IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


ජීඑස්පී ප්ලස් ගන්න කොන්දේසි 58කට එකඟවේ

යුරෝපා කොමිසමෙන් ජීඑස්පී ප්ලස් බදු සහනය යළි ශ්‍රී ලංකාවට ලබා ගැනීම සඳහා මානව හිමිකම්, ජාතික ආරක්ෂාව හා ශ්‍රී ලංකාවට බලපාන තවත් කරුණු 58කට රජය එකඟ වූ බව දැක්වෙන ලියැවිලි සන්ඩේ ටයිම්ස් පුවත්පතට ලැබී ඇත.

ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශය මෙම කොන්සේදි පිළිගෙන ඇතැයි දැනගන්නට තිබේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත නීති පොතෙන් ඉවත් කිරීම, රැඳැවුම් බාරයේ සිටින්නන්ගේ නඩු කඩිනම් කිරීම, මානව හිමිකම් ක්‍රියාකාරී සැලැස්මක් අලුතින් හඳුන්වා දීම, පිටරට සිටින දෙමළ (ඩයස්පෝරා) සංවිධානවලට තිබෙන තත්ත්වය සමාලෝචනය කිරීම, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ බලය විමධ්‍යගත කිරීම, උතුරේ සියලු ඉඩම් අයිතිකරුවන්ට බාර දීම ජාතික සංහිඳියාව හා ජාතික වශයෙන් පිළිගත් ක්‍රමයකට අවතැන් වූවන් යළි පදිංචි කිරීම, අවතැන් වූවන් යළි පදිංචි කිරීමේ ක්‍රියාවලිය අවසන් කිරීම, ඕනෑකමින් අතුරුදන් කළ අය සම්බන්ධ ප්‍රතිඥාවට අදාළ නීති පැනවීම හා අතුරුදන්වූවන් වෙනුවෙන් සහතික නිකුත් කිරීම එම කොන්දේසි 58ට අතරට ගැනෙයි.

ජීඑස්පී ප්ලස් බදු සහනය ඉල්ලුම් කිරීම සලකා බලන්නටත් පෙර මෙම කොන්දේසි ඉටු කළ යුතු බව යුරෝපා ආර්ථික කොමිසම කියයි.

යුරෝපා කොමිසමේ ශ්‍රී ලංකා තානාපති ඩේවිඩ් ඩැලී ශ්‍රී ලංකා රජයට දන්වා ඇත්තේ එම කොන්දේසි ක්‍රියාත්මක වන ආකාරයත්, එහි ප්‍රගතියත් නිරන්තරයෙන් සෝදිසියට ලක් කරන බවයි.

මානව හිමිකම් වෙළඳ ගනුදෙනුවලට සම්බන්ධ කර ගැනීම ගැන තදින්ම විරුද්ධ බව කියන වාණිජ අධ්‍යක්ෂිකා ජනරාල් සොනාලි විජේරත්න මහත්මිය මේ ගැන වැඩිදුර සාකච්ඡා සඳහා බෙල්ජියම් අගනුවරට ගොස් සිටී.

ලබන සතියේ එම සාකච්ඡා ඇරැඹීමට නියමිතය.

අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා ද එම කණ්ඩායමට අයත්ය.

මේ අතර යුද්ධය අවසන් වී හත් වසරකට පසුව ද පොලිසිය සැකකරුවන් අපයෝජනයට ලක් කරන බවත්, වද හිංසා පමුණුවන බවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයකු වන ජුවාන් ඊ මෙන්ඩෙස් කොළඹ දී වාර්තාකරුවන් සමඟ පැවසීය.

 අත්අඩංගුවේ සිටින පුද්ගලයන්ට වදහිංසා පමුණුවන බවටත්, අතුරුදන් කරන බවටත් විශ්වාස කළ හැකි සාක්කි ඇතැයි ඔහු කියයි.

යුද සමයේ පුද්ගලයන් 16,000කටත් 20,000ටත් අතර පිරිසක් අමානුෂික වද හිංසාවලට ලක්වී ඇති බව ද ඔහු කියයි.

සැකකරුවන්ගේ යටිපතුල්වලට පොලුවලින් හා වයර්වලින් පහර දීම, මාංචු දමා පැය ගණන් දෙපයින් එල්ලා තැබීම, ලාම්පුතෙල් දැමූ සිලි සිලි බෑග් මුහුණට දමා හුස්ම හිර කිරීම, ඇතැම් අවස්ථාවල දී ඔවුන්ගේ ඇස්වලට හා මුහුණට මිරිස්කුඩු ගැසීම, ලිංගික අපහරණය සිදුවී ඇති බවත්, ජනනේද්‍රය ඡේදනය කිරීම හා ලූණු ඇතිල්ලීම ද සිදු කර ඇති බවත් මැන්ඩෙස් කියයි.

