කරන්දෙණිය - එම්. සුසිල් පියන්ත සහ පිටිගල – ඩී.ජේ. විජේසිංහ
විතානගේ බන්දුසේන
|
යසස් පණ්ඩිතරත්න
|
පවතින උග්‍ර ගැටලු රැසක් නිසා අද ගාලු දිසාවේ කුඩා තේ වතු කර්මාන්තයට කණ කොකා හඬමින් තිබෙන බව එම කර්මාන්තයේ නියුක්තිකයෝ කියති.
මේ නිසා ගාලු දිසාවේම කුඩා තේ වතු හිමියන් සහ එහි රැකියාවල නියුතු දහස් ගණනකගේ රැකියා දැඩි අනතුරකට පත්ව ඇති බව ද ඔවුහු කියති.
යම් හෙයකින් ගාලු දිසාවේ කුඩා තේ වතු කර්මාන්තය බිඳවැටුණහොත්, එම දිසාවේම තේ කර්මාන්තශාලාවලට වදින්නේ මරු පහරකි. ඒ ගැන දන්නේ උඩ ඉන්නා දෙවියන් පමණි. එයින් රටේ ආර්ථිකයට ඇති වන හානිය, පාඩුව මෙතෙකැයි කිව නොහැක.
තේ දලු මිල පහත බැසීම, පොහොර, වල් නාශක මිල ඉහළ යාම, කම්කරු කුලිය දරන්න බැරි තරම් ඉහළ යාම වැනි ගැටලුවලට මැදි වීම නිසා අද ගාලු දිසාවේ කුඩා තේ වතු කර්මාන්තය වළ පල්ලටම යමින් තිබෙන බව ද ඔවුහු කියති.
මේ කරුණු කාරණා සියල්ල ඉස්මතු වීමත් සමගම කුඩා තේ වතු හිමියන්ගේ භාෂාවෙන්ම පැවැසුවහොත්, තමන්ගේ කර්මාන්තයට අද ලබා ඇත්තේ සෙනසුරු මහ දශාවය.
තමන්ගේ කර්මාන්තයට අත්ව තිබෙන අලුත්ම තත්වය පිළිබඳව කුඩා තේ වතු හිමියන් හා එම ක්ෂේත්‍රයට සම්බන්ධ කිහිපදෙනෙක්ම අප සමග මෙසේ අදහස් දැක්වූහ.
විතානගේ බන්දුසේන:
“අපි කාලා ඇඳලා හිටියේ අපේ කුඩා තේ වත්තෙන්. දලු ටික කඩලා ඒවා විකුණලා දරු මල්ලන් හැදුවෙත්, ඔවුන්ට කන්න දුන්නෙත් මේ රස්සාවෙන්. අපිව රක්ෂා කළ මේ රක්ෂාවට දැන් නැවතීමේ තිත තියන්න කාලය ඇවිල්ලා කියලයි අපි හිතන්නේ. තිබෙන වාතාවරණයත් එක්ක මේ රස්සාව කරන්න බැරි වෙලා තියෙනවා. අපේ කර්මාන්තයට රජයෙන් කියලා කිසිම සහනයක් නැහැ. අපේ කර්මාන්තයෙන් ගලා එන්නේ රටට ඩොලර්. මේ කර්මාන්තය නැති වෙනවයි කියන්නේ රටට ඩොලර් එන මගක් අහිමි වෙනවයි කියන එක.
අනෙක් වගා වගේ නෙමෙයි තේ වගාවට අනිවාර්යයෙන්ම පොහොර ඕනෑ. රසායනික පොහොර ඉතාමත්ම අවශ්‍යයි. බලන්න එදා තේ පොහොර කොට්ටයක මිල කීයද, අද පොහොර කොට්ටයක මිල කීයද කියලා. තේ වගාවට පොහොර වර්ග දෙකක් දානවා. අද එක පොහොර කොට්ටයක මිල 6,800ක් වෙනවා. අනෙක් පොහොර කොට්ටයක මිල 9,000ක් විතර වෙනවා. මේ ගිනි ගණන්වලට පොහොර අරන් අපි කොහොම ද මේ කර්මාන්තේ කරන්නේ. ඒ වගේම වල් නාශකත් ගිනි ගණන්. අද වල් නාශක බෝතලයක් රුපියල් 1,500ක් වෙනවා.
