ශ්‍රී ලංකන් ගුවන් සේවය තෝරාගත් සිය narrow-body-A320 මාදිලියේ ඇතැම් ගුවන් යානා සඳහා රැහැන් රහිත (wireless) නව විනෝදාස්වාදය පහසුකම් හඳුන්වා දී ඇත. ඒ අනුව මගීන් රැගෙන යන උපාංග ඔස්සේ ප්‍රියතම චිත්‍රපට, සංගීතය සහ තවත් බොහෝ දේ ගුවන් යානය තුළ දී ගමන පුරාවට බාධාවකින් තොරව රසවිඳීමට හැකි වේ.
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නිෂ්පාදන සංවර්ධන කළමනාකාරිණී මරියා සතාසිවම් මෙසේ අදහස් දැක්වීය. “මෙම කලාපයේ හොඳම ගුවන් සේවා විනෝදාස්වාදය ඇති ගුවන්සේවය ලෙස සම්මානලාභී ශ්‍රී ලංකන් ගුවන්සේවයේ හි විනෝදාස්වාද අංගයන් නව්‍යකරණය කරමින් අපගේ ගුවන් මගීන් වෙත රැහැන් රහිත (wireless) විනෝදාස්වාද පහසුකම හඳුන්වා දීම ගුවන් සේවා ක්ෂේත්‍රයේ නව හැරවුමක්. නවෝත්පාදනවලින් අපගේ ගුවන් මගීන් වෙත සෑම විටම සුවපහසු ගුවන් අත්දැකීමක් ලබ දීම අපගේ අරමුණයි. රැහැන් රහිත නව විනෝදාස්වාද පහසුකම හඳුන්වා දීම අරමුණ කරා අප යන ගමනෙහි තවත් එක් පියවරකි.”
ගුවන් මඟීන්ට සිය ස්මාර්ට්ෆෝන්, ටැබ්ලට් හෝ ලැප්ටොප් භාවිත කරමින්, ගුවන් සේවයේ Wi-Fi ජාලය වනSkyPlus හරහා අසුන් පසුපස තිර අවශ්‍යතාවකින් තොරව, ගුවන් සේවයේ විනෝදාස්වාද පද්ධතිය වෙත ප්‍රවේශ වීමට සහ බාධාවකින් තොරව නැරඹීමට හැකියාව ඇත. Everhub තාක්ෂණයෙන් බලගැන්වෙන මෙම නවතම පහසුකමෙන් මගීන්ට තමන්ගේ රුචිකත්වය අනුව ගුවන් සේවයේ විනෝදාස්වාද පද්ධතිය වෙත ප්‍රවේශ වී තෝරාගැනීම් සිදුකළ හැක.
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විනෝදාස්වාද පද්ධතිය නවතම හොලිවුඩ් බ්ලොක්බස්ටර් මෙන්ම ශ්‍රී ලංකාව, දකුණු ආසියාව සහ අනෙකුත් කලාපීය ජනප්‍රියතම චිත්‍රපටවලින් සමන්විත වේ. ක්‍රියාදාම, හාස්‍ය, නාට්‍ය, වික්‍රමාන්විත, සජීවිකරණ, ළමා, සංගීතමය, විද්‍යා ප්‍රබන්ධ සහ ක්‍රීඩා ඇතුළු විවිධ පරාස ආවරණය වන පරිදි ජනප්‍රිය චිත්‍රපට සහ රූපවාහිනී වැඩසටහන් තමන්ගේ රුචිකත්වය අනුව තෝරාගැනීමට ගුවන් මගීන්ට අවස්ථාව හිමි වේ. මීට අමතරව ජාත්‍යන්තර ජනප්‍රිය ගීතවල සිට දේශීය සම්භාව්‍ය ගීත ඇතුලත් 100 කට අධික ගීත ඇල්බම් අතුරින් තමන් කැමති සංගීත රසවිඳීමට ද හැකියාව ලැබේ.
වසරකට රට තුළ සංස්කරණය වන මුදල් වලින් අතිවිශාල ප්‍රමාණයක් බැංකු පද්ධතියට නොපැමිණෙන බවත්, එම මුදල් ආර්ථිකය වෙත ගෙන්වා ගැනීමට නම් ජනතාව ඩිජිටල් ගනුදෙනු
මෙරට සූර්ය බලශක්තිය මගින් නිපදවනු ලබන විදුලිය ඊයේ (10) සිට එළැඹෙන 21 වැනිදා දක්වා ජාතික විදුලිබල පද්ධතියට නොගැනීමට ලංකා විදුලි බල මණ්ඩලය ගෙන ඇති තීරණයට සූ
මාස 6 කට පසුව ප්‍රථම වතාවට ඇමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල ඊයේ (10) රුපියල් 300 සීමාව පසු කළේය. ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (10) නිකුත් කළ දෛනික විනිමය අනුපාතිකයට අන
මෙරට ප්‍රමුඛතම පුනර්ජනනීය බලශක්ති සමාගමක් වන වින්ඩ්ෆෝර්ස් පීඑල්සී සමාගම මාලදිවයිනේ කොකූන් දූපත්හිදි ආරම්භ කළ වහල මත පිහිට වූ සූර්ය බලශක්ති ව්‍යාපෘ
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හෝටල් සමාගමක් වන The Lighthouse Hotel PLC අම්බලන්ගොඩ පිහිටි ඩ්‍රීම් බීච් රිසෝට් හෝටලයේ සියයට 100ක කොටස් හිමිකාරීත්වය අත්පත් කරගත් බව
ආර්ථිකයේ දිගු කාලීනව ඉහළ යෑමත් පැවැතිවත් එයට සාපේක්ෂව කෙටි කාලීනව පහත යෑමක් සිදුවුණු බව ප්‍රකට ව්‍යාපාරික සඟරාවක් වන එල්එම්ඩී වාර්තා කරයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ශ්රී ලංකන් ගුවන් සේවයෙන් රැහැන් රහිත විනෝදාස්වාද පහසුකම්