 



අදහස් (0)

ජීඑස්පී ප්ලස් ගන්න කොන්දේසි 58කට එකඟවේ

සාලිය Tuesday, 24 May 2016 11:05 AM

මේ කොන්දේසි වලට එකග වෙන්නේ නෑ අපි.(හේ)

:       0       0

ලලිත් Tuesday, 24 May 2016 11:03 AM

අනාගත අපේ අයට දෙවියන්ගේම පිහිටයි.(හේ)

:       0       0

නිමල් Tuesday, 24 May 2016 11:04 AM

මේ කරන්න යන දේ ගොඩක් හොඳයි.(හේ)

:       0       0

රසික Monday, 09 May 2016 08:43 AM

දැන් මේ කලින් අදහස් දාල තියෙන කෙනෙකුට කියන්න පුළුවන්ද ඒ යෝජනා නරක, අසාධාරණ, වැරදි වෙන්නෙ කොහොමද කියල (අ)

:       0       0

නිමල් ලලිත Monday, 09 May 2016 03:20 AM

මිටවැඩිය හොඳයි සිංහලයාට මවුබිම යැයි කිවහැකි මේ එකම රට කොටි හිතවතුන්ගේ සහ එදා සිටම මේ රට තමන්ගේ බළල් වලිගයක් කරගන්න හැදූ විදේශිකයන්ගේ ප්‍රාන්තයක් බව ප්‍රකාශයට පත්කරන එක. (නි)

:       0       0

රාජා Sunday, 15 May 2016 05:08 AM

කොළපාට ලේ තියෙන සේරටම ප්‍රභාකරන් මරපු එක කොටි විනාශ කළ එක බරපතල වරදක්. සිංහල මුස්ලිම් දෙමළ අහිංසක මිනිසුන් මැරුණු එක සාමාන්‍යයක්. සතුටුයිද දැන් (බ)

:       0       0

තරිඳු Sunday, 08 May 2016 10:40 AM

ජීඑස්පී සහනේ ලංකාවට දැන් ඕනේ ලොකුම දේ.මේ ඔක්කොම ඉල්ලීම් ටිකට කැමති වෙලා ගමු.යුද්දයක් තිබ්බ රටකින් ඉල්ලන ඉල්ලීම් නම් නියමයි.මේ ඔක්කොම දෙමල ඩයස්පෝරා ඉල්ලීම්.මෙහෙම ගියොත් රටක් නම් ඉතුරු වෙන එකක් නෑ අපේ දරුවන්ට (බ)

:       0       0

ඔෂාන් Sunday, 08 May 2016 10:42 AM

මේකද දැන් ලංකාවට තිබෙන ලොකුම ප්‍රශ්නය? (නි)

:       0       0

හිමාල් Monday, 09 May 2016 04:15 AM

මේ වැරදි සිද්ධ වෙලා නැත්නම් බය වෙන්න දෙයක් නෑ. (බ)

:       0       0

නාමල් - නිව්යෝර්ක් Tuesday, 17 May 2016 07:07 AM

මේ කොන්දේසි කිසිවක් ලංකාවට අහිතකර නැහැ. මානව හිමිකම් රකින්න, මිනිසුන්ව බලෙන් රඳවාගෙන තිබීම වළක්වන්න, වදහිංසා වළක්වන්න එකඟවීම වරදක් විදිහට පෙනේද? (නි)

:       0       0

බෙනට් Monday, 09 May 2016 11:01 AM

හරිම අපුරු කොන්දේසි ටිකක් නේ දාල තියෙන්නේ . මේ වගේ වෙළඳ ගනුදෙනුවක් ක්‍රියාත්මක කරන්න රටක ආණ්ඩු ක්‍රමය වෙනස් කරන්න කියල බල කරනවා නම් ඒක කොහෙත්ම කලයුතු නැහැ .. (ර)

:       0       0

බෙනට් Monday, 09 May 2016 11:02 AM

ෂා.. හරිම අපුරු කොන්දේසි ටිකක් නේ දාල තියෙන්නේ . මේවා දාල තියෙන්නේ යුරෝපා රටවල් වලින්ද නැත්නම් තමිල්නාඩු වලින්ද කියල හිතාගන්න බැහැ. හැබැයි ඒ වගේ අපරාද කරලා තියෙනවා නම් ඒවා අනුමත කරන්න අපිටත් බැහැ .නමුත් මේ වගේ වෙළඳ ගනුදෙනුවක් ක්‍රියාත්මක කරන්න රටක ආණ්ඩු ක්‍රමය වෙනස් කරන්න කියල බල කරනවා නම් ඒක කොහෙත්ම කළයුතු නැහැ .. සැකකරුවන්ට වධ හිංසා දෙන ඒක නවත්වන්න කියල බලපෑම් කරන එකට නම් මමත් විරුද්ධ වෙන්නේ නැහැ .(අ)

