ජෝන් කීල්ස් ප්‍රොපටීස් විසින් VIMAN Ja-Ela ව්‍යාපෘතියේ 3 වැනි අදියර ආරම්භ කරන බව පසුගිය දා නිවේදනය කරන ලදි. ව්‍යාපෘතියට අදාළ අක්කර හයක භූමි භාගයෙන් සියයට 60 ක් පමණම විවෘතව සහ පරිසරය සමග ඒකාත්මිකව තැබීම මගින් VIMAN Ja-Ela ව්‍යාපෘතිය පරිසරය හා බැඳුණු නවීන ජීවන විලාසිතාවක් එහි පදිංචිකරුවන් වෙත පිරි නැමීමට සූදානමින් සිටියි.
3 වැනි අදියර සඳහා කාමර දෙකකින් සහ තුනකින් සමන්විත වන ලෙස තැනූ නිවාස ඇතුළත් නව නිවාස සංකීර්ණ ද්විත්වයක් ඉදිකිරීමට නියමිත අතර, එහි ජීවත් වන්නන්ට සංකීර්ණයේ මධ්‍යම උද්‍යානය මෙන්ම සුන්දර ජා ඇළ නගරයේ අපූර්වත්වය විඳ ගැනීමට අවස්ථාව හිමි වනු ඇත.
ජෝන් කීල්ස් ප්‍රොපටීස් හි වඩාත් සාර්ථකම ව්‍යාපෘතියක් ලෙස නම් ලබා ඇති මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ජෝන් කීල්ස් ප්‍රොපටීස් හි අංශ ප්‍රධානි සහ ජෝන් කීල්ස් සමූහයේ උප සභාපති වන ඉනෝක පෙරේරා මහතා මෙසේ පවසා සිටියේ.
“අපි VIMAN Ja-Ela ව්‍යාපෘතියේ අදියර 1 හා 2 හි සාර්ථකත්වය පිළිබඳව ඉතා සතුටට පත් වන්නෙමු. අප මෙම ව්‍යාපෘතියේ 3 වැනි අදියර ආරම්භ කරන්නේත් එම සතුටම පෙරදැරි කරගෙනයි. 2024 අගෝස්තු මස බිම සකසා අවසන් කොට මාස හයකට පසු මෙලෙස 3 වැනි අදියර ආරම්භ කිරීමට ලැබීම ගැන අපි ආඩම්බර වන්නෙමු. ජා ඇල නගරයේ හදවතෙහි පිහිටා ඇති මෙම ව්‍යාපෘතිය මගින් ජනතාවට සාමකාමී උසස් ජීවිතයක් ගත කිරීමට අවස්ථාව ලබා දෙන අතර කොළඹ නගරය වෙත ඉක්මනින් ගමන් කිරීමට ඇති හැකියාව මගින් VIMAN Ja-Ela ව්‍යාපෘතිය වෙළෙදපොළේ අති විශාල ඉල්ලුමක් ඇති කර තිබේ. එම නිසා මෙම ව්‍යාපෘතිය, හොඳ ආයෝජන අවස්ථාවක් ලෙස ජනතාව අතරට ගොස් ඇත. අපගේ අරමුණ අර්ධ නාගරික ජීවන විලාසිතාව ඊළඟ පියවරට ගෙන යෑම වේ.”
මෙරට ජංගම ගිණුම පසුගිය ජනවාරි මාසයට සාපේක්ෂව පෙබරවාරි මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 359 ක ඉහළ අතිරික්තයක් වාර්තා කර ඇති බවත් එය ප්‍රතිශතයක් ලෙස සියයට 1
ශ්රී ලංකාවේ ධීවර අංශයේ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ටින්මාළු අපනයන කිරීම ප්‍රථම වතාවට පසුගියදා ආරම්භ කළේය. මදුරන්කුලිය ”ඕෂන් ෆුඩ්ස්” කර්මාන්ත
රජයට අයත් බලපත්‍රලාභී විශේෂිත බැංකුවක් වන රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවට පළමු වතාවට ස්ථාවර පෙරදැක්මක් සහිතව BB(lka) ජාතික දිගුකාලීන වර්ගීකරණයක් ලබා දෙන බව
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හෝටල් සමාගමක් වන පෙගසස් හොටේල්ස් ඔෆ් සිලෝන් පීඑල්සී සමාගම සිය පූර්ණ හිමිකාරීත්වය පැවැති Equity Hotels Limited (EHL) හි එම හිමිකාරීත්
කොළඹ පාරිභෝගික මිල දර්ශකයකට අනුව පසුගිය මස (මාර්තු) මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය සියයට සෘණ 2.6 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
ශ්රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ලෙස හදුන්වන ‘සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය’ පසුගිය පෙබරවාරි මාසයේ දර්ශකාංක 55.6 ක් දක්වා ඉහළ ගිය බව ශ්‍රී ලංකා මහ බ
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ජෝන් කීල්ස් ප්‍රොපටීස් VIMAN Ja-Ela ව්‍යාපෘතියේ 3 වැනි අදියර ආරම්භ කරයි