IMG-LOGO

2025 අප්‍රේල් මස 08 වන අඟහරුවාදා


ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධන වැඩසටහනක් නුවරඑළියේදී

නිමල කොඩිතුවක්කු


ඩිජිටල් ගනුදෙනුවලින් අනාගතය හැඩගන්වමු මැයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව සංවිධානය කරන ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධන වැඩසටහනේ මීළඟ අදියර නුවරඑළයේදී ලබන 22 සහ 23 යන දිනවලදී පැවැත්වේ.

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම වැඩසටහන සඳහා බැංකු, මූල්‍ය සමාගම් සහ විදුලි සංදේශ සමාමේ වැනි විද්‍යුත් මුල්‍ය සේවා සපයන්නන් අතුළු ජංගම ගෙවීම් යෙදුම් සේවා සපයන්නන් (Mobile Payment Apps Service Providers ) මෙන්ම ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ද සහභාගී වීමට නියමිතය.

මහජනතාවට ඔවුන්ගේ දෙනික අවශ්‍යතා සදහා මුදල් භාවිතය වෙනුවට ආරක්ෂිතව, පහසුවෙන් සහ අඩු වියදමකින් යුතුව ඩිජිටල් ගෙවීම් කිරීමට හැකියාව ඇති ජංගම ගෙවීම් යෙදුම් සඳහා ලියාපදිංචි වීමට මෙමගින් පහසුකම් සැලසේ.

මෙම වැඩසටහනට සහභාගී වන වෙළෙදුන්ගෙන් LANKAQR ගෙවීම් ක්‍රමය භාවිත කර මිල දී ගන්නා භාණ්ඩ සහ සේවා සඳහා සුවිශේෂී වට්ටම් ලබා දෙනු ඇත.

නව ඩිජිටල් ගෙවීම් ක්‍රමවේද පිළිබඳව සිය දැනුම්වත්භාවය වැඩි කරගැනීමට සහ ජංගම දුරකථන භාවිත කර ඩිජිටල් ගෙවීම් සිදු කරන ආකාරය පිළිබඳව ගෙවීම් යෙදුම් සේවා සපයන්නන්ගෙන් ඍජුවම සහය ලබාගැනීමට ද මෙම ස්ථානයේදී හැකියාව ලැබෙනු ඇත.

වැඩසටහනට සහභාගී වන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවට ආරාධනා කරයි. 

 



අදහස් (0)

ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධන වැඩසටහනක් නුවරඑළියේදී

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

ප්ලාස්ටික් බෝතල්වලට මුදල් දෙන ‘ඩිජිටල් යන්ත්‍රයක්‘
2025 අප්‍රේල් මස 08 2004 5

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ඉවත දමන ‘ප්ලාස්ටික්’ ගැටලුවට පිළියමක් ලෙස ප්ලාස්ටික් බෝතල් ඇතුළු ඉවත දමන බෝතල් වර්ග දමා මුදල් ඉපයියහැකි ඩිජිටල් යන්ත්‍රය


ප්‍රතිපත්ති සම්පාදනයේදී අඛණ්ඩ විචක්ෂණශීලිභාවය අවශ්‍යයි
2025 අප්‍රේල් මස 08 34 0

ඇමෙරිකා එක්සත් ජනපදය විසින් යෝජිත තීරු බදු පැනවීම සහ එයින් ඇති විය හැකි වක්‍රාකාර බලපෑම් හේතුවෙන් විදේශීය අංශයේ සහ පුළුල් ආර්ථිකයේ ඉදිරි දැක්මට අහිත


අයි.එම්.එෆ් නියෝජිතයෝ ජනපති හමුවෙති
2025 අප්‍රේල් මස 08 21 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සිව් වැනි සමාලෝචනයට අදාළ සාකච්ඡාවක් අද සාර්ථකව පැවති බව ජනාධිපති කාර්යාලය පවසයි.


කොටස් වෙළෙඳපොළේ දරුණු කඩා වැටීමක්
2025 අප්‍රේල් මස 08 30 0

කොළඹ කොටස් හුවමාරුවේ දර්ශක අගයක් ඊයේ දිනයේදී දරුණු කඩා වැටීමක් පෙන්නුම් කළේය. එහිදී ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රීලංකා 20 දර්ශකය පෙර දිනයට සාපේක්ෂව ස



පළමු කාර්තුවේදී රුපියල් කෝටි 6100 ක වාර්තාගත සුරා බදු ආදායමක්
2025 අප්‍රේල් මස 08 20 0

මේ වසරේ පළමු කාර්තුවේදී රුපියල් කෝටි 6100 ක වාර්තාගත සුරා බදු ආදායමක් උපයාගෙන ඇතැයි සුරා බදු කොමසාරිස් ජනරාල් යූ. එල්. උදය කුමාර පෙරේරා මහතා පැවසීය. සුරා බ


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 704 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 583 1
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 1032 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

Our Group Site