නිමල කොඩිතුවක්කු
ශ්‍රී ලංකවේ සහ ඉන්දුනීසියාවේ සංචාරක අවස්ථා පුළුල් කිරීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපතිනී Dewi Gustina Tobing මහත්මිය අතර හමුවක් පසුගියදා පැවැත්විණ.
ආගමික සංචාර ක්ෂේත්‍රය ඇතුළු සංචාරක හුවමාරු පුළුල් කිරීම පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු විය.
වෙළෙඳාම, සංචාරක, තාක්ෂණය සහ අධ්‍යාපනය යන ක්ෂේත්‍රවල සහයෝගීතාව වැඩි දියුණු කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වූ අතර දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික හා ආර්ථික සබඳතා වර්ධනය කිරීම සඳහා වන කැපවීම මෙහිදී අවධාරණය කෙරිණි.
ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයට සහාය වීම සහ පාම් තෙල් ආනයනය කිරීම සහ කාබනික ද්‍රව පොහොර හඳුන්වාදීම සදහා ඇති අවස්ථා පිළිබඳවද තානාපතිවරිය මෙහිදී පෙන්වා දුන්නාය.
ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන පද්ධතියට විදුලි වාහන යොදා ගැනීම සහ තොරතුරු තාක්ෂණ කර්මාන්තය සදහා වන සහයෝගීතාව පිළිබඳව ද දෙරටේ අවධානය යොමු විය.
ඉන්දුනීසියානු නියෝජ්‍ය තානාපතිවරිය සහ අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත යන මහත්ම මහත්මීන් සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් මෙම හමුවට එක්ව සිටියහ.
ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ඉවත දමන ‘ප්ලාස්ටික්’ ගැටලුවට පිළියමක් ලෙස ප්ලාස්ටික් බෝතල් ඇතුළු ඉවත දමන බෝතල් වර්ග දමා මුදල් ඉපයියහැකි ඩිජිටල් යන්ත්‍රය
ඇමෙරිකා එක්සත් ජනපදය විසින් යෝජිත තීරු බදු පැනවීම සහ එයින් ඇති විය හැකි වක්‍රාකාර බලපෑම් හේතුවෙන් විදේශීය අංශයේ සහ පුළුල් ආර්ථිකයේ ඉදිරි දැක්මට අහිත
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සිව් වැනි සමාලෝචනයට අදාළ සාකච්ඡාවක් අද සාර්ථකව පැවති බව ජනාධිපති කාර්යාලය පවසයි.
කොළඹ කොටස් හුවමාරුවේ දර්ශක අගයක් ඊයේ දිනයේදී දරුණු කඩා වැටීමක් පෙන්නුම් කළේය. එහිදී ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රීලංකා 20 දර්ශකය පෙර දිනයට සාපේක්ෂව ස
මේ වසරේ පළමු කාර්තුවේදී රුපියල් කෝටි 6100 ක වාර්තාගත සුරා බදු ආදායමක් උපයාගෙන ඇතැයි සුරා බදු කොමසාරිස් ජනරාල් යූ. එල්. උදය කුමාර පෙරේරා මහතා පැවසීය. සුරා බ
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
ශ්‍රී ලංකා-ඉන්දුනීසියා සංචාරක අවස්ථා පුළුල් කෙරේ