සාරා කන්දෙගොඩ
ආර්ථික වර්ධනය සඳහා සැලකිය යුතු කැපකිරීමක් කරන්නට ජනතාවට 2024 වසරේ දී සිදුවිය. උපයන ආදායමෙන් වැඩි කොටසක් ආර්ථිකය ගළපන උපායමාර්ග සඳහා අය කර ගැනිණි. එහි ප්‍රතිඵල ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා කොට තිබේ. අලුත් ඇස්තමේන්තු අනුව දළ දේශීය නිෂ්පාදිතය සියයට පහක වර්ධනයක් දක්වා ඇත. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කරන ලද පුරෝථකන අනුව පසුගිය වසරේ ආර්ථිකය සියයට තුනක මටට්මමේ තිබිය යුතුවේ. ලෝක බැංකුව සියයට තුනකට අඩු ආර්ථිකයක් ගැන අනාවැකි පළ කර තිබුණි. කෙසේ වෙතත් තද තීරණ හේතු කොටගෙන වෙනස් තත්ව පැන නැගී ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාලනය තුළ අත්පත් කරගත් ආර්ථික ස්ථාවරත්වය හා වර්ධනය ශ්‍රී ලංකාව ඉහළ තැනකට ඔසවා තබා තිබේ.
ජනාධිපතිවරණය හා එයින් ඉනික්බිතිව පවත්වන ලද මහ මැතිවරණවල ප්‍රතිඵල මෙරට සම්ප්‍රදායික ව්‍යුහය වෙනස් කර ඇත. ජනතාව සිය දුෂ්කරතා ඉවත්කොට සහනශීලීත්වයක් අපේක්ෂා කරයි. 2025 අය වැය මගින් යෝජනා කරන ලද රජයේ සේවක වැටුප් වර්ධක සහ පෞද්ගලික අංශයට විශේෂයෙන් බලපාන උපයනවිට බදු සීමා වෙනස් කිරීම බලාපොරොත්තු ඇති කර ඇත. ස්ථාවර ආර්ථිකය තවත් වේගවත් කරන තීරණ සමග එහි වාසිය ජනතාවට ලැබෙන අනාගතයක් කෙරෙහි අපේක්ෂා ඉහළ නැගෙන වකවානුවකි.
ආර්ථික පසුබෑම ජන සමාජයට දැනෙන පසුබිම
කොවිඩ් වසංගත තත්වය සහ එයින් පිරිහී ගිය විනිමය හේතුකොට ගෙන දරුණු ආර්ථික පිරිහීමක් සිදුවිය. සාමාන්‍ය උච්ඡාවචනයක් පවා දරාගත නොහැකි වන තරමට විදේශ සම්පත් හිඟය ඇඟිල්ල දිගු කොට වරද පෙන්විය හැකි සරල කාරණයක් නොවේ. දශක ගණනක් තිස්සේ රටට අවශ්‍ය පරිදි නිෂ්පාදනය ආකෘතියක් කරා ගමන් නොකරන ලද අතර අපනයනය සඳහා ඉලක්කගත ක්‍රමවේද අනුව සැලසුම් වූයේ නැත. ආනයන වියදම ඉහළ ගිය අතර අපනයන ආදායම රටට ගෙන්වන දේ සඳහා ප්‍රමාණවත් නොවීය. අවසානයේ දී සංවර්ධන කටයුතු සඳහා පමණක් නොව පරිභෝජන අවශ්‍යතා සඳහා ද වාණිජ ණය ගැනීමට සිදුවී තිබුණි. මැදි ආදායම් රටක් වශයෙන් ඉහළට එන අතරවාරයේ වාණිජ ණය හැර වෙනත් විකල්පයක් නොතිබීම ද අවධානයට ගත යුතුය.
