අලෙවිය සඳහා තබා ඇති කජු
පාරිභෝගිකයකුට කජු අලෙවි කරන අයුරු
දේශීය කජු මිල දිනෙන් දින ඉහළ යාමත් ව්‍යාපාර අඩු වීමට හේතුවක්
ආනයනික කජු අඩු මිලට විකිණීම තවත් ප්‍රශ්නයක්
රුපියල් 2500ට 3000ට තිබූ කජු කිලෝව දැන් රුපියල් 5000ටත් එහා ගිහින්
කිලෝවක් ගන්න එන කෙනා අරන් යන්නේ ග්‍රෑම් 250යි
කඩ කුලී, විදුලි බිල්, රජයේ බදුත් ගෙවනවා
අවන් කජු කිලෝවක් රුපියල් 7000ක් පමණ වෙලා
කජු ඇට මිලදී ගන්නේ මහ පරිමාණ මුදලාලිලා තුන් හතර දෙනෙක්. වෙළෙඳපොළේ මිල තීරණය කරන්නේ ඔවුන්
අධිවේගී මාර්ගය නිසා සංචාරකයන් මේ පැත්තට එන්නේ නෑ
සඳලංකාව - හේමලතා ඩී. හේවගේ
ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඒ ඒ ප්‍රදේශවලට ආවේණිකව සිදු කරනු ලබන වෙළෙඳාම් බොහොමයක් දිවයින පුරා විසිරී ඇත. රුහුණේ මී කිරි, පුත්තලම ලුණු, රත්නපුරේ මැණික්, මීගමුවේ අළුවා, බටලීයේ කජු ආදි වශයෙන් බැඳුණු නාමවලින් එම ප්‍රදේශ ප්‍රසිද්ධියක් උසුලයි.
වයඹ - බස්නාහිර පළාත් වෙන් කෙරෙන මා ඔයෙහි ගිරිඋල්ල පාලම අසල රේන්දපොළවත්ත ප්‍රදේශය ද කජු වෙළෙඳාමට වසර තිහකට අධික ඉතිහාසයක සිට ප්‍රසිද්ධියක් උසුලන ප්‍රදේශයකි. කුරුණෑගල කොළඹ අංක 05 ප්‍රධාන මාර්ගයට මුහුණලා දෙපස ඉදිකර ඇති මෙම කජු වෙළෙඳසල් දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය ද දිනාගත් ස්ථානයකි.
රේන්දවත්තෙහි පිහිටි මෙම කජු වෙළෙඳසල් අද වන විට පවත්වාගෙන යාමට නොහැකි මට්ටමකට පත්ව ඇති බව එම කජු වෙළෙඳසල් හිමියෝ පවසති.
නුවර කොළඹ අධිවේගී මාර්ගය ඉදිවීමත් සමඟ දේශීය හා විදේශීය සංචාරකයන් මෙම මාර්ගය හරහා ගමන් කිරීම අඩු වී ඇති බවත්, මෙරටට පැමිණෙන සංචාරකයන්ට ගුවන්තොටුපොළ තුළදීම පහසුවෙන් හා කෙටි කාලයකින් ගමන් කිරීමට හැකි මාර්ග පිළිබඳව අන්තර්ජාල තොරතුරු හරහා දැනුවත් කිරීම නිසා එම සංචාරකයන් රැගත් රථවාහන මෙම මාර්ගය ඔස්සේ ගමන් නොකරන බවත් වෙළෙන්දෝ කියති.
දිනෙන් දින දේශීය කජු මිල ඉහළ යෑම නිසා හා විදේශීය රටවලින් ආනයනය කරනු ලබන කජු අඩු මිලට විකිණීමත් මෙම ගැටලුවට බලපා ඇති තවත් සාධකයක් බව ද වෙළෙන්දෝ පෙන්වා දෙති.
