හාඩ්වෙයාර් නිෂ්පාදන යනු නිවසක් අලුතෙන් නිර්මාණය කරන විට හෝ පවතින නිවසක් නවීකරණය කරන විට අත්‍යවශ්‍යම වන උපාංග වේ. ශාන්ත කුමාර් යනු දැන් අවුරුදු 20ක කාලයක පටන් ගල්වළ ප්‍රදේශයේ හාඩ්වෙයාර් උපකරණ අලෙවි කරනු ලබන ව්‍යාපාරිකයෙකි. චීනය, ඉන්දියාව, පාකිස්ථානය වැනි රටවල්වලින් එම හාඩ්වෙයාර් උපකරණ ගෙන්වා බෙදාහැරීම ඔහු සිදුකරන කාර්යය වේ. මේ දවල්වල බිස්නස් කෙසේදැයි සොයා යන ගමනේ ශාන්ත කුමාර්ව අපේ අපේ කතා බහට එකතු කර ගත්තෙමු.
Q: මේ දවස්වල බිස්නස් කොහොමද?
මේ දවස්වල බිස්නස් වරදක්ම නැහැ. ෂේප් එකේ කරගෙන යනවා. කොරෝනවලින් පස්සේ අපේ ව්‍යාපාර පොඩ්ඩ පොඩ්ඩ වැඩි වුණා. අපි ව්‍යාපාරිකයෝ විදියට අපේ ව්‍යාපාර ගොඩනගන විදියත් දැනගන්න ඕන. මොකද බිස්නස් අඩුයි කියලා කාටවත් දොස් කියන්න බැහැ. අපේ පැත්තෙන් වගේම ආණ්ඩුව පැත්තෙනුත් වැට් එක පොඩ්ඩක් අඩු කළානම් අපේ ව්‍යාපාර තව දියුණු කරන්න පුළුවන්. එහෙම වුණොත් අපටත් සතුටින් බිස්නස් එක කරගෙන යන්න පුළුවන්.
Q: බිස්නස් වැඩි වෙන්න බලපාපු හේතුව කුමක්ද?
මම ඉතාම ක්‍රමානුකූලව ව්‍යාපාර කරගෙන යන කෙනෙක්. හරි කළමනාකරණයක් මට තියෙනවා කියලා මට හිතෙනවා. මං ගාව දැනට සේවකයෝ 20ක් පමණ සිටිනවා. ශාඛා කීපයක් තියෙනවා. ඒ වගේම මං ගාව ඉන්න සේවකයන්ට මම හොඳට සලකනවා. මං ළඟට එන පාරිභෝගිකයනුත් නැවතත් මං ළඟට එන විදියට තමයි මම බිස්නස් කරන්නේ. මං හිතනවා ව්‍යවසායකත්ව මනසකින් බිස්නස් කිරීම තමයි මාගේ බිස්නස් වැඩි දියුණුවෙන්න හේතුව.
අමිල චින්තක ගමගේ
ඡායාරූප - ඉසුරු පෙරේරා.
විදේශයන්හි රැකියාවේ නියුතු ශ්‍රී ලාංකිකයන් පසුගිය මාර්තු මාසයේදී මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 693.3 ක මුදලක් ඒවා තිබූ අතර එය මාර්තු මාසයේදී මෙතෙක් මෙරට
මැදපෙරදිග කලාපය, ආසියා පැසිපික් කලාපය, ඔස්ට්‍රේලියාව සහ යුරෝපයේ ඇතැම් රටවල් ඉලක්ක කරගනිමින් ගෝලීය මට්ටමේ සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් මාලාවක් අප්‍රේල
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී අරමුදල් වැඩසටහනේ ප්‍රගතිය මැන බැලීම සඳහා වන සිව්වැනි සමාලෝචනය සම්බන්ධ-යෙන් ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අර
ශ්රී ලංකාවේ සංචාරක කර්මාන්තය ශක්තිමත් ඉහළ යාමක් පිළිබිඹු කරමින් මෙම වසරේ පළමු මාස තුන තුළදී මෙරට සංචාරක ඉපැයීම් ඇමෙරිකානු ඩොලර් බිලියනයේ සීමාව පසුක
මහජන බැංකුව, අප්‍රේල් මස 1 වැනිදා සිට 15 වැනිදා දක්වා වූ අලුත් අවුරුදු කාල සීමාව තුළ රුපියල් බිලියන 205කට අධික වටිනාකමකින් යුත් මිලියන 14.5කට අධික ගනුදෙනු සංඛ
2025 මාර්තු මාසයේදී මෙරට ජාතික තේ අලෙවියේ සාමාන්‍ය අගය කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 1,183.76ක් එනම් ඩොලර් 4.02ක් ලෙස සටහන්ව තිබේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
බිස්නස්වල වරදක් නැහැ: හාඩ්වෙයාර් නිෂ්පාදන ව්‍යාපාරික ශාන්ත කුමාර