නිමල කොඩිතුවක්කු
විදේශ ණය පනත සහ එහි පසුකාලීන සංශෝධන අවලංගු කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ (26) කොළඹදී පැවසීය.
2024 අංක 33 දරන රාජ්‍ය ණය කළමනාකරණ පනත මඟින් විදේශ ණය ගැනීම් කළමනාකරණය කිරීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටි ආවරණය වන බැවින්, 1957 අංක 29 දරන විදේශීය ණය පනත සහ එම පනතට කරන ලද සියලු සංශෝධන අවලංගු කළ යුතුව ඇතැයි රජය පවසයි.
ඒ සඳහා 2024-12-09 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ප්‍රතිපත්තිමය එකඟතාව ලබා දී තිබේ. නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද විදේශීය ණය (අහෝසි කිරීම) පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ අවසරය ලැබී ඇත.
ඒ අනුව, එකී පළාත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
මෙරට ජංගම ගිණුම පසුගිය ජනවාරි මාසයට සාපේක්ෂව පෙබරවාරි මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 359 ක ඉහළ අතිරික්තයක් වාර්තා කර ඇති බවත් එය ප්‍රතිශතයක් ලෙස සියයට 1
ශ්රී ලංකාවේ ධීවර අංශයේ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ටින්මාළු අපනයන කිරීම ප්‍රථම වතාවට පසුගියදා ආරම්භ කළේය. මදුරන්කුලිය ”ඕෂන් ෆුඩ්ස්” කර්මාන්ත
රජයට අයත් බලපත්‍රලාභී විශේෂිත බැංකුවක් වන රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවට පළමු වතාවට ස්ථාවර පෙරදැක්මක් සහිතව BB(lka) ජාතික දිගුකාලීන වර්ගීකරණයක් ලබා දෙන බව
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හෝටල් සමාගමක් වන පෙගසස් හොටේල්ස් ඔෆ් සිලෝන් පීඑල්සී සමාගම සිය පූර්ණ හිමිකාරීත්වය පැවැති Equity Hotels Limited (EHL) හි එම හිමිකාරීත්
කොළඹ පාරිභෝගික මිල දර්ශකයකට අනුව පසුගිය මස (මාර්තු) මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය සියයට සෘණ 2.6 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
ශ්රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ලෙස හදුන්වන ‘සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය’ පසුගිය පෙබරවාරි මාසයේ දර්ශකාංක 55.6 ක් දක්වා ඉහළ ගිය බව ශ්‍රී ලංකා මහ බ
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
විදේශ ණය පනත පසුකාලීන සංශෝධන අවලංගු කිරීමට අනුමැතිය