලෙස සමනය විය. අඩු පොලී අනුපාත හේතුවෙන් පොලී ආදායම සියයට 7.54 කින් රුපියල් බිලියන 275.22 ක් දක්වා අඩු වීම ද සමූහයේ දළ ආදායම අඩු වීමට බලපෑ බව සමූහය පවසයි.    

තැන්පතු වල කාලානුරූප ප්‍රතිමිලකරණය සහ බැංකුවේ ශක්තිමත් CASA පදනම හේතුවෙන් සමස්ත පොලී වියදම් රුපියල් බිලියන 157.08 ක් දක්වා සියයට 25.63 කින් අඩු වූ අතර එමගින් ශුද්ධ පොලී ආදායම 2023 දී තිබූ රුපියල් බිලියන 86.41 ට සාපේක්ෂව මෙම වසරේ රුපියල් බිලියන 118.13 දක්වා එනම් සියයට 36.71 ක ඉතා හොඳ වර්ධනයක් අත්කර ගත්තේය. මේ අතර, ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම ද රුපියල් බිලියන 23.65 දක්වා සියයට 5.62 කින් වර්ධනය වී ඇත.
(3 වැනි පිටුවට)

 



අදහස් (0)

කොමර්ෂල් බැංකුවේ 2024 වසරේදී විශිෂ්ට කාර්යසාධනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 764 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 573 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site