කොරෝනා වයිරසයේ ගෝලීය ව්‍යාප්තියත් සමඟ දශකයකට පසු වාර්ෂික තෙල් භාවිතය මේ වසරේදී පහත වැටෙනු ඇතැයි ජාත්‍යන්තර බලශක්ති ආයතනය අද (9) ප්‍රකාශ කළේය.
සිය නවතම වාර්තාව ප්‍රකාශයට පත් කරමින් ජාත්‍යන්තර බලශක්ති ආයතනය ඒ බව සඳහන් කර තිබෙන අතර එහිදි බොරතෙල් මිල ගණන් සම්බන්ධයෙන් සෞදි අරාබිය සහ රුසියාව අතර ඇති වී තිබෙන අර්බුදය සැලකිල්ලට ගෙන නැත. නිෂ්පාදනය සීමා කිරීම සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමට නොහැකි වීම නිසා සෞදි අරාබිය සහ රුසියාව අතර බොරතෙල් මිල ගණන් සම්බන්ධයෙන් අර්බුදයක් නිර්මාණය වී තිබේ.
කොරෝනා වයිරසය තවදුරටත් ලෝකය පුරා ව්‍යාප්ත වුවහොත් යන පදනම මත පිහිටා දැනට තිබෙන ඉල්ලුම දිනකට තෙල් බැරල් මිලියන 1.1කින් අඩු කිරීමට අන්තර්ජාතික බලශක්ති ආයතනය පියවර ගෙන ඇත.
ඒ අනුව 2009 වසරෙන් පසුව මේ වසරේදී වාර්ෂික තෙල් බැරල් ඉල්ලුම 90,000කින් අඩුවනු ඇතැයි පැවසේ.
මෙම නිගමනවලට එළැඹීමේදී මේ මාසය අවසන් වෙද්දි චීනය නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කරනු ඇතැයි ද අනෙක් රටවල් ද ගන්නා පියවර ඉල්ලුමට අඩු බලපෑමක් කරනු ඇතැයි ද යන උපකල්පන සැලකිල්ලට ගෙන ඇත.
පෙබරවාරි මාසයේදී තෙල් පරිභෝජනය ඉහළ ගිය නමුත් පසුගිය වසර හා සැසඳීමේදී එය දිනකට තෙල් බැරල් මිලියන 4.2කින් පහත වැටුණේ යැයි ද ජාත්‍යන්තර බලශක්ති ආයතනය සඳහන් කළේය. එයින්, දිනකට තෙල් බැරල් මිලියන 3.6කින් පහත වැටී ඇත්තේ චීනයේය.
කෙසේ නමුත් ජාත්‍යන්තර බලශක්ති ආයතනය නිශ්චිත මාසික පරිභෝජන සංඛ්‍යා දත්ත ඉදිරිපත් නොකළ අතර මාසික පරිභෝජනය සියයට 4.5කින් පහත වැටෙනු ඇතැයි ජාත්‍යන්තර විශ්ලේෂකයෝ පෙන්වාදුන්හ.
‘‘කොරෝනා වයිරසය නිසා ඇති වූ අර්බුදය බලශක්ති වෙළෙඳපොළ රැසකට බලපෑම් එල්ල කර තිබෙනවා. ගල් අඟුරු, ගෑස් සහ පුනර්ජනනීය බලශක්ති වෙළෙඳපොළ ආදී රැසකට බලපෑම් එල්ල කර තිබෙනවා. කෙසේ නමුත් වයිරසයෙන් තෙල් වෙළෙඳපොළට එල්ල වී තිබෙන බලපෑම ඒ සියල්ලට වඩා දරුණුයි. කොරෝනා වයිරසය හේතුවෙන් ජනතාවගේ ගමනාගමන කටයුතු සීමා වීමත් භාණ්ඩ ප්‍රවාහනය සීමා වීමත් නිසා ප්‍රවාහන කටයුතුවලට යොදාගන්නා ඉන්ධනවලට තිබෙන ඉල්ලුම අඩුවෙලා’’ යැයි අන්තර්ජාතික බලශක්ති ආයතනයේ ප්‍රධානී ෆාටි බිරෝ පැවැසීය.