වසර දහයකට ආසන්න කාලයක සිට රේන්දපොළවත්ත ප්‍රදේශයේ කජු වෙළෙඳාමේ නිරත වන යූ.එල්. අයේෂා පෙරේරා මහත්මිය මෙම ගැටලුව සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කරමින් මෙසේ පැවැසුවාය.
“රේන්දපොළවත්ත කිව්වහම කජු වෙළෙඳාමට ප්‍රසිද්ධියක් උසුලන ස්ථානයක්. මමත් දැන් වසර දහයකට ආසන්න කාලයක් මෙම ස්ථානයේ කජු වෙළෙඳාමේ නිරත වෙනවා. පරම්පරාවෙන් එන පිරිසක් තමයි මෙතැන කජු වෙළෙඳසල් පවත්වාගෙන යන්නේ. මීට වසර කිහිපයකට පෙර මෙතැන හොඳ වෙළෙඳාමක් තිබුණා. අද ඒ තත්වය නැහැ.
කජු මිල ඉහළ යාම වෙළෙඳාම අඩු වීමට බොහෝ සෙයින් බලපානවා. රුපියල් 2500ට 3000ට තිබුණ කජු කිලෝ එකක මිල දැන් රුපියල් 4000ත් 4500ත් අතර මිලක් වෙනවා. ඒ කියන්නේ තොග මිල. ඒවා අරගෙන අපි අවන් කරලා දෙනකොට රුපියල් 5000කට එහා ගිය මිලක් තමයි වෙන්නේ. මිල වැඩි වීමත් අපේ ව්‍යාපාරයේ කඩා වැටීමට බෙහෙවින් බලපානවා. කජු කිලෝ එකක් ගන්න ආපු කෙනා කජු 250යි අරගෙන යන්නේ. දානයක් වගේ විශේෂ අවශ්‍යතාවකට විතරයි කජු වැඩිපුර ගන්නේ. කඩ කුලිය, විදුලි බිල, රජයේ බදු, මේ සියල්ල ගෙවලයි අපි ව්‍යාපාරය කරන්නේ. රටට බරක් නොවී කරන මෙම ව්‍යාපාර ගැනත් රජයේ අවධානය යොමු වෙනවා නම් ඉතා වටිනවා.”
ඉශාන් වීරරත්න මහතා ද වසර ගණනාවක සිට රේන්දපොළවත්තේ කජු වෙළෙඳාමේ නිරත වන අයෙකි. ඒ මහතා පැවැසුවේ මෙවන් අදහසකි.
“විදේශීය රටවලින් ආනයනය කරනු ලබන කජු දේශීය වෙළෙඳපොළේ රුපියල් 3500ත් 3800ත් අතර මිලක තියෙනවා. එහෙත් අපේ රටේ කජු අපට ලැබෙන්නේ රුපියල් 4300කටත් එහා මිලකට. මෙම ස්ථානයේ අලෙවි කිරීමට පෙර අපිත් කජු අවන් කරන්න වියදමක් දරනවා. මෙම ස්ථානයේ අවන් කජු (රෝස්ට් කජු) කිලෝ එකක මිල රුපියල් 7000ක් විතර වෙනවා.
කජු මිල වැඩි වෙන්න තවත් හේතුවක් තමයි කජු ඇට මිලදී ගන්නේ මහා පරිමාණ මුදලාලිලා තුන් හතර දෙනෙක්. ඒගොල්ලෝ කජු එකතු කරලා ගබඩා කරලා තියාගන්නවා. පොඩි මිනිහට කජු මිලදී ගන්න ලැබෙන්නේ නැහැ. ලොකු මුදලාලිලා තමයි වෙළෙඳපොළේ කජු මිල තීරණය කරන්නේ. එයාලා පාරිභෝගිකයන් ගැන හිතලා නෙමෙයි මිල ගණන් කියන්නේ.
