IMG-LOGO

2025 අප්‍රේල් මස 11 වන සිකුරාදා


කොරියාවේ ව්‍යාපාරිකයෝ ජනපති සමඟ

දකුණු කොරියාවේ ප‍්‍රකට ව්‍යාපාර කිහිපයක ප‍්‍රධානීන් හා ජනපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් පසුගියදා අරලියගහ මන්දිරයේදී පැවැත් විණි.

එහිදී මෝටර් රථ නිෂ්පාදන,ප‍්‍රවාහන ආදී ක්ෂේත්‍රයින්ට  ශී‍්‍රලංකාවේ ඇති ආයෝජන අවස්ථා පිළිඹදව සාකච්ඡුා කෙරුණි.දකුණු කොරියානු ව්‍යාපාරික පිරිස තම ව්‍යාපාරයන් ශී‍්‍රලංකාවේත් ආරම්භ කිරීමට කැමැත්තෙන් සිටින බවත් ඒ සදහා ජනපතිවරයාගේ සහය අපේක්ෂාකරන බවත් පවසා සිටි අතර ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඒ සදහා පූර්ණ සහය ලබා දෙන බව සදහන් කළේය.



අදහස් (0)

කොරියාවේ ව්‍යාපාරිකයෝ ජනපති සමඟ

දිනේෂ් Tuesday, 11 June 2013 08:38 PM

එහෙම වුනොත් අපි කොරියාව දාලා ලංකාවට එනවා.හැබැයි මෙහෙ පඩියම අපට ඕනෑ. (නි)

:       0       0

බෙනට් Monday, 10 June 2013 12:54 PM

ඔය කට්ටිය ආවයි කියමුකෝ .. ෆැක්ටරි පටන් ගත්ත කියමුකෝ ..අපේ අයව වැඩට ගත්ත කියමුකෝ ..ඊට පස්සේ මොකද වෙන්නේ .. කට්ටිය පඩි වැඩි කරන්න කියයි , අයිතිවාසිකම් දෙන්න කියයි .. බෝනස් දෙන්න කියයි .. ස්ට්‍රයික් කරයි .. ඔය ගැන බය හින්ද තමයි ලෝකයේ ගොඩක් කොම්පැනි ලංකාවට එන්න බය.(නදී)

:       0       0

ඩී.උපුල් Tuesday, 11 June 2013 11:42 AM

අනේ, තවම සාකච්ඡා කරනවද? එතකොට පෙරහැර ගිහින් තියෙයි.(නදී)

:       0       0

සුනන්ද Sunday, 16 June 2013 08:48 AM

වැඩේ නම් හොදයි. ඔය කොම්පැනිවල වැඩ කරන්ට හරියන්නේ කොරියාවේ කට්ට කාපු අපේ කොල්ලන් තමයි.(නදී)

:       0       0

නීල්-රානා Sunday, 09 June 2013 01:46 PM

ස්ලෝවැකියාව වැනි යුරෝපීය රටවල මෙය ඉතා සාර්ථකව කෙරෙනවා. විශාල සේවක පිරිසකට රැකියා අවස්ථා උදාකරගෙන තිබෙනවා. නිවැරදි සැලසුමක් හා අත්දැකීම් සහිත මගපෙන්වීමක් ඇතිව ආරම්භ කිරීමෙන් හොඳ ප්‍රතිපල ලබා ගත හැකියි.(නදී)

:       0       0

සමිත් Monday, 10 June 2013 09:24 AM

අනිවාර්යෙන්ම මේක නම් නියමෙට වටිනවා. කොහොමහරි වැඩේ කර ගත්තොත් අපිට හොදයි. රැකියා අවස්ථා ගොඩක් ලැබේවි.(නදී)

:       0       0

සංජු Monday, 10 June 2013 01:37 PM

දවසට පය 12 16 වැඩ කරන මිනිස්සු එක්ක අපේ කට්ටිය වැඩ කරයිද කියන එක තමයි තියෙන ප්‍රශ්නේ. (ස)

:       0       0

සජිත් Sunday, 09 June 2013 03:16 PM

මෝටර් රථ නිෂ්පාදන එකක් නම් හොඳයි.(නදී)

:       0       0

සාජු Sunday, 09 June 2013 03:30 PM

කොරියාව සමග එකතු උනොත් ලංකාවට හොද කලක් යාවී.(නදී)

:       0       0

අමරදාස Sunday, 09 June 2013 03:44 PM

සන්තෝසයි

:       0       0

අසංක Wednesday, 12 June 2013 07:47 PM

කොරියන් වාහන වමෙන් නේද තියෙන්නේ. ඕක හරියයිද? අපට ලංකාවට එනකොට 2 ක් 3 ක් අරගෙන එන්න පුලුවන්ද සර්. ඒවත් රජයට ගනීද? (නදී)

:       0       0

රන්ජනී ලන්ඩන් Saturday, 15 June 2013 02:49 PM

බෙනට් ඔයා කියන කතාව මාත් අනුමත කරනවා. (නි)

:       0       0

පාල Monday, 10 June 2013 10:37 AM

අපේ අයගේ හොරකම,කම්මැලිකම,තක්කඩිකම,අලසකම, වංචාව වගේ අසික්කිත පුරුදු ඉස්සරලා නවතාල ඉන්න.එහෙම නැති උනොත් ඔය ආයෝජකයෝ ආවට වඩා ඉක්මනට යාවි. (ස)

:       0       0

රාණි Monday, 10 June 2013 10:38 AM

ලංකාව කියන්නේ ලොව වැඩිම නිවාඩු තියෙන රට. මේ වැඩේ හරියන්නේ නැහැ. (ස)

