IMG-LOGO

2025 අප්‍රේල් මස 11 වන සිකුරාදා


නොරොච්චෝලේ කරච්චලයක් නැතිලු

නොරච්චෝලේ ගල් අගුරු බලාගාරයට වඩා සාම්පූර් ගල් අගුරු බලාගාරයේ කාර්යක්ෂමතාව අඩුයැයි පැතිර යන කටකතා වල කිසිදු

සත්‍යතාවක් නැතැයි විදුලිබල මණ්ඩලය කියයි.

සාම්පූර් බලාගාරයේ සැළැසුම් තවමත් සම්පූර්ණ කර නොමැති බව සදහන් කරනා විදුලිබල මණ්ඩලයේ ආයතනික මූලෝපායන් අංශයේ අතිරේක කළමණාකාර ජෙනරාල් බන්දුල තිලකසේන මහතා පවසන්නේ සාම්පූර් බලාගාරය කිසිලෙසකින්වත් නොරච්චෝලේ බලාගාරයට වඩා අඩු කාර්යක්ෂමතාවයකින් යුතු වනසේ ඉදිකිරීමට කිසිදු වුවමනාවක් නැති බවයි.

සාම්පූර් බලාගාරයේ ඉදිකෙරෙනුයේ ඉන්දීය රජයේ අනුග‍්‍රහයෙනි.දැනටමත් බලාගාරයේ මූලික ඉදිකිරීම් සදහා සමාගමක් තෝරාගෙනත් අවසන් බව තිලකසේන මහතා සදහන් කරයි.



අදහස් (0)

නොරොච්චෝලේ කරච්චලයක් නැතිලු

වරුණ Wednesday, 10 July 2013 07:29 AM

ඕක ඉතින් පටන්ගන්න ඉස්සෙල්ලම ඉදන් කරච්චලේනේ. රට තවත් ණයකාරයෙක් වුනා විතරයි ලෝකෙට. (නි)

:       0       0

ප්‍රසාද් Wednesday, 07 August 2013 06:41 AM

දැන්වත් හරි සැළසුම් හදා ගන්න. (නි)

:       0       0

චන්ද්‍රා Wednesday, 21 August 2013 06:08 AM

ඔය සේරම දේවල් වලට වැඩිය නරකද සුර්ය තාපය ලබගත්තා නම්.මුලික වියදම පමණි.විදුලි බිලක් කියලා දෙයක් ඇත්තෙ නැහැ. වෙනදා බිල් ගෙවන මණ්ඩලය දැන් වැඩිපුර නිපදවෙන ප්‍රමාණයට මට මුදල් ගෙවනවා. දැන් බටහිර රටවල ජනප්‍රියම ක්‍රමය. (නි)

:       0       0

අස්මිත් Tuesday, 13 August 2013 08:33 PM

නොරොච්චෝලේ අදුරන්නෙත් නැහැ කරච්චලේ හදුනන්නෙත් නැති කාලයක්ද මේක? දැන් දවස් තුනක් වෙනවා මේක කැඩිලා දිනක පාඩුව කෝටි දාහක් පනිනවා කාටවත් කරච්චලයක් නැද්ද හැබැට නැත්නම් ඔලුටිකට මොකවත් වෙලාද ඔහෙලගේ.(නදී)

:       0       0

සිල්වා Saturday, 13 July 2013 02:54 PM

ඔහොම යන් රට කා පරපුර හදමු!! ජනතාව කබලෙන් ලිපට ඉදිරි දැක්ම නය වැඩි කරීමයි (අ)

:       0       0

නිමල් ජයසිංහ Thursday, 01 August 2013 08:17 AM

හොදට වැස්ස ලැබුණ කාලයට ඔය බලාගාර හරි හොදයි.පායන කාලෙට තමයි වැඩේ තේරෙන්නේ. දැන් හොදම දේ තමයි ඔවැනි දේ නැහැ කියලා හිතාගෙන ඉන්න එක. (නි)

