ඊයේ (පෙබරවාරි 05) කොළඹ කොටස් වෙළෙඳ පොළේ ගනුදෙනු අවසානයේ දී මෑත භාගය තුළ එක් දිනයක් තුළ සිදු වූ දරුණුම පසුබෑමක් වාර්තා කළේය. පසුගිය දිනවල ලාබ ඉපැයීම අරමුණු කරගත් කොටස් මිලදී ගැනීම් විකුණන ස්වභාවයක් සහ ණය පදනමකින් ලබාගත් කොටස් වහා විකිණීමක් සිදු වූ බව නිරීක්ෂණය කළ හැකිය. ශ්‍රී ලංකාවේ ආර්ථික හා මුල්‍ය වශයෙන් සිදුවෙමින් පවතින වෙනස්කම් වේගවත් නොවීම කෙරෙහි ආයෝජන අංශවල කනස්සල්ලක් පවතින බව ද අනෙක් පැත්තකින් දැක්විය හැකිය. ලෝක ආර්ථික ප්‍රවණතා හේතුකොටගෙන විශේෂයෙන් විදේශ ආයෝජකයන්ගේ හැසිරීම දේශීය ගනුදෙනුකරුවන්ගේ අවාසියට හේතු වී ඇති බව ද සඳහන් කළ හැකි කරුණකි.
ගනුදෙනු ආරම්භයේ සිට දර්ශක ක්‍රමයෙන් පහත වැටුණු අතර, අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය 16,456.10 ක් වශයෙන් වූ අතර, එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 500.10 ක පසු බැසීමකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 4,898.18 ක් වශයෙන් අවසන් වූ අතර, එය දර්ශක 167.18 ක පහළ යාමක් සේ දැක්විය හැකිය.
ජෝන් කීල්ස් හෝල්ඩිං සමාගම එක කොටසකට ශත පහක ලාභාංශ ප්‍රකාශයට පත් කර ඇත. මූල්‍ය වාර්තා අනුව 2024 වසරේ අවසන් කාර්තුවේ ලාබය රුපියල් බිලියන 14.28 ක් වන අතර, සමාගමේ ප්‍රවාහන, හෝටල් හා විනෝදාංශ සහ වැවිලි හා තොරතුරු තාක්ෂණ අංශවල පසුබෑමක් දැක්වේ. මෙයට අමතරව කුඩා තේ වතු කොටසකට ශත විසි එකක සහ ජෝන් කීල්ස් සමාගම කොටසකට රුපියලක් බැගින් ලාභාංශ ගෙවනු ඇත. එය සඳහා පෙබරවාරි 17 දක්වා හිමිකම් කිව හැකිය.
දිනයේ පිරිවැටුම රු. බිලියන 6.35 වූ අතර, දිනය අවසානයේදී ගනුදෙනු 41,787 ක් සිදුවී තිබේ. ලැයිස්තුගත සමාගම් 29 ක පමණක් කොටස් මිල ඉහළ ගියේය. සමාගම් 241 ක කොටස් මිල පහත වැටිණි.
නිරීක්ෂක
විදේශයන්හි රැකියාවේ නියුතු ශ්‍රී ලාංකිකයන් පසුගිය මාර්තු මාසයේදී මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 693.3 ක මුදලක් ඒවා තිබූ අතර එය මාර්තු මාසයේදී මෙතෙක් මෙරට
මැදපෙරදිග කලාපය, ආසියා පැසිපික් කලාපය, ඔස්ට්‍රේලියාව සහ යුරෝපයේ ඇතැම් රටවල් ඉලක්ක කරගනිමින් ගෝලීය මට්ටමේ සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් මාලාවක් අප්‍රේල
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී අරමුදල් වැඩසටහනේ ප්‍රගතිය මැන බැලීම සඳහා වන සිව්වැනි සමාලෝචනය සම්බන්ධ-යෙන් ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අර
ශ්රී ලංකාවේ සංචාරක කර්මාන්තය ශක්තිමත් ඉහළ යාමක් පිළිබිඹු කරමින් මෙම වසරේ පළමු මාස තුන තුළදී මෙරට සංචාරක ඉපැයීම් ඇමෙරිකානු ඩොලර් බිලියනයේ සීමාව පසුක
මහජන බැංකුව, අප්‍රේල් මස 1 වැනිදා සිට 15 වැනිදා දක්වා වූ අලුත් අවුරුදු කාල සීමාව තුළ රුපියල් බිලියන 205කට අධික වටිනාකමකින් යුත් මිලියන 14.5කට අධික ගනුදෙනු සංඛ
2025 මාර්තු මාසයේදී මෙරට ජාතික තේ අලෙවියේ සාමාන්‍ය අගය කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 1,183.76ක් එනම් ඩොලර් 4.02ක් ලෙස සටහන්ව තිබේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මෑත භාගයේ එක් දිනක් තුළ වාර්තාගත පසුබෑමක්