ගිනි පෙට්ටි නිෂ්පාදනය කර්මාන්තයක් ලෙස අපේ රටේ වර්ධනය වී දැනට වසර 50 ක් 60 ක්
නිෂ්පාදනයට යොදා ගන්නා සියලුම අමුද්‍රව්‍ය ගුණාත්මක භාවයෙන් යුක්තයි
පවුල් දහස් ගණනකගේ ජීවනෝපාය මේ වන විට විශාල කඩා වැටීමකට ලක් වෙලා
මේ වන විට කර්මාන්ත ශාලා පහක් විතර වැහිලා. ඉතිරි වෙලා තියෙන්නේ 10 ක් විතරයි.
ගිනි පෙට්ටි නැති වුණාම විදේශීය රටවලින් ගිනි පෙට්ටි ආනයනය කරන්න වෙනවා. එවිට රටේ තියෙන ඩොලර් ටික පිට රටවල්වලට යනවා.
දේශියව නිෂ්පාදනය කරන ගිනි පෙට්ටියට තත්ව සහතික ප්‍රමිතිය ඉල්ලනවා. විශාල වශයෙන් බදු ගෙවන්න සිද්ධ වෙනවා. මේ කිසිවක් ආනයනික ලයිටරේට නෑ.
25,000 ක ගේ රැකියා අනතුරේ
හාරිස්පත්තුවේ මොහොමඞ් ආසික්
“ශ්‍රී ලංකාවට ප්‍රමිතියකින් තොර ප්ලාස්ටික් ලයිටර් ආනයනය කිරීම නිසා දේශිය ගිනි පෙට්ටි කර්මාන්තය විශාල කඩා වැටීමකට ලක්වී එම කර්මාන්තයේ සෘජුව සහ වක්‍රව සේවයේ නියුක්ත 25,000 කගේ පමණ රැකියා නැති වීමේ අවදානමකට වගේම කර්මාන්ත ශාලා වැසී යාමේ අවදානමකටත් ලක්ව තිබෙන වබ ශ්‍රී ලංකා ආරක්ෂිත ගිනි පෙට්ටි නිෂ්පාදකයන්ගේ සංගමය සඳහන් කරයි.
වසර දහස් ගණනකට පෙර ඈත අතීතයේ විසූ ලෝකයේ මෙන්ම ශ්‍රී ලාංකික ජනතාවද තම ගින්දර අවශ්‍යතාව සපුරා ගැනීමට ගලට ගලක් එකට ගසා ගින්දර නිපදවා ගත් බව ඉතිහාසයේ සඳහන් වෙයි. එලෙස වර්ධනය වූ ගින්දර නිපදවීම මේ වන විට විවිධ තාක්ෂණික ක්‍රම දක්වා වර්ධනය වී තිබුණත් ගින්දර නිපදවා ගැනීම සඳහා අදත් ජනතාව අතර බහුල වශයෙන් භාවිත වන්නේ ගිනි පෙට්ටියයි. ගිනි පෙට්ටි නිෂ්පාදනය කර්මාන්තයක් ලෙස අපේ රටේ වර්ධනය වී දැනට වසර 50 ක් 60 ක් පමණ ගතව තිබෙන අතර එහි ස්වර්ණමය යුගයක් ලෙස 70 - 80 දශක හැඳින්විය හැකිය. එහෙත් මේ වන විට ගිනි පෙට්ටි කර්මාන්තයේ අනාගතය අවිනිශ්චිත තත්වයට පත්ව තිබේ.
ගිනි පෙට්ටි කර්මාන්තය මේ වන විට මුහුණ දී තිබෙන ගැටලු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආරක්ෂිත ගිනි පෙට්ටි නිෂ්පාදකයන්ගේ සංගමයේ භාණ්ඩාගාරික ශක්ති ගිනි පෙට්ටි සමාගමේ සභාපති මොහමඩ් උදුමාන් මහතා දැක්වූයේ මෙවන් අදහසකි.
