IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


බලශක්තියේ අනාගත සැලසුම් ජනතාව වෙනුවෙන්ද?

 රජය කළ යුතුව ඇත්තේ ලෝකයම ගමන් කරන පුනර්ජනනීය පරිසර හිතකාමී තිරසාර බලශක්ති ප්‍රභවයන් හා සමගාමීව රටේ ජාතික බලශක්තිය දෙමුහුන් තාක්‍ෂණය තුළ උච්චාවචනය තුලනාත්මකව සුමටව කළමනාකරණය කිරීමට ඔවුන්ට ජාත්‍යන්තර තාක්ෂණික සහයෝගිතා ලබා දීමයි.

 

මිහිතලය මත සමස්ත ජෛව සහ මානව පැවැත්මෙ දරුණුම ඛේදවාචකය දේශගුණික විපර්යාසයි. ඒ බව අපේ ඇසට දෘශ්‍යමාන සාක්ෂි කීපයක් නම්, අපට දැන් හිරු බැසයන ලස්සන සැඳෑ අහසක් බලන්න නැත. අපට දැන් උදෑසන නැග එන හිරු රැසෙන් බැබළෙන වලාකුලක සුන්දරත්වය දකින්නට නැත. 
ඒ වෙනුවට ඇත්තේ දුෂක වායු වලාවෙන් පිරුණු අඳුරු අහසයි. අප කුඩා කාලයේ ගෙවත්තේ දුටු ලස්සන සමනලු‍න් වර්ග නොයෙකුත් කුරුල්ලන් මී මැස්සන්, දැන් දක්නට නැත. ක්‍රමයෙන් වඳ වී ඇත. දැන් ක්‍රමානුකූලව අපේ රට ද ගොදුරු කරමින් පවතින්නේ මේ ඛේදවාචකයේ අඳුරු අනාගතයකට නොවේද. නුදුරේ දී අනාගත පරපුරට අප ඉතිරිකරන පරිසර සංරක්ෂණය සොබාදහමේ සුන්දරත්වය වචනවලට පමණක් සීමා වෙමින් ඇත.
 මෙයට මූලිකව හේතුව වී ඇත්තේ මිහිතලය මත සියයට 75 - සියයට 80 පමණ පොසිල ඉන්ධන දහනය මත කාබන් විමෝචනයයි, (උදා: ලාංකාවේ අපි දිනක දී පමණක් ඩීසල් සහ තාපන තෙල් බැරල් ලක්ෂ දෙකකට ආසන්නව දහනය කරද්දී කාබන් විෂවායු මෙට්‍රික් ටොන් 80,000ක් පමණ පරිසරයට මුදාහරී, වසරක දී ගල්අඟු‍රු කාබන් හැර.
 