විදේශීය ණය ප්‍රතිශතයක් වශයෙන් ඉහළ යන අතරවරයේ ඒවා පියැවීම සඳහා ගන්නා උපාය මාර්ග විනිමය අනුපාතිකයට ප්‍රශ්න ඇති කළේය. එම ප්‍රශ්නවලින් සාමාන්‍ය ජනතාවට ඉහිලිය නොහැකි පීඩනයක් එල්ලවන අතරවාරයේ ආණ්ඩු අනුගමනය කරන ලද අය වැය මගින් සහන වැඩිපුර සපයන ආකෘතිය හේතු කොටගෙන දේශීය වශයෙන් ද ණය ගැනීමට සිදුවූ බව මතක් කළ යුතුය. ඛනිජ තෙල්, විදුලිය වැනි රජයේ ආයතන විශාල වශයෙන් ණය හා ඒවාට ගෙවන පොලිය අවසානයේ දී වහා බිඳ වැටෙන ආර්ථිකයක් නිර්මාණය කරන්නට සමත්විය. සුළු සසලවීමක් අවසානයේ දී රටට අවශ්‍ය ද්‍රව්‍ය ගෙන්වන්නට නොහැකි සහ අවසානයේ දී ණය ගෙවාගත නොහැකි තරමට පත්වීම එහි ප්‍රතිඵලයකි.
කොවිඩ් වසංගතයේ බලපෑම සමග ආදායම පිරිහී තිබුණ මෙරට ජනතාව තවත් වටයකින් අසීරු තත්වයකට ඇද දමන ලද ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සැලැස්ම ජීවත්වීම අපහසු පරිසරයක් ඇති කළේය. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ඉහළ ගියේය. ආදායම තවත් අඩු වන පරිදි බදු සංශෝධනයක් ක්‍රියාත්මක විය. මෙහි අපහසුතා නිරීක්ෂණය කරන ලද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වසර තුනක් සඳහා ජනතාවට අතිරේක සහන බෙදන ක්‍රියාවලියක් අවශ්‍ය බව ද අවධාරණය කර තිබුණි.
දුප්පත්භාවය තවදුරටත් ගැටලුවක් වන ලකුණු
ඉතිහාසයේ සිට මෙරට දේශපාලනයේ දී දුප්පත්කම වෙන්දේසි වී තිබේ. බෙදන බඩුවලින් ඡන්ද පදනම සකස් කරගත් අවස්ථා සටහන්ව ඇත. කොපමණ සහන බෙදන නමුත් දුප්පත්කම අඩු වී නැත. අලුත් වාර්තා පෙන්වන පරිදි 2023 වසරේ මෙරට දුප්පත් ජන කොටස සමස්ත ජනගහනයෙන් සියයට 25.9 ක් බව දැක්වේ. පුරවැසියන්ගෙන් හතරෙන් එකක් දුප්පත්ව සිටින පසු සංවර්ධන අභිලාශ ගැන ගැඹුරෙන් සාකච්ඡා කොට පලක් නැත. පළමු පියවර සාමාන්‍ය ජනතාවට ජීවත්විය හැකි පරිසරයක් ගොඩනැගීමය.
මෙරට ජනගහන වාර්තා හා ආදායම් සම්බන්ධ පුරෝකථන අනුව වසර 2026 වන විට පවා දුප්පත් ජන කොටස සමස්ත ජනගහනයෙන් සියයට විසි දෙකක් පමණ විය හැකි බව දැක්වේ. එය කිසිසේත් සුදුසු තත්වයක් නොවේ. මුල්‍ය වාර්තා අනුව ආර්ථිකය සියයට පහකින් වර්ධනය වූ බව ප්‍රකාශ කරන අතරවාරයේ එම ආර්ථිකයේ දියුණුව අත්පත් කරගත නොහැකි ජන කොටස සැලකිය යුතු ප්‍රතිශතයක් බව පිළිගත යුතුය. ක්‍රමවේද වෙනස් කර අලුතින් සමාජය ගොඩනගන බව දක්වා බලයට පත් වත්මන් ආණ්ඩුවට සැලකිය යුතු වගකීමක් පැවරේ. දුප්පත් ජන කොටස අඩු කර ක්‍රියාන්විතයක් අවශ්‍යය. එය හුදෙක් දුප්පත් ජනතාව අතට යමක් ලැබෙන පියවරක් නොව ආදායම ඉහළ නැංවෙන උපාය මාර්ග බව දැක්විය යුතුය.
