IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


රිළා කරදරෙන් වැනසෙන කොත්මලේ කිතුල් කර්මාන්තය

ස්වාභාවික උවදුරු කර්මාන්තයට තර්ජනයක්
රොජර්සන්ගම ගම්මානයේ පිහිටුවූ කිතුල් නිෂ්පාදන සැකසීමේ මධ්‍යස්ථානය ගඟට කැපූ ඉනි වගේ
කෘත්‍රිම මල් බෙහෙත් කිතුල්වගාවේ විනාශයට හේතුවක්
ගුණාත්මක භාවයෙන් ඉහළ කිතුල් පැණි සහ හකුරු වෙනුවට සීනි යෙදූ හකුරු පැණි වෙළෙඳ පොළට ඇවිත්


නාවලපිටිය සිසිර ලලිත් කුමාර 


කොත්මලේ කියූ සැණින් මතකයට එන්නේ කිතුල් හකුරු, පැණි සහ කිතුල් රා ය. එහෙත් වර්තමානය වනවිට කොත්මලේට වටිනාකම් ගෙනා කිතුල් ආශ්‍රිත නිෂ්පාදන වන සත්ව උවදුර මෙන්ම කූට වෙළෙඳුන්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් දිනෙන් දින හීන වී යෑම පිළිබඳව බලධාරින් ගේ කඩිනම් අවධානය යොමු කළ යුතුව ඇත.

 අනාදිමත් කාලයක සිට කොත්මලේ කිතුල් හකුරු, කිතුල් පැණි සහ කිතුල් රා සඳහා මහත් ප්‍රසිද්ධියක් ඉසිලූ අතර එය දෙස් විදෙස් වෙළෙඳපොළේද වැඩි ඉල්ලු‍මක් සහිත නිෂ්පාදන ද විය.ඊට අමතරව කොත්මලේ ට පරිබාහිරින් බොහෝමයක් දෙනා පැමිණෙන්නේ ද කොත්මලේ “රා”‍ පොඞ්ඩක් තොළ කට ගෑමටය. කොත්මලේ පිරිසුදු කිතුල් රා සෙවීම කළුනික සෙවීමට සමාන වුවද අදවනවිට කොත්මලේ පිරිසුදු කිතුල් හකුරු කෑල්ලක් සමඟ තේ උගුරක් බීමටද කිතුල් පැණි ටිකක් පොල් සමඟ මුසුකර කෑමද කළුනික සෙවීමට එහා ගිය කාරණයකි. මේ ඒ පිළිබඳව තබන සටහනකි.

 පොල්, තල් මෙන්ම කිතුල් ගස ද සාමාන්‍ය වශයෙන් සලකන කල අපට පෙනී යන්නේ තාල වර්ගයේ ගස්වලින් ඖෂධීය වශයෙන් එතරම් ප්‍රයෝජනයක් නැති බවය. එහෙත් ඒ පිළිබඳ අවබෝධයෙන් බැලූ විට පොල්, තල් මෙන්ම කිතුල්වල ද ඖෂධීය වශයෙන් ඉතා වටිනා ප්‍රයෝජන රාශියක් ලබා දෙන බව අවබෝධ කර ගත හැකිය.

උෂ්ණ තෙත් දේශගුණයක් හෝ උෂ්ණ වියළි දේශගුණයක් හෝ ඇති තෙතමනය සහිත ප්‍රදේශවල කිතුල් ගස හොඳින් වැවෙන බව පෙනී යයි.

 ආහාරමය වශයෙන් ගත් කල කිතුල් ගසින් ලබා ගන්නා මල් යුෂයෙන් සකස් කළ කිතුල් පැණි හකුරු සහ පිටි ආදිය වඩාත් වැදගත් වේ. මේවා සාමාන්‍ය වශයෙන් රස කැවිලි සඳහා කැඳ ආදිය සඳහා, යොදා ගන්නා අතර ප්‍රකට ආහාරයක් වන වටලප්පන් සකස් කිරීමේ දී යොදා ගනු ලබයි.

 ජනප්‍රිය කොත්මලේ කිතුල් හකුරු පැණි සහ කිතුල් රාවලට කුමක් වී ඇත්ද? පළමුව අදහස් පළකළ කොත්මලේ තිස්පනේ කන්ද ප්‍රදේශයේ පදිංචි ඊ.ජී පුංචිබණ්ඩා මහතා පැවසුවේ මෙවන් දෙයකි.