ගෝලීය උණුසුම දේශගුණික විපර්යාස වායු දූෂණය මානව සෞඛ්‍ය හා සමස්ත ජෛව විවිධත්වයේ ස්වාභාවික පැවැත්මේ අනාගතයට බලපාන ඉතාමත් අයහපත් තත්වය පිළිබඳව ලෝක පරිසර විඳ්‍යාඥයන් UN එක්සත් ජාතීන්ගේ පරිසර ප්‍රඥප්තිය හරහා සෑම ආකාරයකින්ම රාජ්‍ය දැනුවත් කරමින්. ලෝක බැංකුව හා ආසියානු සංවර්ධන බැංකුව මේ සම්බන්ධයෙන් මූල්‍ය අනුග්‍රහය හා තාක්‍ෂණි අනුග්‍රහයට දායකත්වය දෙමින් සිටී.
ලංකාවේ අනාගත දේශගුණික විපර්යාස අවදානම ගැන 2021 දී ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව එක්ව CLIMETE RISK COUNTRY PROFILE SRILANKA නමින් නිකුත් කළ වාර්තාවේ ඉදිරි අනාගත අවදානම් විපර්යාස තත්වයේ බලපෑම් ගැඹුරින් විශ්ලේෂණාත්මක විග්‍රහයක් කර ඇත. 
වායු දූෂණය ආශ්‍රිත රෝග: ගල් අඟු‍රු සහ තෙල් බලාගාර කාබන් විෂවායු විමෝචනය සහ එම අම්ල වැසි ජලය පානීය ජලයට සහ කෘෂිකාර්මික බෝග පද්ධතිවලට මුසුවීමෙන් වැඩි වන පිළිකා, ස්වසන රෝග, හෘද රෝග, බැර ලෝහ මත වකුගඩු රෝග සහ අකල් මරණ කුඩා දරුවන් පවා, ක්‍රමයෙන් වැඩි වෙමින් පවතී.
 අමතරව මෙම ආන්තික කාලගුණික ජල චක්‍රයේ විකෘති දීර්ඝ වැසි තත්ව නිසා එම විපර්යාස මත නායයාම් බහුල විපත්, කෘෂිකාර්මික පද්ධති විනාශය, අහාර අර්බුද නිර්මාණය කර ගැනීමට සහ ඉහත සෞඛ්‍යය තර්ජනයට මෙම පොසිල ඉන්ධන විෂවායු කාබන් අපේ පරිසරයට විමෝචනය කරමින් ගෝලීය උණුසුමට ශ්‍රී ලාංකාවේ අපද සැලකිය යුතු දායකත්වයක් දෙමින් සිටිමු.
මෙම අර්බුදයේ ගැඹුර දූරදර්ශීව වටහාගත් ලෝක විද්‍යාඥයන් පර්යේෂකයන් පාලකයන් සහ බුද්ධිමතුන් සෑම රටකම පොසිල ඉන්ධන භාවිතාව ක්‍රමයෙන් බැහැර වෙමින් සිටින යුගයක අපි සිටින්නෙමු.
නවීන තාක්ෂණය තුළ ලෝකයේ අනාගත ඉල්ලු‍ම පරිසර හිතකාමී බලශක්තියට අනුකූලව ඉදිරියට එන EV ඉලෙක්ට්‍රිකල් වාහන charge කරගැනීමට (බයික්, ත්‍රීවීල් ඇතුළු) තමන්ගේ නිවසේ විදුලි බිල zero කර, විදුලියෙන් අහාර පිසීමට ඇති හැකියාවෙන් ගෑස් අවශ්‍ය නොවන තත්ව තුළ ජනතාවගේ ජීවිතය පහසු කිරීමට රජයකින් දියහැකි උපරිම සහාය නොපිරිහෙළා ඉටුකළ හැකිය.
එය මානව හිතවාදී දර්ශනයක් සහිත වර්තමාන රජයේද මූලික සංකල්පයකි, සෑම නිවසකටම සොබාදහමේන් නොමිලේ ලැබෙන බලශක්තිය සූර්ය බලශක්තියට අව්‍ය යටිතල පහසුකම් ලබා දීමට ලාංකාවේ පෞද්ලික බලාගාර හිමි බලශක්ති කමිටුවෙන් අපේක්ෂා කළ නොහැක. මෙම කමිටුව පිටුපස පෞද්ලික බලාගාර හිමියන්ය, 
 පසුගියදා වඳුරකු නිසා ජාතික විදුලිබල පද්ධතියම බිඳවැටීම ඔවුන්ගේ සැබෑ දැනුමේ අස්ථාවර බව නොවේද? ලාංකාවේ සෝලා විදුලිය භාවිතයට ගෙන වසර 15 ක පමණ ගතවී ඇති අතර ජාලගත විවිධ බලශක්ති පද්ධති ප්‍රභවයන් එකතු කර ගැනීමේ දී එය සමතුලිතතාවය ස්වයංක්‍රීයව කළමනාකරණය වන HYBRID GRID SYSTEM පද්ධති ලෝකය පුරා භාවිතාවේ පවතින තත්වය ගැන මොවුන්ට වුවමනාවක් නො තිබුණේ තාක්ෂණ දැනුමක් හෝ රටේ ජාතික අවශ්‍යතාව ගැන අවබොධයක් නොතිබුණ නිසා ද? ඊට අවශ්‍ය තාක්‍ෂණික උපකරණ යොදා ගැනීමට උවමනාවක් නොතිබිණි ද?
 
Q දෙමුහුන් HYBRID මේ තාක්ෂණය භාවිතයට නොගත්තේ ඇයි?
 
