IMG-LOGO

2025 අප්‍රේල් මස 02 වන බදාදා


කර්මාන්ත ඇමැති ‘ලු‍මාලා’ කර්මාන්තශාලාවේ නිරීක්ෂණයක

දේශීය කර්මාන්තකරුවන් වර්තමානයේ මුහුණදෙන අභියෝග සහ රජය පාර්ශ්වයෙන් ඊට ලබාදිය හැකි සහයෝගය පිළිබඳ විමසා බැලීමේ අරමුණින් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා ඉකුත් මාර්තු 24 වැනිදා පානදුර පිහිටි City Cycle Industries Manufacturing  පෞද්ගලික සමාගම හෙවත් ලු‍මාලා සමාගමේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූයේය. 

මෙම චාරිකාවේදී සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය මෙන්ම සේවකයන් සමග ද සුහද කතාබහක නියැළුණු අමාත්‍යවරයා, ඔවුන් මුහුණදෙන ගැටලු‍ සහ දුෂ්කරතා විමසුවේය. සමාජ මාධ්‍ය හරහා ද අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රය මුහුණ දෙන අභියෝග මෙන්ම ඊට කඩිනම් සහ ඵලදායී විසඳුම් පිරිනැමීමට ශ්‍රී ලංකා රජය සතු කැපවීම ද පෙන්වා දී තිබුණි. 

එමෙන්ම නියාමන බාධා, වෙළෙඳපොළ අසමතුලිතතා සහ සැපයුම් දාමය ආශ්‍රිත බාධා විසඳාදෙමින් දේශීය කර්මාන්තකරුවන් ශ්‍රී ලංකා ආර්ථිකයේ ප්‍රධාන පාර්ශ්කරුවන් ලෙස ඔසවාතැබීමට රජය සතු සූදානම ද අමාත්‍යවරයා සඳහන්කර තිබුණි.

කිසිදු නියාමන පරීක්ෂාවකින් තොරව ආනයනික පාපැදි සහ උපාංග මෙරටට අධික ලෙස ආනයනය කිරීම හේතුවෙන් දේශීය පාපැදි නිෂ්පාදන කර්මාන්තය විශාල අභියෝගයකට මුහුණදෙමින් සිටින පසුබිමක අමාත්‍යවරයා මෙවන් නිරීක්ෂණ චාරිකාවට සහභාගීවීම විශේෂත්වයක් විය. තව ද, දේශීය නිෂ්පාදකයන් භාවිතයට ගන්නා අමුද්‍රව්‍ය සඳහා අධික බදු ගෙවීමක් ද සිදුවන අතර, එමගින් නිෂ්පාදන පිරිවැය ඉහළ යාමත් සමඟ වෙළෙඳපොළේ මිල තරගකාරීත්වයට මුහුණ දීම දේශීය කර්මාන්තකරුවන්ට අභියෝගයක් වී තිබේ. 

මේ වසර මුලදී මෙම අභියෝග සහ එම නිසා සිදුවිය හැකි රැකියා අහිමිවීම් සහ පුළුල් කර්මාන්තමය බාධා ගැන සඳහන් කරමින් රජයේ සහාය ලබාදෙන ලෙස ලු‍මාලා සේවකයන් විසින් රජයෙන් විශේෂ මැදිහත්වීමක් සිදුකරන ලෙස ද ඉල්ලා තිබුණි. කර්මාන්ත අමාත්‍යාංශයට අනුව සියයට 50-70ක මට්ටමක දේශීය අගය එකතුකිරීමක් සහිත නිෂ්පාදන කර්මාන්තයක්වන බැවින් ලු‍මාලා වෙත රජයේ සහයෝගය ලැබෙනු ඇතැයි සේවකයන්ගේ අපේක්ෂා වී තිබේ. 

ශ්‍රී ලංකාව තුළ ජනප්‍රිය පාපැදි සන්නාමයක්වන ලු‍මාලා වසර 35කට වැඩි කාලයක් පුරා මෙරට තිරසර ගමනාගමන පහසුකම් සපයන්නකු ලෙස ක්‍රියාකර තිබේ. පසුගියදා පැවැති 2024 ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී මහා පරිමාණ වෙනත් කර්මාන්ත කාණ්ඩයේ හොඳම ජාතික කර්මාන්ත සන්නාමය ලෙස සම්මාන දිනාගැනීමට ද ලු‍මාලා සමත්විය. 

