IMG-LOGO

2025 අප්‍රේල් මස 10 වන බ්‍රහස්පතින්දා


කොළඹ වරාය ලොකු පිම්මක

ශ්‍රීලංකාව දකුණු ආසියා  කලාපයේ ප්‍රධානතම භාණ්ඩ හුවමාරු මධ්‍යස්ථානය බවට පත්කිරීමට මේ දිනවල කොළඹ වරායේ සිදුකෙරෙන සංවර්ධන කටයුතු හේතු වනු ඇතැයි ආසියා  සංවර්ධන බැංකුව කියයි.

ආසියානු සංවර්ධන බැංකුව හා ශ්‍රීලංකා වරාය අධිකාරිය එක්ව පිරිවැය දරන මේ කොළඹ වරාය සංවර්ධන ක්‍රියාවලියට වෙන්කර ඇති මුදල ඇමරිකානු ඩොලර් ලක්ෂ 5000 කි.සංවර්ධන ව්‍යාපෘතිය 2006 වසර සිට ක්‍රියාත්මක වන අතර මේ වන විට එහි කටයුතු පවතින්නේ අවසන් අදියරේ බව සදහන්ය.

ව්‍යාපෘතියේ එක් අංගයක් ලෙස ඉදි කළ මීටර් 18 ක් ගැඹුරු කිලෝමිීටර 5.14 ක් දිග නව දියකඩනය නිසාවෙන් විශාල පරිමානයේ භාණ්ඩ ප්‍රවාහන නෞකා කොළඹ වරාය වෙත ගෙන්වා ගැනීමට හැකි වනු ඇතැයි ශ්‍රීලංකා වරාය අධිකාරිය කියයි.මිිීටර 400 ක් බැගින් දිගු වන නව පර්යන්ත 2 ක ඉදිකිරීම් කටයුතු මෙම වසරේ ජූලි මාසය වන විට නිම කිරීමට නියමිත අතර තවත් පර්යන්තයක් ඉදිකිරීමටත් සැළැසුම් කර ඇත.



අදහස් (0)

කොළඹ වරාය ලොකු පිම්මක

හේරත් Saturday, 25 May 2013 07:35 PM

අර ගුදමේ ගින්නත් එක පියවරක් වෙන්ටැති නේද මාමේ?(නදී)

:       0       0

වරුණ Thursday, 23 May 2013 11:31 AM

අර හම්බන්තොට වරාය හදපු සල්ලි වලින් කොළඹ වරාය පුළුල් කළා නම් රටට විශාල වාසියක් වෙනවා. නැවු වලට ප්‍රමාද ගාස්තු ගෙවන්න ඕනෑත් නැහැ. මෙහෙයුම් වැඩි කරලා විශාල ලාබයක් ලබන්න තිබුනා (නි)

:       0       0

රමේෂ් ඉන්දික Saturday, 25 May 2013 08:13 PM

දැන් එහෙනම් සිංගප්පුරුවෙන් ලැබෙන ප්‍රතිලාභ වලට පයින් ගහයි කියල විශ්වාස කරනවා. කොළඹ වරාය සංවර්ධනය කිරීම සිංගප්පුරුවට තදින් දැනේවි. ජය ශ්‍රී.!(නදී)

:       0       0

බණ්ඩාර Tuesday, 21 May 2013 05:04 AM

දැන් වරාය සේවකයන්ගේ සේවය කැමැත්තෙන් කිරීමේ සහ කාර්යක්ෂම බව වැඩි කිරීමේ පුහුණුවක් ලබාදීමෙන් රටට සහ වරායට මහත් ප්‍රතිඵල ලැබෙනු ඇත. (නි)

:       0       0

කැනඩා දිසා Tuesday, 21 May 2013 05:23 AM

නියමයි, හරිම සන්තෝෂයි. හැබැයි කොළඹ වරාය පමණයි (නි)

:       0       0

වසන්ත Friday, 24 May 2013 01:27 AM

මේකට කියන්නේ සංවර්ධනය කියල නෙමේ. වවාගෙන කෑම කියලා. සංවර්දනය නමෙන් මේ කරන්නේ දේශපාලන ඉත්තෝ අදින එක. කල්පනා කරන්න කොලඹ වරාය මේ හදන්නේ බොරු සන්වර්ධනයක් කියලා නැව් ටික හම්බන්තොටට හරවන්න. නමුත් වෙන්නේ ඒ නැව් වලින් 75% ලංකාව අත හැරලා යන්න මග හදල දෙන එකයි. ඉන්දියාවේ තුත්තුකුදී වරායට අපෙන් ආශීර්වාදය ඒකයි. ඒත් සමහර අය කරන්නේ මේවා ඇත්ත පෙන්නන්නේ නැතුව මොනවා කරත් එහෙයි කියන එක.(නදී)

:       0       0

චාටු Wednesday, 22 May 2013 04:27 PM

ඕක අපේ සමහර අයට තේරුම් ගන්න බැරි එකනේ තියන ප්‍රශ්නේ වනස්පති මහත්තයෝ. (නි)

:       0       0

සිල්වා Thursday, 23 May 2013 12:32 PM

සන්තෝසයි ...සන්තෝසයි ...

