IMG-LOGO

2025 අප්‍රේල් මස 10 වන බ්‍රහස්පතින්දා


රට දියුණුවේ මග ජනපති කියයි

සියලූ දෙනා සුභවාදීව සිතන්නේ නම් ශ්‍රීලංකාව දියුණුවෙන් දියුණුවට පත්කිරීම සුලූ දෙයක් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

ජනාධිපති මේ බැව් සදහන් කළේ පසුගියදා පැවැති ශ්‍රී ලංකා මහ බැංකුවේ 2012 වසර සදහා වන වාර්තාව ඉදිරිපත් කිරීම නිමිත්තෙන් පැවැති උත්සවයේදීය.

 එම වාර්තාව අනුව 2012 වසරේ ආර්ථීක වර්ධන වේගය සියයට 6.4 කි.නමුත් 2011 වසරේ එය සියයට 8 ක් විය.මෙය ඇතැමුන්ට රජය විවේචනය කිරීමට හොද මාතෘකාවක් වනු ඇතැයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පැවැසීය. නමුත් ලෝක ආර්ථීක අර්බුදය හමුවේ රජය විසින් ගත් පියවරයන් නිසා නොවේනම් මේ තරමටවත් ආර්ථීක වර්ධන වේගයක් පවත්වාගත නොහැකි වනු ඇතැයි ජනාධිපති කීය.

තවද මාස 50 ක් පුරාවට උද්දමනය තනි අංකයක පවත්වා ගැනීම රජය ලත් තවත් ජයග්‍රහණයක් බව ජනපතිවරයාගේ අදහස විය.මෙයත් සියයට 6.4 ක ආර්ථීක වර්ධන වේගයත් ශ්‍රීලංකාවේ ආර්ථීකයේ ශක්තිමත් භාවය පෙන්වාදෙන්නේ යැයි රාජපක්ෂ මහතා පැවැසුවේය.

තවද උතුරේ ක්‍රියාත්මක වන වැඩසටහන් ගැනද රැස්ව සිටි පිරිස දැනුම්වත් කරනු ලැබීය.දැනට ලක්ෂ 2140 ක මුදලක් උතුරේ සංවර්ධනය සදහා යොදවා ඇති බවත් නොනවත්වා රජය විවේචනය කිරීමට විනා රජය විසින් රටේ සංවර්ධනය වෙනුවෙන් ගනු ලබන ක්‍රියාමාර්ග ගැන කතා කිරීමට

විවේචන,ගැරහුම් හමුවේ හෝ රජය ඉදිරියටත් සංවර්ධන ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කරන බව මහින්ද රාජපක්ෂ මහතා පැවැසුවේය.සුබවාදීව සිතා රටේ සංවර්ධනය වෙනුවෙන් සැමදෙන එක්විය යුතුයැයි ජනාධිපතිසදහන් කළේය.



අදහස් (0)

රට දියුණුවේ මග ජනපති කියයි

කීර්ති Thursday, 18 April 2013 06:27 PM

සංවර්ධනය ගැන සිහින මවන ජනාධිපතිතුමා රටේ ආර්ථිකය උත්පාදනය කල හැකි යමක් තවම හිතලා තියනවද?. අහිංසක මහජනතාව අපහසුවෙන් උපයන මුදලට බදු අය කරලද උද්දමනය තනි අංකයක පවත්වා ගන්න හදන්නේ.(නදී)

:       0       0

ජීව Sunday, 14 April 2013 02:44 PM

ඒක ඇත්ත, මහ බැංකුවේ අයටත්, මුදල් අමාත්‍යංශයේ අයටත් නම් තවත් කාලයකට සුබවාදිව හිතන්න පුළුවන්.(නදී)

:       0       0

ද සිල්වා Wednesday, 10 April 2013 09:36 PM

නිලධාරීන් සහ දේශපාලකයන් පගා ගැසිම, වංචාව , මැරකම නැවතුවොත් , රට දියුනුවේවි. සුභ අනාගතයක් ගැන සිහින මව මව හිටියට රට දියුණුවෙන්නේ නැහැ.(නදී)

:       0       0

රාජිත-දෝහා Saturday, 13 April 2013 07:34 PM

අපිට සුබවාදීව හිතන්න තිබුනා අපේ දේශපාලකයෝ ටික ලංකාවේ නැති වුණා නම්....... (නි)

