IMG-LOGO

2025 අප්‍රේල් මස 18 වන සිකුරාදා


ලංකාවේ ශ්‍රමිකයෝ ආසියාවේ අංක එකට

ශ්‍රී ලංකාවේ ශ්‍රමිකයින්ගේ නිපුණතා සංවර්ධනය වෙනුවෙන් වැඩසටහන් ඇරැඹීම සදහා ඩොලර් ලක්ෂ 1015 ක (රුපියල් ලක්ෂ 132965) ආධාර ප්‍රධානය කිරීමට ලෝක බැංකුව සැරසේ.

දකුණු ආසියාවේ රටවල ශ්‍රමිකයන් අතරින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්    අධ්‍යාපනයෙන් හා හැකියාවන්ගෙන් ඉහළ මට්ටමක සිටින බව ලෝක බැංකුව හදුනාගෙන තිබේ.

සංඛ්‍යාලේඛන   අනුව ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් සියයට 96 ක් ප්‍රාථීමික අධ්‍යාපනය ලැබ අවසන් කරන අතර සියයට 87 ක් ද්විතියීක අධ්‍යාපනයද ලබන්නෝය.

හොඳින් අධ්‍යාපනය ලැබුවද ශ්‍රී ලංකාවේ තරුණ පරම්පරාවෙන් බහුතරය රැකියා විරහිතව හෝ තම සුදුසුකම් වලට නොගැලපෙන රැකියාවල හෝ නිරතව සිටින බවත් මේ තත්ත්වය දුරලීමට ඔවුන්ගේ නිපුණතා සංවර්ධනය කරවා රැකියා වෙළදපොලේ අවශ්‍යතා අනුව ඔවුන් හැඩගැස්වීම සිදුකළ යුතු බවත් ලෝක බැංකුවේ අදහසයි.

රජයේ වත්මන් වැඩපිළිවෙළද ලෝක බැංකුවේ අගය කිරීමට ලක්ව තිබේ.2000 වසරේ සියයට 9 ක් ව තිබූ විරැකියාව 2012 වසර වන විටදී සියයට 4 ක් දක්වා පහත හෙළීමට රජය සමත්වී තිබීම සම්බන්ධයෙන් ලෝක බැංකුව ප්‍රසාදය පළ කර සිටී.

සපයනු ලබන මුදල් ආධාර රජයේ වැඩපිළිවෙල හා එකාබද්ධ කර ශ්‍රී ලංකා ශ්‍රමිකයින්ගේ නිපුණතා සංවර්ධන කටයුතු තවදුරටත් වැඩිදියුණු කිරීම ලෝක බැංකුවේ අපේක්ෂාවයි.



අදහස් (0)

ලංකාවේ ශ්‍රමිකයෝ ආසියාවේ අංක එකට

ඇසළ Wednesday, 25 June 2014 08:11 AM

හැබැයි ජේවීපී එකේ අන්තරේ මේ කරන අධ්‍යාපන කඩාකප්ල් කිරීම තව අවුරුදු 3 ක් කොලොත් 2018 වන විට ලංකාවේ ශ්‍රමිකයෝ වයසට ගිය කිසිම අධ්‍යාපනයක් නැති අංක එකේ මෝඩයෝ වශයෙන් නම් කරාවී.(නදී)

:       0       0

දිලු Monday, 07 July 2014 09:47 AM

ඕකෙන් ලංකාවේ සරසවි ඇදුරන්ට පුහුණුවක් දෙන්න පළුවන්ද. නවීන ලෝකෙට අදාල පාඨමාලා හදල නූතන ශ්‍රමයක් බිහි කරන්න. මොකද ඒ අය සියළු වරප්‍රසාද අරන් මේ රටේ විශ්වවිද්‍යාල ශිෂයන්ට දෙන්නේ ඒ අය ඉගෙන ගත්ත නෝට්ස් ටික. මේකයි විශ්ව විද්‍යාල ප්‍රජාවේ ඛේදවාචකය. (නදී)

:       0       0

ලලිත් - එස්.එල් Wednesday, 25 June 2014 08:48 AM

අනේ මේ සල්ලි යටි මඩි නොගහා කරන වැඩේ හරියටම කලා නම් ගොඩක් පින්. (නදී)

:       0       0

හංසි Thursday, 03 July 2014 02:55 AM

අපේ දරුවන්ට මින් ප්‍රයෝජනයක් වෙයිද? (නි)

:       0       0

අන්දරමාන Tuesday, 24 June 2014 08:24 PM

බොන්නත් එහෙමයි,,(අ)

:       0       0

දසන් Tuesday, 24 June 2014 09:22 PM

ඇත්ත විරැකියාව අඩුකලේ වෙනත් රටවල් වලට යවල. මම රට ඉන්න හින්ද දන්නවා (ස)