තේ ඉඩමට පොහොර දාන්න, වල් නාශක ඉහින්න, උදලු ගාන්න කම්කරුවන් ගත්තොත් තත්වය මීට එහා. අද කාන්තාවක් වැඩට ගත්තොත් කන්න බොන්න දීලා රුපියල් 1,500ක් ගෙවන්න ඕනෑ. පිරිමි අයෙක් ගත්තොත් රුපියල් 2,000ත් 2,500ත් අතර මිලක් ගෙවන්න වෙනවා. මේ ඔක්කෝමත් හරි තේ දල්ලේ මිල බැහැලා. අද තේ දලු කිලෝග්‍රෑමයක් යන්නේ රුපියල් දෙසීයට අඩුවෙන්. මීට කලින් තේ දලු කිලෝග්‍රෑමයක් රුපියල් 290ට පමණ විකුණුනා. අද එය රුපියල් 195ක් වගේ මිලකටයි යන්නේ. තේ දල්ලට හොඳ මිලක් ලැබෙනවා නම් අපේ ගැටලු හා ප්‍රශ්නවලින් භාගයක්ම විසඳෙනවා.”
ඩී.එම්. චන්ද්‍රලතා
|
ඩී.එම්. චන්ද්‍රලතා:
“ඇත්තටම රටට ඩොලර් මවන අපේ කර්මාන්තයට සහනාධාර නැහැ. සහනාධාර දෙන්නේ අනෙක් වගාවලට විතරයි. එකම රටේ එකම ක්ෂේත්‍රයේ කෘෂිකර්මය සඳහා බෙදනුයේ හැඳි කිහිපයකින්. වී වගාවට බෙදන්නේ එක හැන්දකින්, අනෙක් වගාවලට තව හැඳිවලින්. තේ වගාවට විතරයි රජය මොනම හැන්දකින්වත් බෙදන්නේ නැත්තේ. කම්කරු කුලිය ගෙවා ගන්න බැරි නිසා අපේ තේ කෑල්ලේ තේ මම නෙළා ගන්නවා. ගෙදර වැඩ පාඩු කරගෙන ඇවිල්ලා තේ නෙළනවා. අනෙක නවීන තාක්ෂණය ලබලා දෙනවා නම් අපේ තේ ඉඩම්වලින් උපරිම ප්‍රයෝජනය ගන්න පුළුවන්. වෙන රටවල කුඩා තේ වතු සඳහා නවීන තාක්ෂණය භාවිත කරනවා. තියෙන තේ ඉඩම්වලින් එම රටවල් උපරිම ප්‍රයෝජන ගන්නවා. ඒකට අපේ රට. අපි තවමත් තේ කර්මාන්තය සඳහා භාවිත කරන්නේ යල් පැනගිය පාරම්පරික ක්‍රම.
පවතින ගැටලු හමුවේ දැන් දැන් බොහෝ අය කුඩා තේ වතු කර්මාන්තයෙන් ඉවත් වී යාමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙනවා. සමහරු තේ ඉඩම්වල කුරුඳු වැනි භෝග සිටුවීමට පටන් අරන්. මෙහෙම ගියොත් මේ කර්මාන්තය ගාලු දිසාවෙන්ම තුරන් වේවි. එයින් ජීවත් වූ දහස් ගණනකට බඩගින්නේ මැරෙන්න සිද්ධ වේවි.”
