
යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම විසින් සපුගස්කන්ද ලින්ඩල් කාර්මික සැකසුම් කලාපයේ නව ආහාර නිෂ්පාදන කර්මාන්ත ශාලාවක්, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදී. මෙම කර්මාන්ත ශාලාවේ කටයුතු පසුගිය ආර්ථික අර්බුද සමය තුළ ආරම්භ කරන ලද අතර ඒ හරහා දේශීය නිෂ්පාදන ශක්තිමත් කිරීමේ යුනිලිවර් ශ්‍රී ලංකා හි අරමුණු තහවුරු කරන්නකි. මෙමගින් විදේශ විනිමය මත ඇති වන පීඩනය ඉවත් වන අතර, ශ්‍රී ලාංකික පාරිභෝගිකයට පෝෂ්‍යදායී ආහාර නිෂ්පාදන දැරිය හැකි මිලකට ලබා දෙයි.
මෙම කර්මාන්තශාලාව යුනිලිවර් හි මෝල්ට් පදනම් කරගත් ආහාර පාන සන්නාම වන Viva සහ Horlicks නිෂ්පාදනය කරනු ඇත. මෙම නිෂ්පාදන මීට පෙර මෙරටට ආනයනය කළ නිෂ්පාදන වේ. මෙම කර්මාන්ත ශාලාව උසස් තත්වය, තිරසාර බව මෙන්ම කාර්යක්ෂමතාව සහතික කරන අති නවීන තාක්ෂණයෙන් සමන්විතය. එසේම මෙම කර්මාන්ත ශාලාව හරහා දේශීය රැකියා අවස්ථා ද උත්පාදනය කරනු ලබයි.
යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී අලි තාරික් මහතා මෙසේ ප්‍රකාශ කළේය. “රට තුළ සිදු කෙරෙන මෙම ආයෝජනය ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන් සහ ආර්ථික සංවර්ධනය සඳහා යුනිලීවර් හි කැපවීම ශක්තිමත් කරනු ලබනවා. එසේම අප කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය කරනු ලබන සන්නාම පරාසය පාරිභෝගිකයන්ට දැරිය හැකි මිලකට පෝෂ්‍යදායී නිෂ්පාදන සඳහා ප්‍රවේශය ලබා දෙනවා. තවද, නිෂ්පාදනය දේශීයකරණය කිරීම හරහා රැකියා උත්පාදනය, විදේශ මුදල් පිටතට ගලායාම අඩු කිරීම මෙන්ම අනෙකුත් වෙළෙදපොළට විභව අපනයනය සඳහා නිෂ්පාදන ධාරිතාව නිර්මාණය කරනු ලබනවා.”
2025 දෙසැම්බර් මස 04
786
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
580
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
යුනිලිවර් ශ්‍රී ලංකා Viva සහ Horlicks සන්නාමවලට ආහාර කර්මාන්ත ශාලාව විවෘත කරයි