:       0       0

සෑම් Tuesday, 24 June 2014 01:48 PM

මට නම් හිතාගන්න බැහැ ලංකාවේ විරැකියාව 4% කියලා. මේකත් අර ජීවන වියදම ගණන් හදන කොට මිල අධික බඩු ඒකෙන් අයින් කළා වගේද කියලා හිතෙනවා. මොකද මම ජීවත් වන ඕස්ට්‍රේලියාවෙත් විරැකියාව 5.8% ක්. හැබැයි ඒක පිළිගතහැකි දෙයක්. හේතුව පසුගිය මාසයේ නැතිවූ රැකියා ප්‍රමාණය සහ අලුතින් ඇතිවූ රැකියා ප්‍රමාණය, ඒවා ඇති උනේ මොන මොන ක්ෂේත්‍ර වලද, අර්ධ කාලීනද, පුර්ණ කාලීනද ආදී සියලු විස්තර ඒ සමග ලබාදෙනවා. මෙහෙ තියන කර්මාන්තශාලා, වෙළඳ ආයතන, ගොවිපොළවල්, පතල් කර්මාන්තය, රෝහල් සහ සෞඛ්‍ය සම්බන්ධ ආයතන ප්‍රවාහන කටයුතු,ඇතුළු එකී මෙකී ආයතන අති විශාල ගණනක රැකියා අවස්ථා තිබිලත් විරැකියාව ලංකාවට වඩා විශාල ප්‍රතිශතයකින් වැඩිවීම පුදුමයක්. 4% විරැකියා ප්‍රතිශතය ගණන් හදනවා ඇත්තෙත් නියම දත්ත විකෘති කරලා කියලා තමා මට හිතෙන්නේ. (ස)

:       0       0

සුනිල් Thursday, 26 June 2014 12:10 AM

අපේ ලාංකිකයන් හැමෝම බටහිර යට වඩා යමක් තේරුම්ගැනීමට දක්ෂය .අපේ සරසවි ඇදුරෝ හරියට පාථමාලා හදනවනම් අපේ විරැකියා මට්ටම බොහෝ දුරට අඩුකරගන්න පුළුවන් වේවි. (අ)

:       0       0

යහස් Wednesday, 25 June 2014 12:24 PM

ඇත්තටම හොඳ දෙයක් (දී)

:       0       0

දයාජ Tuesday, 24 June 2014 02:57 PM

"...දකුණු ආසියාවේ රටවල ශ්‍රමිකයන් අතරින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් අධ්‍යාපනයෙන් හා හැකියාවන්ගෙන් ඉහළ මට්ටමක සිටින බව ලෝක බැංකුව හදුනාගෙන තිබේ..."මේ ලිපියේ මා කැමතිම පාඨය එයයි. ඕනම දෙයක් හොඳින් තේරුම් ගෙන, එය මනාව ඉටු කිරීමට ශ්‍රී ලාංකිකයින් ඇත්තටම දක්ෂයි. (නදී)

:       0       0

නාලක Friday, 27 June 2014 02:29 PM

ඔන්න ලකුණු දාගන්න අවස්තාවක් (දී)

:       0       0

ටෙනිසන් Tuesday, 24 June 2014 03:00 PM

අනේ අම්මප මේ ගණන් හදන්නෙත් අර එක එකතු කිරීම එක සමානයි එක (1 1=1) කියන ක්‍රමයටද ? (නදී)

:       0       0

අරවින්නද Wednesday, 25 June 2014 06:11 PM

සරසවි සිසුන් ගෙනයන විරෝධතා නිසා තමයි මේ තරමට නිදහස් අද්‍යාපනය රැකිලා තියෙන්නේ. නැත්නම් ඔය ඉලක්කම් ඔයිට වඩා ගොඩක් ලොකු වෙනවා. (අ)

:       0       0

රංග Tuesday, 01 July 2014 05:13 PM

2006-2013 කාලයේදී විශාල ලෙස රැකියා සදහා තරුණ පිරිස් වෙන රටවලට ගියා. (නි)

:       0       0

මිහිරි Wednesday, 02 July 2014 02:54 PM

මොන බොරුද (දී)

:       0       0

ප්‍රසන්න Saturday, 05 July 2014 09:45 AM

ඔය සල්ලි වලට අරයල දැන් කෙල හලනවා ඇති. (නදී)

:       0       0

සුනිල් විතානගේ Tuesday, 24 June 2014 03:52 PM

ජවිපේ, යුඑන්පී කට්ටිය මොකද දැන් කියන්නේ? (නදී)

:       0       0

කුමාර් Sunday, 29 June 2014 08:30 PM

මං කියන්නං හුණා කීවා වගේ, ඔය සල්ලි කව්රුහරි යටිමඩි ගහගනීවී, අන්තිමට රටට පුස්සක් තමා ඉතුරුවෙන්නේ, (දී)

