මෙම ලිපියේ මුල් කොටස ඊයේ පත්‍රයේ පළවිය
පසුගිය වසර 5-6 ක කාලය ඉන්දියාව තුළ එම ක්‍රමය ක්‍රියාත්මක විය. එනම් විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සියලු පත්වීම් හා උසස් වීම සඳහා සලකා බැලුනේ එම ලැයිස්තුවේහි ඇතුළත් වලංගු පර් යේෂණ සඟරාවල පළ කෙරුණු පර් යේෂණ ලිපි පමණි. එහෙත් විවිධ භාෂා 121 ක් සහ රාජ්‍ය භාෂා 22ක් ඇති රටක් ලෙස එබඳු උප ප්‍රධාන භාෂාවලින් ප්‍රකාශයට පත් කෙරෙන පිළිගතහැකි පර් යේෂණ සඟරා තෝරා ගැනීමේදී ඇති වූ ගැටලු සහ ප්‍රමාදය නිසා ඉන්දියානු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම එම තීරණය අතහැර 2024 අගභාගයේ දී ඒ වෙනුවට, පිළිගතහැකි පර් යේෂණ සහ ව්‍යාජ සඟරා වෙන් කොට හඳුනාගැනීමට යොදාගත හැකි ලක්ෂණ 36 ක් කාණ්ඩ 08 ක් යටතේ හඳුන්වා දෙමින් ඒ අනුව නිවැරැදි හා ප්‍රමිතිගත පර් යේෂණ සඟරා තෝරා ගැනීමේ වගකීම එරට විශ්වවිද්‍යාලවලටම පැවරීය. ඉන්දියාවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය නොමිලේ ලබා දෙන්නක් නොවන බැවින් දැන් එම විශ්වවිද්‍යාල එකිනෙකට, තමන්ගේ ප්‍රමිතිය තමන්ම තීරණය කොට, ඒ මත පදනම්ව තරගකාරී ලෙස සිසුන් ආකර්ෂණය කරගැනීමේ නිදහස හිමිව ඇත. එම තරගය, ප්‍රමිතිය සඳහා අභිප්‍රේරණයක් වන බැවින් මෙම ක්‍රමය ඉන්දියාවට ගැළපේ.
ශ්‍රී ලංකාවේ තත්වය
ව්‍යාජ පර් යේෂණ පත්‍රිකා සම්බන්ධයෙන් ගත් කල, ශ්‍රී ලංකාවේ තත්වය ඉන්දියාවටත් වඩා බරපතළ බව කනගාටුවෙන් වුවද සඳහන් කළ යුතුව තිබේ. ඒ ඉන්දියාවට වඩා වැඩි ප්‍රතිශතයකින් ව්‍යාජ පර් යේෂණ පත්‍රිකා මෙරටින් බිහිවන නිසා නොවේ. වගකිවයුතු අංශ දැනුවත් වී තිබියදීත්, ව්‍යාජ පර් යේෂණ පත්‍රිකා ප්‍රකාශයට පත් කිරීම හා ඒවා යොදා ගෙන උසස්වීම් ලබා ගැනීම වැළැක්වීමට මෙරට වගකිවයුතු අංශ මේ දක්වා කිසිදු උත්සාහයක් ගෙන නොමැති බැවිනි. ඒ හරහා ව්‍යාජ පර් යේෂණ පත්‍රිකා බිහිවීම තවදුරටත් දිරිගන්වා ඇති බැවිනි.
