IMG-LOGO

2025 අප්‍රේල් මස 10 වන බ්‍රහස්පතින්දා


ගුවන් තොටුපොළ වාර්ෂික ලොතරැයි දිනුම ගම්පහට

ගුවන්තොටුපොළ හා ගුවන්සේවා ශ‍්‍රී ලංකා සමාගම  විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන වෙළඳ සැනකෙලි ලොතරැයි දිනුම් ඇදීමෙන් මෙවර ජයග‍්‍රාහකයා වෙමින් මයික්‍රෝ පැන්ඩා මෝටර් රථයක් හිමිකරගත්තේ ගම්පහ අනුර විජේරත්න මහතා විසිනි.

සෙසු ජයග‍්‍රාහක ජයග‍්‍රාහිකාවන් වූයේ ඉන්දීවරී රත්නායක(කඩවත), පී.එස්.එල් අමරසිංහ(ගාල්ල), දිලිප් රත්නායක(කුරුණෑගල), එම්.ඞී.ඒ පෙරේරා(නුගේගොඩ), සමිත් ඉෂාර(මීගමුව),  එම්.එම් රිෆාන්ස්(උකුවෙල) , ආර්.එම් ශ‍්‍රියාලතා(අනුරාධපුර), කේ.ඞී චන්දන(කඩවත), සරත්(මහරගම), පී.කේ ඉන්දික(ජා ඇල)  මහත්ම මහත්මීන්ය.

මෙම ජයග‍්‍රාහක ජයග‍්‍රාහිකාවන් සඳහා අගල් 40 එල්.සී.ඞී රූපවාහිණී යන්ත‍්‍ර, රෙදි සෝදන යන්ත‍්‍ර, ශීතකරන සහ ලැප් ටොප් පරිගනක ප‍්‍රදානය කිරීමද කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පරිශ‍්‍රයේදී සිදුකෙරිණි.

.මෙම අවස්ථාවට ගුවන්තොටුපොළ හා ගුවන්සේවා ශ‍්‍රී ලංකා සමාගමේ සභාපති ප‍්‍රසන්න වික‍්‍රමසූරිය, මයිකෝ හෝල්ඩින්ස් ආයතනයේ සාමාන්‍යාධිකාරී ශ‍්‍රී ලාල් අමරසිංහ, නියෝජ්‍ය සමාන්‍යාධිකාරී උදේනි ආරියරත්න යන මහත්වරුන් ඇතුළු තීරු බදු රහිත සාප්පු හිමියන් ගුවන්තොටුපොළ ප‍්‍රධානීන්හු සහභාගී වූහ.



අදහස් (0)

ගුවන් තොටුපොළ වාර්ෂික ලොතරැයි දිනුම ගම්පහට

හන්සී Friday, 26 April 2013 05:29 PM

නියම කාර් එක. (නි)

:       0       0

ප්‍රදීපා Friday, 26 April 2013 11:57 AM

පෙරේරා, ත්‍යාගයක් ලැබුණහම ඒකේ අඩුපාඩු සොයන්න එපා. තමන්ට ලැබුනා නම් එපා කියන්නේ නැහැනේ. (නි)

:       0       0

ලලිත් Thursday, 02 May 2013 01:23 AM

සුභපැතුම්

:       0       0

මොහමෙඩ් රිස්වාන් - සව්දි අරාබිය Saturday, 27 April 2013 02:45 PM

මම හිතන්නේ තෑගි ටික පරිත්‍යාග කරලා තියෙන්නේ මේ තීරු බදු රහිත සාප්පු හිමියන් වෙන්න ඕනෑ.මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)

:       0       0

සනත් Friday, 26 April 2013 12:53 PM

පෙරේරා, ඕකට තමයි කියන්නේ කඩන්න බැරි වුණහම මිදි ඇඹුල් කියලා (නි)

:       0       0

පිටිගල මිලානෝ Friday, 26 April 2013 01:31 PM

ඔය වාහන හැමදාම කොට උඩ.(නදී)

:       0       0

වාස් Friday, 03 May 2013 02:51 PM

කාර් එක ඇදුනේ ගාල්ලේ කෙනාට කියල මුලින් එස්.එම්.එස් එකක් එවලා පස්සේ ගම්පහට ගියේ කොහොමද කියලා කව්ද දන්නේ?(නදී)