:       0       0

වසන්ත Saturday, 28 June 2014 11:57 AM

දයාජ,සුනිල් ඔය දෙන්න පමණි මේ කරණය පිළිබද විය යුතු වෙලා තියෙන දේ දකින්නේ,මමත් ඉන්නේ විදෙස රටක,ඇත්තටම ලාංකිකයෝ වීම පිළිබද අපිට තියෙන්නේ ලොකු ආඩම්බරයක්,අනිත් රටවල මිනිස්සු හා සැසදුවම.රජය හා විදෙස කටයුතු සම්බන්ද ආයතන බලදරින් මේ ඇත්ත තේරුම් ගෙන හොද පුහුණු ශ්‍රමිකින් නිවැරදි අයුරින් යොමු කරන්නේනම් ඇත්තටම අපේ ජනතාවටත් රටටත් එක ලොකු අදායමක් හා ජයග්‍රහණයක් වේවි.(දී)

:       0       0

රතු මල්ලි Wednesday, 02 July 2014 03:50 PM

මේකෙන් කියන්නේ රටේ ප්‍රශ්න ඔක්කොම ඉවරයි කියල නෙමේ. ඔයාලට සතුටු වෙනද පුලුවන්ද අද බඩු මිල ගැන . කඩේට ගිහින් ආපුවම හිත රිදෙන්නේ නෙද්ද. අන්න එකයි අපි කෑ ගහන්නේ. මේ රටේ දුෂණයෙන් බෙර ගන්න ඕනේ. (දී)

:       0       0

බෙනට් Monday, 07 July 2014 06:06 PM

පට්ට බොරු පුවතක් ...මේ වාර්තාව ලෝක බැංකු කුමන්ත්‍රණයක් ... කට්ටියව මුරුංග අත්තේ තියල තව ණයක් දෙන්නයි යන්නේ .. (අ)

:       0       0

හේවගේ Sunday, 29 June 2014 10:36 PM

ලෝකෙම ඒක දන්නවා ඒකනේ ඇමරිකාවෙන් ලංකාවට වැඩි වැඩියෙන් ග්‍රීන් කාඩ් දෙන්නේ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

රටේ සංසරණය වන මුදල් වලින් රුපියල් ට්‍රිලියනයක් බැංකු පද්ධතියට එන්නේ නැහැ
2025 අප්‍රේල් මස 11 361 0

වසරකට රට තුළ සංස්කරණය වන මුදල් වලින් අතිවිශාල ප්‍රමාණයක් බැංකු පද්ධතියට නොපැමිණෙන බවත්, එම මුදල් ආර්ථිකය වෙත ගෙන්වා ගැනීමට නම් ජනතාව ඩිජිටල් ගනුදෙනු


සූර්ය විදුලිය ජාතික පද්ධතියට නොගන්නවාට සූර්ය බලශක්ති කර්මාන්ත සංගමයේ දැඩි විරෝධය
2025 අප්‍රේල් මස 11 127 0

මෙරට සූර්ය බලශක්තිය මගින් නිපදවනු ලබන විදුලිය ඊයේ (10) සිට එළැඹෙන 21 වැනිදා දක්වා ජාතික විදුලිබල පද්ධතියට නොගැනීමට ලංකා විදුලි බල මණ්ඩලය ගෙන ඇති තීරණයට සූ


මාස 6 කට පසුව ඩොලරයේ විකුණුම් මිල රු.300 සීමාව පසුකරයි
2025 අප්‍රේල් මස 11 123 0

මාස 6 කට පසුව ප්‍රථම වතාවට ඇමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල ඊයේ (10) රුපියල් 300 සීමාව පසු කළේය. ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (10) නිකුත් කළ දෛනික විනිමය අනුපාතිකයට අන


වින්ඩ්ෆෝර්ස් මාලදිවයිනේ 366kWp සූර්ය බල ව්‍යාපෘතියේ වැඩ නිමකරයි
2025 අප්‍රේල් මස 11 117 0

මෙරට ප්‍රමුඛතම පුනර්ජනනීය බලශක්ති සමාගමක් වන වින්ඩ්ෆෝර්ස් පීඑල්සී සමාගම මාලදිවයිනේ කොකූන් දූපත්හිදි ආරම්භ කළ වහල මත පිහිට වූ සූර්ය බලශක්ති ව්‍යාපෘ


ජෙට්වින්ග් සමූහය රු. මි.356කට ඩ්‍රීම් බීච් රිසෝට් මිලට ගනී
2025 අප්‍රේල් මස 11 36 0

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හෝටල් සමාගමක් වන The Lighthouse Hotel PLC අම්බලන්ගොඩ පිහිටි ඩ්‍රීම් බීච් රිසෝට් හෝටලයේ සියයට 100ක කොටස් හිමිකාරීත්වය අත්පත් කරගත් බව


ව්‍යාපාර විශ්වාස පහළ ගිහින්
2025 අප්‍රේල් මස 11 23 0

ආර්ථිකයේ දිගු කාලීනව ඉහළ යෑමත් පැවැතිවත් එයට සාපේක්ෂව කෙටි කාලීනව පහත යෑමක් සිදුවුණු බව ප්‍රකට ව්‍යාපාරික සඟරාවක් වන එල්එම්ඩී වාර්තා කරයි.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 205 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 380 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 1126 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site