මේ රටේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මූලික වැටුපෙන් සියයට 35 ක් වූ පර් යේෂණ දීමනාවක් ලබන අතර ඒ සඳහා ඔවුන් විසින් අවුරුදු පතා, තමන් ප්‍රකාශයට පත් කළ පර් යේෂණ පත්‍රිකා ඉදිරිපත් කළ යුතුවේ. ඒ හැරුණු විට වෘත්තියේ උසස්වීම් ලබා ගැනීමට ද තමන් විසින් ප්‍රකාශයට පත් කරන ලද පර් යේෂණ පත්‍රිකා තිබීම අනිවාර්ය වේ. මෙම පීඩනය නිසාම මෙරට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් තුනෙන් එකක පමණ ප්‍රමාණයක්, දැනුවත්ව මෙන්ම නොදැනුවත්ව ද ව්‍යාජ පර් යේෂණ සඟරාවල පළ කෙරෙන පර් යේෂණ පත්‍රිකා, උසස් වීම් ලබා ගැනීම සඳහා ඉදිරිපත් කිරීම නොකඩවා සිදුවෙමින් පවතී. එවැනි අවස්ථා අතුරින් බහුතරයකදී විශ්වවිද්‍යාල බොහොමයක (සියල්ලේම නොවේ) පාලනාධිකාරිය විසින් ඒවා පිළිබඳව ගැඹුරින් සොයා බැලීමකින් තොරව, එකී ව්‍යාජ පර් යේෂණ පත්‍රිකා පිළිගෙන ඒ සඳහා උසස් වීම් හා පර් යේෂණ දීමනා ලබා දෙනු ලැබේ. මෙය මූල්‍යමය වරදකි. එයට අදාළ විශ්වවිද්‍යාල තනි තනිවත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පොදුවේත් වගකිව යුතුය. අදාළ විශ්වවිද්‍යාල වගකිවයුතු වන්නේ උසස්වීම් ලබාදීමේදී සම-සමාලෝචිත පර් යේෂණ පත්‍රිකා පමණක් සලකා බැලිය යුතු බවට චක්‍රලේඛ මගින්ම උපදෙස් දී තිබිය දී එය විශ්වවිද්‍යාලය නොසලකා හැර ඇති බැවිනි. සම-සමාලෝචිත සඟරා හඳුනා ගැනීම සම්බන්ධයෙන් කිසියම් විශ්වවිද්‍යාලයකට ගැටලුවක් තිබේ නම් එය ඔවුන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට ඉදිරිපත් කොට විසඳුමක් ලබා ගත යුතුය. එහෙත් එවැනි ඉල්ලීම් විශ්වවිද්‍යාල වෙතින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට ලැබී ඇති වගක් දැනගන්නට නැත.
උසස් වීම් ලබාදීමේදී සලකා බැලිය යුතු වන්නේ සම-සමාලෝචිත සඟරාවල පළ වූ පත්‍රිකා බවට සඳහනක් චක්‍රලේඛවල ඇතත් එපමණකින් අතපිසදා ගැනීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට නොහැකිය. ඇත්ත වශයෙන්ම නම් මෙහිදී වැඩිම වගකීමක් පැවරෙන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමටය. පළමුව, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සමන්විත වන්නේද උගතුන්ගෙනි. එබැවින් ඔවුන් ද යාවත්කාලීන විය යුතුය.
අනෙක් අතට උසස් වීම් ලබාදීමේදී සලකා බැලිය යුතු වන්නේ සම-සමාලෝචිත සඟරාවල පළ වූ පත්‍රිකා බවට සඳහනක් චක්‍රලේඛවල ඇතත් එපමණකින් අතපිසදා ගැනීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට නොහැකිය. ඇත්ත වශයෙන්ම නම් මෙහිදී වැඩිම වගකීමක් පැවරෙන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමටය. පළමුව, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සමන්විත වන්නේද උගතුන්ගෙනි. එබැවින් ඔවුන් ද යාවත්කාලීන විය යුතුය. සම-සමාලෝචිත පර් යේෂණ සඟරා අතික්‍රමණය කරමින් ව්‍යාජ පර් යේෂණ සඟරා පැතිරෙමින් ඇති බවත්, එය පිළිලයක් වී ඇති බවත්, එකී උගතුන් ද නොදන්නවා නොවේ. එනිසා විශ්වවිද්‍යාලවලින් ඉල්ලීම් ලැබෙන තෙක් නොසිට ඊට විසඳුම් සපයමින් අදාළ චක්‍රලේඛ යවත්කාලීන කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ වගකීමකි.
දෙවනුව, විශ්වවිද්‍යාල කිහිපයක් තනි තනිව, මෙම ගැටළුවට ලෝකයේ භාවිත වන විසඳුම් සොයාබලා ඒ අනුව කටයුතු කරමින් රජයේ මුදල් අවභාවිත වීමෙන් වළක්වා ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ද නොදන්නවා නොවේ. ඒ බව දැනගෙනත්, විශ්වවිද්‍යාල සියල්ල තමන් යටතේ පවතිද්දීත්, මෙම ගැටලුව විසඳීමට පොදු වැඩපිළිවෙළක් දියත් කිරීමේ වගකීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම වෙතින් ඉටුවී නැත. තුන්වෙනුව, රුහුණ විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරුන් කණ්ඩායමක් විසින් මෙකී ව්‍යාජ වාර සඟරාවල මෙරට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විසින් පළ කර ඇති පත්‍රිකා පිළිබඳව සමීක්ෂණයක් සිදුකර එහි ප්‍රතිඵල හා එයින් සිදුවිය හැකි පල විපාක විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම වෙත ලිඛිතව දන්වා ඇත. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සිදුකර ඇත්තේ ඒ සම්බන්ධයෙන් මුනිවත රැකීම ය. සිව්වනුව CVCD නමින් හැඳින්වෙන මෙරට විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්ගේ කමිටුව විසින් මෙම ව්‍යසනයේ බැරෑරුම්කම අවබෝධ කරගෙන එය මැඩලීම සඳහා නිකුත් විය යුතු චක්‍රලේඛනයට අවශ්‍ය තොරතුරු සියල්ලම කෙටුම්පත් කර මීට වසරකටත් පෙර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම වෙත යවා ඇත. එහෙත් තවමත් ඒ චක්‍රලේඛය නිකුත් වී නැති අතර සඳහා හේතු දැක්වීමක්ද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සිදු කර නැත.