ලංකාවේ සෝලා පුණර්ජනනීය බලශක්තියට විසඳුම් ලෙස වසර ගණනාවක් පැරණි ට්‍රාන්ෆෝමර්වල ධාරිතාවය වැඩිකිරීමේ සැලස්මක හෝ ග්‍රාමීය මට්ටමේ සිට දිවාකාලයේ අතිරික්ත සූර්ය බලශක්තිය ට්‍රර්බයින වෙත සම්ප්‍රේෂණය කර තුලනාත්මකව යොදා ගැනීමට Hybrid power plant technologyහෝ ගබඩාකරණය නවීන තාක්ෂණයට එවැනි බැටරි නිෂ්පාදනයට අවධානය යොමුකර තිබේ ද? 
අතිරික්ත සෝලා විදුලිය ඉහළ ජලාශ තටාක/ බලාගාර වෙත ජලය පොම්ප කිරීමට දැනටමත් එවැනි විවිධාකාර තාක්‍ෂණය ලෝකයේ භාවිත කරන රටවලින් උපදෙස් ලබා ගැනීම කළ යුතුය. 
 
මෙවැනි විකල්ප විසඳුම් ලෝකයේ දැනටමත් භාවිත වෙද්දී ඒවා හිතාමතා මගහැර සිටියේ සෝලා විදුලිය අකර්මණ්‍ය කිරීමේ සැලසුමකින් ද? පැහැදිලිය. ඒ ඔවුන්ගේ පෞද්ලික බලාගාරවල ඉල්ලු‍ම අනාගතයේ දී අහිමි වේය යන අදහසින් විය හැකිය.
 කඩා වැටුණු අපේ රටේ ආර්ථිකය ජනතාවගේ ජීවිතය නැංවීමට නොමිලේ ලැබෙන හිරු එළියෙන් ජනතාවගේත්, කර්මාන්තකරුවන්ගේත් විදුලි බිල zeroකර අපනයන ආදායම වැඩි කර ගැනීමට අවශ්‍ය තාක්‍ෂණික පරිසරය නිර්මාණය කර දීම වගකිවයුතු රජයක ප්‍රධාන අරමුණක් විය යුතුය.
 අනෙක් අතට දැනටමත් දේශගුණික විපර්යාසවලින් දැඩි පීඩාවට පත්වන ලංකාව වැනි රටවල, දැඩි හිරු රශ්මිය සහිත නියං තත්වය වගේම දීර්ඝ කාලීන මෝසම් වැසි සහ සුළි කුණාටු තත්වය නිසා ආන්තික විපරිත කාලගුණික විපත් සහ විශාල නායයාම්, ගංවතුර නිසා කෘෂි වගාව බිම් හානිය පසුගිය මාස 11 ක කාලය තුළ තුන් වතාවක් සිදු වුණි. 
මෙහිදී වගාහානි සඳහා රජය විශාල වන්දි ප්‍රමාණයක් ගෙවීමත් සහල් පොල් (පොල් මලේ පරාගණයට ඵලදාවට දැඩි විචල්‍ය ආන්තික දේශගුණික කාලගුණික තත්වයේ අහිතකර බලපෑම ) වැනි අත්‍යවශ්‍ය ආහර ද්‍රව්‍ය ආනයනය කිරීමට ඩොලර් අර්බුදයක පවතින මොහොතක රජයේ මුදල් ඩොලර් මිලියන ගණනක් අපතේ යාමත් විකෘති කාලගුණික තත්වය මත සිදුවන බලපෑමය. මාලිමාව රජයට රටේ අනාගතය වෙනුවෙන් තිරසාර බලශක්තිය පිළිබඳව පැහැදිලි දැක්මක් දර්ශනයක් ඇති බුද්ධිමතුන්ගේ හිඟකමේ ගැටලුවක් තිබියහැක. මෙවැනි ආයතන වලින් ලැබෙන්නේ රටේත් ජනතාවගේ අනාගත විසඳුම්, පරිසර හිතකාමී දේශගුණික විපර්යාස අවම වූ තිරසාරභාවය මත සැලසුම් කළ බලශක්ති විසඳුම් නොවේ. මාෆියාවෙ සෑම සැලසුමක්ම ඔවුන්ගේ සාක්කුවට විසඳුම් මිස. රටේ තිරසාර අනාගතයක විසඳුම් නොවේ. 