මද කජු කිලෝ එකක් හදන්න ඇට කජු කිලෝ හයක් විතර යනවා. දැන් ඇට කජු කිලෝ එකක් රුපියල් 800ත් 900ත් අතර වෙනවා. කපන්න, මද ගලවන්න, අවන් කරන්න ආදි වශයෙන් මුදල් වැය වෙනවා. ඒ සියලු වියදම් එකතු කරලා තමයි කජු මද වෙළෙඳුන් අපිට කජු දෙන්නේ. ආනයනික කජුවල මිල ඉහළම මට්ටමක පවතිනවා නම් දේශීය කජුවලට ඉල්ලුම වැඩි වෙනවා. එහෙම වුණොත් අපේ වෙළෙඳාමත්ම ඉහළ මට්ටමකට යාවි.”
දිල්හානි තනූජා ප්‍රනාන්දු මහත්මිය ද අදහස් දක්වමින් මෙසේ පැවැසුවාය.
“වසර 18කට ආසන්න කාලයක ඉඳන් මමත් මේ ස්ථානයේ කජු විකුණනවා. ඉස්සර අපිට හොඳ බිස්නස් එකක් තිබුණා. අධිවේගී මාර්ගය ඉදිවීමත් සමඟ කුරුණෑගල කොළඹ අංක 05 මාර්ගයේ ගමන් ගන්නා සංචාරකයන්ගේ පැමිණීම අඩු වුණා. දැන් සංචාරක බස් එකක් යන්නේම නැති තරම්. ඔය කලාතුරකින් දිනක අපි සමඟ සම්බන්ධකම් තියෙන කෙනෙක් විතරයි බඩු ගන්න එන්නේ.
කටුනායක ගුවන්තොටුපොළින් බහින සංචාරකයන්ට එනකොටම Google Map එක දෙනවා. එතකොට එයාලා අධිවේගී මාර්ගයේ තමයි ගමන් කරන්නේ. අපේ රටේ කජු තමයි හොඳම. ඒවා රසින් වැඩියි. සංචාරකයන් කැමැතියි ඒවා කන්න. අපි රජයට කියන්නේ මේ ව්‍යාපාර ගැනත් අවධානය යොමු කරන්න කියලයි.”
ශ්රී ලාංකික නිෂ්පාදනවලට ඉදිරි වසර පහක කාලය සඳහා ඉන්දියාව තීරුබදු රහිත ප්‍රවේශය ලබාදිය යුතු බවට ශ්‍රී ලංකා ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය ඊයේ (03) යෝජනාවක
ඇමෙරිකාවට ශ්‍රී ලංකාවෙන් ලැබෙන භාණ්ඩවලට පනවනු ලැබූ සියයට 44 ක තීරු බද්ද එය ක්‍රියාත්මකවීමට පෙර අඩුකර ගැනීම සඳහා තිබෙන අවස්ථා පිළිබඳ ඩොනල්ඩ් ට්‍රම්ප් ප
ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා ඇමෙරිකාවට, ශ්‍රී ලංකාවෙන් ලැබෙන භාණ්ඩවලට සියයට 44 ක තීරු බද්දක් පැනවීමෙන් පසුව මෙරට කොටස් වෙළෙඳපොළ ඊයේ (03) පහත වැටුණේය.
ආසියා පැසිෆික් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සන්ධානයේ (ඇපික්ටා) 2025 විධායක කමිටු රැස්වීම අද (04) සහ හෙට (05) කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්වේ.
මෙරට ප්‍රමුඛතම සමාගම් සමූහයක් වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමූහය සිය පරිපාලිත සමාගමක් වූ ටී ස්මෝල්හෝල්ඩර්ස් ෆැක්ටරීස් පීඑල්සී සමාගමේ කොටස් 11,28
ශ්රී ලංකාවෙන් ඇමරිකා එක්සත් ජනපදයට කරන අපනයන සඳහා සියයට 44 ක තීරු බද්දක් පැනවීමට එරට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා ගත් තීරණය සම්බන්ධයෙන් ලංකා වාණිජ
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
රෙන්දපොළවත්ත කජු වෙළෙඳාමට හෙනහුරා ලබයි.