ශ්රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගමක් වන යූනියන් ඇෂුවරන්ස් සිය MDRT සුදුසුකම්ලාභී රක්ෂණ සම්බන්ධතා නිලධාරීන්ගේ විශිෂ්ට ජයග්‍රහණ බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී පසුගියදා සමරනු ලැබීය. මිලියන් ඩොලර් රවුන්ඞ් ටේබල් හෙවත් ඩොලර් මිලියන වට මේසය (MDRT) යනු, ඉහළම සදාචාරාත්මක ප්‍රමිති අනුගමනය කරමින් අඛණ්ඩව ව්‍යාපාර කොටස්හිමියන් සමඟ විශ්වාසය ගොඩනගා ගන්නා අතරම පාරිභෝගිකයන්ට හොඳම විසඳුම් පිරිනමන රක්ෂණ උපදේශකයන් සඳහා හිමි වන ජාත්‍යන්තර වශයෙන් ඉහළම පිළිගැනීම වේ.
සහභාගි වූවන්ට සිය කාර්යභාරය සම්බන්ධයෙන් විශිෂ්ටත්වය අත්පත් කර ගැනීමේ හැකියාව ලබාදීමට අගනා අදහස්, මෙවලම් හා උපායමාර්ගික සැලසුම් ඉදිරිපත් කළ ප්‍රධාන දේශකයා වූ සුදීර ගොඩබැද්දගේ විසින් ඉදිරිපත් කරන ලද දැනුම බෙදහදා ගැනීමේ සැසියක් මෙම අවස්ථාවට ඇතුළත් විය. සිය විශිෂ්ට දායකත්වය උදෙසා ඉහළම කාර්යසාධනය පළකළ රක්ෂණ සම්බන්ධතා නිලධාරීන් ඇගයීමට පාත්‍රකළ සම්මාන උළෙල මෙම සැඳෑවේ තවත් එක් කැපීපෙනෙන අංගයක් විය.
කණ්ඩායමේ සාර්ථකත්වය පිළිබඳව අදහස් දක්වමින්, යූනියන් ඇෂුවරන්ස් හි ප්‍රධාන සහකාරත්ව බෙදාහැරීම් නිලධාරිනී වත්සලා අලුත්ගෙදර මෙසේ පැවසුවාය. “යූනියන් ඇෂුවරන්ස් හි අප විශිෂ්ටත්වයෙන් යුතු සේවා වටපිටාවක් පවත්වා ගැනීමට කැපවෙමින්, අපගේ රක්ෂණ සම්බන්ධතා නිලධාරීන්ට තමන්ගේ උපරිම ඵලදායීතාව වෙත ළඟාවිය හැකි වන ආකාරයට ඔවුන් සවිබල ගන්වනවා. MDRT සුදුසුකම්ලාභී සාමාජිකයන් සඳහා වන ඇගයීම් වැඩසටහන ඔවුන්ගේ විශිෂ්ට ජයග්‍රහණ සහ ඔවුන් විසින් අපගේ පාරිභෝගිකයන්ට පිරිනමනු ලබන වටිනාකම් පිළිබිඹු කරන්නක්”.