ඊට හොඳම උදාහරණය සොබාදහමෙන් නොමිලේ ලැබෙන සූර්ය බලශක්තිය රටේ ජනතාවගේත් කර්මාන්ත කරුවන්ගේත් අනාගත අවශ්‍යතාව වැඩිදියුණු කිරීම වෙනුවට සූර්ය බලශක්තිය ඔවුන්ගේ ඒකාධිකාරයට ගැනීමට ඔවුන් මහපරිමාණ සූර්ය බල ව්‍යාපෘති පිළිබඳව රජයට යෝජනාව ගෙන ඒමයි. 
 2030 පුනර්ජනනීය බලශක්ති දායකත්වය සියයට 75ක රජයේ අරමුණ සාක්ෂාත්කරණයේදී සූර්ය බලශක්තිය යෙදවුම දැනටමත් සමස්තයක් ලෙස සියයට 7 ප්‍රමාණයක් පමණි. මෙහි අවකාශය ලැබිය යුත්තේ පොදු ජනතාව වෙනුවෙන් මිස CEB මණ්ඩලය සූර්ය බලශක්තිය වෙනුවෙන් කරන මහපරිමාණ ආයෝජන නොවේ. එය සොබාදහමෙන් නොමිලේ ලැබෙන පොදු ජනතාවගේ අවශ්‍යතාව බලෙන් ආක්‍රමණය කර ඔවුන්ගේ විදුලි බිල zero කරගැනීමට ඇති හැකියාව කඩාකප්පල් කිරීමකි. මෙය පැහැදිලිම රජය නොමඟ යැවීම එනම් ඔවුන් සූර්ය බලශක්තිය ට පක්ෂපාතී බව කූටලෙස පෙන්වා පොදු ජනතාවගේ පොදු අයිතිය සූරාකෑමේ නින්දිත වංචනික උත්සායකි. රජය දැනටමත් ඔවුන්ගේ මෙම උගුලට හසුවී හමාරය. 
මන්දයත් විදුලි බල මණ්ඩලයට විදුලිය සපයන පෞද්ගලික ඩීසල්, සුළං, කුඩා ජලවිදුලි බලාගාර සංඛ්‍යාව 250 කට ආසන්නය. එය සමස්ත ධාරිතාවෙන් සියයට 20 කට ආසන්න වුවත් ඒවායේ මිල තීරණය කර අධික ලාබ ලබන්නේත් ඔවුන්මය. 
මහජනතාව තම තමන්ගේ වියදමෙන් ස්ථාපනය කරගන්නා සොබාදහයෙන් පොදු මානව සමාජය වෙනුවෙන් නොමිලේ ලැබෙන බලශක්තියට වැට බඳින්නේ ඇයිද යන්න කාටත් අවබෝධවනු ඇත.
අනාගත පිවිතුරු බලශක්තියේ හිමිකාරිත්වය පොදු ජනතාව වෙනුවෙන් මිස පෞද්ගලික බලාගාර හිමි, කොමිස් මත යැපෙන පිරිසකට නොවිය යුතුය. මෙහිදී රජය සිටගත යුත්තේ පොදු ජනතාවගේ ජීවිත යහපැවැත්මේ අරමුණු අවශ්‍යතා ඉටුකිරීමටය. 
ලාංකාවේ බලශක්තිය හසරුවන්නන්ගේ ක්‍රියාදාමය විශ්ලේෂණය කිරීමේදී. ජනතාවගේ විදුලි බිල පහළට දැමීමට මහජන උපයෝගීතා කොමිසම ගත් උත්සාහය මත පොසිල ඉන්ධන සඳහා රටේ ඩොලර් බිලියන ගණනක් පිටට යාම වැළැක්වෙන්නේ නැත.
පරිසර හිතකාමී බලශක්ති ප්‍රභව මගින් විදුලි බිල zero කරගැනීමට රජයත් ජනතාවත් උනන්දු කරවීම මගින් අපනයන නිෂ්පාදන පිරිවැය අවම කිරීමටත් එමගින් අපනයන ඩොලර් ආදායම වැඩිකිරීමේ සහ දේශීය නිෂ්පාදන පිරිවැය අවම කර පාරිභෝගික ජනතාවට පහසු ආර්ථිකයක් නිර්මාණය කිරීමේ දැක්මක් තිබේද? 