:       0       0

තිලක් Wednesday, 10 April 2013 04:09 PM

ඔහොම යමු... (නි)

:       0       0

උපාලි Saturday, 13 April 2013 03:15 AM

අරුණ පටලවාගෙන. 8% එක 6.4% බැහැලා . ඉස්සර කාලේ කිවුවේ පොලි මුදලාලි කියලා. දැන් තමයි බැංකු කියන්නේ. (නි)

:       0       0

සුමනා Wednesday, 10 April 2013 04:15 PM

යුද්ධය ජය ගැනීම හැර , අනිත් හැමදේවල් ගැනම නම් මට සුබවාදීව හිතන්න බැහැ. (නි)

:       0       0

සරත් Wednesday, 10 April 2013 10:55 PM

අපට යාන වාහන වුවමනා නැහැ. අඩුම ගානේ විලි වහගෙන, තුන්වේල කාලා ජීවත් වෙන්න සංවර්ධනය වුණහම ඇති (නි)

:       0       0

බමුණූසිංහ Saturday, 13 April 2013 03:45 AM

සුබවාදීව හොදට හිතන්න පුළුවන් දේශපාලකයින්ට සහ කොන්ත්‍රාත්කරුවන්ට.(නදී)

:       0       0

චම්පා Wednesday, 24 April 2013 11:00 AM

සහතික ඇත්ත

:       0       0

උද්දික Wednesday, 17 April 2013 08:21 AM

සරත්, මහත්තය පමණයි හරි කතාවක් කියලා තියෙන්නේ. මමත් පිටරට ඉන්න නිසා තමයි තේරෙන්නේ. ලංකාවේ දියුණුව පෙන්නේ. අපේ රටවල් වල නිකම් බෝනස් දෙන්නේ නැහැ. මුළු ලෝකෙම ආර්ථික ප්‍රශ්න තියෙනවා. හැම කර්මාන්තයක්ම පාඩුයි. අනික ඛනිජ තෙල්, ලංවිම පාඩු වෙලා තියෙන්නේ වැඩ කරන අය නිසා. බලන්නකෝ ගෙවන පඩි. අනික් එක නිවාඩු දවසකට එක වාහනයක් තියෙනවද කියලා බලන්න ඔෆිස් වල. ඕවා පාඩු වෙලා තියෙන්නේ වැඩ කරන මිනිස්සු නිසා. මම ඉන්න නවසීලන්තයේ කිරි කොච්චර ගණන්ද? කෑම කොච්චර ගණන්ද? ලංකාවේ තව හොදයි (නි)

:       0       0

සෑම් Friday, 19 April 2013 10:00 AM

අපේ දේශපාලුවෝ කට්ටියම අයින් කළොත් නම් රට දියුණු කර ගන්න පුළුවන් කියලා මට විශ්වාසයි. (නි)

:       0       0

අප්පුහාමි Thursday, 11 April 2013 01:23 PM

ඔය සංගණනය කරලා තියන්නේ කුමන ජන කොට්ඨාශයකින්ද? (නි)

:       0       0

සෆ්රාන් Saturday, 13 April 2013 10:48 PM

රටේ ජනතාව කියනව නම් හෝ හිතෙනවා නම් "ඔව්, අපි දැන් දියුණුයි... අපේ ජිවන තත්වය උසස් වෙලා.. " කියල.... ඔන්න අපි පිලිගන්න්නවා... එහෙම නැතුව එක එක බැංකු, සඟරා සහ පක්ෂපාතී මාධ්‍ය මගින් පෙන්නලා දෙන දේවල් විශ්වාස කල නොහැකි.(නදී)

:       0       0

ලලිත් Friday, 12 April 2013 03:55 AM

රට දියුණුවේ රහස. මහජන ඉඩම් දේශපාලකයෝ ලියාගැනීම, පලිගැනීම මහජන මුදල් ගසා කෑම, දූෂණය, හොරකම ගස් බැදීම මෙජර්ලට ගැසීම පුරසාරම් දෙඩීම ,මිනිස්සුන්ගේ බඩට ගැසීම, පාසල් ළමුන්ගෙන් කප්පන් ගැනීම, මතට තිත සමග කැසිනෝ ගැහීම. එතනෝල් ගෙන්වීම.(නදී)

