IMG-LOGO

2025 අප්‍රේල් මස 16 වන බදාදා


බලශක්ති ඩිජිටල්කරණය කිරීමේ ගමන ඇරඹෙයි

ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය ඇමැති එරංග වීරරත්න


 

තිරසාර සංවර්ධනය සහ ආර්ථික වර්ධනය සඳහා බලශක්තිය සහ තාක්ෂණය ඒකාබද්ධ කරමින් රට ඩිජිටල්කරණය ඔස්සේ බලගැන්වූ ජාතියක් බවට පරිවර්තනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් මේ වනවිට පුළුල් දැක්මක් එළිදක්වා තිබේ. සියලු‍ දෙනා ඇතුළත් වන සහ සමෘද්ධිමත් ආර්ථිකයක් නිර්මාණය කිරීම සඳහා ඩිජිටල්කරණය සහ පුනර්ජනනීය බලශක්ති නවෝත්පාදන උපයෝගී කර ගනිමින් ගෝලීය මට්ටමින් ශ්‍රී ලංකාව ඔසවා තැබීම මෙහි අරමුණයි.
රටේ ඩිජිටල් අනාගතය පිළිබඳව අවධානය යොමු කිරීමේදී පෙනීයන්නේ, මෙම පරිවර්තනය හුදෙක් පහසුව සඳහා පමණක් නොව ශ්‍රී ලාංකිකයන් ජීවත් වන, වැඩ කරන සහ තාක්ෂණය සමඟ සම්බන්ධ වන ආකාරයේ මූලික වෙනසක් සිදුකරන්නක් බවයි. ඒ අනුව රජයේ ඩිජිටල්කරණ දැක්ම මූලික උපාය මාර්ගය කුලු‍නු තුනක් මත ගොඩනගා තිබේ, ඒ අනුව ඩිජිටල් පොදු යටිතල පහසුකම් (DPI), ඩිජිටල් සාක්ෂරතාව, ඩිජිටල් පාලනය සහ විද්‍යුත් සේවා යන ප්‍රධාන සාධක තුන ඔස්සේ ඩිජිටල්කරණ ක්‍රියාවලිය මූලික වශයෙන් සිදු වේ.
ඒ සඳහා රජයක් වශයෙන් පළමුවෙන්ම සිදු කළ යුත්තේ ඩිජිටල් ආර්ථිකයක කොඳු නාරටිය ගොඩනැගීමයි.ශ්‍රී ලංකාව ඩිජිටල් ආර්ථිකයක් කරා පරිවර්තනය කිරීමේ කාර්‍ය සඳහා ශක්තිමත් ඩිජිටල් පොදු යටිතල පහසුකම් (DPI), පද්ධතියක පැවැත්ම අත්‍යවශ්‍යවන අතර සියලු‍ම පුරවැසියන්ට වේගවත්, විශ්වාසදායක සහ දැරිය හැකි මුදලකට ඩිජිටල් සේවා වෙත ප්‍රවේශ වීමේ අවස්ථාව ගොඩනැගීම වෙනුවෙන් වර්තමාන ආණ්ඩුව විසින් අධිවේගී Broadband, Cloud තාක්ෂණය සහ Data centers සඳහා වැඩි වශයෙන් ආයෝජන සිදුකරමින් සිටියි. එමඟින් තාක්‍ෂණය මත පදනම් වූ ආර්ථිකයක් වෙනුවෙන් අඩිතාලම සැකසෙන අතරම ව්‍යාපාරවලට මෙන්ම සහ තනි පුද්ගලයන්ට ද ගෝලීය වශයෙන් බද්ධ වූ ආර්ථික පරිසරයක් වෙත පරිවර්තනය වීමේ අවකාශය ලබාදීම අපේක්ෂා කරයි.
බලශක්ති ඩිජිටල්කරණය කිරීමේ පරිවර්තනීය ව්‍යාපෘතියට ආරම්භක පියවර තබමින් මහජන සේවා නවීකරණය කිරීම අරමුණු කරගත් ඩිජිටල් පාලනයක් සහ ඊ-සේවා ඔස්සේ කාර්යක්ෂමතාව, විනිවිදභාවය සහ මහජන ප්‍රවේශය සහිත ඩිජිටල් අවකාශයක් නිර්මාණය කිරීමට රජය මේ වනවිට සැලසුම් කරමින් තිබේ. එමඟින් පුරවැසියන්ට රාජ්‍ය සේවා සමඟ බාධාවකින් තොරව ගනුදෙනු කිරීමට ඉඩ සැලසෙන අතරම, නිලධාරිවාදය අවම කර සමස්ත සේවා සැපයීමේ ක්‍රියාවලිය කාර්‍යක්ෂම කරනු ඇත.