:       0       0

තරිඳු Sunday, 08 May 2016 12:37 PM

ජීඑස්පී සහනයද ලංකාවට දැන් ඕනෑ ලොකුම දේ? මේ ඔක්කොම ඉල්ලීම් ටිකට කැමතිවෙලා ගමු එහෙනම්. යුද්ධයක් තිබුණ රටකින් ඉල්ලන ඉල්ලීම් නම් නියමයි. මෙහෙම ගියොත් රටක් නම් ඉතුරුවෙන එකක් නැහැ අපේ දරුවන්ට (නි)

:       0       0

ගයාන් Monday, 09 May 2016 12:01 PM

මුලින්ම කරපු ඉල්ලීම් බලන්න ඔන.(අ)

:       0       0

අජිත් කරුණාරත්න Wednesday, 11 May 2016 03:35 AM

මේ කොන්දේසි වලින් එකකවත් රට දෙකට කඩන්නවත්, ඊළම දෙන්න කියලාවත් නැහැ. අනික ජීඑස්පී ප්ලස් අහිමි කළේ කලින් රජය කාලේ සිදුවූ මානව අහිමිකිරීම් වැරදි නිසා කියලා නේද කිව්වේ? (නි)

:       0       0

සේන Tuesday, 17 May 2016 08:29 AM

බලය සඳහා ඕනෑම පාවාදීමක් කරන්න සූදානම්ද? රටේ හා ජාතියේ ආරක්ෂාව අනතුරේ. (නි)

:       0       0

දේවි Monday, 09 May 2016 05:54 AM

නොකෙරෙන වෙදකමට කෝදුරු තෙල් හත් පට්ටයකුත් ටිකක් ඕනෑ කිව්වලු .අපි දැන් වසර කීපයක් ඕක නැතුව හිටියනේ .වත්මන් තත්වය උඩ ජි එස් ටි ප්ලස් දෙනවනම් දෙන්න කියන්න, *(බ)

:       0       0

බමුණු Monday, 09 May 2016 12:42 PM

හැබැයි ඒ වගේ අපරාද කරලා තියෙනවා නම් ඒවා අනුමත කරන්න අපිටත් බැහැයි ලු එතකොට අරන්තලා ඝාතනය, ශ්‍රීමහා බෝධිය ළඟ ඝතනය, දළදා මාලිගාවට බෝම්බ තැබීම ඇතුළු අනිකුත් ඝාතන කළ අය තුරුල් කර ගන්නද කියන්නේ. ඔබගේ අනුමතයෙන් අපට වැඩක් නැත සිංහල අපිට අපරාද කළ ත්‍රස්තවාදීන් පට්ට ගැසිය යුතුය (බ)

:       0       0

කුමාර් (ගල්ෆ්) Wednesday, 25 May 2016 09:18 AM

එතකොට ඇමෙරික එක්සත් ජනපදයේ හා බ්‍රිතාන්‍යයේ සෙබළු ඇෆ්ගනිස්ථානයේ හා ඉරාකයේ කරපු අපරාධ? මේවා කතාකරන්න කවුරුවත් නැහැ. වතුර පහත් තැනින්ම තමා ගලන්නේ. (නි)

:       0       0

කුමාර් (ගල්ෆ්) Wednesday, 25 May 2016 09:18 AM

එතකොට ඇමෙරිකාවේ හා බ්‍රිතාන්‍යයේ සෙබළු ඇෆ්ගනිස්ථානයේ හා ඉරාකයේ කරපු අපරාධ, මේවා කතාකරන්න කවුරුවත් නෑ, වතුර පහත් තැනින්ම තමා ගලන්නේ. (බ)

:       0       0

අනුර Wednesday, 11 May 2016 10:59 AM

අජිත් කරු නියම යු ඇන් පි කාරයෙක් හදවතින්ම පරම්පරාවෙන් ජාති භක්තිකත්වයෙන් යුතුව ඔහොම යමු ජයවේවා (බ)

:       0       0

බමුණු ආරච්චි Sunday, 08 May 2016 10:53 PM

මේවා කොහෙන් ආ යෝජනාද කියලා හිතාගන්න පුළුවන් නේද? අනේ අපි විහින් වැටුන වළක තරම. ජීඑස්පී ය ලැබුනේ සුනාමිය නිසා. ඊට කලින් ජීඑස්පී තිබුනේ නැහැ. එමනිසා දැනුත් ඒ වගේ වැඩ කරමු (නි)

