කරන්දෙණිය - එම්. සුසිල් ප්‍රියන්ත
අපේ රට දියුණු කිරීමට නම් ඩොලර් අවශ්‍යමය. රටට ඩොලර් ගලා එන ව්‍යාපෘති අවශ්‍යමය. වෙන කාලවලදීට වඩා මෙකල ඩොලර් එන ව්‍යාපෘති ආරම්භ කිරීම කාලෝචිතය. නැතහොත් ඩොලර් සංචිත හීන වී නැවත වරක් රට බංකොලොත්වී යමේ අවදානමක් නිර්මාණයවීමට ද ඉඩ තිබේ. එහිදී රටට ඩොලර් එන අලුත් අලුත් ව්‍යාපෘති ආරම්භ කිරීම ඉතා යහපත් වෑයමකි. එම ව්‍යාපෘතිවලට අතදීම රජයේ යුතුකමකි, වගකීමකි.
විදෙස් රටවල් සඳහා අපනයනය කිරීමට විසිතුරු මසුන් ඇති කිරීමද දකුණට අලුත්ම අලුත් ව්‍යාපෘතියකි. මේ අලුත් ව්‍යාපෘතියට පණ පෙවීමට දකුණේ දිරිමත් ඇත්තෝ පෙරට ආහ. ඔවුහු තමන් ගැන මෙන්ම රට ගැන සිතා මේ අලුත් ව්‍යාපෘතියට අත දැමූහ. ඒ වෙනුවෙන් කාලය, ශ්‍රමය සහ ධනය කැප කළහ. එහි ප්‍රතිඵලද ඔවුහු භුක්ති වින්දාහ. යහපත් ප්‍රතිඵල භුක්ති විඳිමින් සිටි විසිතුරු මසුන් ව්‍යාපෘතියට අද කණ කොකා හඬා ඇතැයි ද කියති. අදාළ වගකිව යුත්තන් මේ පිළිබඳව සොයා නොබැලීමත් සමගම එම ව්‍යාපෘතිය නැවතී ඇති බව එම ව්‍යාපෘතියට පණ පෙවූ දකුණේ අය කියති.
විසිතුරු මසුන් ඇති කිරීම ලංකාවේ කොතරම් දුරට ප්‍රචලිතවී ගියාදැයි කිවහොත් ඒ වෙනුවෙන් වෙනමම සංවිධානයක් ද බිහිවිය. එය ලංකා විසිතුරු මසුන් ඇති කිරීමේ සංවිධානය නම් විය. එහි සභාපති වූවේ අම්බලන්ගොඩ රුවන් ප්‍රසාද් මහතාය. මේ රුවන් ප්‍රසාද් මහතා සිය අලුත් ව්‍යාපෘතියට අද අත්වී ඇති ව්‍යසනය පිළිබඳව දැක්වූ අදහස්ය:- විසිතුරු මසුන් ඇති කිරීමේ කර්මාන්තය ලංකාවේම තිබුණේ සියයට තුනක පමණ අඩු ප්‍රතිශතයක්. ඒ තරමටම මේ කර්මාන්තය ලංකාවේම ව්‍යාප්ත වෙලා නැහැ. එහෙත් මේ මසුන් ඇති කිරීමට අවශ්‍ය පරිසරය ලෝකයේ රටවල්වලින් වඩාත්ම යෝග්‍ය පරිසරය තිබෙන්නේ ලංකාවේ. විශේෂයෙන්ම මේ මාළුන්ට අවශ්‍ය වතුර කොහෙන්වත් ගේන්න ඕන නැහැ. අපේ රටේම වතුර ඊට ඉතාම යෝග්‍යයි. උෂ්ණත්වයත් යෝග්‍යයි. මේ මොකවත් නැති මාලදිවයින විසිතුරු මත්ස්‍ය කර්මාන්තයෙන් අප ආසන්නයේ තියෙන රටවල්වලින් පෙරටම ඇවිල්ලා තියෙනවා. මාලදිවයින කියන්නේ මේ මසුන් ඇති කරන්න අවශ්‍ය පරිසරය අවම මට්ටමකින්වත් නැති රටක්. වතුර මුහුදු වතුර. එහෙත් මාලදිවයින මේ මසුන් ඇති කරන්න අවශ්‍ය වතුර පවා ගන්න විශාල මහන්සියක් දරනවා. මේ මොකුත් නැතිව අපිට සියලු දේම නොමිලයේ ලැබෙන ගමන් මේ කර්මාන්තය කරගෙන යන්න බැහැයි කියන එක ලැජ්ජාවට කරුණක්.