රට පුරා broadband සම්බන්ධතා පුළුල් කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයේ (CEB) පවතින යටිතල පහසුකම් සහ එහි ෆයිබර්-ඔප්ටික් ජාලය, බෙදාහැරීමේ කුලු‍නු උපයෝගී කර ගැනීමට ද රජය බලාපොරොත්තු වේ. එමඟින් රට පුරා සියලු‍ ප්‍රදේශ ආවරණය වන පරිදි ඩිජිටල් සාක්ෂරතාව සහ ඩිජිටල් භාවිතය වර්ධනය කිරීමත්, සියලු‍ම පුරවැසියන් ඩිජිටල් ආර්ථිකයට සක්‍රීයව දායක කරගැනීමත් අරමුණු වේ.
බලශක්ති පරිවර්තනයෙන් ඩිජිටල් අනාගතය බලගැන්වීමේ දී මූලික වශයෙන් ඩිජිටල් ආර්ථිකයේ සාර්ථකත්වය එහි බලශක්ති අංශයේ නවීකරණය සමඟ සමීපව බැඳී තිබෙන බව වර්තමාන රජය හඳුනාගෙන ඇත.ඒ අනුව තිරසාර බලශක්ති පද්ධතියක් සහ ඩිජිටල් පරිවර්තනයක් වෙනුවෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සමඟින් ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය ඒකාබද්ධව මෙම පරිවර්තනීය වෙනස උදෙසා කටයුතු කරමින් තිබේ.
ඩිජිටල් සේවා සඳහා ස්ථාවර හා කාර්යක්ෂම බල සැපයුමක් ලබාදෙන Smart Connection, පුනර්ජනනීය බලශක්ති විසඳුම් සහ බලශක්ති ගබඩා තාක්ෂණය සංවර්ධනය කිරීම මෙම ව්‍යාපෘතියට ආරම්භයක් ලබාදෙමින් සිදුකිරීමට නියමත අතර Smart Cities, electric mobility වැනි නැගී එන ඩිජිටල් කර්මාන්ත වඩාත් සක්‍රීය කිරීම සඳහා ඉතා වැදගත් වනු ඇත.
ඩිජිටල් ආර්ථික සැලැස්මේ ප්‍රධාන කොටසක් ලෙස, 2030 වන විට ළඟාකරගත යුතු ප්‍රධාන ඉලක්ක අතර ග්‍රාමීය සහ අඩු පහසුකම් සහිත ප්‍රදේශවලට broadband සේවා ප්‍රවේශ වීමේ ධාරිතාව පුළුල් කිරීම,පොදු සේවා සහ යටිතල පහසුකම් සඳහා ස්මාර්ට් තාක්ෂණය ඒකාබද්ධ කිරීම,ඩිජිටල් සහ බලශක්ති තාක්ෂණයෙහි පෞද්ගලික අංශයේ ආයෝජන දිරිමත් කිරීම යන කාර්ය ප්‍රමුඛ තැනක් ගනියි.
රජයේ මෙම දැක්ම හුදෙක් වර්තමාන ආණ්ඩුවට පමණක් තනිව සාක්ෂාත් කරගත නොහැකි අතර රාජ්‍ය අංශය, පෞද්ගලික අංශය, විෂය ප්‍රවීණයන් සහ පුරවැසියන් යන සියලු‍ පාර්ශවවල සහයෝගීත්වයෙන් සපුරාගත ගතයුතු ඉලක්කයකි.
“බලශක්ති තාක්ෂණය සහ ස්මාර්ට් විසඳුම් සංවර්ධනය කිරීමේදී පෞද්ගලික අංශයේ කාර්යභාරය අත්‍යවශ්‍යයි, මේ නිසා ශ්‍රී ලංකාව ඩිජිටල් සහ බලශක්ති පරිවර්තනයේ ප්‍රමුඛයා බවට පත්වන අනාගතයක් ගොඩනැගීම සඳහා ව්‍යාපාර සහ ව්‍යවසායකයන්ට මෙම වැඩපිළිවෙළ සමඟ එක්වන ලෙස විවෘත ආරාධනා කර සිටිනවා.” ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පෙන්වා දුන්නේය.



