ශ්රී ලංකාවේ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ ඉහළ ගුණාත්මක භාවයෙන් යුත් නව හඳුන්වාදීම් ප්‍රවර්ධනය කිරීමට නායකත්වය දෙන පුස්සැල්ල සමාගම නැවත වතාවක් තම ප්‍රමුඛත්වය සනිටුහන් කළේය. ඒ කෘෂි කර්මාන්ත ක්ෂේත්‍රය සඳහා වූ 2024 මහා පරිමාණ කාණ්ඩයේ හොඳම ජාතික කර්මාන්ත වෙළෙඳ සන්නාමය දිනා ගැනීමට සමත්වීමෙනි.
කර්මාන්ත සංවර්ධන මණ්ඩලය - කර්මාන්ත අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය SLIM) එක්ව සංවිධානය කරනු ලැබු “ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන 2024” උළෙලේදී පිරිනමන ලද මෙම ගෞරවනීය පිළිගැනීම, පුස්සැල්ල සිය විශිෂ්ට මස් සහ මස් නිෂ්පාදනවලින් ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන්ට සැබෑ වටිනාකමක් සහ විශ්වාසයක් ලබා දීම සඳහා සිදු කරන නොසැලෙන කැපවීම මෙම සම්මානය දිනා ගැනීමෙන් තහවුරු කරයි.
මෙම සම්මානය පුස්සැල්ල සමාගමේ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ නායකත්වය නැවත තහවුරු කරනවා පමණක් නොව, ආහාර සුරක්ෂිතතාව සහ ගුණාත්මකභාවය පිළිබඳ සමාගමේ පුරෝගාමී ප්‍රවේශය සහ නවෝත්පාදන පියවරද අවධාරණය කරයි. ශ්‍රී ලංකාවේ ගොවිපොළේ සිට පාරිභෝගිකයා දක්වා සම්පූර්ණ ආහාර සැපයුම් ජාලය එකම ව්‍යාපාරික ව්‍යුහයක් යටතේ පාලනය කරන එකම සමාගම වන පුස්සැල්ල, නිෂ්පාදන ක්‍රියාවලියේ සෑම අදියරකදීම උසස්ම තත්වය ආහාර සුරක්ෂිතතාව, නැවුම්බව, සහ ගුණාත්මකභාවය ගෝලීය ප්‍රමිති මිණුම් සලකුණු සපුරාලන ඉහළ නිෂ්පාදන පෙළක් ලෙස සහතික කරයි.
පුස්සැල්ල හි විශිෂ්ටත්වය කරා යන ගමන ගොඩනැගී ඇත්තේ නිෂ්පාදනයේ දී පමණක් නොව වෙළඳ නාමකරණ ගොඩනැගීම් කළමනාකරණය තුළද ඉහළම ප්‍රමිතීන් පවත්වා ගැනීම මතය. කුකුල් ගොවිපොළ පරම්පරා තුනක් පුරා විහිදෙන පුස්සැල්ල, ශක්තිමත් සිරස් ඒකාබද්ධ කිරීම් (Vertical integration කළමනාකරණ ක්‍රමවේදය අනුගමනය කරමින්, සියලුම සතුන් තමන්ගේම ගොවිපොළෙන් නිපදවනු ලබන අතර, අවශ්‍ය කරන උසස් තත්වයෙන් යුත් කුකුළු ආහාර තමන්ගේම සත්ව ආහාර නිෂ්පාදනාගාරයේදී දැඩි පරීක්ෂාවන් යටතේ උසස් පෝෂණ ගුණයෙන් නිෂ්පාදනය කෙරේ.
සාම්ප්‍රදායික අලෙවිකරණ උපාය මාර්ග මෙන් නොව, පුස්සැල්ල හි සන්නාමකරණය, සදාචාරාත්මක වටිනාකම් සහ පාරිභෝගික විශ්වාසය මත මුල් බැස ඇති අතර, එය තම ගනුදෙනුකරුවන් සඳහා සැබෑ වටිනාකමක් නිර්මාණය කිරීම සඳහා සමාගමේ කැපවීම පිළිබිඹු කරයි.
මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් පුස්සැල්ල සභාපති පිලිප් ඩී. ජේ. වේවිට මහතා මෙසේ පැවසීය.
“මෙම සම්මානය අපගේ නිෂ්පාදන වල ගුණාත්මකභාවය හා විශිෂ්ටත්වය සනිටුහන් කරන හොඳ සාක්ෂියකි. ගොවිපොළේ සිට පාරිභෝගිකයා දක්වා සම්පූර්ණ ආහාර සැපයුම් ජාලය පාලනය කිරීමේ හැකියාව මත අපගේ ගනුදෙනුකරුවන්ට ආහාර සුරක්ෂිතව, ගුණාත්මකභාවයෙන් සහ උසස් තත්වයෙන් යුත් නිෂ්පාදන අඛණ්ඩව ලබාදිය හැකිය. ශ්‍රී ලාංකික පාරිභෝගිකයන් අප කෙරෙහි තබා ඇති විශ්වාසය පිළිබඳව අප ඉමහත්ව ආඩම්බර වන අතර, මෙම පිළිගැනීම කෘෂි කර්මාන්ත කේෂේත්‍රය සඳහා වඩාත් ඉහළ ප්‍රමිති සැකසීම සහ නඩත්තු කිරීමට අපගේ අධිෂ්ඨානයයි.”
වසරකට රට තුළ සංස්කරණය වන මුදල් වලින් අතිවිශාල ප්‍රමාණයක් බැංකු පද්ධතියට නොපැමිණෙන බවත්, එම මුදල් ආර්ථිකය වෙත ගෙන්වා ගැනීමට නම් ජනතාව ඩිජිටල් ගනුදෙනු
මෙරට සූර්ය බලශක්තිය මගින් නිපදවනු ලබන විදුලිය ඊයේ (10) සිට එළැඹෙන 21 වැනිදා දක්වා ජාතික විදුලිබල පද්ධතියට නොගැනීමට ලංකා විදුලි බල මණ්ඩලය ගෙන ඇති තීරණයට සූ
මාස 6 කට පසුව ප්‍රථම වතාවට ඇමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල ඊයේ (10) රුපියල් 300 සීමාව පසු කළේය. ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (10) නිකුත් කළ දෛනික විනිමය අනුපාතිකයට අන
මෙරට ප්‍රමුඛතම පුනර්ජනනීය බලශක්ති සමාගමක් වන වින්ඩ්ෆෝර්ස් පීඑල්සී සමාගම මාලදිවයිනේ කොකූන් දූපත්හිදි ආරම්භ කළ වහල මත පිහිට වූ සූර්ය බලශක්ති ව්‍යාපෘ
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හෝටල් සමාගමක් වන The Lighthouse Hotel PLC අම්බලන්ගොඩ පිහිටි ඩ්‍රීම් බීච් රිසෝට් හෝටලයේ සියයට 100ක කොටස් හිමිකාරීත්වය අත්පත් කරගත් බව
ආර්ථිකයේ දිගු කාලීනව ඉහළ යෑමත් පැවැතිවත් එයට සාපේක්ෂව කෙටි කාලීනව පහත යෑමක් සිදුවුණු බව ප්‍රකට ව්‍යාපාරික සඟරාවක් වන එල්එම්ඩී වාර්තා කරයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ හොඳම ජාතික කර්මාන්ත සන්නාමය ’’පුස්සැල්ල’’