  පාරම්පරිකව රැකගෙන ආ කර්මාන්තයක් විදියට කොත්මලේ කිතුල් හකුරු සහ කිතුල් පැණි කර්මාන්තය හැඳින්විය හැකියි. එහෙත් වර්තමානය වනවිට මෙකී කර්මාන්තය වළපල්ලට ගිහින් කිව්වොත් වැරදි නැහැ .ඊට හේතුකාරණා බොහෝමයක් තියෙනවා. එම හේතු ද විවිධාකාරයි. විශේෂයෙන් ස්වාභාවික උවදුරු ඉන් පළමු තැනට ගන්න පුළුවන්. රිළා උවදුර කිතුල් කර්මාන්තයට දැඩිලෙස බලපා තියෙනවා. කිතුල් ගස පැළ කාලයේ පටන් කිතුල් ගසේ අවසානය දක්වා ස්වාභාවික වන සත්ව උවදුරට ලක්ව තියෙනවා. විශේෂයෙන්ම කිතුල් මල් කැපීමේ සිට තෙලිජ්ජ භාජනය ගෙදරට ගෙන ඒම දක්වා කාලය තුළ රිළවුන්ගෙන් වන හානිය ඉතා ඉහළයි. මල්බෙහෙත් තිබ්බ දවසේ ඉඳලා රිළවුන්ගේ කරදරය ඉතා ඉහළයි. කිතුල් මල් කඩා දාන එක, තෙලිජ්ජ බොන එක උන්ට දැන් අරුමයක් නෙවෙයි. රිළවා මොන දේ කළත් අදවනවිට මහා වසංගතයක් බවට පත්ව තිබෙනවා.

 කොත්මලේ කිතුල් හකුරු පැණි කර්මාන්තය නගා සිටුවීම සඳහා පැවති ආණ්ඩු බොහොමයක් ක්‍රියාමාර්ග ගත්තද ඒ ගත් ක්‍රියාමාර්ග කාලානුරූපීව ඉදිරියට පවත්වාගෙන නොයෑමෙන් එම උත්සාහය ගඟට කැපූ ඉණි හා සමාන වූ අත්දැකීමක් ද නැතුවාම නොවේ. කොත්මලේ කිතුල් කර්මාන්තය නගා සිටුවීම සඳහා පිහිටුවූ ආයතනද බොහෝමයකි. එහිදී කිතුල්වලට ප්‍රසිද්ධ රොජර්සන්ගම ගම්මානයේ පිහිටුවූ කිතුල් නිෂ්පාදන සැකසීමේ මධ්‍යස්ථානය ද උදාහරණයක්. ඉතා ඉහළ පිරිවැයක් දරා ඉදිකළ එම කර්මාන්ත ශාලාව අදවනවිට කිසිදු ප්‍රයෝජනයකට නොගෙන අත් හැර දැමීම පිළිබඳව බලධාරින් ගේ අවධානය යොමුවිය යුතුය. වසර ගණනාවක සිට එම කර්මාන්ත ශාලාව භාවිතයෙන් තොර වීම හේතුවෙන් අදවනවිට එහි තිබූ භාණ්ඩ පවා නිරපරාදේ විනාශ වී ගොස් ඇතැයි ජනතාව කියති.

  කිතුල් කර්මාන්තය සිය ජීවිතයේ එක් කොටසක් කරගත් වෑතලාව ගම්මානයේ පදිංචි සුනිල් හේමචන්ද්‍ර මහතා සිය ජීවන අත්දැකීම් විස්තර කළේ මෙලෙසිනි.

 වසර ගණනාවක සිට මෙම කිතුල් කර්මාන්තයේ යෙදිච්ච පුද්ගලයෙක්. එහෙත් වසර ගණනාවක තිබූ අත් දැකීම් අනුව අදනම් හිතට දැනෙන්නේ දැඩි වේදනාවක් වගේම කනගාටුවක්. ඉස්සර උදේ මල් කපලා කොහේ හරි ගමනක් බිමනක් ගිහින් එන්න කිසි බාධාවක් තිබ්බේ නැහැ.ඒත් අද වනවිට එහෙම බැහැ. ඒ වෙනමොකක්වත් නිසා නොවෙයි සත්තු නිසා. විශේෂයෙන් රිළවුන්ගෙන්. රිළවා අදවනවිට ගොවීන්ගේ පරම හතුරෙක් බවට පත්වෙලා. මල් බෙහෙත් තිබ්බ දවසේ ඉඳලා රිළව් කරදරය එන්න එන්නම වැඩිවෙලා.

 අනෙක් කරුණ තමයි විවිධ ආයතන මල් බෙහෙත් වෙනුවට හඳුන්වලා දීලා තියෙන කෘතීම මල් බෙහෙත්. කිතුල්වගාව සම්පූර්ණයෙන්ම විනාශ කරන්නට හඳුන්වලා දුන්න එකක් විදිහටයි මම දකින්නේ. අපි නම් මිරිස් ඉඟු‍රු වගේ ස්වාභාවික බෙහෙත් භාවිත කරලා තමයි මල් බෙහෙත් කියලා තියන්නේ. ඒවායින් ගහට මලට හානියක් වුණේ නැහැ. ඒත් හඳුන්වලා දීලා තියෙන කෘතීම බෙහෙත් වලින් කිතුල් ගහට ලොකූ බලපෑමක් වෙනවා. විශේෂයෙන් තෙලිජ්ජ වල ගුණාත්මක භාවය අඩුවෙනවා. ගහේ පැවැත්ම ඉතා කෙටි කලකදී නැතිවෙලා අඩුවෙලා යනවා. ගහේ කිතුල් අතු කඩා වැටෙන්න ගන්නවා. එතකොට අවුරුදු දහයක් දොළහක් තියෙන කිතුල් ගහ අවුරුද්දෙන් දෙකෙන් විනාශ වෙලා යනවා.

