භානුක අමරසිංහ
මුදල් ගනුදෙනු වාර්තා කිරීමේදී ඊට අදාළ අනුකූලතාවෙන් කටයුතු කිරීමට අපොහොසත් වූ විදෙස් බැංකුවකට සහ මෙරට රක්ෂණ සමාගමකට එරෙහිව රුපියල් මිලියන 3ක දඩ පැනවූ බව මහ බැංකුවෙහි මූල්‍ය බුද්ධි ඒකකය පවසයි.
ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ නියාමන ආයතනය ලෙස එම ඒකකය මගින් මෙලෙස දඩ පනවා තිබේ. 2024 නොවැම්බර් සිට දෙසැම්බර් දක්වා කාලය සඳහා මෙම දඩ පැනවීම සිදුව ඇත.
ඒ අනුව මෙහිදී ඉන්දියන් බැංකුව වෙත රුපියල් මිලියන 2ක දඩයක් පනවා තිබේ. එම බැංකුව විසින් රුපියල් මිලියනක් හෝ විදේශ මුදලින් එයට සමාන මුදල් ප්‍රමාණයක් ඉක්මවන විද්‍යුත් අරමුදල් හුවමාරුවීමේ ගනුදෙනු කිහිපයක් මූල්‍ය බුද්ධි ඒකකය වෙත වාර්තා කිරිමට අපොහොසත් වී තිබේ.
එසේම රක්ෂණ සමාගමටද අදාළ චෝදනාව යටතේ රුපියල් මිලියන 1ක දඩයක් පමුණුවා තිබේ. මෙලෙස එකතු කරගන්නා ලද මුදල ඒකාබද්ධ අරමුදලට බැර කරන ලද බවත් මහ බැංකුව වැඩි දුරටත් පවසයි.
මෙරට ජංගම ගිණුම පසුගිය ජනවාරි මාසයට සාපේක්ෂව පෙබරවාරි මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 359 ක ඉහළ අතිරික්තයක් වාර්තා කර ඇති බවත් එය ප්‍රතිශතයක් ලෙස සියයට 1
ශ්රී ලංකාවේ ධීවර අංශයේ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ටින්මාළු අපනයන කිරීම ප්‍රථම වතාවට පසුගියදා ආරම්භ කළේය. මදුරන්කුලිය ”ඕෂන් ෆුඩ්ස්” කර්මාන්ත
රජයට අයත් බලපත්‍රලාභී විශේෂිත බැංකුවක් වන රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවට පළමු වතාවට ස්ථාවර පෙරදැක්මක් සහිතව BB(lka) ජාතික දිගුකාලීන වර්ගීකරණයක් ලබා දෙන බව
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හෝටල් සමාගමක් වන පෙගසස් හොටේල්ස් ඔෆ් සිලෝන් පීඑල්සී සමාගම සිය පූර්ණ හිමිකාරීත්වය පැවැති Equity Hotels Limited (EHL) හි එම හිමිකාරීත්
කොළඹ පාරිභෝගික මිල දර්ශකයකට අනුව පසුගිය මස (මාර්තු) මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය සියයට සෘණ 2.6 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
ශ්රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ලෙස හදුන්වන ‘සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය’ පසුගිය පෙබරවාරි මාසයේ දර්ශකාංක 55.6 ක් දක්වා ඉහළ ගිය බව ශ්‍රී ලංකා මහ බ
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
විදෙස් බැංකුවකට රක්ෂණ සමාගමකට මූල්‍ය බුද්ධි ඒකකයෙන් රු.මිලියන 3ක දඩ