IMG-LOGO

2025 අප්‍රේල් මස 10 වන බ්‍රහස්පතින්දා


ජපන් කාර් ලක්ෂ 5 ක් ආපසු

බි‍්‍රතාන්‍යයට අපනයන කළ මයික්‍රා වර්ගයේ මෝටර් රථ ලක්ෂ 5 ක් යළි ගෙන්වා ගැනීමට ජපානයේ නිසාන් මෝටර් රථ නිශ්පාදන සමාගම කටයුතු කරගෙන යන බව වාර්තා වේ.

මීට හේතුව ලෙස සමාගම සදහන් කරන්නේ මේ රථවල සුක්කානම ඉබේ ගැලවී රියදුරාගේ ‘‘අතට‘‘ පැමිණීමේ ගැටළුවක් ගැන වාර්තා වී ඇති හෙයින් ඒ පිළිබද සොයා බැලීමට සිය මෝටර් රථ නැවත කැදැවන බවයි.

මේ හා සම්බන්ධ සිදුවීම් කිහිපයක් දැනටමත් ජපානයේ සිදුව ඇති අතර අවදානමට පෙර සූදානම හොද හෙයින් මේ තීරණය ගත් බව නිසාන් සමාගම කියයි.

සුක්කානම සවිවීමට රුකුල් දෙන ඇණ මුරිච්චි හරි හැටි නැති සෙයක් පෙනෙන්නට ඇති බව දැනට සිදු කළ ඇති පරීක්ෂණ වලින් හෙළිව තිබේ.පාරිභෝගිකයන්ගේ ආරක්ෂාව ගැන සැළැකිලිමත් වන සමාගමක් හැටියට මේ ගැටළුවට ඉක්මනින්ම විසදුම් ලබාදෙන බව නිසාන් සමාගම පවසයි.



අදහස් (0)

ජපන් කාර් ලක්ෂ 5 ක් ආපසු

මිලින්ද Monday, 27 May 2013 02:33 PM

නිසාන් මයික්‍රා කියන්නේ ලංකාවේ තියන නිසාන් මාර්ච් රථය යුරෝපයට හදුන්වා දුන් නම.(නදී)

:       0       0

සරසි Thursday, 30 May 2013 06:24 PM

සුජාන් නියම සිංහලයෙක් වගේ, ඔයා පදින වාහනය මොකක්ද? ලුමාලා එකක්ද? (නි)

:       0       0

ටෙක්කා Sunday, 26 May 2013 08:34 PM

ගාමිණි-සිරි, රොබෝ තාක්ෂණය යොදාගෙන කරන නිෂ්පාදන වල නිරවද්‍යතාව මිනිසුන් යොදාගෙන කරන නිෂ්පාදන වලට වඩා බොහෝ වැඩියි. මෙයින් තාක්ෂණයේදී හඳුන්වන "හියුමන් එරස්" කියන වැරදි අඩුවෙනවා. මෙතන තියෙන්නේ වෙන ප්‍රශ්නයක් (නි)

:       0       0

ඉන්දික Wednesday, 29 May 2013 01:46 PM

තවම ඇමෙරිකන් සහ ජර්මන් කාර් වලට ගහන්න පුළුවන් වාහන නම් දැකලා නැහැ. ජපන් කාර් වලට කිලෝමීටර් ලක්ෂ 2 පැනපු ගමන් එන්ජින් හදන්න ඕනෑ. අමෙරිකන් සහ ජර්මන් චාර් වල කිලෝමීටර් ලක්ෂ 4 පනිනකම් දුවන්න පුළුවන් එන්ජින් හදන්නේ නැතුව. මම කිව්වේ මේක දන්නා නිසයි. (නි)

:       0       0

රංගි Monday, 27 May 2013 03:58 PM

අනේ අපිට මොකද අනේ ඕවා ‍කොහොම වුණහම? (නි)

:       0       0

සනත් Saturday, 25 May 2013 08:54 PM

මේක මේ මිස්ට බීන්ට හදාපු වාහනයක්ද කොහෙද? (නි)

:       0       0

හේමන්ත Wednesday, 29 May 2013 05:39 PM

වෙනත් රටවලත් ඔය මොඩ්ල් එක තියෙනවා. හැබැයි නම වෙනස්. නිශාන් මාර්ච් කියන්නෙත් ඕකම තමයි (නි)

:       0       0

ප්‍රීම් Saturday, 25 May 2013 03:41 AM

මේක වැරදීමක්. නිෂ්පාදන වරදක් නිවැරදි කිරීමක් (නි)