පොදු ජනතාවට පරිසර හිතකාමී විදුලියෙන් යහපත් තිරසාර ආර්ථිකයක පරිසරය නිර්මාණය කිරීම මහජන උපයෝගීතා කොමිසමට අදාළ නොවන්නේ දූෂිත නිලධාරීන්ගේ ආත්මර්ථකාමී උපයෝගීතා නිසාවෙන් ද? 
පොසිල ඉන්ධන දහනයෙන් දේශගුණික විපර්යාස මත රටේ ජන ජීවියේ ස්වාභාවික යහ පැවැත්මට සෞඛ්‍ය සහ විවිධ අර්බුද මත වන හානියත්, සමස්ත මිහිතලය උණුසුම් කිරීමේ පාරිසරික හානියට ලාංකාවේ දායකත්වයේ අඩුවක් කිරීමේ වුවමනාවක් දැක්මක් නැත.
 සියලු උත්සාහය ජනතාවගෙන් සෝලා භාවිතය ඈත් කිරීමටය. මේ හේතුව මත ලාංකාවේ දැනටමත් සෝලා ඉල්ලු‍ම පහළට වැටී ඇත.
 සෝලා භාවිතය ජනතාවගෙන් තවදුරටත් ඈත් කිරීමට දැනට ගෙවන රු : 27/= කප්පාදු කිරීමට සැරසෙනවාද?. 
මෙම අරමුණ සාක්ෂාත් කරගැනීමට රජයේ අනුමැතිය ලැබුණහොත් ලාංකාවේ සෝලා කර්මාන්තයේ අවසානය සනිටුහන් වනු ඇත. 
එහෙත් කාබන් විෂවායු මුදාහරින ඩීසල් (පෞද්ලික බලාගාර ඇතුළත්) විදුලිය යුනිට් එකකට මණ්ඩලය රැ: 70/=...80ක් වැනි අගයක් ගෙවයි.
මෙතෙක් කිසිම අවස්ථාවක දී මෙවැනි ක්‍රියාවලට මේ ආකාරයෙන් ක්‍රියාත්මක වීමට නොහැකි වුණි.
 රජය කළ යුතුව ඇත්තේ ලෝකයම ගමන් කරන පුනර්ජනනීය පරිසර හිතකාමී තිරසාර බලශක්ති ප්‍රභවයන් හා සමගාමීව රටේ ජාතික බලශක්තිය දෙමුහුන් තාක්‍ෂණය තුළ උච්චාවචනය තුලනාත්මකව සුමටව කළමනාකරණය කිරීමට ඔවුන්ට ජාත්‍යන්තර තාක්ෂණික සහයෝගිතා ලබා දීමයි.
 දුර නොපෙනෙන මිනිසුන්ගේ බාල ක්‍රියාකාරකම් නිසා මිහිතලයේ උණුසුම මත ද්‍රැවීය කලාපවල ග්‍රැලැසියර දියවීමත් සමක කලාප වල ලාංකාව ඇතුළු සමස්ත පෘථිවි වාසීන්ට දේශගුණික විපර්යාස මත විවිධාකාර දුෂ්කරතා පිළිකා, හෘද රෝග, වැනි මාරාන්තික සහ පෙනහලු ආශ්‍රිත විවිධ රෝගත් ⁣සමස්ත ජෛව විවිධත්වයේ ස්වභාවික පැවැත්ම,මුහුදු මට්ටම ඉහළ යාමෙන් ⁣කුඩා දූපත්වාසී ජනතාවට නිජබිම් අහිමි වීම,සහ කාබන් අම්ලවැසි මගින් සාගර ජීවීන් ඇතුළු සියලුම ජීවීන්ගේ ස්වාභාවික පැවැත්ම අනතුරක පවතී.
කෙසේ වෙතත් පැවති රජයන් මේ සම්බන්ධයෙන් ධනාත්මකව පියවර ගැනීමෙන් රටේ ඩොලර් පිටටයාම යම් ප්‍රමාණයකින් වැළැක්වීමටත්, එතුළින් දේශගුණික විපර්යාස අවම කිරීමටත් රටේත් ජනතාවගේත් ජීවිතය වඩාත් සුරක්ෂිත තිරසාරත්වයේ අනාගතයක් රටට උරුම කරදී. සොබා දහමට මානව යහපැවැත්මට ජෛව විවිධත්වයේ ස්වභාවික පැවැත්මට ආදරය කරන ශ්‍රී ලාංකිකයන් ලොව බුද්ධිමත් ශක්තිමත් ජාතියක් ලෙස ඉහළට ගතයුතුය.    