‘‘මේ තත්ත්වය චීනයේ හැමතැනම දකින්න පුළුවන්. ලොව වැඩියෙන්ම බලශක්ති පරිභෝජනය කර රට චීනයයි. පසුගිය වසරේ ගෝලීය තෙල් ඉල්ලුමෙන් සියයට 80කට හිමිකම් කීවේ චීනය’’ යැයි ද හෙතෙම කීය.
චීනය එරට බොහෝ ස්ථානවල ගමන්බිමන් සීමා කරමින් නගර දැවැන්ත නිරෝධායන ක්‍රියාවලියකට ලක් කර ඇති අතර කර්මාන්තශාලා රැසක් වසා දමා ඇත.
(ඒ.එෆ්.පී.)
055
ශ්රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ වාහන එකලස් කිරීමේ සහ ගෙන්වා බෙදා හැරීමේ ආයතනයක් වන, අයිඩියල් මෝටර්ස් සමාගමේ නිල වෙබ් අඩවියBestWeb.lk තරඟයෙන් සම්මාන ත්‍රිත්වයක් ද
Orient Financeආයතනය සිය 43 වැනි සංවත්සරය 2024 ජුලි 26 වැනිදා අභිමානයෙන් සැමරීය. 1981 වසරේ දී ආරම්භ කළ Orient Finance ආයතනය මුල්‍ය ශක්‍යතාව නොකඩවා පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවේ ඉදි
NDB බැංකුව සිය නවතම යොවුන් ඉතුරුම වන NDB PIXELහඳුන්වාදී ඇත. වයස අවුරුදු 13 සිට 18 දක්වා යොවුන් වයසේ පසුවන දූ දරුවන් සඳහාම නිර්මාණය වූ මෙම නවතම NDB PIXEL ඩිජිටල් ඉතුරුම්
LPEC Campus, Iconic Awards 2024 2024 සම්මාන උළෙලේදී විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. එම සම්මානය සතු අධ්‍යයන විශිෂ්ටත්වය, නව්‍ය ඉගැන්වීම් ක්‍රම සහ පරිප
LOLCදිවි සවිය ශ්‍රී ලංකාව පුරා පාසැල් 4,100 කට සවියක් වෙමින් සිය අධ්‍යාපන සත්කාර වැඩසටහනේ තුන්වැනි අදියර සාර්ථක ලෙස අවසන් කරන ලදී. මෙම ජයග්‍රහණයෙන් වැඩසටහන
ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම, කොළඹ කිංග්ස්බරි හිදී පසුගියදා පැවති ශ්‍රී ලංකා සෙරමික් හා වීදුරු කවුන්සිලයේ (SLCGC) 18 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ තාක්ෂණික සැසි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වාර්ෂික තෙල් භාවිතය පහළ වැටීමේ අවදානමක
lanka Monday, 09 March 2020 02:59 PM
චීන යෝධයා නැගිටිද්දී අනිත් රටවල ජනතාවට නිදාගන්න වෙන්නේ. ඒ වගේම චීන යෝධයා නිදාගද්දී අනිත් රටවල ජනතාවට නැගිටින්න පුළුවන් බවට හොඳම උදාහරනේ... දැන් බලන්නකෝ චීනේ තෙල් භාවිතය අඩු වුණා විතරයි ලෝකේ අනිත් සියලුම රටවල තෙල්මිල මොනතරම් අඩු කරන්න පුලුවන්ද?
Walter WhiteWednesday, 11 March 2020 09:08 AM
ලංකා, ඇත්තටම වෙන්නේ එකේ අනිත් පැත්ත, චීන යෝධයා තමයි ලෝකයටම අවශ්‍ය භාණ්ඩ අඩු මිලට සැපයුවේ, චීන යෝධයා ඒ දේවල් එහෙම සපයන්නේ නැත්නම් ලෝකයටම වෙනවා තමන්ගේ භාණ්ඩ සපයා ගන්න, ඒවට වියදම අධිකයි, ටිකක් හිතන්න, අපි යමක් හදනවට වඩා අඩු මිලකට ලෝකේ කොහේ හරි හදනවා නම් ඒ දෙය ගන්නා එක ආර්ථික වාසියක්, එයින් මුදල් කාලය ශ්‍රමය ඉතුරු වෙනවා. අපිට ඒ මුදල් කාලය, ශ්‍රමය වෙනත් ඵලදායී දෙයකට යොදවන්න පුළුවන්... දැන් අපිට ඒ ඒ භාණ්ඩය නිපදවන්න පුළුවන් වුණත් චීනුන් ඒ භාණ්ඩය නිපදවන මුදලට වඩා වැඩි මුදලක් වියදම් වෙනවා නම් එම නිපැයුමෙන් පාඩුයි. දේශීය කර්මාන්ත නගා සිටුවන්න කියලා පාඩුව පියවන්න සල්ලි පොම්ප කලා කියලා වෙන සෙතක් නැහැ.. අපේ වත්කම් ප්‍රාග්ධනය ක්ෂයවීම විතරයි වෙන්නේ... දැන් අපි අපේ අඩුපාඩු තැන හොයලා චීනුන්ට සම තරඟකාරී ලෙස භාණ්ඩ නිපදවනවා නම් ඔන්න චීනුන් වැටීමේ වාසිය ගන්න පුළුවන්.. නමුත් මතක තියාගන්න. ලෝකයේ කර්මාන්ත විශාල ගණනකට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයන්නෙත් චීනය විසිනුයි.
