(චමින්ද මුණසිංහ)
ස්වාභාවික සෙල්ලම් බඩු සම්බන්ධයෙන් ලොව පුරා ජනප්‍රිය ශ්‍රී ලාංකික සන්නාමයක් වන 'Tikiri Toys', Global Organic Latex Standard (GOLS) සහතිකකරණය හිමිකර ගැනීමට සමත් වූ ලොව ප්‍රථම කාබනික (Organic) රබර් සෙල්ලම් බඩු නිෂ්පාදන සන්නාමය බවට පත්වී තිබේ.
සෙල්ලම් බඩු කර්මාන්තයේ කාලීන අවශ්‍යතාවක් අනුව හඳුන්වා දී ඇති මෙම සහතිකකරණය පිරිනමනු ලබන්නේ Control Union Certifications මගිනි. පුරෝගාමී සහතිකකරණයක් වන මෙය, කාබනික රබර් කිරි (organic latex) සම්බන්ධ ලොව ප්‍රථම ප්‍රමිතිකරණය ලෙස සැලකේ. Global Organic Textile Standard (GOTS) සහතිකකරණයට සමාන සහතිකකරණයක් වන මෙය, නිෂ්පාදන ක්‍රියාවලියේ සෑම අදියරකදීම භාවිතා කරනු ලබන රබර් කිරි වල මූලාශ්‍රය හඳුනා ගැනීමේ හැකියාව තහවුරු තහවුරු කරන බව DSL ලංකා සමාගම කියයි.
Tikiri Toysශ්‍රී ලංකාවේදී සැලසුම් කර නිෂ්පාදනය කරනු ලබන්නේ මෙරට ප්‍රමුඛතම කාබනික (organic) සෙල්ලම් බඩු නිෂ්පාදකයා වන DSL ලංකා (පුද්.) සමාගම විසිනි. 1991 වසරේදී සාමාන්‍ය මට්ටමේ නිෂ්පාදන ආයතනයක් ලෙස ආරම්භ වූ එය මේ වනවිට ආචාරධර්ම නියමයන් අනුව සපයාගත් අමුද්‍රව්‍ය යොදාගෙන කුඩා දරුවන් සඳහා කාබනික ( Organic ) සෙල්ලම් බඩු නිපදවන සමාගමක් ලෙස ලොව පුරා කීර්තියක් දිනා සිටී. Tikiri Toysයනු එම සමාගමේ ශ්‍රී ලාංකික සන්නාමය වන අතර එය 2013 වසරේදී දියත් කරන ලදි. එහි meiya & alvinනිෂ්පාදන එකතුව මේ වනවිට රටවල් 56 කට අධික සංඛ්‍යාවක අලෙවි කරනු ලබන අතර ලොව පුරා දහස් ගණනක් දරුවෝ ඒවා ආශාවෙන් පරිහරණය කරති. එමෙන්ම පවුලේ උරුමයකින් ආභාසය ලබමින් DSL Lanka සමාගම නිර්මාණය කර ඇති අලංකාර අත්කම් බෝනික්කන් එකතුවද ජාත්‍යන්තර වශයෙන් අතිශයින් ජනප්‍රිය වී තිබේ.
”අපගේ උත්සාහය නිසා ජාත්‍යන්තර සෙල්ලම් බඩු නිෂ්පාදකයන් වෙනුවෙන් නව පූර්වාදර්ශයක් නිර්මාණය වී තිබීම අපට මහත් සතුටක්. අපගේ නිෂ්පාදන සඳහා සියයට සියයක්ම පිරිසුදු කාබනික (organic) රබර් භාවිතා කිරීමට අප තුළ පවතින උනන්දුව නිසා අපට මෙම පිළිගැනීම හිමිකර ගැනීමට හැකිවී තිබෙනවා. ඊට අමතරව කපු වර්ග සියල්ලත් නිසි ආචාරධර්ම නියමයන් අනුව සපයාගනු ලබන අතර, අපගේ සෙල්ලම් බඩු සියල්ල ස්වාභාවිකව දිරායනසුලුයි.
”කුඩා දරුවන්ගේ සංවර්ධනය ඉලක්ක කරගෙන Tikiri Toys නිපදවා තිබෙනවා. මෙහිදී අපගේ වගකීම දෙ-ආකාරයි. එක් අතකින් අපගේ නිෂ්පාදන දරුවන්ට සුරක්ෂිත ලෙස භාවිතා කළ හැකි බවටත්, අනෙක් අතින් අපගේ සෙල්ලම් බඩු වලින් පරිසරයට හානියක් නොවන බවටත් තහවුරු කරගැනීමට අප හැකි උපරිමයෙන් කටයුතු කරනවා.” DSL ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මනෝ ෂෙරිෆ් මහත්මිය පැවසුවාය.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ වාහන එකලස් කිරීමේ සහ ගෙන්වා බෙදා හැරීමේ ආයතනයක් වන, අයිඩියල් මෝටර්ස් සමාගමේ නිල වෙබ් අඩවියBestWeb.lk තරඟයෙන් සම්මාන ත්‍රිත්වයක් ද
Orient Financeආයතනය සිය 43 වැනි සංවත්සරය 2024 ජුලි 26 වැනිදා අභිමානයෙන් සැමරීය. 1981 වසරේ දී ආරම්භ කළ Orient Finance ආයතනය මුල්‍ය ශක්‍යතාව නොකඩවා පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවේ ඉදි
NDB බැංකුව සිය නවතම යොවුන් ඉතුරුම වන NDB PIXELහඳුන්වාදී ඇත. වයස අවුරුදු 13 සිට 18 දක්වා යොවුන් වයසේ පසුවන දූ දරුවන් සඳහාම නිර්මාණය වූ මෙම නවතම NDB PIXEL ඩිජිටල් ඉතුරුම්
LPEC Campus, Iconic Awards 2024 2024 සම්මාන උළෙලේදී විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. එම සම්මානය සතු අධ්‍යයන විශිෂ්ටත්වය, නව්‍ය ඉගැන්වීම් ක්‍රම සහ පරිප
LOLCදිවි සවිය ශ්‍රී ලංකාව පුරා පාසැල් 4,100 කට සවියක් වෙමින් සිය අධ්‍යාපන සත්කාර වැඩසටහනේ තුන්වැනි අදියර සාර්ථක ලෙස අවසන් කරන ලදී. මෙම ජයග්‍රහණයෙන් වැඩසටහන
ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම, කොළඹ කිංග්ස්බරි හිදී පසුගියදා පැවති ශ්‍රී ලංකා සෙරමික් හා වීදුරු කවුන්සිලයේ (SLCGC) 18 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ තාක්ෂණික සැසි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ලොව ප්‍රථම කාබනික රබර් සෙල්ලම්බඩු සන්නාමය Tikiri Toys