අවසානයේ දී ජනතාවගේ දුප්පත්කම රටට ප්‍රශ්නයක් වන ආකාරය ද හඳුනාගත යුතුව තිබේ. ජනතාව දුප්පත්වන පසු මිල දී ගැනීමේ හැකියාව පහත වැටේ. අත්‍යවශ්‍ය ආහාර, මුලික අධ්‍යාපනය හෝ නොවැළැක්විය හැකි ප්‍රතිකාර වැනි අංශවලට පමණක් සීමා වනු ඇත. වෙළෙඳ පොළ ප්‍රසාරණයක් වෙන්නේ නැත. එහි ඊළඟ පැත්ත සංකීර්ණය. මිල දී ගැනීම් අඩුවන පසු රජයට ලැබෙන වක්‍ර බදු ආදායම පහත වැටේ. එය නැවත වටයකින් මහා භාණ්ඩාගාරයට තීරණ ගන්නට සිදුවන කරුණකි. අනෙක් අතට අඩු ආදායම් පවුල්වල තරුණන් අනාගතය අරමුණු කරගෙන වෙනත් රටවල අවස්ථා සඳහා නික්ම යති. විගමනික තත්ව රටට ශ්‍රම අර්බුදයක් ද ඇති කරනු ඇත.
දහයකින් පහත වැටුණු රටක් පහකින් ඉහළට නැගීම
2024 වසරේ දී පෙන්නුම් කරන දළ දේශීය නිෂ්පාදිතයේ සියයට පහක ප්‍රතිශතය වසර 2017 ට පසු වැඩිම ආර්ථික වර්ධනය වශයෙන් සනිටුහන් වේ. වසර හතක් ඇතුළත පෙන්වන මෙම ඉලක්කම අනුව ආර්ථික පසුබෑමක තරම අවබෝධ කරගත හැකිය. 2022 වසරේ දී සියයට 7.3 කින් පහත වැටුණ මෙරට ආර්ථිකය 2023 වසරේ දී තවත් සියයට 2.3 කින් පහතට වැටුණ බව මතක් කළ යුතුය. මෙරට ඉතිහාසයේ සනිටුහන් වන බරපතළම කඩාවැටීමක් බව සඳහන් කළ හැකිය. ලෝකයේ වපරිසය සලකා බලන පසු මෙවැනි දුර්වලතා අසාමාන්‍ය නැත. සෑම රටක්ම පාහේ අඩු වැඩි වශයෙන් දුර්වලතා දක්වා තිබේ. ඉන්දියාව, පකිස්තානය, දකුණු කොරියාව, බ්‍රසීලය, තායිලන්තය, මැලේසියාව හා ග්‍රීසිය වැනි රටවල්වල සැලකිය යුතු ආර්ථික අර්බුද හට ගැනිණ. ශ්‍රී ලංකාවේ උද්ගත වූ තත්වයට ද වඩා දරුණු වූ බව මතක් කළ යුතුය. කෙසේ වෙතත් මෙම රටවල් ආපසු දියුණු වී ඇත. නිසි අවස්ථාවේ දී අනුගමනය කරන අනන්‍ය ප්‍රතිසංස්කරණ ඒවාට ප්‍රතිකර්ම සපයා ඇත.
