හෙට්ටු කරමින් සපත්තු, බෑග් ආදිය මිලදි ගන්නට නම් මල්වත්ත පාර තරම් හොද තැනක් තවත් නැත. මල්වත්ත පාරේ ප්‍රධාන වීදිය කෙළවර බෑග් ඇති අන්තය නොව අනෙක් පස කෙළවර කදිම සෙල්ලම් බඩු කඩ කීපයකි. විශාල හෝ කුඩා දරුවන්ට අවශ්‍ය විශාල පරාසයක සෙල්ලම් බඩු මෙම වෙළෙඳසල්වලින් ලබාගත හැකිය. කාලයක්ම පරපුරක් නැළවූ කැසට් පටයට ද මේ වීදිය නම් දැරූ වීදියකි. එදා අඩියෙන් අඩිය කැසට් වෙළෙඳසල් මේ මාවතේ සුලභව තිබුණ ද අද මේ වීදියේ කැසට් වෙළෙඳසල් ඇත්තේ දෙක තුනකි. කලක් මේ වීදිය ගීත රසිකයන්ගේ කැසට් වීදිය විය. සපත්තු බෑග් කඩ පසුකරමින් ගිය අප ගොඩ වූයේ සපත්තු වෙළෙඳසැලක් වෙතයි. සපත්තු වෙළෙඳසැලේ හිමිකරු වූ නජී්බ් දීන් මහතාගෙන් අප විමසූවේ මේ දිනවල බිස්නස් පිළිබඳවයි.
Q: මේ දිනවල බිස්නස් කොහොමද?
සාමාන්‍යයෙන් බිස්නස් තිෙයනවා. සල්ලි තියන අය වියදම් කරලා සපත්තු ගත්තා. ගිය අවුරුද්දේ බිස්නස් හොඳයි. උත්සව සමයේ නම් හොඳට බිස්නස් තිබ්බා. අලුත් අවුරුද්ද පටන් ගන්න නිසා පාසල් ළමයින්ට කොහොමත් සපත්තු ගන්නවනේ. ඊට අමතරව වැඩට යන අය වුණත් අලුත් සපත්තු සෙරප්පු ගන්න නිසා ගිය අවුරුද්දේ අන්තිම දවස් තුනේ හොඳටම බිස්නස් තිබ්බා. මේ දවස්වල සෙනග නම් අඩුයි. නැත්තම් මේ වෙලාවට මෙතන ඉන්න බෑ සෙනඟ. යන්න එන්න වත් බෑ මිනිසුන්ගෙ ඇඟේ හැප්පෙනවා. මීට වසර කීපයකට පෙර තිබුණ බිස්නස් අද නැතිවුණත් කාලයේ හැටියට අද බිස්නස්වල වරදක් නැහැ.
Q: බිස්නස් වැඩිවීමට බලපෑ හේතු මොනවාද?
ගිය අවුරුද්දේ අවසානේ නම් මිනිස්සු ළග සල්ලි හොඳට තියෙන්න ඇති. ඒ නිසානේ අපිටත් හොඳට බිස්නස් තිබ්බේ. අනික සල්ලි තිබ්බත් නැතත් අලුත් අවුරුද්දක් එද්දි කවුරුත් අලුත් බඩු ගන්නවනේ. ගිය අවුරුද්දේ අලුතෙන් ගත්තේ මේ අවුරුද්දට නිසා දැන් බිස්නස් අඩුයි. මිල ගණන්වලත් වෙනසක් නෑ. තාම පරණ ස්ටොක් තියෙන්නේ. ඒ නිසා පරණ මිලටම තමයි සපත්තු තියෙන්නේ. අලුතෙන් තාම බඩු ආවෙත් නෑ. ඉස්සරහට මිල අඩු වෙයි කියලත් හිතනවා. අලුත් ඩිසයින් එහෙමත් ළගදීම එයි. එතකොට ආයෙත් බිස්නස් වැඩිවෙයි අපිට. කොහොමත් තව ටික කලක් යනවිට රටේ ආර්ථිකයත් යහපත් තත්වයට පත්වේවි. එවිට ජනතාවගේ ආර්ථිකයත් හොඳ වේවි කියන විශ්වාසය තිබෙනවා. එහෙම වුණාම අපේ බිස්නස් තවත් හොඳ වේවි.
ශෂිකා අබේරත්න
ඡායාරූප-ඉසුරු පෙරේරා
Q:
පසුගිය වසරේ මෙරට ඇමෙරිකානු ඩොලර් බිලියන 16.17 ක් වූ අපනයන ආදායමෙන් සියයට 31කට වැඩි ප්‍රතිශතයක් එනම් ඩොලර් බිලියන 5.05 ක් උපයා දෙමින් ඇඟලුම් කර්මාන්තය ඉතා වැ
මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිකුත් කළ අති විශේෂ ගැසට් පත්‍රයෙන් ආසන 25 ට වැඩි බස් රථ, රියදුරු සමග ආසන 10 ත් 16 අතර මගී ප්‍රවාහන ව
අදානි පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියට අනුව විදුලිය මිල දී ගැනීමේ මිල ඩොලර් සත 6කටත් වඩා අඩු ගණනක් දක්වා පහළට ගෙන යාමට සාකච්ඡා කරමින් සිටින බව කැබිනට්
කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මතුපිට උද්ධමනය 2024 වසරේ දෙවැනි සහ තුන්වැනි කාර්තුවල උද්ධමනය, උද්ධමන ඉලක්කවලට වඩා මුදල් ප්‍රතිපත්ති රාමුව පිළිබඳ ග
සුළු සහ කුඩා පරිමාණ ගොවීන්ගේ ප්‍රාග්ධන හිඟයට පිළියමක් ලෙස නව සපිරි ග්‍රාමීය ණය යෝජනා ක්‍රමය කෙරෙහි අවධානය යොමුව ඇති අතර ‘සරුසාර’ පොලී සහනාධාර ණය වැඩස
කොළඹ වරාය පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ කොටසක් ලෙස සීමාසහිත දොහ්වා ඉංජිනියරින් සමාගමට ඩොලර් මිලියන 4.2 ක් වන උපදේශන සේවා කොන්ත්‍රාත්තුවක් ප්රදානය කිරීම
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
කාලයේ හැටියට බිස්නස්වල වරදක් නැහැ