මේ සියල්ල සලකන විට පෙනී යන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම තමන් සතු මූලික සහ අත්‍යවශ්‍ය වගකීමක් හිතාමතාම පැහැර හැර ඇති බවය. ඊට හේතු කවරේ ද, ඔවුනට කිසියම් තර්ජනයක් තිබුණේ ද, යන්න පැහැදිලි කළ යුත්තේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින්ම ය.
2018 දී, රුහුණ විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරුන් කණ්ඩායමක් විසින්, ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල සෑම පීඨයක්ම ආවරණය වන පරිදි, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ව්‍යාජ පර් යේෂණ සඟරාවල ප්‍රකාශයට පත් කරන ලද පත්‍රිකා ප්‍රමාණය පිළිබඳව විද්‍යානුකූල සමීක්ෂණයක් සිදු කරන ලදී. එහි ප්‍රතිඵලවල සාරාංශයක් වගුව 1 හි දක්වා ඇත. මෙයින් පෙනී යන්නේ ශ්‍රී ලංකාවේ සමස්ත රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේම ආචාර්යවරුන් විසින් පළකරන ලද පර් යේෂණ ප්‍රකාශනවලින් සියයට 30 කට ආසන්න ගණනක් ව්‍යාජ ඒවා බවයි. ඔවුහු පත්වීම්, උසස්වීම් සහ පර් යේෂණ දීමනා ලබා ගැනීම සඳහා මෙම ව්‍යාජ පර් යේෂණ ප්‍රකාශන භාවිත කරති. එය වංචාවකි. ව්‍යාජ පර් යේෂණ ප්‍රකාශනවල ආධාරයෙන් එලෙස වංචා කරන ලද මුදල් ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල සංඛ්‍යාලේඛන 2022’ මත පදනම්ව ඇස්තමේන්තු කොට වගුව-2 පරිදි ගණනය කළ හැකිය.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ දත්තවලට අනුව, දැනට රාජ්‍ය විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතුවල නියැලී සිටින අධ්‍යයන කාර්ය මණ්ඩලය 7,000 ක් පමණ වේ. එබැවින්, ව්‍යාජ පර් යේෂණ පත්‍රිකා ආධාරයෙන් වැටුප් වර්ධක ලබා ගන්නා එයින් සියයට 30 ක් වූ ආචාර්යවරු සංඛ්‍යාව අවම වශයෙන් 2,100 ක් ලෙස උපකල්පනය කිරීම සාධාරණ ය. එලෙස වංචා කරන ලද මුදල 2022 දී විශ්වවිද්‍යාල පද්ධතියේ අධ්‍යයන කටයුතුවල නියැලී සිටින එක් එක් වැටුප්තලයේ ආචාර්යවරුන් එලෙස අනීතිකව ලබා ගන්නා උසස් වීමේ දී ලැබෙන වැටුප් වැඩිවීමට අනුව, දැන හෝ නොදැන වංචා කෙරෙන මුළු මුදල වගුව 2 හි දක්වා ඇත. ඒ අනුව, ව්‍යාජ පර් යේෂණ පත්‍රිකා වල සහාය ඇතිව ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් තුනෙන් එකක කොටසක් විසින් වංචා කළ හැකි මුළු මාසික මුදල රුපියල් මිලියන 157 කට වඩා වැඩි වන අතර වාර්ෂිකව එය රුපියල් බිලියන 1.88 ඉක්මවයි. (රජයට හෝ රටට වන සමස්ත පාඩුව මීට වඩා බෙහෙවින් වැඩිය. මක්නිසාද ආචාර්යවරුන්ගේ මාසික වැටුපට එකතුවන පර් යේෂණ දීමනාව ලබා ගැනීමටද ව්‍යාජ පර් යේෂණ පත්‍රිකා යොදා ගැනෙන අතර ගණනයට එය ඇතුළත් කරගෙන නැත. තවද දහස් ගණනක් වූ ව්‍යාජ පර් යේෂණ පත්‍රිකා පළ කරවා ගැනීමට සෑම විටම එක් පත්‍රිකාවකට ඩොලර් 100 සිට 300 අතර මුදලක් ඩොලර් වලින් විදේශයන්ට යැවීමට සිදුවේ. ගණනයට එයද ඇතුළත් වී නැත.)