:       0       0

දේව් Tuesday, 23 April 2013 10:25 PM

ඔය ඉන්න ඇමතිවරු ගණන අටකට විතර බස්සන්න කියලා මම යෝජනා කරමි. (නි)

:       0       0

ධම්මික Wednesday, 10 April 2013 05:25 PM

සුමනා, ඔබතුමියගේ කතාව හරියටම හරි. අපේ ජනාධිපති තුමා සහ පිරිවර යුද්දේ ඉවරකරපු එක ගැන හැමදාම කියව කියවා අවනීතියට රජ වෙන්න ඉඩදෙන්න එපා. එහෙම වුනොත් මෙරට වැඩිකලක් නොගිහින්ම යුද්දේ තිබුනටත් වැඩිය අන්ත අසරණ තත්වයකට වැටෙනවා. දැන් රටේ වෙන දේවල් දිහා බැලුවම සුභවාදීව හිතන්න කිසිම හේතුවක් පෙන්නේ නැහැ. අපිට සුබවාදීව හිතන්න කියල පාලකයෝ කරන්න පුළුවන් ඉහලම හොර මැර කම් කරනවා. ඉතින් කොහොමද රටක් දියුණුවෙන්නේ.(නදී)

:       0       0

සරත් Saturday, 13 April 2013 11:54 PM

ඔහොම යමු. අපේ රටට ජාත්‍යන්තර විශ්වාසය තවත් ලැබේවි. (නි)

:       0       0

ලෙස්ලි Tuesday, 16 April 2013 07:06 PM

ලෝකයේ ලොකුම ඇමති මණ්ඩලය සහිත රට. රටේ පාලකයා දවසකට රුපියල් කොටි 2 බැගින් පුද්ගලික වියදම් වලට වෙන් කර ගන්න රට. ඒ අතින් නම් ලෝකේ දියුණුම රට තමා.(නදී)

:       0       0

ප්‍රියා Sunday, 21 April 2013 12:01 AM

රට මොන තරම් සංවර්දනය කළත්, රටේ සංස්කෘතියට මොකද වෙලා තියෙන්නේ? ගැහැණිය රට. අපි මෙහේ දුක් විදිනවා. මේවාට ඉක්මනට පිලියමක් යොදන්න ඕනෑ. (නි)

:       0       0

යොහාන් Wednesday, 10 April 2013 01:20 PM

මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. භාණ්ඩ මිල ඉහළ යන එකත් මේකේ පෙන්නුම් කරනවද? (නි)

:       0       0

අසාද් Sunday, 14 April 2013 08:49 PM

ගං කබරයො විතරක් සංවර්ධනය වෙනවා.(නදී)

:       0       0

හේරත් Sunday, 21 April 2013 01:12 AM

මම ඉන්නේ කඳුරට. යුද්ධය තිබුනේ උතුරට. බෝම්බ ආවේ කොළොඹට. මිනිස්සු මළේ අමුවට. පොළොවේ වැලලුවේ මළ සිරුරු. මිනිස්සු දිවුවේ පන බේරගන්න. යුද්ධය නිසා රට නොබෙදුවේ පෙර පිනට. ඒත් අද සමහරුන්ට ඒක සුලුදෙයක්ලු. ඉතින් කොහොමද රටක් හැදෙන්නේ? (නි)

:       0       0

අරුණ Friday, 12 April 2013 06:18 PM

මම දන්නේ නැති නිසා අහන්නේ. එතකොට 6.4 , 8ක් වුණ නිසාද මේ පාර බැංකු සේවකයින්ට බෝනස් නොදුන්නේ. (නි)

:       0       0

ලසන්ත Wednesday, 10 April 2013 01:33 PM

ඒත් මධ්‍යම පන්තිය ඉතා ඉක්මනින් දියවෙන රටවල් අතරේ ලංකාවත් ඉදිරියෙන්ම ඉන්නවා කියලා ලෝකේ වාර්තා පෙන්වනවා නේද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)

:       0       0

සුපුන් Wednesday, 10 April 2013 01:27 PM

අපි නිතර පත්තර බලනවා. ඒවායේ කියන දේවල් දැක්කහම අපි කොහොමද සුබ පතන්නේ? (නි)