:       0       0

චමිල Saturday, 04 May 2013 01:11 PM

අපෙනුත් සුභ පැතුම්.. ! .(ස)

:       0       0

චූලා Wednesday, 01 May 2013 12:49 PM

අයි මිනිසුනේ අපේ වාහනේට ගරහන්නේ. කෑලි ගෙනත් හයි කලත් මේක අපේ නමකින් පාරේ දුවන්නේ. මන් නම් කියන්නේ කෑලිත් අපි හදමු කියලා. මේ වාහනේ ප්‍රශ්න තිබුනත් මට නම් හොදට විස්වාසයි අල්ලපු රටේ කසි කබල් වලට වැඩිය නම් හොදයි කියල.(නදී)

:       0       0

සුකිරි Wednesday, 01 May 2013 12:51 PM

අපේ වාහනේ අල්ලපු රටේ වාහන වලට වැඩ සැප පහසුයි, ලස්සනයි. (නදී)

:       0       0

සංගීත් Friday, 26 April 2013 01:58 PM

පෙරේරා කියන්නේ වාහනය මුදල් කරගන්න අමාරු කම මිසක් වෙන එක්කක් නෙමෙයි.(නදී)

:       0       0

මුරුගන් Wednesday, 01 May 2013 12:53 PM

සුද්දෝ දියුණු වෙන්නේ උත්සාහයෙන්. කාටවත් වැරදුනාම උන් අපේ අය වගේ හිනා වෙන්නේ නැහැ. අපේ වාහනේ ඔය මෝඩයෝ කියන තරම් සවුත්තු නෑ. මන් කියන්නේ නෑ එක ඉස්තරම්ම කියල. නමුත් ඉන්දියාවේ වාහන වලට වැඩ නම් හොදයි.(නදී)

:       0       0

මහේෂ්වරන් Wednesday, 01 May 2013 12:55 PM

අපේ රටේ වාහනයක හොද නාරක බලන එකම මිම්ම "තෙල් වැඩ කරන ප්‍රමාණය. මේකට කියන්නේ හිගන නියාය. මොකෝ වෙන රටවල් බලන්නේ ආරක්ෂාව,කරියක්ෂමතාවේ. තෙල් කියන්නේ අන්තිමට බලන මිම්ම. මේ හිගන කමට අපේ කාර් එකට බනින්න එපා.(නදී)

:       0       0

පාල Wednesday, 01 May 2013 12:57 PM

අර "යුනියන් ජැක්" එංගලන්තේ ටි ෂට් එකක් ඇදන් ඉන්න අක්කට මොකද්ද ඇදිලා තියන තෑග්ග.(නදී)

:       0       0

පෙ‍රේරා Friday, 26 April 2013 07:09 AM

ඔය කාර් දැන් විකුණගන්න අමාරුයි. (නි)

:       0       0

ලිලසෙන Monday, 06 May 2013 02:48 PM

නටන නන්ගිලාගෙ ඇග තව ටිකක් වැහුනා නම් හොදයි. (නි)

:       0       0

ඉසිර Wednesday, 01 May 2013 08:36 PM

නියමයිනේ (නි)

:       0       0

සෙනරත් Friday, 26 April 2013 02:51 PM

අනේ බී.එම්.ඩබ්ලිව් නොවේද?(නදී)

:       0       0

ගාමිණි Friday, 26 April 2013 03:19 PM

නිකන් ලැබිච්ච අශ්වයගේත් දත් බලනවලු! කියන්නේ ඕවට තමා. (නි)

:       0       0

සම්පත් Friday, 26 April 2013 03:27 PM

අනේ අර නටන නංගිලාට ඇදුනා නම් ඔක්කොටම වඩා වටිනවා. (නි)

:       0       0

දීපාල් Sunday, 28 April 2013 03:54 PM

අනුර මහත්මයා, ඔබතුමා රේගුවේද රැකියාව කරන්නේ? අනේ අපොයි කියන්න බැහැ අපේ කට්ටිය දන්නේ අනුන්ට ගරහන්න විතරයි. (නි)

:       0       0

අමිත Friday, 26 April 2013 03:43 PM

අපේ මිනිස්සු හැමදාමත් අපේ දේවල් වලට ගැරහුවා මිසක් අගය කළේ කී දෙනාද? (නි)