“ශ්‍රී ලංකාවේ ගිනි පෙට්ටි කර්මාන්තය ආරම්භ වී මේ වන විට අවුරුදු 50 කට වඩා ගත වෙලා තියෙනවා.ආම්භයේදී ග්‍රාමීය කර්මාන්ත වශයෙන් ආරම්භ වී පසුව දේශිය කර්මාන්තයක් ලෙස වර්ධනය වුණා. ගිනි පෙට්ටි නිෂ්පාදනය මුලින්ම රජය මගින් කුඩා කර්මාන්ත දෙපාර්තමේන්තුව හරහා ආරම්භය සිද්ධ වුණා .
ගිනි පෙට්ටි නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම කඩදාසි භාවිතයෙන් තමයි සිද්ධ වෙන්නේ .ශ්‍රී ලංකාවේ දර වලින් ආහාර පිසින ප්‍රමාණය වැඩි නිසා ගිනි පෙට්ටි සඳහා විශාල ඉල්ලුමක් මුලදී තිබුණා .මේ ගිනි පෙට්ටි භාවිතය නිසා පරිසරයට කිසිම හානියක් සිද්ධ වෙන්නේ නෑ. ගිනි පෙට්ටි නිෂ්පාදනයට යොදා ගන්නා සියලුම අමුද්‍රව්‍ය ගුණාත්මක භාවයෙන් යුක්ත අමුද්‍රව්‍ය. ප්‍රමිති ආයතනයේ පරීක්ෂාව යටතේ තමයි මේ අමුද්‍රව්‍ය ගෙන්වන්නේ.
ශ්‍රී ලාංකික පවුල් දහස් ගණනකගේ ජීවනෝපාය වන මෙම ගිනි පෙට්ටි කර්මාන්තය මේ වන විට විශාල කඩා වැටීමකට ලක් වෙලා තියෙනවා. මෙම කර්මාන්තයේ සෘජුව සහ වක්‍රව පවුල් 25,000 ක් යැපෙනවා. මේ වන විට ශ්‍රී ලංකාව තුළ ප්‍රමිතියෙන් තොර ප්ලාස්ටික් ලයිටර් චිනයේ සිට ආනයනය කර අඩු මුදලකට වෙළෙද පොළේ විකිණීම නිසා ගිනි පෙට්ටි කර්මාන්ත ශාලා වැසී යාමේ අර්බුදයකට ලක් වෙලා තියෙනවා.
පසුගිය අවුරුදු දෙකක පමණ කාලයකදී ගිනි පෙට්ටි අලෙවි කිරීමේදී විශාල ගැටලුවක් ඇති වෙලා තියෙනවා මේ ප්‍රතිචක්‍රිකරණය කළ නොහැකි ප්ලාස්ටික් ලයිටර් ගෙන්වීම නිසා.දේශිය කර්මාන්තයක් වශයෙන් ගිනි පෙට්ටි කර්මාන්තයට ප්‍රමිතිකරණයක් සිද්ධ වෙනවා. දේශියව නිෂ්පාදනය කරන ගිනි පෙට්ටියට තත්ව සහතික ඉල්ලනවා. ප්‍රමිතිය ඉල්ලනවා . විශාල වශයෙන් බදු ගෙවන්න සිද්ධ වෙනවා. සේවකයන් විශාල පිරිසක් නඩත්තු කරන්න වෙනවා.එහෙත් ආනයනය කරන මෙම ප්ලාස්ටික් ලයිටර් සඳහා මේ කිසිවක් බලපාන්නේ නෑ. ගිනි පෙට්ටියට වැට් බද්දත් ගෙවනවා. එහෙත් මේ බාල ප්‍රතිචක්‍රියකරණ කළ නොහැකි ප්ලාස්ටික් ලයිටර් කිහිප දෙනකු පමණක් ආනයනය කිරීම මගින් විශාල පරිසර දූෂණයක් මෙන්ම විශාල පිරිසකගේ රැකියා අහිමි වීමේ අවදානමක්ද පවතිනවා.