Walter WhiteWednesday, 11 March 2020 09:10 AM
දෙවැනි කාරණය තෙල්මිල අඩුවුනේ ඉල්ලුමට වඩා ඉහළ සැපයුමක් තියෙන නිසා, දැන් ඔපෙක් රටවල් වලට පාඩු දරන්න බැරි මට්ටමකට එනකොට ඔවුන් තෙල් නිපැයුම කපා හරීවි... එයින් ආපසු තෙල්මිල වැඩි වෙනවා... ඉතින් තෙල්මිල අඩුවීම තාවකාලික වාසියක් පමණයි.
Kumar Monday, 09 March 2020 03:46 PM
බොර තෙල් මිල වැටුනට ඒ මිල අඩු තෙල් ඇනවුම් කරන්න ලංකාවට මුදල් තිබෙනවද. හැකියාවක් තිබෙනවා නම් ඇනවුම් කරන්නන. තෙල් මිල මේ ආකාරයෙන් වසරක් පමණ පවතී කියලා සිතන්න පුළුවන්. මෙම තෙල් ලැබෙන්නේ තව මාස තුනකින් බව අමතක කරන්න එපා. ඉහත සේරුවේ පෙනෙන නළවලින් කෙරෙන්නේ ලොස් ඇන්ජලිස් පැත්තට වතුර යවන එකයි. පොම්ප කරන ස්ථානය තිබෙන්නේ තෙල් ලිඳට තිබෙන තැනට වම පැත්තෙන්.
අජිත් Monday, 09 March 2020 03:52 PM
ඒකයි මං කොරෝනා වලට කැමති.
විජිත් Monday, 09 March 2020 06:18 PM
මේ දවස්වල අපි සියලු දෙනාගේම අම්මා වන " සොබාදහම් මාතාවට " සැනසිල්ලේ හුස්ම ගැනීමට අවස්ථාවක් ලැබිලා.
indika Tuesday, 10 March 2020 04:39 AM
එය අනතුරක් වෙන්නේ කොහොමද ? එය හොඳක්.
Walter White Tuesday, 10 March 2020 12:15 PM
ලංකාවේ ආර්ථිකයයේ ස්වභාවය නිසා ක්ෂණිකව නොදැනෙනවා ඇති. නමුත් තව මාස දෙකකින් විතර දැනෙන්න ගනීවි විදේශ රැකියා වලට ඇති අවස්ථා දැනටමත් අඩු වේගෙන යනවා. තේ ආදී අපනයන සීමා වෙනවා. ඒ ඔක්කොම තියෙද්දී අපි ගෙවිය යුතු ණයත් තියෙනවා. ඉතින් ලෝකේ අනෙක් රටවල් වලට වඩා ලංකාවට මේක දරුණුවටම දැනෙනවා. නියඟය නිසාත් දැනටමත් කෘෂි අංශයේ පසුබෑමක් ඇති වෙමින් යනවා. මට හිතෙන්නේ ආර්ථික වර්ධනය සෘණ වර්ධනයක් දක්වාම වුවත් යන්න පුළුවන්.
Deepal Nirosh Friday, 13 March 2020 03:53 AM
මේක කොහොම ද අවදානමක් වෙන්නෙ? බලශක්ති පරිභෝජනය අඩුවීම කොතරම් පරිසර හිතකාමී ක්‍රියාවක් ද?