හොඳ ලාබයක් ගන්න පුළුවන්කම තිබූ කර්මාන්තයක්. රටට ඩොලර් තොගපිටින් පොම්ප කරන වැඩක්. රජයේ අවධානයක් නැතිව විනාශ වුණු ව්‍යාපෘතියක්. මම මගේ අතේ තිබුණු සියලුම මුදල් යොදවලා ටැංකි හදා මා මේ අලුත් ව්‍යාපෘතිය ආරම්භ කළා. මාළුත් ඇති කළා. මාළු අපනයනකරුවන් ඇවිත් අපේ මාළු මුදල්වලට අරන් ගියා. අපිටත් සතුටුයි. පර්ස් එකටත් වාසියි. මේ ව්‍යාපෘතිය ටික කාලයක් සාර්ථකව කරගෙන ගියා. කාලයක් යද්දී මාළු අපනයනකරුවන් අපේ මාළු සාධාරණ මිලකට ගත්තේ නැහැ. අපි දරන පිරිවැයටවත් සරිලන මුදලක් ඒ අය දුන්නේ නැහැ. අදාළ බලධාරීන්ගේ මුනිවත රැකීම හමුවේ අපිට මේ ව්‍යාපෘතිය නතර කර දමන්න සිද්ධ වුණා.
අපේ ටැංකිවල මාළු දේශීය කර්මාන්තකරුවන්ට විකුණන්න සිද්ධ වුණා. ඒ අයත් අපේ නිෂ්පාදන අඩු මුදලට ගන්න උත්සහා කළා. ඉතාම සොච්චම් මුදලකට. දෙන්න කෙනෙක් නැති වුණා. මාළු ටැංකිවල කැලෑව වැවුණා. ඒ සඳහා ප්‍රයෝජනයට ගත් බිමෙන් ප්‍රයෝජනයක් නැතිව ගියා. පස්සෙදී ටැංකි කඩලා එම ස්ථානවල කෙසෙල් පැළ දැම්මා.
මාත් එක්ක මේ කර්මාන්තයට ආපු අයත් මාළු ටැංකි වහලා දාලා. ඒ අය මේ කර්මාන්තය යට කරපු සල්ලිත් ඉවරයි. මේ කර්මාන්තය මෙහෙම අතහැරලා දැමිය යුතු කර්මාන්තයක් නෙමෙයි. හොඳ විදෙස් වෙළෙඳපොළක් තියෙන කර්මාන්තයක්. මේ කර්මාන්තය ව්‍යාප්ත කළොත් රටේ විරැකියාවෙන් හතරෙන් එකක් පමණ නැති කරන්න පුළුවන්. රටේ හොඳ නිෂ්පාදන ආර්ථිකයක් හදන්න පුළුවන්.
නව රජයේ වත්මන් වෘත්තීය අධ්‍යාපන නියෝජය අමාතය නලින් හේවගේ මහතා බලයට පත්වෙන්න කලින් මගේ විසිතුරු මසුන් ඇති කිරීමේ ව්‍යාපෘතිය දැකලා සුබ පැතුවා. එතුමන්ලා බලයට පැමිණියාම මේ ව්‍යාපෘතිය දියුණු කරන්න කළ හැකිදේ කරනවත් කිව්වා. ගාලු දිසාවේම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරමුයි කියලත් කිව්වා. එහෙත් දැන් කෝල් එකකටවත් එන්නේ නැහැ.