:       0       0

ජීවන් Tuesday, 21 May 2013 08:12 AM

ඇයි හම්බන්තොට එක වැඩක් නැති නිසාද මේක වැඩි දියුණු කරන්නේ. එක වරම ඕක කරානම් හම්බන්තොට සල්ලි ටික ඉතුරුයි නේ.(නදී)

:       0       0

වනස්පති Tuesday, 21 May 2013 02:04 PM

වාරය සහ ගුවන් තොටුපොල දෙකක් තිබීමේ අවශ්‍යතාවය තේරෙන්නේ නැති අය තාම ඉන්නවද? සංවර්ධනයේදී දේශපාලන පාට කන්නාඩි දාගන්න එපා. (නි)

:       0       0

රංජනී Saturday, 25 May 2013 09:27 AM

ඔය වරායවල් දෙකම තිබුනම මොකෝ? කොළබ වරාය පුලූල් කරානම් කියාවී කොළඹට කිරි අපට කැකිරි කියලා.(නදී)

:       0       0

ගුනේ Saturday, 25 May 2013 11:18 PM

සභාපතිතුමෝ, මානව සම්පත් අධයක්ෂ තමාට ගැතිකම් නොකළ සේවකයන්ට සේව දිගුව නොදී ගෙදර ඇරිය සාපෙන් මිදෙන්නනම් කවරදාකවත් බැරිවේවි. ඔබතුමාටත් මේ පව් ගෙවන්නම වේවි.(නදී)

:       0       0

ද සිල්වා Tuesday, 21 May 2013 10:48 AM

එතකොට හම්බන්තොට ? (ස)

:       0       0

ආනන්ද ගුණසේකර-චීනය Tuesday, 21 May 2013 03:32 PM

ශ්‍රී ලංකා වරාය වැඩි දියුණු කිරීම ගැන ඉතාම ආඩම්බර වන අතර, අද සිදුවන දැන්ත සංවර්ධනය අනාගත පරපුරට මල්මිටක් සේ රටට පිරිපුන් යුගයක් උදාවේවායි මගේ පැතුමයි.(නදී)

:       0       0

බානු Wednesday, 22 May 2013 08:13 PM

මේක හවසට තෑබෑරුමක් වගේ. චීන්නු වෑඩකරන අපේ සමහර ඉන්ජිනේරුවන්ට අරක්කු දීලා පරික්ෂන සටහන් නිකම්ම අත්සන් කරගන්නවා. උදේට ඈහුවම අත්සන් කලේ මොනවටද කියලා දන්නෙත් නෑහෑ. ඒක පාලකයන්ට කිව්වම උන් කියනවා ඒක නවත්තන්න අවශ්‍ය නෑහෑ කියලා. ඒකෙන් පේන්නේ චීන සමාගමත් එක්ක ඔවුන්ගේ වෙනම ගනුදෙනුවක් තියෙනවා කියලා. ඒක නිසා මේක තවත් නොරොච්චෝලයක් වෙන්න කලින් විසදගත්තොත් හොදයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

අවුරුදු නැකත් දැන ගන්න සූර්යයා වෙතින් කේතයක්
2025 අප්‍රේල් මස 10 62 0

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.


ආර්ථිකය ධනාත්මක වුවත් තවමත් අවදානමක් - ADB
2025 අප්‍රේල් මස 10 67 0

පසුගිය වසරේ සියයට 5 ක ආර්ථික වර්ධනයක් වාර්තා කළ ශ්‍රී ලංකාව එම ප්‍රවණතාව අඛණ්ඩව ඉදිරියට ගෙන යනු ඇති බවත් මෙරට ආර්ථිකය මෙම වසරේදී සියයට 3.9 ක සහ ලබන වසරේ සි


පරාටේ නීතිය දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කරයි
2025 අප්‍රේල් මස 10 27 0

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට නැවත පණක් ලබාදීම සඳහා පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් ලබාදී තිබූ සහන කාලය එළැඹෙන දෙසැම්බර් මස 31 වැනිදා දක


සංචාරක ආයතන එක්කර ජාතික සංචාරක කොමිෂන් සභාවක්
2025 අප්‍රේල් මස 10 41 0

සංචාරක කර්මාන්තයට සම්බන්ධ විවිධ ආයතන ඒකාබද්ධ කර ගනිමින් ජාතික සංචාරක කොමිෂන් සභාවක් පිහිටුවීමට ඉදිරියේදී කටයුතු කරන බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුව


හේලීස් DIMO හි සියයට 10.83ක කොටස් මිලට ගනී
2025 අප්‍රේල් මස 10 48 0

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හේලීස් සමූහය (Hayleys PLC) ඩීසල් ඇන්ඞ් මෝටර් ඉන්ජිනියරින්ග් පීඑල්සී හෙවත් DIMO සමාගවේ සමස්ත කොටස් හිමිකාරීත්වයෙන් කොටස් 999,344ක්


CEAT සමාගමෙන් රු.බි. 4ක ආයෝජනයක්
2025 අප්‍රේල් මස 10 15 0

මෙරට ප්‍රමුඛතම ටයර් සන්නාමයක් වන CEAT සන්නාමය හිමි සියැට් කැලණි හෝල්ඩිංග්ස් (පෞද්) සමාගම මෙරට තුළ සිය නිෂ්පාදන යටිතල පහසුකම් තවදුරටත් යාවත්කාලීන කිරීම ස


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 77 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 400 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 914 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site