:       0       0

සුධීර Monday, 10 June 2013 10:37 AM

අපේ අය ඇමරිකාවට බැන බැන,ඇමරිකන් විරෝධී කතා සටන්පාට කියන අතරේම.... ඇමරිකාවට කඩේ ගිහින් දියුණු වුණ කොරියාව වගේ රටවලට රැකියා කිරීමට,ආයෝජකයන් සොයාගැනීමට පාවිච්චි කරනවා. ඉතින් එකවරම අපිම ඇමරිකාවට රට ගැන සිතා හෝ කඩේ ගොස් අපේ රට දියුණු කරන එක නරකද. (අ)

:       0       0

උපුල් Tuesday, 11 June 2013 09:08 AM

රජයේ සේවකයන්ගේ නිවාඩු කප්පාදු කල යුතුය.කොරියාවට වැඩ පෙන්විය යුතුය. (ස)

:       0       0

ඇසල Tuesday, 11 June 2013 06:59 PM

කොරියාවෙන් කර්මාන්ත ශාලා පටන්ගනියි. අපේ දේශප්‍රේමී කට්ටිය ස්ට්‍රයික් කරලා වහල දමයි.(නදී)

:       0       0

නිමාලි Monday, 10 June 2013 02:44 PM

මේ ආණ්ඩුවෙන් තමා රැකියා වැඩිම ප්‍රමාණයක් ලබා දුන්නේ. ජනාදිපතිතුමා නිසා තම අද පවුල් ගොඩක් රැකිලා තියෙන්නේ. ඔබතුමා ජනාදිපති උනේ නැත්තම් අද අපේ රට ප්‍රභකරන්ට ගිහිල්ලා.ඔබතුමාට ගොඩක් පින්. (ස)

:       0       0

අනුර Wednesday, 12 June 2013 03:21 PM

වැඩේ නම් හොඳයි. එත් ඉතින් ලංකාවේ හැදුවත් ජපන් වාහනයක් ගන්න ගානම යනවා. අර මයික්‍රෝ එකට වෙලා තියන දේ පේනවා නේද. ජපන් වාහනේ ලංකාවේ හදන ඒ වගේ මුදලේ ලොකු වෙනසක් තියෙන්න ඕනේ. නැත්නම් මිනිස්සු ගන්නේ නැහැ. මොන විකාරද සරුංගලෙත්, වෙසක් කූඩුවත් චීනෙන් ගෙන්නනවා. පස්ස පැත්ත හපා ගන්නවා ඔයිට වැඩිය හොදයි.(නදී)

:       0       0

නිෂාන්ත Wednesday, 12 June 2013 03:37 PM

දිනේෂ් ඔයා කොරියවේම ඉන්න.(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

අවුරුද්දට පමුණුවේ වෙළෙඳාම සරුද?
2025 අප්‍රේල් මස 11 2 0

මේ සිංහල හින්දු අලු‍ත් අවුරුදු මාසයයි. සිංහල සහ හින්දු අලු‍ත් අවුරුද්දට ඇත්තේ තවත් දින කිහිපයක් පමණි. ලොකු කුඩා දුප්පත් පොහොසත් බේදයකින් තොරව අලු‍ත්


අර්බුද රැසකර මැදිවූ වටාපත් කර්මාන්තය
2025 අප්‍රේල් මස 11 2 0

වනිතා දෑතින් නිමාවන වටාපත් කර්මාන්තයෙහි තොරතුරු සොයා අපි පසුගිය දිනක ඓතිහාසික දඹදෙණිය රාජධානියේ ගලතරය ගම්මානයට ගියෙමු. කඳු සහිත බිමක පිහිටි ගලතරය ගම


BYD ගාල්ල ප්‍රදර්ශනාගාරය විවෘත කරයි
2025 අප්‍රේල් මස 11 7 0

ලොව ප්‍රමුඛතම නව බලශක්ති වාහන (NEVs) නිෂ්පාදකයා වන BYD සහ එහි ශ්‍රී ලංකාවේ බලයලත් බෙදා හරින ආයතනය වන John Keells CG Auto එක්ව ඔවුන්ගේ නවතම ප්‍රදර්ශනාගාරය දක්ෂිණ අධිවේගී


ඇමරිකානු බදු තාවකාලිකව නතර කිරීම වෙළඳ පොළ වර්ධනය ඇති කරයි
2025 අප්‍රේල් මස 11 5 0

යුරෝපා හා ආසියානු කොටස් වෙළෙදපොළ දර්ශක ඉකුත් පැය හතළිස් අට තුළ සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කළේය. කොළඹ කොටස් වෙළෙදපොළ ද ඉකුත් දින කිහිපය තුළ සිදු වූ බ


අවුරුදු නැකත් දැන ගන්න සූර්යයා වෙතින් කේතයක්
2025 අප්‍රේල් මස 10 674 0

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.


ආර්ථිකය ධනාත්මක වුවත් තවමත් අවදානමක් - ADB
2025 අප්‍රේල් මස 10 96 0

පසුගිය වසරේ සියයට 5 ක ආර්ථික වර්ධනයක් වාර්තා කළ ශ්‍රී ලංකාව එම ප්‍රවණතාව අඛණ්ඩව ඉදිරියට ගෙන යනු ඇති බවත් මෙරට ආර්ථිකය මෙම වසරේදී සියයට 3.9 ක සහ ලබන වසරේ සි


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 125 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 529 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 952 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site