භානුක අමරසිංහ
කොළඹ කොටස් හුවමාරුවේ (CSE) ලැයිස්තුගත සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩලවල කාන්තා නියෝජනය සියයට 54කට වඩා කැපීපෙනෙන ලෙස ඉහළ යාමක් වර්තමානයේදී දක්නට ලැබෙන බව කොළඹ කොටස් හුවමාරුවේ ප්‍රධාන විධායක නිලධාරිනී වින්ධ්‍යා ජයසේකර පැවසුවාය.
ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් කොළඹ කොටස් හුවමාරුව සහ ලෝක බැංකු සමූහයේ සාමාජිකයකු වන ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) එක්ව පසුගියදා ආරම්භක වෙළෙඳපොළ සීනුව නාද කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් ඇය මේ බව සඳහන් කළාය.
විශේෂයෙන්ම කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත සමාගම්හි අධ්‍යක්ෂවරියන්ගේ සංඛ්‍යාව 2024 වර්ෂයේදී පැවති සියයට 8.7ක අගයේ සිට 2025 වර්ෂයේදී සියයට 13.4 දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති අතර ශ්‍රී ලංකාව පුරා කළමනාකරණ සහ අධ්‍යක්ෂ මණ්ඩල තනතුරුවල කාන්තා නියෝජනය ඉහළ නැංවීම සඳහා වන කැපවීම ඒ හරහා පිළිබිඹු වේ.
අධ්‍යක්ෂ මණ්ඩලවල අවම වශයෙන් සාමාජිකයන් පස්දෙනකු සිටිය යුතු බවට කොළඹ කොටස් හුවමාරුව නිකුත් කළ නියෝගය මීට බොහෝ සෙයින් බලපානු ලැබීය. එය ස්වාධීන අධ්‍යක්ෂවරුන් පත් කිරීමට හේතු වූ අතර මෙහිදී වැඩි කාන්තා නියෝජනයක් වරලත් ගණකාධිකාරී අංශයෙන් පෙන්නුම් කරයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැකුවූ වින්ද්‍යා ජයසේකර මෙසේ පැවසුවාය. “CSE ලැයිස්තුගත සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩලවල කාන්තා නියෝජනය සියයට 54 කට වඩා කැපීපෙනෙන ලෙස ඉහළ යාමක් දක්නට ලැබීම සම්බන්ධයෙන් අපි ඉතාමත් සතුටු වෙනවා. පසුගිය වසරට සාපේක්ෂව සමස්ත නියෝජනය සියයට 13.4 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. පැහැදිලි සහ දිරිගන්වනසුළු ප්‍රවණතාවක් මේ හරහා අවධාරණය කෙරෙන අතර, ප්‍රගතිය වේගවත් වෙමින් පවතින බවත් අප නිවැරදි දිශාවට ගමන් කරන බවත් එමගින් පෙන්නුම් කරනවා.”
මෙහිදී විශේෂයෙන්ම කොළඹ කොටස් හුවමාරුවේ කාර්ය මණ්ඩලයෙන් සියයට 46.7 ක් සහ කළමනාකරණ කණ්ඩායමේ සියයට 47ක් කාන්තාවන් නියෝජනය කිරීම ගැන ආඩම්බර වන බවත් ඇය සඳහන් කළාය.
වසරකට රට තුළ සංස්කරණය වන මුදල් වලින් අතිවිශාල ප්‍රමාණයක් බැංකු පද්ධතියට නොපැමිණෙන බවත්, එම මුදල් ආර්ථිකය වෙත ගෙන්වා ගැනීමට නම් ජනතාව ඩිජිටල් ගනුදෙනු
මෙරට සූර්ය බලශක්තිය මගින් නිපදවනු ලබන විදුලිය ඊයේ (10) සිට එළැඹෙන 21 වැනිදා දක්වා ජාතික විදුලිබල පද්ධතියට නොගැනීමට ලංකා විදුලි බල මණ්ඩලය ගෙන ඇති තීරණයට සූ
මාස 6 කට පසුව ප්‍රථම වතාවට ඇමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල ඊයේ (10) රුපියල් 300 සීමාව පසු කළේය. ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (10) නිකුත් කළ දෛනික විනිමය අනුපාතිකයට අන
මෙරට ප්‍රමුඛතම පුනර්ජනනීය බලශක්ති සමාගමක් වන වින්ඩ්ෆෝර්ස් පීඑල්සී සමාගම මාලදිවයිනේ කොකූන් දූපත්හිදි ආරම්භ කළ වහල මත පිහිට වූ සූර්ය බලශක්ති ව්‍යාපෘ
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හෝටල් සමාගමක් වන The Lighthouse Hotel PLC අම්බලන්ගොඩ පිහිටි ඩ්‍රීම් බීච් රිසෝට් හෝටලයේ සියයට 100ක කොටස් හිමිකාරීත්වය අත්පත් කරගත් බව
ආර්ථිකයේ දිගු කාලීනව ඉහළ යෑමත් පැවැතිවත් එයට සාපේක්ෂව කෙටි කාලීනව පහත යෑමක් සිදුවුණු බව ප්‍රකට ව්‍යාපාරික සඟරාවක් වන එල්එම්ඩී වාර්තා කරයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ලැයිස්තුගත සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩල කාන්තා නියෝජනය සියයට 54 ඉක්මවයි