ශ්රී ලංකාවේ කොළඹ නගර මධ්‍යයේ පිහිටා ඇති පිටකොටුව හෙවත් pettah , විවිධ භාණ්ඩ හා සේවා රැසක් සපයන කාර්යබහුල වගේම ජවසම්පන්න වාණිජ මධ්‍යස්ථානයකි. ඇඳුම් පැළඳුම් සහ ඉලෙක්ට්‍රොනික උපකරණවල සිට නැවුම් නිෂ්පාදනය සහ කුළුබඩු දක්වා සෑම දෙයක්ම ලබා ගැනීමට හැකි ස්ථානයක් ලෙස ප්‍රසිද්ධියක් උසුලයි. මේ දේවල් ලබා ගැනීම සඳහා යාමට වීදී කිහිපයක් ම ඇත.
එම වීදී අතරින් ප්‍රධාන වීදිය කියන්නේ pettahවල තිබෙන ජනප්‍රිය මාර්ගයක් වන අතර භාණ්ඩ රැසක් අලෙවි කරන කඩ සාප්පු රාශියක නිවහනකි. ඕල්කොට් මාවත, දෙවැනි හරස් වීදිය, කේසර් වීදිවලට අමතරව ඇඳුම් පැළඳුම් මිලදී ගැනීමට හැකි වීදිය වන්නේ ප්‍රධාන වීදීයයි.
ඇඳුම් පැළඳුම් සහ උපාංගවල සිට ස්වර්ණාභරණ සහ සිහිවටන දක්වා ප්‍රධාන වීදියේ තිබේ. නිරන්තරයෙන් ප්‍රධාන වීදීය කාර්යබහුල වේ. ප්‍රධාන වීදීයේ ආබරණ වෙළෙදසැලක් වූ හමීඩියාස් ෆැෂන් වෙත අප ගොඩ වූයේ මේ දිනවල වෙළෙඳාම පිළිබඳව දැන ගැනීමටයි. එහීදී ඒ. ඩබ්ලිව් ෆාරිස් මහතා දැක්වූයේ මෙවැනි අදහසකි.
Q: මේ දිනවල බිස්නස් කොහොමද?
අපි විකුණන්නේ ආභරණ. අපි කාලයක් තිස්සේ බිස්නස් කරන්නේ. දැනට සේවකයෝ පස් දෙනෙක් ඉන්නවා. කාලෙන් කාලෙට බිස්නස් අඩු වැඩි වෙනවා. මේ දවස්වල බිස්නස් ගැන කියනවා නම් බිස්නස් අඩුයි. පෙබරවාරී මාසේ නම් බිස්නස් තිබ්බෙම නැති තරම්. මේ දවස්වල අපි නෝම්බි. ඒ කියන්නේ මාර්තු අන්තිම රාමසාන් උත්සවය තියනවා. ඒ වගේම ලබන මාසේ සිංහල හින්දු අලුත් අවුරුද්ද එනවා. මේ උත්සව දෙක නිසා බිස්නස් එක වැඩි වෙයි කියලා බලාපොරොත්තු වෙනවා.
Q: බිස්නස් අඩුවීම බලපෑ හේතු මොනවාද?
කොහොමත් පෙබරවාරි මාසේ බිස්නස් අඩු වෙන එක හැම අවුරුද්දකම වෙනවා. පෙබරවාරි කියන්නේ ඕෆ් සීසන් එක. ඕනම ව්‍යාපාරයක පෙබරවාරී මාසේ බිස්නස් අඩු වෙන එක සාමාන්‍ය දෙයක්. මොකද ජනවාරී මාසේ අලුත් අවුරුද්ද ලැබුවාම කාටත් වියදම් වැඩි නිසා පෙබරවාරි වගේ වෙද්දි මිනිස්සු ළඟ සල්ලි නෑ. ඒ නිසා කොහොමත් ආභරණ වගේ ව්‍යාපාරවලට බිස්නස් අඩු වෙනවා. මොකද ආභරණ කියන්නේ එදිනෙදා අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයිනේ. ඕක තමයි මේ දවස්වල බිස්නස් අඩු වෙන්න හේතුව. රාමසාන්, සිංහල හින්දු අවුරුද්ද වගේ උත්සව එද්දි තමයි අපිට බිස්නස් වැඩි වෙන්නේ. දැන් රත්තරන් මිල වැඩි නිසා ගොඩක් අය අපි ළඟට එනවා ආභරණ ගන්න. රත්තරන් වෙනුවට දැන් ගොඩක් අය දාන්නේ අපි ළඟ තියන ආභරණ තමයි.
ශෂිකා අබේරත්න
ඡායාරූප-සුමුදු හේවාපතිරණ
වසරකට රට තුළ සංස්කරණය වන මුදල් වලින් අතිවිශාල ප්‍රමාණයක් බැංකු පද්ධතියට නොපැමිණෙන බවත්, එම මුදල් ආර්ථිකය වෙත ගෙන්වා ගැනීමට නම් ජනතාව ඩිජිටල් ගනුදෙනු
මෙරට සූර්ය බලශක්තිය මගින් නිපදවනු ලබන විදුලිය ඊයේ (10) සිට එළැඹෙන 21 වැනිදා දක්වා ජාතික විදුලිබල පද්ධතියට නොගැනීමට ලංකා විදුලි බල මණ්ඩලය ගෙන ඇති තීරණයට සූ
මාස 6 කට පසුව ප්‍රථම වතාවට ඇමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල ඊයේ (10) රුපියල් 300 සීමාව පසු කළේය. ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (10) නිකුත් කළ දෛනික විනිමය අනුපාතිකයට අන
මෙරට ප්‍රමුඛතම පුනර්ජනනීය බලශක්ති සමාගමක් වන වින්ඩ්ෆෝර්ස් පීඑල්සී සමාගම මාලදිවයිනේ කොකූන් දූපත්හිදි ආරම්භ කළ වහල මත පිහිට වූ සූර්ය බලශක්ති ව්‍යාපෘ
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හෝටල් සමාගමක් වන The Lighthouse Hotel PLC අම්බලන්ගොඩ පිහිටි ඩ්‍රීම් බීච් රිසෝට් හෝටලයේ සියයට 100ක කොටස් හිමිකාරීත්වය අත්පත් කරගත් බව
ආර්ථිකයේ දිගු කාලීනව ඉහළ යෑමත් පැවැතිවත් එයට සාපේක්ෂව කෙටි කාලීනව පහත යෑමක් සිදුවුණු බව ප්‍රකට ව්‍යාපාරික සඟරාවක් වන එල්එම්ඩී වාර්තා කරයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කාලෙන් කාලෙට බිස්නස් අඩු වැඩි වෙනවා: පිටකොටුව ප්‍රධාන වීදියේ ව්‍යාපාරික ඒ. ඩබ්ලිව් ෆාරිස්