දකුණු ආසියානු කෘෂි සංසදයේ (South Asia Agri Forum) තෙවැනි සැසිය ජනවාරි 15-16 කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්වේ. දකුණු ආසියානු හා අනෙකුත් කලාප නියෝජනය කරන නායකයන්, විශේෂඥයන්, ව්‍යාපාරිකයන් ඇතුළු පාර්ශ්ව රැසක් සහභාගී වන මෙහිදී කෘෂි-ආහාර ක්ෂේත්‍රයට අදාළ ප්‍රධාන ගැටලු සාකච්ඡා කෙරේ. Bharat Subcontinent Agri Foundation ශ්‍රී ලංකා රජය සමග සංවිධානය කරන මෙම සැසියේදී කලාපීය සහයෝගීතාව වර්ධනය කිරීම, ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම, කෘෂි වෙළෙඳාම ඉහළ නැංවීම වැනි කරුණු පිළිබඳව අවධානය යොමු කෙරේ.
“Global South for Global South (GS2)” යන තේමාව මුල් කර ගෙන පැවැත්වෙන මෙම සැසියේදී ආයෝජන අවස්ථා ප්‍රවර්ධනය සහ ධාන්‍ය, සහල්, සීනි, මාංශ බෝග, කුළුබඩු, උද්‍යාන අලංකරණ, ධීවර හා වැවිලි වැනි ක්ෂේත්‍රවලට අදාළ අන්තර් කලාපීය වෙළෙඳ කටයුතු පුළුල් කිරීම සඳහා වන අවස්ථාද සාකච්ඡා කෙරේ.
කර්මාන්ත විශේෂඥයෝ, ප්‍රධාන පෙළේ රාජ්‍ය නිලධාරීහු, ව්‍යාපාරිකයෝ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සිංගප්පූරුව, ඕස්ට්‍රේලියාව, කැනඩාව, එක්සත් රාජධානිය වැනි රටවල් රැසක නියෝජිතයෝ ඊට සහභාගී වෙති. එහි න්‍යාය පත්‍රයට ඉහළ පෙළේ සාකච්ඡා, රජයන් අතර උපායමාර්ගික ගිවිසුම් සහ ආරම්භක මට්ටමේ පවතින කලාපීය කෘෂි-ආහාර තාක්ෂණ ව්‍යාපෘති දිරිමත් කිරීම සඳහා වන සමුළුවක්ද ඇතුළත් වේ. මෙම සැසියෙන් ගෝලීය කෘෂි-ආහාර ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාවට හිමි ස්ථානයේ වැදගත්කම පිළිබිඹු වන අතර, නව ව්‍යාපාර අවස්ථා ඇති කිරීම, ආයෝජන අවස්ථා උදා කර ගැනීම සහ තිරසාර කෘෂි-වෙළෙඳ ප්‍රතිපත්ති ඇති කර ගැනීම සඳහා වන ශ්‍රී ලංකාවේ දැක්ම සාක්ෂාත් කර ගැනීමටද එය ඉවහල් වේ. 2023දී මෙම සැසිය නේපාලයේ කත්මණ්ඩු නුවරදී සහ 2024දී තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැත්විණි. රටවල් 20කට වැඩි සංඛ්‍යාවක් නියෝජනය කරමින් 1,000කට අධික ව්‍යාපාර නායකයෝ ඊට සහභාගී වූහ.
රුපියල් ට්‍රිලියන 4 ඉක්මවූ මෙරට විශාලතම විශ්‍රාමික අරමුදල වන සේවක අර්ථ සාධක අරමුදල විධිමත්ව කළමනාකරණය කිරීම සඳහා මෙම වසරේදීත් ඉන් ඉදිරියටත් පියවර රැ
“Gem Sri Lanka - 2025” මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිනමන් බෙන්තොට බීච් හෝටලයේදී ඊයේ (08) පෙරවරුවේ ආරම්භ වි
මෙරට ආර්ථිකය පසුගිය වසරේදී සියයට 5 කින් වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පුරෝකථනය කර ඇති බවත්, එය මෙරට ආර්ථිකය වසර හතකට පසු වර්ධනය වූ වැඩිම ප්‍රතිශත
ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය 2024 වසරේදී දේශීය විදේශ විනිමය වෙළෙඳ පොළෙන් මිලදී ගත් සම්පූර්ණ ඩොලර් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 2.8ක් ඉක්මවන බව මහ බැංක
බ්‍රැන්ඩික්ස් සමාගමේ හවුල්කාර සමාගමක් වන FUSION APAREL (PVT) LTD ආයතනය නව ඇඟලුම් ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සදහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමඟ ගිවිසුමක් අත්සන් කළේය.
මෝටර් රථ අමතර කොටස් අෙලවියේ දීර්ඝ කාලයක් කටයුතු කරන සමන් පෙරේරා පිය ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යන්නේ පංචිකාවත්තේය.
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
දකුණු ආසියානු කෘෂි සංසදයේ තෙවැනි සැසිය ලබන 15-16 කොළඹදී