ශ්‍රී ලංකාවේ වාර්ෂික එළිමහන් කලා ප්‍රදර්ශනය වන කලා පොළ ඊයේ (16) දින ආනන්ද කුමාරස්වාමි මාවතේ (ග්රීන්පාත්) හි පැවැත්විණි. 32 වැනි වරටත් පැවති කලා පොළ, කලා ලෝලීන්, කලා ප්‍රවීණයන් හා සිසුන් සුවිශාල ප්‍රමාණයක් ආකර්ෂණය දිනා ගැනීමට සමත්විය.
1993 වසරේදී ජෝර්ජ් කිට් පදනමේ සංකල්පයක් අනුව හඳුන්වා දුන් කලා පොළට, 1994 වසරේ සිට අද දක්වා එහි වැඩ කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා ජෝන් කීල්ස් සමූහයේ අඛණ්ඩ අනුග්‍රහය ලබා දෙයි.
කලා පොළ, සෑම ක්ෂේත්රයකම විහිදී සිටින චිත්‍ර ශිල්පීන්, මූර්ති ශිල්පීන්, ආලේඛ්‍ය ශිල්පීන් සහ කාටුන් ශිල්පීන් ඇතුළු විවිධ අංශවලට අයත් කලා ශිල්පීන්ට, කලා ප්‍රජාව සහ නිර්මාණ ගැනුම්කරුවන් සමඟ සම්බන්ධවීමට පුළුවන් වේදිකාවක් සපයයි. මෙරට නිර්මාණාත්මක ආර්ථිකය සහ සමාජ සහජීවනය තවදුරටත් ශක්තිමත් කරමින් ඔවුන්ගේ නිර්මාණ සඳහා වෙළඳපොළක් මෙන්ම එකිනෙකාගේ දැනුම හා අදහස් හුවමාරු කර ගැනීමට අවස්ථාවක් ලබාදෙයි.
දිවයිනේ විවිධ පළාත්වලින් පැමිණි 390කට වැඩි දේශීය කලාකරුවන්ගෙන් මෙවර කලා පොළ වර්ණවත් විය.
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්, ඇන්ඩෲ පැට්රික් මහතා, කලා පොළ, 2025 නිල උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ අතර කලාකරුවන් හා අදහස් හුවමාරු කර ගනිමින් ඔවුන්ගේ කලා කුටි නැරඹීම ද සිදු කළේය.
Children's Art Corner තරුණ කලාකරුවගේ වැඩමුළුවක්, සජීවී සිතුවම් සැසියක් කලා කථිකාවතක් සහ විචිත්‍රවත් සංස්කෘතික ප්‍රසංගයකින් ද කලා පොළ විචිත්‍රවත් විය.
ඡායාරූප | ඉසුරු පෙරේරා
විදේශයන්හි රැකියාවේ නියුතු ශ්‍රී ලාංකිකයන් පසුගිය මාර්තු මාසයේදී මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 693.3 ක මුදලක් ඒවා තිබූ අතර එය මාර්තු මාසයේදී මෙතෙක් මෙරට
මැදපෙරදිග කලාපය, ආසියා පැසිපික් කලාපය, ඔස්ට්‍රේලියාව සහ යුරෝපයේ ඇතැම් රටවල් ඉලක්ක කරගනිමින් ගෝලීය මට්ටමේ සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් මාලාවක් අප්‍රේල
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී අරමුදල් වැඩසටහනේ ප්‍රගතිය මැන බැලීම සඳහා වන සිව්වැනි සමාලෝචනය සම්බන්ධ-යෙන් ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අර
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ශක්තිමත් ඉහළ යාමක් පිළිබිඹු කරමින් මෙම වසරේ පළමු මාස තුන තුළදී මෙරට සංචාරක ඉපැයීම් ඇමෙරිකානු ඩොලර් බිලියනයේ සීමාව පසුක
මහජන බැංකුව, අප්‍රේල් මස 1 වැනිදා සිට 15 වැනිදා දක්වා වූ අලුත් අවුරුදු කාල සීමාව තුළ රුපියල් බිලියන 205කට අධික වටිනාකමකින් යුත් මිලියන 14.5කට අධික ගනුදෙනු සංඛ
2025 මාර්තු මාසයේදී මෙරට ජාතික තේ අලෙවියේ සාමාන්‍ය අගය කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 1,183.76ක් එනම් ඩොලර් 4.02ක් ලෙස සටහන්ව තිබේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කලාපොළ 2025 ඇරැඹී...