:       0       0

සංජු Saturday, 25 May 2013 01:50 PM

අපේ රටේ ඔය මොඩෙල් එන්නේ නැහැ. එක එක රටවල් වලට ගැලපෙන විදියට තම මොඩෙල් හදන්නේ. අපේ රටට ගෙනාවත් ඕක හදයි අපේ රටේ ඉන්න දක්ෂ මිනිස්සු.(නදී)

:       0       0

පහන් Sunday, 26 May 2013 02:28 PM

මම ජපානයේ වසර 10 පමණ වැඩකලා. වාහනයක කොටස් විවිද කර්මාන්ත ශාලවල නිපදවීම තමයි සිදුවෙන්නේ. උදාහරණයක් ලෙස සුබාරු මෝටරතයේ (සුබාරු යනු දෙවන ලෝක යුද්ධයට පෙර ගුවන්යානා සෑදු කොම්පනියයි දැන් ජපානයේ ගුවන් යානා හදන්නේ නැති නිසා ඔවුන් වාහන හදනවා ) ටේලයිට් ගනිමු මාස 4,5 අපේ කොම්පැනිය (අපි හැදුවේ ලයිට් විතරයි) සුබාරු වෙනුවෙන් මෝල්ඩ් හයිකරලා වැඩකරනවා. ඉන්පසුව ඒ මෝල්ඩ් ගලවලා වෙන මෝල්ඩ් එකක් හයිකරලා නිසාන් කොම්පැනිය වෙනුවෙන් ටේලයිට් ගහනවා. යම් හෙයකින් අහබු ලෙස පරීෂාකර තත්වයට වඩා අඩු කොලිටියකින් යුතු ටේ ලයිට් එකක් හමුවුවහොත් මුළු නිෂ්පාදනය කල කන්ටෙනරයම හෝ දෙක ආපසු ගෙන්වා විනශ කිරීම ජපනුන්ගේ සිරිතයි .ඔඩර් එකක් ආපහු ආපු දාට අපි ඉවරයි.(නදී)

:       0       0

චාමර Monday, 27 May 2013 11:15 AM

අයියෝ සල්ලි

:       0       0

පෙරේරා Thursday, 30 May 2013 03:10 PM

ඔයින් කීයක් ලංකාවට ගොඩබායිද දන්නේ නැහැ. (ස)

:       0       0

දයා අළහකෝන් Saturday, 25 May 2013 02:30 PM

මේක ලංකාවට එවන්න තිබුන එකක්. වැරදීමකින් එංගලන්තයට ගිහිල්ලාද කොහෙද? (නි)

:       0       0

සුජාන් Thursday, 30 May 2013 10:55 AM

වරුණ මයික්රා සහ මයික්‍රෝ දෙකේ වෙනස දන්නේ නැතුව එනවා මෙතන දොඩවන්න. සිංහලත් බැරිද? (නි)

:       0       0

චතුරංග Thursday, 30 May 2013 06:28 AM

මේක අපේ පංචිකාවත්තේ සෙට් එකක වැඩක් වද්ද?ඒ අය වාහන ලගින් ගියත් කෑලි ගැලවෙනවනෙ.. (නි)

:       0       0

විරාජ් කාලිංග Sunday, 26 May 2013 03:16 PM

මේක සාමාන්‍ය දෙයක්. ඔය වගේ වැඩ ඕනෑ තරම් වෙනවා. නිෂ්පාදන දෝෂ අවම ඒවා හරි ගස්සල දෙනවා (නි)

:       0       0

වසන්ත Monday, 27 May 2013 12:56 AM

නිසාන් වාහන කවදත් ඔහොමමයි (නි)

:       0       0

පාල Friday, 24 May 2013 07:37 PM

ලංකාවෙන් නම් කවදාවත් ගෙන්වා ගන්නේ නැතිවෙයි. ඇයි ලංකාවේ නැහැනේ 'බ්‍රෑන්ඩ් නිව්" වාහන. තියන තරමක් තියෙන්නේ එහෙ අයින් කරන 'සෙකන්ඩ් හෑන්ඩ්' වාහන. ඉන්දියාව නම් මලාට ගෙන්වා ගන්නේ නැතිවෙයි.(නදී)

:       0       0

දමිත් Wednesday, 29 May 2013 03:05 PM

බැලුවම පරණ වොක්ස්වැගන් එකක් වගේ පෙනුනට වැදුනොත් පපඩමකටත් වැඩිය කුඩු වෙන වාහනයක්. පදිනවන්ම් මරණ සහතිකය අරගන්න බලන් ලංකාවේ පදින්න.(ස)