 



අදහස් (0)

බලශක්තියේ අනාගත සැලසුම් ජනතාව වෙනුවෙන්ද?

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

රටේ සංසරණය වන මුදල් වලින් රුපියල් ට්‍රිලියනයක් බැංකු පද්ධතියට එන්නේ නැහැ
2025 අප්‍රේල් මස 11 423 0

වසරකට රට තුළ සංස්කරණය වන මුදල් වලින් අතිවිශාල ප්‍රමාණයක් බැංකු පද්ධතියට නොපැමිණෙන බවත්, එම මුදල් ආර්ථිකය වෙත ගෙන්වා ගැනීමට නම් ජනතාව ඩිජිටල් ගනුදෙනු


සූර්ය විදුලිය ජාතික පද්ධතියට නොගන්නවාට සූර්ය බලශක්ති කර්මාන්ත සංගමයේ දැඩි විරෝධය
2025 අප්‍රේල් මස 11 148 0

මෙරට සූර්ය බලශක්තිය මගින් නිපදවනු ලබන විදුලිය ඊයේ (10) සිට එළැඹෙන 21 වැනිදා දක්වා ජාතික විදුලිබල පද්ධතියට නොගැනීමට ලංකා විදුලි බල මණ්ඩලය ගෙන ඇති තීරණයට සූ


මාස 6 කට පසුව ඩොලරයේ විකුණුම් මිල රු.300 සීමාව පසුකරයි
2025 අප්‍රේල් මස 11 150 0

මාස 6 කට පසුව ප්‍රථම වතාවට ඇමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල ඊයේ (10) රුපියල් 300 සීමාව පසු කළේය. ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (10) නිකුත් කළ දෛනික විනිමය අනුපාතිකයට අන


වින්ඩ්ෆෝර්ස් මාලදිවයිනේ 366kWp සූර්ය බල ව්‍යාපෘතියේ වැඩ නිමකරයි
2025 අප්‍රේල් මස 11 140 0

මෙරට ප්‍රමුඛතම පුනර්ජනනීය බලශක්ති සමාගමක් වන වින්ඩ්ෆෝර්ස් පීඑල්සී සමාගම මාලදිවයිනේ කොකූන් දූපත්හිදි ආරම්භ කළ වහල මත පිහිට වූ සූර්ය බලශක්ති ව්‍යාපෘ


ජෙට්වින්ග් සමූහය රු. මි.356කට ඩ්‍රීම් බීච් රිසෝට් මිලට ගනී
2025 අප්‍රේල් මස 11 40 0

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හෝටල් සමාගමක් වන The Lighthouse Hotel PLC අම්බලන්ගොඩ පිහිටි ඩ්‍රීම් බීච් රිසෝට් හෝටලයේ සියයට 100ක කොටස් හිමිකාරීත්වය අත්පත් කරගත් බව


ව්‍යාපාර විශ්වාස පහළ ගිහින්
2025 අප්‍රේල් මස 11 24 0

ආර්ථිකයේ දිගු කාලීනව ඉහළ යෑමත් පැවැතිවත් එයට සාපේක්ෂව කෙටි කාලීනව පහත යෑමක් සිදුවුණු බව ප්‍රකට ව්‍යාපාරික සඟරාවක් වන එල්එම්ඩී වාර්තා කරයි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 320 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 252 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 408 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site