පහත රට වතු කම්කරුවන්ගෙන් සංගමයේ ලේකම් යසස් පණ්ඩිතරත්න:
“පහත රට වතු කම්කරුවන්ගේ බොහොමයක්ම වැඩ කරන්නේ ගාලු දිසාවේ වතුවල. එයිනුත් වැඩි දෙනා සේවය කරන්නේ තේ වතුවල. කුඩා තේ වතුවල වැඩ කරන අය ද බොහොමයක්ම ඉන්නවා. ගාලු දිසාවේ කුඩා තේ වතුවල විශාල වශයෙන්ම අපේ කම්කරුවෝ වැඩ කරනවා. යම් හෙයකින් මේ කර්මාන්තය කඩාගෙන වැටුණහොත් රැකියා අහිමි වන අපේ කම්කරුවන්ගේ ගණන ඉතා විශාලයි. අද රටට අවශ්‍ය කර්මාන්ත කඩාවැටීම නොව කඩාවැටී ඇති කර්මාන්ත නගාසිටුවීමයි. ඒ තුළින් රැකියා උත්පාදනය කිරීමයි. අපි දන්න විදිහට ගාලු දිසාවේ පමණක් කුඩා තේ වතු හිමියන් හැට දහසත් හැත්තෑ දහසත් අතර සංඛ්‍යාවක් ඉන්නවා. මේ වන විට පවතින ගැටලු හා ප්‍රශ්න හමුවේ සැලකිය යුතු සංඛ්‍යාවක් කුඩා තේ වතු කර්මාන්තයෙන් ඉවත් වෙලා. මේක බොහොම නරක තත්වයක්. අපි නව රජයෙන් ඉල්ලන්නේ කුඩා තේ වතු කර්මාන්තය පවත්වාගෙන යාමට වහාම මැදිහත් වෙන්න කියලයි. කුඩා තේ වතු සඳහා සහනාධාරයක් දෙන්න. පොහොර මිල අඩු කරන්න. වල් නාශක මිල අඩු කරන්න. එසේ නොවුණොත් මේ වෙනුවෙන් අපේ කම්කරුවන් එක්ක පාරට බැහැලා අරගල කරන්න අපිට සිද්ධ වෙනවා. ඒක වැඩි ඈතක නැති බව පේනවා. ඒකට ඉඩ දෙන්න එපා කියලා අපි රජයෙන් ඉල්ලා සිටිනවා.”
මේ පිළිබඳව අපි කුඩා තේ වතු සංවර්ධන අධිකාරියෙන් කළ විමසීමකදී කුඩා තේ වතු හිමියන්ගේ ගැටලු හා ප්‍රශ්න පිළිබඳව නව රජයේ බලධාරීන්ගේ අවධානයට යොමු කළ බව එහි ප්‍රකාශකයකු පැවැසීය.
රජයේ ඩිජිටල් ගෙවීම් වේදිකාව (Government Digital Payment Platform - GDPP) සම්බන්ධයෙන් 2024 වසරේදී සිදු කරන ලද සාර්ථක නියමු පරීක්ෂණවලින් පසුව 2025 වසරේදී ක්‍රියාත්මක වනු ඇතැයි මහ බැංකු
මහ කන්නයේ (2024/2025) වී අස්වනු මිලදී ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණයේ වී මෝල් හිමියන් සහ සමුපකාර සමිති වෙත සහනදායි පොලී අනුපාතයක් යටතේ ‘ඔඩපණ’ ණය යෝජනා ක්‍රම
ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන Fitch Ratings ආයතනය ලංකා බැංකුවේ දිගුකාලීන විදේශ සහ දේශීය මුදල් නිකුත්කරන්නන්ගේ පෙරනිමි ශ්‍රේණිගත කිරීම (IDRs) CCC මට්ටම
මාලදිවයිනේ උතුරු ප්‍රදේශයේ ඉදිකෙරෙමින් පවතින වරාය ශ්‍රී ලංකා ආයෝජකයෙක් සමඟ එකතු වී සංවර්ධනය කර ශ්‍රී ලංකාවේ භාණ්ඩවලට සියයට 50 ක බදු සහනයක් දීමට ඔවුන්
කොළඹ වරාය නගරය හෙවත් කලම්බු පෝර්ට් සිටියේ සිදුකරන මරිනා ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු අද (10දා) ආරම්භ කිරීමට නියමිතය.
විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත යටතේ නියෝග ඇතුළු තවත් පනත් දෙකක් සම්බන්ධ නියෝග පාර්ලිමේන්තුවේදී ඊයේ (9) සම්මත විය.
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
ගාල්ලේ කුඩා තේ වතු කර්මාන්තයට කණ කොකා හඬයි ද ?