:       0       0

නාමල් Wednesday, 29 May 2013 07:55 PM

අනේ ඔයාලත් මම වගේ ලම්බෝගිනියක් ගත්තනම් ඔය කරදර නැනේ. රුන් ගාල යන්න තිබුන.(නදී)

:       0       0

මිහිර Friday, 24 May 2013 08:32 PM

ඉතා හොදයි.(නදී)

:       0       0

සිරී Saturday, 25 May 2013 04:34 PM

අතීතයේ කෙතෙකුත් තිබුනද සුක්කානම ගලවන් අරන් යන්න පුළුවන් වාහන.(නදී)

:       0       0

ඩිල්ශානි Tuesday, 28 May 2013 01:06 AM

නිසාන් ජූක් මොඩල් එකෙත් ලෙඩ. (නි)

:       0       0

තරිඳු Sunday, 26 May 2013 10:29 AM

ඔව්වා ඔහොම තමයි ඉතින් කාටත් වරදිනවා.(නදී)

:       0       0

ශම්මික Friday, 31 May 2013 12:49 AM

සුක්කානම අතට එනවා නම් අනිත් ඒවා ගැන මොන කතාද? (නි)

:       0       0

සුරංග Saturday, 25 May 2013 10:09 AM

දැන් බලාගෙන යනකොට අලුතෙන් එන වාහන ලෙඩ ගොඩවල් නේ. (නි)

:       0       0

චන්ද්‍රසිරි Tuesday, 28 May 2013 03:13 AM

මදැයි ඉදලා ඉදලා වාහනයක් ගත්තා (නි)

:       0       0

කින් බෙනට් Friday, 24 May 2013 09:20 PM

අනේ ඇයි එහෙම කියන්නේ? මේ වෙනකම් කිසි වාහනයක සුක්කානම ගැලවිලා අතට ඇවිල්ල නැහැ. මේ කියන වාහන 2002 - 2006 අතර හදල යුරෝපෙට ඇරපු වාහන වගයක්. වෙන කිසිම රටකට මේ මොඩලය ඇරලා නැහැ.රියදුරන් කීප දෙනෙක්ගෙන් සුක්කානම බුරුල් කියලා ලැබුන පැමිණිලි කීපයකට ප්‍රතිචාර වශයෙන් තමයි මෙහෙම කරන්න තීරණය කරලා තියෙන්නේ. (නි)

:       0       0

ශෙහාන් Thursday, 30 May 2013 05:08 PM

ඔය වාහන ජපානයට ගෙන්නන්නේ නැහැ. සුක්කනම් දෝෂය ඒ රටේදීම අදාල ඒජන්සිය හරහා නොමිලේම කරලා දෙනවා. මේ හේතුව නිසා කිසිම අනතුරක් තවම වාර්තාවෙලා නැහැ.අනතුරට පෙර සුදානමක් (නි)

:       0       0

නුවන් Wednesday, 29 May 2013 09:38 PM

ලංකාවට එවනකොට සුක්කානම නැතුව එව්වත් කමක් නැහැ.අපේ අය කොහොම හරි පදවායි. හැබැයි නලාව නැතුව එවන්න එපා. එතකොට අපේ අයට පදින්න බැහැ. (නි)

:       0       0

නිශ්ශංක Thursday, 30 May 2013 01:05 PM

මම දන්නා විදිහටනම් එංගලන්තයට අවශ්‍ය වාහන එංගලන්තයේදිමයි එකලස් කරන්නේ. රටේ මාර්ග නීතිවලට ගැලපෙන විදිහට.පුද්ගලිකව ආනයන කලොත් එම වෙනස්කම් නොකර වාහනය නිදහස් කරගත නොහැකියි. එනම් ටයර් හොර්න් ලයිට් මීටර් පුවරු සහ ආරක්ෂක පද්ධති (නි)

:       0       0

රංජනී Tuesday, 28 May 2013 01:26 PM

ඔය වාහන ටික මෙහෙටම එව්ව එකෙන් හොරේ අහු වුණේ.මෙහෙ මිනිස්සු කැමති නැහැනේ ලෙඩ දාගන්න. ලංකාවට යැව්වා නම්? ඔන්න ඇමති කෙනක් යටි මඩියක් ගහලා කියලා ඔහේ තියාගන තවත් මිනිස්සු ටිකක් හප්පලා මරාවි. (නි)

:       0       0

දයානන්ද Sunday, 26 May 2013 12:02 PM

ලක්ෂ පහම ලංකාවට එවන්න.ලංකාවට ගැලපෙන වාහනයක්. මාර්ග තදබදය ඉක්මනින්ම අඩුකරන්න හොදම විසදුමක්. (නි)