:       0       0

මාලා Wednesday, 10 April 2013 01:29 PM

සි.ටී.බි.එක පාඩුයි, විදුලිබල මණ්ඩලේ, ඛනිජතෙල් සංස්ථාව පාඩුයි. ඇති නැති පරතරේ වැඩි වෙනවා, ගාමන්ට් වහනවා, තේ වතු පාඩුයි. අපේ ජිවන තත්ත්වය එන්න එන්නම ප්‍රපාතයට යනවා. මේවා ගැනත් පොඩ්ඩක් හොයලා බලන්න බුදු මහත්තයෝ. (නි)

:       0       0

පාලිත Friday, 19 April 2013 12:25 PM

උප්පැන්න /මරණ/විවාහ සහතිකය ලබාගන්න අසීමිත ලෙස බදු . යතුරු පැදි, ත්‍රී වීල් වලට අසීමිත බදු. විදුලි බිල්.... මේවා සියල්ල සාමාන්‍ය ජනතාවට . රටේ මහා පරිමාණ ව්‍යාපෘති සියල්ල සුදු අලි බවට පත්වෙලා. එහි බරද අපට දැරීමට සිදුවෙලා. ඉතින්??? (නි)

:       0       0

කැනඩා-දිසානායක Sunday, 14 April 2013 08:47 AM

මම මෙහෙම කියනවට මට සමාවෙන්න. ඔබ යුද්දේ දිනපු එක ඇරෙන්න වෙන කිසිම දෙයක් කර නැති බැවි මම නම් කියන්නේ. (නදී)

:       0       0

රීටා Wednesday, 17 April 2013 11:37 AM

උද්දිත ,සමුර්දි,ජනසවි වගේ මිනිස්සු කම්මැලි කරන චන්ද ගුණ්ඩු දීමනා නවසිලන්තෙත් තියනවද?. නිකන් කඩේ යන්න එපා. ඔය වැඩ කරන ඔය රටේ රාජ්‍ය ආයතන පාඩු නම් රජයේ වගකීම බාරගන්නවද නැද්ද.?(නදී)

:       0       0

සමන් Thursday, 11 April 2013 09:40 AM

දැන් අවශ්‍ය වන්නේ බුද්ධිමත් දිගුකාලීන සැලැස්මකට රට දියුණු කිරීමයි. (නි)

:       0       0

නෙතුමි Sunday, 14 April 2013 11:34 PM

බෞතික මට්ටමින් රට දියුණු වුණත්, සංස්කෘතික අතින් වර්තමානයේ ගොඩක් පිරිහිලා. කාලයත් සමග වෙනස් විය යුතු නමුත් එයද සාධාරන පාඩමකින් සිදුවිය යුතුයි (නි)

:       0       0

කීර්ති Monday, 15 April 2013 03:13 PM

දැන් තියන තත්ත්වය යටතේ රුපියල් 20000 කින් වත් වැටුප් වැඩි වීමක් වුණොත් ඉහත විවේචන වලින් රජයට ටිකක් බේරෙන්න පුලුවන්. (නි)

:       0       0

සරත් Thursday, 11 April 2013 09:37 AM

සර්ව අසුබවාදී පක්ෂ තියෙනතුරු කවදාවත් ලංකාව දියුණු කරන්න අමාරු වෙයි. එයාලට ඕනෑ හැමෝම දුප්පත්වෙලා එක සමානව ජීවත් වෙන්න. ලෝකයේ හැම රටකම බඩු මිල හැමදාම වැඩිවෙනවා. අපි ජීවත්වෙන ඇමෙරිකාවෙත් එහෙමයි. මෙහෙ සමහර මිනිස්සු ශීත කාලේදී කන්න නැතුව මැරෙනවා. ඉතින් ලංකාව වගේ පුංචි රටක් ගැන මොනවා කතා කරන්නද ? (නි)

:       0       0

සුධීර Saturday, 20 April 2013 12:25 AM

නමුත් ගිය අවුරුද්දේ රාජ්‍ය ආයතන වල පාඩුව කෝටි 18500 කියලා වාර්තා වලා කියන්නේ. අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)

:       0       0

ජෝයි Sunday, 14 April 2013 11:45 AM

අනේ ඇයි කහ ත්‍රස්තවාදය නිහඩ. එස් එම එස්. වර්ගවාදී කතා කියන රැස්වීම් හැම තැනම. අපේ කඩවලින් බදු ගන්ට එපාලු. ඇයි අපිව යුද්දෙකට තල්ලු කරන්ට හදන්නේ මේ උදවිය. ඔබතුමා එකක් ඉවර කලා විතරයිනේ. ඔබතුමාට කියන තැනකට වදින්නම් මේ හිත රිදවීම් නතර කරවන්න.(නදී)