:       0       0

ගයන්ත Saturday, 13 July 2013 02:54 PM

මේ හැමදෙයක්ම කරනේ සැලැස්මක් නැතිවද ? (ස)

:       0       0

ගුණතිලක Sunday, 28 July 2013 11:42 AM

කමක් නැහැ දැනට ඔහොම යමුකෝ (නි)

:       0       0

රසාංජන Saturday, 10 August 2013 11:52 PM

එච්චරයි අපිටත් ඕනෑ (නි)

:       0       0

කුමාර Friday, 12 July 2013 07:42 PM

නොරොච්චෝලේ හදන්න කලින් ඇමති කෙනෙක් කිවුවා යුනිට් එකක් ශත 50කට දෙන්න පුළුවන් කියලා. මතකයිද? (නි)

:       0       0

ඩෙනම් Wednesday, 21 August 2013 03:45 PM

තියෙන දේවල් නිසි පාවිච්චියට නොගෙන පුළුවන් තරම් අලුත් අලුත් දේවල් වියදමට එකතු කලොත් තමා කාට කාටත් කීය කීය හරි හම්බ කරගන්න පුළුවන් වෙන්නේ. තේරෙනවා ඇතිනේ මහා ජනතාවට මං කියපු දේ ? (නි)

:       0       0

දයා අළහකෝන් Tuesday, 30 July 2013 11:41 AM

දයාසිරිත් දැන් අපේ පැත්තෙනේ. කිසිම කරච්චලයක් නැහැ (නි)

:       0       0

අජිත් කරුණාරත්න Monday, 29 July 2013 07:15 PM

කරච්චලයක් නැහැ කිව්වේ එන්ජිම නවත්තලද? (නි)

:       0       0

මහේෂ් Thursday, 01 August 2013 09:46 AM

නොරොච්චෝලේ හැදුවා, ඒක කෑවා. වරාය හැදුවා මුහුද කෑවා. මත්තල හැදුවා, කුරුල්ලෝ එලෙව්වා. සාම්පුර් හදලා මොනවා කන්නද දන්නේ නැහැ (නි)

:       0       0

පිටිගල Sunday, 11 August 2013 03:10 PM

යු. අන්.පි. එකේ ඉතුරු වෙලා ඉන්න කීප දෙනාත් එකතු කරගෙන (රනිලුත් එක්ක.) රට.ජාතිය.සහ ආගම බේරා ගන්න වැඩ පිළිවෙලක් පටන්ගන්න. විරුද්ධ පක්ෂයක් ඕනෙම නැහැ.දැන් එහෙමෙ එකක් නැහැනේ? නැත්නම් නොරොච්චෝල නෙවේ ලංකාවම අපට නැති වෙනවා.(නදී)

:       0       0

පෙරේරා Friday, 16 August 2013 08:49 PM

2013.08.16 දින සිට දින 40 ක් නොරොච්චෝලේ වසා ඇත . කිසිම කරච්චලයක් නොමැත. දිගුකලක් විදුලිය දුන් නොරොච්චෝලේ.(නදී)

:       0       0

සුසා Friday, 09 August 2013 06:27 PM

කරච්චලයක් නැත්නම් අපිත් සතුටුයි (නි)

:       0       0

ගාමිණී-සිරි Tuesday, 09 July 2013 11:34 PM

ගල් අඟුරු හා ඉන්දන බලෙන් ක්‍රියා කරන විදුලි බලාගාර රටේ ජාතික ධනය කාබාසිනියා කරන සුදු අලින්.මේ රටට උචිත වන්නේ ජල විදුලි බලාගාර මෙන්ම ස්වාභාවික හුලං බලය උපයෝගී කරමින් උත්පාදනය කරන විදුලියයි. න්‍යෂ්ටික විදුලිය භාවිතා කිරීමට නම් ජපන් තාක්ෂණය උපයෝගී කරගැනීම කාලෝචිතයි.න්‍යෂ්ටික විදුලි බලාගාර සඳහා ඉන්දියානු රජය තමිල්නාඩුවට ද අනුමැතිය ලබා දී ඇත.යල් පැනගිය ක්‍රම වලින් බැහැරව නවීන තාක්ෂණය කෙරෙහි රජයේ අවධානය යොමු කිරීම අනාගත පරම්පරාවට කරනු ලබන ශුභ සිද්ධියක්!! (නි)