මෙම සමීක්ෂණයේ ප්‍රතිඵල එක් එක් විශ්වවිද්‍යාලවල උප කුලපතිවරුන් වෙත ඒ ඒ විශ්වවිද්‍යාලවලට අදාළ විස්තර ඇතුළත්ව දන්වා යවා ඇත. ඒ හැරුණු විට සමස්ත ප්‍රතිඵලය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති වෙත 2018 දී ලියාපදිංචි තැපෑලෙන් යවා ඇත. ඒ අතරින් විශ්වවිද්‍යාල ඉතා සුළු ගණනක්, ඇතැම් ආචාර්යවරුන්ගේ විරෝධය ද නොතකා, මෙම වංචාව නතර කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇත. රුහුණ විශ්වවිද්‍යාලය ඒ අතරින් ඉහළින්ම සිටි එකකි. 2019 සිට 2024 දක්වා වසර පහක කාලය තුළ, රුහුණ විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කාර්ය මණ්ඩලයේ කිසිදු පත්වීමක් හෝ උසස්වීමක් සඳහා ව්‍යාජ පර් යේෂණ පත්‍රිකා සලකා බලා නැත.
Table 1. රාජ්‍ය විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විසින් පළ කළ ව්‍යාජ පර් යේෂණ පත්‍රිකා සංඛ්‍යාවේ මධ්‍යන්‍ය ප්‍රතිශතය ( 2018)
Table 2. රාජ්‍ය විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන්ගෙන් තුනෙන් එකක ප්‍රමාණයක් විසින් ව්‍යාජ පර් යේෂණ පත්‍රිකා යොදාගෙන අනීතික ලෙස ලබාගන්නා මුදල.
ව්‍යාජ පර් යේෂණ පත්‍රිකා යොදාගෙන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් තුනෙන් එකක සුළුතරයක් විසින් කරනු ලබන මෙම භාණ්ඩාගාර මුදල් වංචා කිරීම, අගමැතිනිය හා අධ්‍යාපන ඇමැතිනිය ද වශයෙන් හිටපු විශ්වවිද්‍යාල ආචාර්යවරියක් පත්කර තිබෙන, මෙම නව රජයට හැකි වේ ද යන්න දැන් අප ඉදිරියේ ඇති ගැටලුවයි. කුතුහලයෙන්, ඕනෑකමින් සහ විශ්වාසයකින් යුක්තව බලා හිඳිමු.
ශ්රී ලාංකික නිෂ්පාදනවලට ඉදිරි වසර පහක කාලය සඳහා ඉන්දියාව තීරුබදු රහිත ප්‍රවේශය ලබාදිය යුතු බවට ශ්‍රී ලංකා ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය ඊයේ (03) යෝජනාවක
ඇමෙරිකාවට ශ්‍රී ලංකාවෙන් ලැබෙන භාණ්ඩවලට පනවනු ලැබූ සියයට 44 ක තීරු බද්ද එය ක්‍රියාත්මකවීමට පෙර අඩුකර ගැනීම සඳහා තිබෙන අවස්ථා පිළිබඳ ඩොනල්ඩ් ට්‍රම්ප් ප
ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා ඇමෙරිකාවට, ශ්‍රී ලංකාවෙන් ලැබෙන භාණ්ඩවලට සියයට 44 ක තීරු බද්දක් පැනවීමෙන් පසුව මෙරට කොටස් වෙළෙඳපොළ ඊයේ (03) පහත වැටුණේය.
ආසියා පැසිෆික් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සන්ධානයේ (ඇපික්ටා) 2025 විධායක කමිටු රැස්වීම අද (04) සහ හෙට (05) කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්වේ.
මෙරට ප්‍රමුඛතම සමාගම් සමූහයක් වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමූහය සිය පරිපාලිත සමාගමක් වූ ටී ස්මෝල්හෝල්ඩර්ස් ෆැක්ටරීස් පීඑල්සී සමාගමේ කොටස් 11,28
ශ්රී ලංකාවෙන් ඇමරිකා එක්සත් ජනපදයට කරන අපනයන සඳහා සියයට 44 ක තීරු බද්දක් පැනවීමට එරට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා ගත් තීරණය සම්බන්ධයෙන් ලංකා වාණිජ
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
බදු කාසි සොරා ගැනෙන ව්‍යාජ පර්යේෂණ ප්‍රකාශන