දිනකට පාපැදි 2,000ක් නිෂ්පාදනය කිරීමේ ධාරිතාවකින් සමන්විත සහ 200ක සේවක පිරිසකගෙන් යුතු ලු‍මාලා සමාගම ඉදිරියටත් දේශීය සහ විදේශීය වෙළෙඳපොළ වෙත පාපැදි නිපදවීමට අපේක්ෂා කරයි. ඊට සාමාන්‍ය පාපැදි මෙන්ම විද්‍යුත් පාපැදි ද ඇතුළත් ය. එමෙන්ම වර්ෂ 2030 වනවිට ශ්‍රී ලංකාවේ වනගහනය සියයට 32 දක්වා වර්ධනය කිරීමේ සහ හරිතාගාර වායු විමෝචනය සියයට 14.5කින් අඩුකිරීමේ රජය සැලසුම් කර ඇති අතර, සිය ආයතනික සමාජ ව්‍යාපෘති ඔස්සේ මෙන්ම තිරසර නිෂ්පාදන හරහා ද ලු‍මාලා සමාගම ඊට ඉහළ දායකත්වයක් සපයයි. 

ශ්‍රී ලංකාව තම දේශීය කර්මාන්ත ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමේ සැලසුමක සිටින පසුබිමක, අමාත්‍ය  හඳුන්නෙත්තිගේ මෙම සංචාරයෙන් ද දේශීය කර්මාන්ත මුහුණ දෙන අභියෝග හඳුනාගැනීමට සහ ඒවාට පිළියම් යෙදීමට රජය සතු උනන්දුව සහ කැපවීම ද මැනවින් පිළිබිඹු වේ. 


 



අදහස් (0)

කර්මාන්ත ඇමැති ‘ලු‍මාලා’ කර්මාන්තශාලාවේ නිරීක්ෂණයක

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

පෙබරවාරියේදී ජංගම ගිණුමේ ඩො.මි. 359 ක අතිරික්තයක්
2025 අප්‍රේල් මස 01 54 0

මෙරට ජංගම ගිණුම පසුගිය ජනවාරි මාසයට සාපේක්ෂව පෙබරවාරි මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 359 ක ඉහළ අතිරික්තයක් වාර්තා කර ඇති බවත් එය ප්‍රතිශතයක් ලෙස සියයට 1


දේශීයව නිපදවූ ටින්මාළු ප්‍රථමවරට අපනයනය අරඹයි
2025 අප්‍රේල් මස 01 72 0

ශ්‍රී ලංකාවේ ධීවර අංශයේ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ටින්මාළු අපනයන කිරීම ප්‍රථම වතාවට පසුගියදා ආරම්භ කළේය. මදුරන්කුලිය ”‍ඕෂන් ෆුඩ්ස්”‍ කර්මාන්ත


ෆිච් රේටින්ග්ස් වෙතින් රාජ්‍ය උකස් හා ආයෝජන බැංකු‍වට BB(lka) මට්ටම
2025 අප්‍රේල් මස 01 22 0

රජයට අයත් බලපත්‍රලාභී විශේෂිත බැංකුවක් වන රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවට පළමු වතාවට ස්ථාවර පෙරදැක්මක් සහිතව BB(lka) ජාතික දිගුකාලීන වර්ගීකරණයක් ලබා දෙන බව


දැඩිගම සමූහය රු. මි. 243කට Equity Hotels මිලදී ගනී
2025 අප්‍රේල් මස 01 54 0

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හෝටල් සමාගමක් වන පෙගසස් හොටේල්ස් ඔෆ් සිලෝන් පීඑල්සී සමාගම සිය පූර්ණ හිමිකාරීත්වය පැවැති Equity Hotels Limited (EHL) හි එම හිමිකාරීත්


අවධමනය ක්‍රමයෙන් ලිහිල්වෙයි
2025 අප්‍රේල් මස 01 8 0

කොළඹ පාරිභෝගික මිල දර්ශකයකට අනුව පසුගිය මස (මාර්තු) මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය සියයට සෘණ 2.6 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


මහා පරිමාණ ඉදිකිරීම්වල වර්ධනයක අපේක්‍ෂාවක්
2025 අප්‍රේල් මස 01 7 0

ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ලෙස හදුන්වන ‘සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය’ පසුගිය පෙබරවාරි මාසයේ දර්ශකාංක 55.6 ක් දක්වා ඉහළ ගිය බව ශ්‍රී ලංකා මහ බ


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 150 0
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 736 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 764 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site