ශ්‍රී ලංකාව 2022-23 කාලයේ දී පහතට වැටුණ දළ දේශීය නිෂ්පාදිතයේ සියයට ප්‍රතිශතය තවමත් ආවරණය කරගෙන නැත. දහයකින් වැටුණ රටක් පහකින් ඉහළට නැගීම වර්ධනයක් ම නොවේ. ශ්‍රී ලංකාවේ ජන ජීවිතය ඉදිරියෙන් සිටි ස්ථානය වෙත ළඟාවීම සඳහා තවත් සැලකිය යුතු ප්‍රයත්නයකට යා යුතුය. ස්ථාවර තැනක සිටින ශ්‍රී ලංකාවව වර්ධනයක් ඇති කරන පියවර සඳහා තල්ලු කළ යුතුව තිබේ. ආයෝජන එහි දී වැදගත්ය. දේශීය හා විදේශීය වශයෙන් කර්මාන්ත හා සේවා අංශවල ධනය යොදවන අලුත් ව්‍යවසායකත්වයක් අවශ්‍ය කෙරේ. මෑත භාගය තුළ අලුත් ව්‍යවසාය ඇති කිරීමේ නොහැකියාව තුළ සැලකිය යුතු අවාසි සිදුවී ඇති බව පර්යේෂණ වාර්තා දක්වයි. ව්‍යවසායකත්වයට හිතකර නැති තීරණ රටට බලපා ඇති ආකාරය මේවා මැනැවින් පෙන්නුම් කර දී තිබේ.
දුප්පත්භාවය අඩු කරන අතර ආර්ථිකය වර්ධනය සඳහා පියවර වශයෙන් ව්‍යවසාය සඳහා ඉඩ දෙන පුළුල් තීරණ ගැනීම අවශ්‍යය. ව්‍යාපාර පහසු කරන ක්‍රමවේද හඳුන්වා දිය යුතුව තිබේ. ව්‍යාපාර හෝ කර්මාන්ත සඳහා පනවන අධික බදු, ඉදිකිරීම් පිරිවැය, බලශක්ති වියදම හා වැටුප් යනාදිය තීරණාත්මක අංශ වශයෙන් සැලකිය හැකිය. මේවා සම්බන්ධයෙන් සාධනීය වශයෙන් සැලකුවහොත් රටට ලැබෙන අභිවෘද්ධිය අවසානයේ දී ජනතාව අතර බෙදී යන ආර්ථිකයකට හැරවිය හැකිය.
බදුවලින් අවසානයේ පාරිභෝගිකයන්ටම පැවැරෙන බර
ආර්ථිකය දියුණු කිරීම සහ අය වැය පියවා ගැනීම අංශ දෙකකි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල දෙන උපදෙස්ස අනුව අය වැය පියවා ගැනීමේ උත්සාහයක් දැනට පවතී. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ ආණ්ඩුව එය මැනැවින් ඉටු කළේය. වත්මන් ආණ්ඩුව මෙහි දී ආර්ථිකය වර්ධනය කරන පියවර සඳහා පියවර ගත යුතුව තිබේ. බදු වැඩිකිරීමෙන් පමණක් ආර්ථිකයක් හැදෙන්නේ නැත. බදු වලින් අය වැය පියවා ගත හැකිවේ. භාණ්ඩාගාරයේ ආදායම වැඩිකෙරේ. එය ආර්ථිකය ප්‍රසාරණය කරන්නට උපකාරී නොවේ. ප්‍රතිපත්ති සම්පාදකයන් අවබෝධ කරගත යුතු යථාර්ථය එයයි’.
වසර පහකට පසු රථ වාහන ගෙන්වන අවසරය නිකුත් කළේය. වාහන සඳහා අධික බදු නියම කර ඇත. සාමාන්‍ය වාහනයක මිල පවා මිලියන ගණනකින් වැඩි වී තිබේ. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ආණ්ඩුවේ බදු ආදායම තර විය හැක. එහෙත් මෙම බද්ද ගෙවන්නේ වාහන මිල දී ගන්නා පිරිස නොවේ. පාරිභෝගිකයන්ය. පොදු ජනතාවය. වාහන මිල දී ගත් පිරිස බදු ගෙවන අතර එම වාහනයේ පිරිවැය ආවරණය සඳහා ඔවුන්ගේ නිෂ්පාදන හෝ සේවාවල මිල වැඩි කෙරේ. ආයතන ප්‍රධානියකු ගේ පරිහරණයට ගන්නා වාහනයේ වියදම එම වාහනය අයිති ආයතනයේ වත්කමක් නමුත් එම වියදම එහි නිපදවන දේ හෝ සේවා සඳහා බැර කෙරේ. ගෙවන්නෝ පාරිභෝගිකයෝය. ආණ්ඩුව වාහන බදු මගින් බිලියන ගණනක් එකතු කරගන්නට වෑයම් කරන අතර අවසානයේ දී එම බිලියන ගණන දුප්පත් ජනතාව ගෙවන වන්දියකි. මෙරට ජනගහනයෙන් හතරෙන් එකක් දුප්පත් බව පැහැදිලිව පෙනෙන පසුබිමක මෙම අවකාශය තවත් තියුණු බව වටහා ගත යුතුවේ.
ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව මෙරට ජගහනයෙන් සියයට දහයක් සම්පූර්ණ ධනවත්භාවයෙන් සියයට හැටහතරකට හිමිකම් කියන බව දක්වයි. පහළම තලයේ සියයට පනහක ජනගහනයට අයිති ධනය සමස්ත ධනයෙන් සියයට දහ හතක් බව අනාවරණය කරයි. සියයට දහයක කොටස සිය පිරිවැය නැවත නැවතත් පහළම ස්ථරයට තල්ලු කරන අතර ආණ්ඩුව පවා බදු පනවන ක්‍රමවේද අනුව ඒවා ගෙවන්නේ දුප්පත් පාරිභෝගිකයන් බව පෙන්වා දිය හැකිය.
ආර්ථිකය සියයට පහක වර්ධනයක් 2024 වසරේ දී දක්වා තිබෙන නමුත් එම වර්ධනය සමාජයේ පහළ ස්ථරයට දැනෙන්නේ නැත. පාරිභෝගිකයන්ගේ මිල දී ගැනීමේ රටාව එය පෙන්වයි. වෙළෙදපොළ හැසිරීම අනුව එය හඳුනාගත හැකිවේ. ශ්‍රී ලංකාවේ ජනතාව සතුටුදායක ජීවන පැවැත්මකට යොමු කිරීම සඳහා බදු අඩු කළ යුතු අතර පරිභෝජනය නැංවිය යුතුවේ. මෙම පසුබිම සඳහා ආණ්ඩුවේ සැලැස්ම ආර්ථික වර්ධනය සමග නැවත සමාලෝචනය කිරීම අවශ්‍ය කෙරේ.
ශ්රී ලාංකික නිෂ්පාදනවලට ඉදිරි වසර පහක කාලය සඳහා ඉන්දියාව තීරුබදු රහිත ප්‍රවේශය ලබාදිය යුතු බවට ශ්‍රී ලංකා ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය ඊයේ (03) යෝජනාවක
ඇමෙරිකාවට ශ්‍රී ලංකාවෙන් ලැබෙන භාණ්ඩවලට පනවනු ලැබූ සියයට 44 ක තීරු බද්ද එය ක්‍රියාත්මකවීමට පෙර අඩුකර ගැනීම සඳහා තිබෙන අවස්ථා පිළිබඳ ඩොනල්ඩ් ට්‍රම්ප් ප
ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා ඇමෙරිකාවට, ශ්‍රී ලංකාවෙන් ලැබෙන භාණ්ඩවලට සියයට 44 ක තීරු බද්දක් පැනවීමෙන් පසුව මෙරට කොටස් වෙළෙඳපොළ ඊයේ (03) පහත වැටුණේය.
ආසියා පැසිෆික් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සන්ධානයේ (ඇපික්ටා) 2025 විධායක කමිටු රැස්වීම අද (04) සහ හෙට (05) කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්වේ.
මෙරට ප්‍රමුඛතම සමාගම් සමූහයක් වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමූහය සිය පරිපාලිත සමාගමක් වූ ටී ස්මෝල්හෝල්ඩර්ස් ෆැක්ටරීස් පීඑල්සී සමාගමේ කොටස් 11,28
ශ්රී ලංකාවෙන් ඇමරිකා එක්සත් ජනපදයට කරන අපනයන සඳහා සියයට 44 ක තීරු බද්දක් පැනවීමට එරට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා ගත් තීරණය සම්බන්ධයෙන් ලංකා වාණිජ
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දුප්පත්ගම අඩු කරන සැලැස්මක අවශ්‍යතාව