“ඔවුන්ගේ වැඩිදියුණුව හා සාර්ථකත්වය වෙනුවෙන් අඛණ්ඩව සහයෝගය ලබාදෙමින්, ක්ෂේත්‍රයේ නිරන්තරයෙන්ම ඉහළ ප්‍රමිති වෙත ළඟාවීම සඳහා ඔවුන් කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන අතරම, පාරිභෝගිකයන්ට ඉහළම මට්ටමේ සේවාවක් පිරිනමමින් සිය රැකියාවල අඛණ්ඩ සාර්ථකත්වය පවත්වා ගැනීමට ඔවුන්ට අවශ්‍ය වන පුහුණුව හා සම්පත් සැපයීමට සමාගමක් ලෙස අප නිරතුරුවම කැපවී සිටිනවා”, යැයි ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
යූනියන් ඇෂුවරන්ස් යනු විවිධාංගීකෘත කර්මාන්ත අංශයන් 7ක පවතින සමාගම් 80කට අධික ප්‍රමාණයක් සමඟ ක්‍රියාත්මක, කොළඹ කොටස් වෙළෙඳපොළේ විශාලතම ලැයිස්තුගත සමූහ ව්‍යාපාරයක් වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පී.එල්.සී (JKH) හි අනුබද්ධ සමාගමකි. වර්ෂ 2024 සැප්තැම්බර් මාසය අවසාන වනවිට රු. බිලියන 27.8ක වෙළෙඳපොළ ප්‍රාග්ධනකරණයක්, සහ රු. බිලියන 74.7ක ජීවිත අරමුදලක් සහිතව දශක තුනකට අධික කාලයක් සාර්ථක ලෙස සම්පූර්ණ කිරීමට මෙම සමාගම සමත්ව ඇත. ජීවිත වෙත රැකවරණය සලසන අතරම සියලු ශ්‍රී ලාංකිකයන් සඳහා පිරිපුන් සුවසෙත සැලසීමට කැපවී සිටින යුනියන් ඇෂුවරන්ස්, ශ්‍රී ලාංකිකයන්ගේ සෞඛ්‍ය, ආයෝජන, රැකවරණ, විශ්‍රාම, සහ අධ්‍යාපන අවශ්‍යතා ආවරණය කරන ජීවිත රක්ෂණ විසඳුම් පිරිනමයි. දිවයින පුරා ව්‍යාප්ත ශාඛා ජාලයක් සහ 3,000කට අධික සවිමත් සේවා බලකායක් සමඟ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ නිරන්තර වෙනස්වීම් අනුව හැඩගැසෙමින් පාරිභෝගික කේන්ද්‍රීය විශේෂ අවධානයක් සහිතව ජනතාව, නිෂ්පාදන, සහ ක්‍රියාවලීන් උදෙසා ආයෝජනය කිරීමට යුනියන් ඇෂුවරන්ස් නිබඳව කටයුතු කරයි.
විදේශයන්හි රැකියාවේ නියුතු ශ්‍රී ලාංකිකයන් පසුගිය මාර්තු මාසයේදී මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 693.3 ක මුදලක් ඒවා තිබූ අතර එය මාර්තු මාසයේදී මෙතෙක් මෙරට
මැදපෙරදිග කලාපය, ආසියා පැසිපික් කලාපය, ඔස්ට්‍රේලියාව සහ යුරෝපයේ ඇතැම් රටවල් ඉලක්ක කරගනිමින් ගෝලීය මට්ටමේ සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් මාලාවක් අප්‍රේල
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී අරමුදල් වැඩසටහනේ ප්‍රගතිය මැන බැලීම සඳහා වන සිව්වැනි සමාලෝචනය සම්බන්ධ-යෙන් ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අර
ශ්රී ලංකාවේ සංචාරක කර්මාන්තය ශක්තිමත් ඉහළ යාමක් පිළිබිඹු කරමින් මෙම වසරේ පළමු මාස තුන තුළදී මෙරට සංචාරක ඉපැයීම් ඇමෙරිකානු ඩොලර් බිලියනයේ සීමාව පසුක
මහජන බැංකුව, අප්‍රේල් මස 1 වැනිදා සිට 15 වැනිදා දක්වා වූ අලුත් අවුරුදු කාල සීමාව තුළ රුපියල් බිලියන 205කට අධික වටිනාකමකින් යුත් මිලියන 14.5කට අධික ගනුදෙනු සංඛ
2025 මාර්තු මාසයේදී මෙරට ජාතික තේ අලෙවියේ සාමාන්‍ය අගය කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 1,183.76ක් එනම් ඩොලර් 4.02ක් ලෙස සටහන්ව තිබේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
යූනියන් ඇෂුවරන්ස් වෙතින් MDRT සුදුසුකම්ලාභීන් ඇගයුම් වැඩසටහනක්