 කොත්මලේ කිතුල් කර්මාන්තය පිළිබඳව කතා කිරීමේදී කිතුල් කර්මාන්තයට මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන්ද සිදුව ඇති හානිය සුළුපටු නොවේ. විශේෂයෙන් කිතුල් ආශ්‍රිත නිෂ්පාදනවල ගුණාත්මක භාවය පිළිබඳව ඇත්තේ කනගාටුදායක විවේචනයි. ගුණාත්මක භාවයෙන් ඉතා ඉහළ කිතුල් පැණි සහ හකුරු වෙනුවට සීනි යෙදූ හකුරු සහ පැණි අදවනවිට වෙළෙඳ පොළේ බහුලව දැකිය හැකිය.

 සංවර්ධනය වන රටක මෙවන් නිෂ්පාදන සඳහා වටිනාකම් දුනහොත් ඉන් රටක ආර්ථිකයට යම් සාධනීය පිළිතුරක් ලැබෙනු ඇත. විශේෂයෙන් සංචාරක කර්මාන්තයට එය බෙහෙවින් වටිනාකමක් දෙනු ඇත. දෙස් විදෙස් සංචාරක කර්මාන්තයට කිතුල් නිෂ්පාදන හඳුන්වා දුනහොත් එය ඩොලර් උපයන මාර්ගයක් වනු ඇත. 

යම් යම් තොරතුරු හා ඡායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදි.



අදහස් (0)

රිළා කරදරෙන් වැනසෙන කොත්මලේ කිතුල් කර්මාන්තය

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

මාර්තු මාසයේ ඩො.මි 693.3ක ඉතිහාසගත විදේශ ප්‍රේෂණ
2025 අප්‍රේල් මස 21 53 0

විදේශයන්හි රැකියාවේ නියුතු ශ්‍රී ලාංකිකයන් පසුගිය මාර්තු මාසයේදී මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 693.3 ක මුදලක් ඒවා තිබූ අතර එය මාර්තු මාසයේදී මෙතෙක් මෙරට


ගෝලීය සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් මාලාවක්
2025 අප්‍රේල් මස 21 21 0

මැදපෙරදිග කලාපය, ආසියා පැසිපික් කලාපය, ඔස්ට්‍රේලියාව සහ යුරෝපයේ ඇතැම් රටවල් ඉලක්ක කරගනිමින් ගෝලීය මට්ටමේ සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් මාලාවක් අප්‍රේල


IMF සිව්වැනි සමාලෝචන සාකච්ඡා වොෂිංටනයේදී නිල වශයෙන් ඇරැඹේ
2025 අප්‍රේල් මස 21 23 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී අරමුදල් වැඩසටහනේ ප්‍රගතිය මැන බැලීම සඳහා වන සිව්වැනි සමාලෝචනය සම්බන්ධ-යෙන් ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අර


පළමු කාර්තුවේ සංචාරක ඉපැයීම් ඩොලර් බිලියනය පසුකරයි
2025 අප්‍රේල් මස 21 28 0

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ශක්තිමත් ඉහළ යාමක් පිළිබිඹු කරමින් මෙම වසරේ පළමු මාස තුන තුළදී මෙරට සංචාරක ඉපැයීම් ඇමෙරිකානු ඩොලර් බිලියනයේ සීමාව පසුක


මහජන බැංකුවෙන් අවුරුදු සමයේදී ගනුදෙනු මිලියන 14.5 ක්
2025 අප්‍රේල් මස 21 15 0

මහජන බැංකුව, අප්‍රේල් මස 1 වැනිදා සිට 15 වැනිදා දක්වා වූ අලුත් අවුරුදු කාල සීමාව තුළ රුපියල් බිලියන 205කට අධික වටිනාකමකින් යුත් මිලියන 14.5කට අධික ගනුදෙනු සංඛ


මාර්තුවේදී තේ අලෙවියේ වටිනාකම් ඉහළට
2025 අප්‍රේල් මස 21 14 0

2025 මාර්තු මාසයේදී මෙරට ජාතික තේ අලෙවියේ සාමාන්‍ය අගය කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 1,183.76ක් එනම් ඩොලර් 4.02ක් ලෙස සටහන්ව තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 492 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 289 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 440 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site