:       0       0

මැක්ෂි Sunday, 21 July 2013 02:59 AM

රට හදන්න පුලුවන් කම තියෙද්දි රට හදන්න. හැම කෙනාටම තියෙන්නේ එකම අයිතිවාසිකම තමයි.(නදී)

:       0       0

ඩී.උපුල් Thursday, 11 July 2013 02:07 PM

නොරොච්චෝලෙත් දැනට ඔය කියන තරම් කර්යක්ෂමතාවක් නැහැනේ නේද ? (නි)

:       0       0

සරත් Tuesday, 16 July 2013 12:09 PM

රට තුල විදේශ විනිමය වැය නොකොට විදුලිය ලබාගැනීමට ක්‍රම තිබියදී මේ කරන විනාසය කාගේ වුවමනාවට කරනවාද ජනතාව නොදනී .හිස් මොළ තිබෙද්දිත් මේ වග නොතකන්නේ ඇස් ගෙඩිවලට හෙනගහලද මිනිසුන්ගේ. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

BYD ගාල්ල ප්‍රදර්ශනාගාරය විවෘත කරයි
2025 අප්‍රේල් මස 11 0 0

ලොව ප්‍රමුඛතම නව බලශක්ති වාහන (NEVs) නිෂ්පාදකයා වන BYD සහ එහි ශ්‍රී ලංකාවේ බලයලත් බෙදා හරින ආයතනය වන John Keells CG Auto එක්ව ඔවුන්ගේ නවතම ප්‍රදර්ශනාගාරය දක්ෂිණ අධිවේගී


ඇමරිකානු බදු තාවකාලිකව නතර කිරීම වෙළඳ පොළ වර්ධනය ඇති කරයි
2025 අප්‍රේල් මස 11 0 0

යුරෝපා හා ආසියානු කොටස් වෙළෙදපොළ දර්ශක ඉකුත් පැය හතළිස් අට තුළ සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කළේය. කොළඹ කොටස් වෙළෙදපොළ ද ඉකුත් දින කිහිපය තුළ සිදු වූ බ


අවුරුදු නැකත් දැන ගන්න සූර්යයා වෙතින් කේතයක්
2025 අප්‍රේල් මස 10 665 0

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.


ආර්ථිකය ධනාත්මක වුවත් තවමත් අවදානමක් - ADB
2025 අප්‍රේල් මස 10 95 0

පසුගිය වසරේ සියයට 5 ක ආර්ථික වර්ධනයක් වාර්තා කළ ශ්‍රී ලංකාව එම ප්‍රවණතාව අඛණ්ඩව ඉදිරියට ගෙන යනු ඇති බවත් මෙරට ආර්ථිකය මෙම වසරේදී සියයට 3.9 ක සහ ලබන වසරේ සි


පරාටේ නීතිය දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කරයි
2025 අප්‍රේල් මස 10 43 0

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට නැවත පණක් ලබාදීම සඳහා පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් ලබාදී තිබූ සහන කාලය එළැඹෙන දෙසැම්බර් මස 31 වැනිදා දක


සංචාරක ආයතන එක්කර ජාතික සංචාරක කොමිෂන් සභාවක්
2025 අප්‍රේල් මස 10 60 0

සංචාරක කර්මාන්තයට සම්බන්ධ විවිධ ආයතන ඒකාබද්ධ කර ගනිමින් ජාතික සංචාරක කොමිෂන් සභාවක් පිහිටුවීමට ඉදිරියේදී කටයුතු කරන බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුව


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 527 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 951 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site