:       0       0

වරුන Monday, 27 May 2013 08:01 AM

මේ ලගකදී ඉදන් ජපනගෙන් ගොඩක් අත් වැරදීම් වෙනවා වගේ ? මීට කලිනුත් විකුනපු වාහන ලක්ස ගානක් ගෙන්න ගත්තා නේද ආපහු? අනික මම මේ අහන්නේ දන්නේ නැති නිසයි මයික්‍රෝ වාහන හදන්නේ ජපානේද කොරියාවේද?(නදී)

:       0       0

අල්විස් Friday, 24 May 2013 10:03 PM

බුදු අම්මෝ.(නදී)

:       0       0

නීල් Saturday, 25 May 2013 11:13 AM

ලෝකේ බොහෝරටවල සුක්කානම් අනාදිමත් කාලෙක සිටම ගැලවිලා එංගලන්තේ අතට ගිහින්. දෙවෙනි ලෝක යුද්ධෙන් පස්සේ ජපානේ සුක්කානමේ ඉරණමත් ඒකම තමයි. (ස)

:       0       0

චන්ද්‍රා-ඇමරිකාව Saturday, 25 May 2013 06:45 PM

ඔටෝ ඩ්‍රයිවින්, අලුත්ම ක්‍රමයක්, ලංකාවට ගැලපෙනවා.(නදී)

:       0       0

ජෝන් Thursday, 30 May 2013 08:58 AM

දෙයියෝ සාක්කි

:       0       0

ගුවන් Thursday, 30 May 2013 09:02 AM

බොහොම හොඳයි (අ)

:       0       0

සනත් Friday, 24 May 2013 10:32 PM

ජපන් වාහන වල අඩුපාඩු තියෙනවා. යුරෝපිය වාහන තරම් උසස් මදි (නි)

:       0       0

ගාමිණී-සිරි Friday, 24 May 2013 10:43 PM

යනත්‍රානුසාරයෙන් රොබෝලා මගින් කරන කාර්මික කටයුතු වලදී මෙවැනි අඩු පාඩුකම් හා දෝෂ ඇතිවෙනවා. ඔය වැඩේට කාර්මික පිරිසක් අදාල රටට ඇරලා වරද නිවැරදි කරලා දුන්නානම් ඉවරයිනේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

අවුරුදු නැකත් දැන ගන්න සූර්යයා වෙතින් කේතයක්
2025 අප්‍රේල් මස 10 63 0

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.


ආර්ථිකය ධනාත්මක වුවත් තවමත් අවදානමක් - ADB
2025 අප්‍රේල් මස 10 67 0

පසුගිය වසරේ සියයට 5 ක ආර්ථික වර්ධනයක් වාර්තා කළ ශ්‍රී ලංකාව එම ප්‍රවණතාව අඛණ්ඩව ඉදිරියට ගෙන යනු ඇති බවත් මෙරට ආර්ථිකය මෙම වසරේදී සියයට 3.9 ක සහ ලබන වසරේ සි


පරාටේ නීතිය දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කරයි
2025 අප්‍රේල් මස 10 27 0

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට නැවත පණක් ලබාදීම සඳහා පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් ලබාදී තිබූ සහන කාලය එළැඹෙන දෙසැම්බර් මස 31 වැනිදා දක


සංචාරක ආයතන එක්කර ජාතික සංචාරක කොමිෂන් සභාවක්
2025 අප්‍රේල් මස 10 41 0

සංචාරක කර්මාන්තයට සම්බන්ධ විවිධ ආයතන ඒකාබද්ධ කර ගනිමින් ජාතික සංචාරක කොමිෂන් සභාවක් පිහිටුවීමට ඉදිරියේදී කටයුතු කරන බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුව


හේලීස් DIMO හි සියයට 10.83ක කොටස් මිලට ගනී
2025 අප්‍රේල් මස 10 48 0

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හේලීස් සමූහය (Hayleys PLC) ඩීසල් ඇන්ඞ් මෝටර් ඉන්ජිනියරින්ග් පීඑල්සී හෙවත් DIMO සමාගවේ සමස්ත කොටස් හිමිකාරීත්වයෙන් කොටස් 999,344ක්


CEAT සමාගමෙන් රු.බි. 4ක ආයෝජනයක්
2025 අප්‍රේල් මස 10 15 0

මෙරට ප්‍රමුඛතම ටයර් සන්නාමයක් වන CEAT සන්නාමය හිමි සියැට් කැලණි හෝල්ඩිංග්ස් (පෞද්) සමාගම මෙරට තුළ සිය නිෂ්පාදන යටිතල පහසුකම් තවදුරටත් යාවත්කාලීන කිරීම ස


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 78 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 401 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 914 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site