:       0       0

දීපාල් Sunday, 28 April 2013 04:01 PM

අනේ අපේ තීරු බදු රහිත සාප්පු වල ගණන් අර එළියේ තියෙන කඩවල වගේ ඉංගිරීසි අකුරු දාලනේ පෙන්නන්නේ. එයාලගේ ගාන ගන්නවා මිනිස්සුන්ගෙන්.ඕවා බලන්න අපේ රටේ ඉන්න ලොකු අයගේ අස් පෙනෙන්නේ නැහැනේ. (නි)

:       0       0

අජිත් Tuesday, 07 May 2013 08:25 AM

ලීලසේනට පිස්සුද මන්ද? තව ටිකක් වැහුනානම් ඔය නැටුමේ මොනවා බලන්නද? (නදී)

:       0       0

ඛාන්, කුවෛට් Tuesday, 30 April 2013 01:57 AM

පෙරේරා, ඔය වාහනයට සුපර් පැට්‍රොල් ගහනකොට ඔයා කොට උඩ. ලීටරයක් රුපියල් 170/=.විකුණලා ඩීසල් වාහනයක් ගන්න (නි)

:       0       0

K.H.B Thursday, 09 May 2013 01:09 PM

ඉස්සර හැම අවුරුද්දේම දුන්නේ BMW කාර් එකක් ඔය ටිකට් එකට, දැන් මයික්‍රෝ.හපොයි!! මීට වඩා හොදයි සල්ලි දුන්නනම්. (ස)

:       0       0

චාමර Saturday, 27 April 2013 01:04 AM

ලස්සන කාර් එක. සිරිලක දේ සිරිසැප දේ.... (නි)

:       0       0

යොහාන් Tuesday, 30 April 2013 12:59 PM

කාර් එක කෙසේවෙතත් අනිත් විදුලි බඩු ගෙනිච්චම දැන් තියන විදුලි බිලත් එක්ක විදුලි සැර වද්දගන්න තමයි වෙන්නේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

අවුරුදු නැකත් දැන ගන්න සූර්යයා වෙතින් කේතයක්
2025 අප්‍රේල් මස 10 87 0

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.


ආර්ථිකය ධනාත්මක වුවත් තවමත් අවදානමක් - ADB
2025 අප්‍රේල් මස 10 67 0

පසුගිය වසරේ සියයට 5 ක ආර්ථික වර්ධනයක් වාර්තා කළ ශ්‍රී ලංකාව එම ප්‍රවණතාව අඛණ්ඩව ඉදිරියට ගෙන යනු ඇති බවත් මෙරට ආර්ථිකය මෙම වසරේදී සියයට 3.9 ක සහ ලබන වසරේ සි


පරාටේ නීතිය දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කරයි
2025 අප්‍රේල් මස 10 27 0

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට නැවත පණක් ලබාදීම සඳහා පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් ලබාදී තිබූ සහන කාලය එළැඹෙන දෙසැම්බර් මස 31 වැනිදා දක


සංචාරක ආයතන එක්කර ජාතික සංචාරක කොමිෂන් සභාවක්
2025 අප්‍රේල් මස 10 41 0

සංචාරක කර්මාන්තයට සම්බන්ධ විවිධ ආයතන ඒකාබද්ධ කර ගනිමින් ජාතික සංචාරක කොමිෂන් සභාවක් පිහිටුවීමට ඉදිරියේදී කටයුතු කරන බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුව


හේලීස් DIMO හි සියයට 10.83ක කොටස් මිලට ගනී
2025 අප්‍රේල් මස 10 48 0

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හේලීස් සමූහය (Hayleys PLC) ඩීසල් ඇන්ඞ් මෝටර් ඉන්ජිනියරින්ග් පීඑල්සී හෙවත් DIMO සමාගවේ සමස්ත කොටස් හිමිකාරීත්වයෙන් කොටස් 999,344ක්


CEAT සමාගමෙන් රු.බි. 4ක ආයෝජනයක්
2025 අප්‍රේල් මස 10 15 0

මෙරට ප්‍රමුඛතම ටයර් සන්නාමයක් වන CEAT සන්නාමය හිමි සියැට් කැලණි හෝල්ඩිංග්ස් (පෞද්) සමාගම මෙරට තුළ සිය නිෂ්පාදන යටිතල පහසුකම් තවදුරටත් යාවත්කාලීන කිරීම ස


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 78 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 404 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 914 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site