:       0       0

සමීර සාලින්ද Thursday, 11 April 2013 05:35 PM

රට තුළ හැමතැනම ප්‍රශ්න. අපි ඉතින් මොනවා කරන්නද? (නි)

:       0       0

රංජනී Saturday, 20 April 2013 03:59 PM

දැන් ලංකාව කොපමණ ලස්සනද?  බඩු මිල කොයි රටෙත් ඉහල යනවා. අඩු කරන දෙයක් ගැන කියන්නේ නැහැනේ. අවරුදු 30ක ශාපය අවසන් කරපු එකම ඇති ජනාදිපති තුමාට දිගු ගමනකට ආසිරි !(නදී)

:       0       0

සුරිය Saturday, 20 April 2013 03:08 AM

ඒ වුණාට ලංකාවේ ආර්ථිකය කඩා වැටිලා. තව ටික කාලයකින් පෙට්‍රල්, ගෑස්, විදුලිය නැවතත් ඉහළ යනවා සිකුරුයි. (නි)

:       0       0

ඡායා Sunday, 14 April 2013 12:19 PM

10% ක් හොඳින් ජීවත් වෙන 1% වැජඹෙන අනිත් 89% නොමැරී ඉන්න අපමණ දුක් විඳින අපේ රට ගැන තව මොන කතාද?(නදී)

:       0       0

මංජුල Wednesday, 10 April 2013 02:40 PM

යොහාන්, මෝඩ ප්‍රශ්න අහන්න එපා. ලෝකයේ බඩු මිල අඩුවෙන රටක් කියන්න බලන්න? (නි)

:       0       0

චන්න Monday, 22 April 2013 10:40 AM

මමත් පිලි ගන්නවා (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

අවුරුදු නැකත් දැන ගන්න සූර්යයා වෙතින් කේතයක්
2025 අප්‍රේල් මස 10 63 0

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.


ආර්ථිකය ධනාත්මක වුවත් තවමත් අවදානමක් - ADB
2025 අප්‍රේල් මස 10 67 0

පසුගිය වසරේ සියයට 5 ක ආර්ථික වර්ධනයක් වාර්තා කළ ශ්‍රී ලංකාව එම ප්‍රවණතාව අඛණ්ඩව ඉදිරියට ගෙන යනු ඇති බවත් මෙරට ආර්ථිකය මෙම වසරේදී සියයට 3.9 ක සහ ලබන වසරේ සි


පරාටේ නීතිය දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කරයි
2025 අප්‍රේල් මස 10 27 0

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට නැවත පණක් ලබාදීම සඳහා පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් ලබාදී තිබූ සහන කාලය එළැඹෙන දෙසැම්බර් මස 31 වැනිදා දක


සංචාරක ආයතන එක්කර ජාතික සංචාරක කොමිෂන් සභාවක්
2025 අප්‍රේල් මස 10 41 0

සංචාරක කර්මාන්තයට සම්බන්ධ විවිධ ආයතන ඒකාබද්ධ කර ගනිමින් ජාතික සංචාරක කොමිෂන් සභාවක් පිහිටුවීමට ඉදිරියේදී කටයුතු කරන බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුව


හේලීස් DIMO හි සියයට 10.83ක කොටස් මිලට ගනී
2025 අප්‍රේල් මස 10 48 0

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හේලීස් සමූහය (Hayleys PLC) ඩීසල් ඇන්ඞ් මෝටර් ඉන්ජිනියරින්ග් පීඑල්සී හෙවත් DIMO සමාගවේ සමස්ත කොටස් හිමිකාරීත්වයෙන් කොටස් 999,344ක්


CEAT සමාගමෙන් රු.බි. 4ක ආයෝජනයක්
2025 අප්‍රේල් මස 10 15 0

මෙරට ප්‍රමුඛතම ටයර් සන්නාමයක් වන CEAT සන්නාමය හිමි සියැට් කැලණි හෝල්ඩිංග්ස් (පෞද්) සමාගම මෙරට තුළ සිය නිෂ්පාදන යටිතල පහසුකම් තවදුරටත් යාවත්කාලීන කිරීම ස


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 78 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 401 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 914 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site