විසිතුරු මසුන් ඇති කරන්නන්ගේ සංගමයේ ලේකම්වරයා සිටිනුයේ හික්කඩුවේ සීනිගමය. ඔහු සුසන්ත ප්‍රීතිලාල් මහතාය. ඔහු මේ කර්මාන්තය පිළිබඳව දැක්වූ අදහස්ය.
මම තාමත් විසිතුරු මසුන් ඇති කිරීමේ කර්මාන්තය කරගෙන යනවා. විවිධ බාධක කම්කටලු මධ්‍යයේ තමයි මේ කර්මාන්තය කරගෙන යන්නේ. එදා මහා පරිමාණයෙන් මම මේ කර්මාන්තයට අනුගත වෙලයි සිටියේ. දැන් බොහෝම කුඩාවටයි කරගෙන යන්නේ. එදා හොඳ ආදායමකුත් ගත්තා. එයින් හොඳ තෘප්තියකුත් ලැබුවා. මේ කර්මාන්තය කරගෙන යාමට ලංකාවේ හොඳම පරිසරය තියෙන්නේ. දකුණු පළාත විශේෂයි එයිනුත්, ගාලු දිසාව ප්‍රධානයි. ඒකයි එදා මේ කර්මාන්තය ලංකාවෙන්ම ගාලු දිසාවේ ව්‍යාප්ත වෙන්න එකම හේතුව.
ලංකාවට කොරෝනා එන්න කලින් දකුණේ විසිතුරු මසුන් ඇති කිරීමේ කර්මාන්තය ඉතා ප්‍රශස්ථ මට්ටමක තිබුණා. ඒ වෙනුවෙන් අපි දිරිමත් වුණා. මාළු අස්වැන්න වැඩි කළා. වැඩි කරන මාළු අස්වැන්න ළඟටම ඇවිල්ලා අරගෙන ගියා. අපේ අතමිට සරු වුණා. ඒ වෙනුවෙන් සේවකයන් පවා සමහරු ගත්තා. ඒකෙන් කිහිපදෙනකුටම රැකියා හම්බවුණා. පවුල් රැසකම බඩ ගින්න නිවුණා. මේ කර්මාන්තයෙන් කීදෙනක් ජීවත් කරන්න පුළුවන්ද?
කොරෝනාත් එක්කම මේ කර්මාන්තයට විශාල කඩා වැටීමක් සිද්ධවුණා. මාළු අපනයනකරුවන්ට අපේ විසිතුරු මසුන් ගන්න එන්න බැරි වුණා. එහෙත් දැන් කොරෝනා ව්‍යසනය ඉවර වෙලා අවුරුදු කිහිපයක් වෙනවා. දැන් පුළුවන් මේ කර්මාන්තය ආයෙත් නැගිට්ටන්න. අපි කියන්නේ නව රජයේ අවධානය මේ කර්මාන්තයට යොමු නොවුණහොත් දකුණේ ඉතිරි විසිතුරු මසුන් වගා කිරීමේ කර්මාන්තයත් නැතිවෙලා යාවී. එතෙක් බලා නොසිට යමක් කළොත් හරි වටිනවා. එතකොට දකුණේ විසිතුරු මත්ස්‍ය වගාවෙන් ලංකාවට ඩොලර් මළු ඒවී.
දීපාල් ගුණසේකර මහතා:-
මම විසිතුරු මසුන් ඇති කිරීමේ කර්මාන්තය නව ආකාරයකින් කරගෙන යන කෙනෙක්. විසිතුරු මසුන් වගා කරන ගමන්ම විසිතුරු මසුන් නිවෙස්වල, හෝටල්වල ලස්සනට ඇති කරන අයට අවශ්‍ය විසිතුරු මසුන් විතරක් නෙමෙයි මසුන්ට අවශ්‍ය කෑම ටිකේ පටන් මසුන් ඇති කරන ටැංකි, ජල කලතන මැෂින් වගේ අයිටමුත් අලෙවි කරනවා. මට අවශ්‍ය විසිතුරු මසුන් ලබාදෙන තැන් කිහිපයක්ම තියෙනවා. වැඩි හරියක්ම තියෙන්නේ ගාලු දිසාවේ ගම්වල. ඒ අය අපිට විසිතුරු මසුන් ගෙනත් දෙනවා. නැත්නම් අපි ගිහිල්ලා මිලදීගෙන රැගෙන එනවා. දැනට යම් මට්ටමකට මේ කර්මාන්තය කරගෙන යනවා.