අදහස් (0)

බලශක්ති ඩිජිටල්කරණය කිරීමේ ගමන ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

රටේ සංසරණය වන මුදල් වලින් රුපියල් ට්‍රිලියනයක් බැංකු පද්ධතියට එන්නේ නැහැ
2025 අප්‍රේල් මස 11 301 0

වසරකට රට තුළ සංස්කරණය වන මුදල් වලින් අතිවිශාල ප්‍රමාණයක් බැංකු පද්ධතියට නොපැමිණෙන බවත්, එම මුදල් ආර්ථිකය වෙත ගෙන්වා ගැනීමට නම් ජනතාව ඩිජිටල් ගනුදෙනු


සූර්ය විදුලිය ජාතික පද්ධතියට නොගන්නවාට සූර්ය බලශක්ති කර්මාන්ත සංගමයේ දැඩි විරෝධය
2025 අප්‍රේල් මස 11 108 0

මෙරට සූර්ය බලශක්තිය මගින් නිපදවනු ලබන විදුලිය ඊයේ (10) සිට එළැඹෙන 21 වැනිදා දක්වා ජාතික විදුලිබල පද්ධතියට නොගැනීමට ලංකා විදුලි බල මණ්ඩලය ගෙන ඇති තීරණයට සූ


මාස 6 කට පසුව ඩොලරයේ විකුණුම් මිල රු.300 සීමාව පසුකරයි
2025 අප්‍රේල් මස 11 99 0

මාස 6 කට පසුව ප්‍රථම වතාවට ඇමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල ඊයේ (10) රුපියල් 300 සීමාව පසු කළේය. ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (10) නිකුත් කළ දෛනික විනිමය අනුපාතිකයට අන


වින්ඩ්ෆෝර්ස් මාලදිවයිනේ 366kWp සූර්ය බල ව්‍යාපෘතියේ වැඩ නිමකරයි
2025 අප්‍රේල් මස 11 94 0

මෙරට ප්‍රමුඛතම පුනර්ජනනීය බලශක්ති සමාගමක් වන වින්ඩ්ෆෝර්ස් පීඑල්සී සමාගම මාලදිවයිනේ කොකූන් දූපත්හිදි ආරම්භ කළ වහල මත පිහිට වූ සූර්ය බලශක්ති ව්‍යාපෘ


ජෙට්වින්ග් සමූහය රු. මි.356කට ඩ්‍රීම් බීච් රිසෝට් මිලට ගනී
2025 අප්‍රේල් මස 11 31 0

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හෝටල් සමාගමක් වන The Lighthouse Hotel PLC අම්බලන්ගොඩ පිහිටි ඩ්‍රීම් බීච් රිසෝට් හෝටලයේ සියයට 100ක කොටස් හිමිකාරීත්වය අත්පත් කරගත් බව


ව්‍යාපාර විශ්වාස පහළ ගිහින්
2025 අප්‍රේල් මස 11 22 0

ආර්ථිකයේ දිගු කාලීනව ඉහළ යෑමත් පැවැතිවත් එයට සාපේක්ෂව කෙටි කාලීනව පහත යෑමක් සිදුවුණු බව ප්‍රකට ව්‍යාපාරික සඟරාවක් වන එල්එම්ඩී වාර්තා කරයි.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 157 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 323 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 994 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site