:       0       0

බියංකා Sunday, 08 May 2016 10:57 PM

මට නම් තේරෙන්නේ නැහැ අනාගත ශ්‍රී ලංකාව මොන වගේ එකක් වෙයිද කියලා (නි)

:       0       0

ලයනල් මාරසිංහ Tuesday, 24 May 2016 04:50 AM

මෙහෙම අපරාධ මේ ආණ්ඩුව යටතේ සිදුවෙන්න ඉඩක් නැහැ. මේ බටහිර සුද්දෝ ඉටුකරන්නේ දෙමළ ඩයස්පෝරාවේ අවශ්‍යතාවයන්. අපි හැමෝම ඒක හොදින් තෙරුම් ගන්න ඕනා. ජීඑස්පී සහනය සුනාමි ව්‍යසනයෙන් පස්සෙ ලංකාවට ලැබුනු සහනයක්. ඊට කලින් අපේ රටේ ඇගලුම් කර්මාණ්තය තිබුනෙ නැද්ද?. ඇයි අපිට බැරි මේ උගුල් වලින් බේරිල කලින් කළා වගේ ඇගලුම් කර්මාන්තය කරගෙන යන්න . ජාතික ආදායම ඉතා සුළු ප්‍රතිශතයකින් වැඩිකරගන්න රට පාවා දෙන්න එපා. (බ)

:       0       0

ආසිරි Tuesday, 24 May 2016 11:03 AM

අපිට දෙයියන්ගේම පිහිටයි.(හේ)

:       0       0

ජාලිය Tuesday, 24 May 2016 11:03 AM

මෙම කොන්දේසි 58ට එකඟ විය නොහැකියි.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

රටේ සංසරණය වන මුදල් වලින් රුපියල් ට්‍රිලියනයක් බැංකු පද්ධතියට එන්නේ නැහැ
2025 අප්‍රේල් මස 11 432 0

වසරකට රට තුළ සංස්කරණය වන මුදල් වලින් අතිවිශාල ප්‍රමාණයක් බැංකු පද්ධතියට නොපැමිණෙන බවත්, එම මුදල් ආර්ථිකය වෙත ගෙන්වා ගැනීමට නම් ජනතාව ඩිජිටල් ගනුදෙනු


සූර්ය විදුලිය ජාතික පද්ධතියට නොගන්නවාට සූර්ය බලශක්ති කර්මාන්ත සංගමයේ දැඩි විරෝධය
2025 අප්‍රේල් මස 11 149 0

මෙරට සූර්ය බලශක්තිය මගින් නිපදවනු ලබන විදුලිය ඊයේ (10) සිට එළැඹෙන 21 වැනිදා දක්වා ජාතික විදුලිබල පද්ධතියට නොගැනීමට ලංකා විදුලි බල මණ්ඩලය ගෙන ඇති තීරණයට සූ


මාස 6 කට පසුව ඩොලරයේ විකුණුම් මිල රු.300 සීමාව පසුකරයි
2025 අප්‍රේල් මස 11 150 0

මාස 6 කට පසුව ප්‍රථම වතාවට ඇමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල ඊයේ (10) රුපියල් 300 සීමාව පසු කළේය. ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (10) නිකුත් කළ දෛනික විනිමය අනුපාතිකයට අන


වින්ඩ්ෆෝර්ස් මාලදිවයිනේ 366kWp සූර්ය බල ව්‍යාපෘතියේ වැඩ නිමකරයි
2025 අප්‍රේල් මස 11 140 0

මෙරට ප්‍රමුඛතම පුනර්ජනනීය බලශක්ති සමාගමක් වන වින්ඩ්ෆෝර්ස් පීඑල්සී සමාගම මාලදිවයිනේ කොකූන් දූපත්හිදි ආරම්භ කළ වහල මත පිහිට වූ සූර්ය බලශක්ති ව්‍යාපෘ


ජෙට්වින්ග් සමූහය රු. මි.356කට ඩ්‍රීම් බීච් රිසෝට් මිලට ගනී
2025 අප්‍රේල් මස 11 41 0

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හෝටල් සමාගමක් වන The Lighthouse Hotel PLC අම්බලන්ගොඩ පිහිටි ඩ්‍රීම් බීච් රිසෝට් හෝටලයේ සියයට 100ක කොටස් හිමිකාරීත්වය අත්පත් කරගත් බව


ව්‍යාපාර විශ්වාස පහළ ගිහින්
2025 අප්‍රේල් මස 11 25 0

ආර්ථිකයේ දිගු කාලීනව ඉහළ යෑමත් පැවැතිවත් එයට සාපේක්ෂව කෙටි කාලීනව පහත යෑමක් සිදුවුණු බව ප්‍රකට ව්‍යාපාරික සඟරාවක් වන එල්එම්ඩී වාර්තා කරයි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 348 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 261 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 414 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site