ගිනි පෙට්ටි කර්මාන්තය මුහුණ දීල තියෙන අර්බුදය ගැන තව දුරටත් කතා කළොත් මේ වන විට කර්මාන්ත ශාලා විශාල ගණනක් වැහිල තියෙනවා. අනෙකුත් කර්මාන්ත ශාලාවලට වැඩ කරන නියමිත දින ගණන වැඩ කර ගන්න බැරි වෙලා තියෙනවා. මේ වන විට කර්මාන්ත ශාලා පහක් විතර වැහිල තියෙනවා. ඉතිරි වෙලා තියෙන්නේ 10 ක් විතරයි. මේ ලයිටර් මේ විදිහට ඉදිරියටත් වෙළෙඳ පොළට ආවොත් මේ ඉතිරි වෙලා තියෙන කර්මාන්ත ශාලා ටිකත් වැහිල යයි. මේ වගේ කාරණා නිසා මේ කර්මාන්තය වැහිල ගියොත් නැවත ආරම්භ කරන්න බැරි වෙනවා. දේශිය ගිනි පෙට්ටි නැති වුණාම විදේශීය රටවලින් ගිනි පෙට්ටි ආනයනය කරන්න සිද්ධ වෙනවා. එතකොට ආයෙත් වෙන්නේ අපේ රටේ තරුණ තරුණියන්ට රැකියා අවස්ථා රැසක් නැති වෙලා යන එකයි. රටේ තියෙන ඩොලර් ටික පිට රටවල්වට ඇදිල යන එකයි.
දේශිය කර්මාන්තවලට පණ පොවන ප්‍රතිපත්තියක් ඇති රජයක් පවතින අවස්ථාක දේශීය කර්මාන්තයක්වන මෙම ගිනි පෙට්ටි කර්මාන්තය රැක ගන්න රජය මැදිහත් වනු ඇති බව ශ්‍රී ලංකා ගිනි පෙට්ටි නිෂ්පාදකයන්ගේ සංගමය වගේම මෙම කර්මාන්තය සිය ජීවනෝපාය කර ගත් 25,000 ක් පමණ වන පිරිසත් මේ රටේ සමස්ත ජනතාවත් අපේකෂා කරති.
වසරකට රට තුළ සංස්කරණය වන මුදල් වලින් අතිවිශාල ප්‍රමාණයක් බැංකු පද්ධතියට නොපැමිණෙන බවත්, එම මුදල් ආර්ථිකය වෙත ගෙන්වා ගැනීමට නම් ජනතාව ඩිජිටල් ගනුදෙනු
මෙරට සූර්ය බලශක්තිය මගින් නිපදවනු ලබන විදුලිය ඊයේ (10) සිට එළැඹෙන 21 වැනිදා දක්වා ජාතික විදුලිබල පද්ධතියට නොගැනීමට ලංකා විදුලි බල මණ්ඩලය ගෙන ඇති තීරණයට සූ
මාස 6 කට පසුව ප්‍රථම වතාවට ඇමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල ඊයේ (10) රුපියල් 300 සීමාව පසු කළේය. ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (10) නිකුත් කළ දෛනික විනිමය අනුපාතිකයට අන
මෙරට ප්‍රමුඛතම පුනර්ජනනීය බලශක්ති සමාගමක් වන වින්ඩ්ෆෝර්ස් පීඑල්සී සමාගම මාලදිවයිනේ කොකූන් දූපත්හිදි ආරම්භ කළ වහල මත පිහිට වූ සූර්ය බලශක්ති ව්‍යාපෘ
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හෝටල් සමාගමක් වන The Lighthouse Hotel PLC අම්බලන්ගොඩ පිහිටි ඩ්‍රීම් බීච් රිසෝට් හෝටලයේ සියයට 100ක කොටස් හිමිකාරීත්වය අත්පත් කරගත් බව
ආර්ථිකයේ දිගු කාලීනව ඉහළ යෑමත් පැවැතිවත් එයට සාපේක්ෂව කෙටි කාලීනව පහත යෑමක් සිදුවුණු බව ප්‍රකට ව්‍යාපාරික සඟරාවක් වන එල්එම්ඩී වාර්තා කරයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ප්ලාස්ටික් ලයිටර් ආනයනයෙන් දේශිය ගිනි පෙට්ටි කර්මාන්තය අනතුරේ