අපේ විසිතුරු මසුන් ඇති කිරීමේ කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ලවුණේ කොරෝනා ව්‍යසනයත් එක්ක. එය පවත්වාගෙන යන ගොඩනැගිල්ලට කුලිය, වතුර බිල්, විදුලි බිල්, සේවකයන්ගේ වැටුප්, විසිතුරු මසුන්ට කෑම ආදී දේවල් ආදායමක් නැතිවත් ගෙවන්න වුණා. එතනදී විශාල වශයෙන් කර්මාන්තය කඩා වැටුණා. මේ කර්මාන්තය අනිවාර්යයෙන්ම දියුණු කරන්න පුළුවන්. තවත් අයට රස්සා දෙන්න පුළුවන්.
විසිතුරු මසුන් ඇති කිරීමේ කර්මාන්තය දීපව්‍යාප්තව කරන්න පුළුවන් දෙයක්. අම්බලන්ගොඩ හා ඒ අවට ඒ සඳහා යෝග්‍ය පරිසරයක් තියෙන්නේ. අපේ රට දියුණු කරන්න නම් අනිවාර්යයෙන්ම අලුත් ව්‍යාපෘතිවලට යන්න ඕන. රැකියා විරහිතභාවය අඩු කරන්න ඕන. එතනදී මේ වගේ අලුත් කර්මාන්ත ඇති කරන්නම වෙනවා.
කැබිනට් අනුමැතිය සඳහා යොමුකර ඇති යෝජිත නව ගාස්තු ක්‍රමය හේතුවෙන් පුනර්ජනනීය ව්‍යාපෘති 150ත් 200ත් අතර ගණනක් අතරමග නතර වී තිබෙන බවත් එම ව්‍යාපෘති ඇන හිටිය
රජය බදු වියදම් ලෙස සටහන් කර ඇති බදු සහන හේතුවෙන් රජයට 2023/24 මූල්‍ය වර්ෂයේදී බදු ආදායම ලෙස ඉපැයීමට හැකියාව තිබූ රුපියල් බිලියන 966 ක් පමණ මුදලක් රජයට අහිමි ව
මෙරට ක්‍රියාත්මක ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන DFCC බැංකුව වත්කම් කළමනාකරණ සහ ආයෝජන බැංකුකරණ සේවා වෙනුවෙන් සිය පූර්ණ හිමිකාරීත්වය සහිත නව බැංකුවක් ස්ථාප
LOLC සමූහයට අයත් LOLC Finance PLC සමාගම සතුව පැවැති කොමර්ෂල් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් ලිමිටඩ් (CIB) සමාගමෙහි සියයට 40 ක කොටස් හිමිකාරීත්වය විකුණා දැමූ බව එම සමාගම පවසයි.
මෙරට ප්‍රමුඛතම ආයෝජකයකු මෙන්ම ව්‍යාපාරිකයකු ද වන වෛද්‍ය තිරුඤානසම්බන්දර් සෙන්තිල්වර්ල් මහතා විසින් ලංකෙම් සිලෝන් පීඑල්සී සමාගමෙහි තවත් කොටස් 1,000,000 ක
ස්විට්සර්ලන්තය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික වෙළෙඳ සබඳතා වැඩිදියුණු කිරීමේ විශේෂ සාකච්ඡාවක් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේදී පැවැත්විණි.
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
දකුණේ විසිතුරු මත්ස්‍ය කර්මාන්තයට හෙටක් නැද්ද